දිවිනසා ගැනීම පිළිබඳ කිතුනු දර්ශනය කුමක්ද? බයිබලය මේ සම්බන්ධයෙන් පවසන්නේ කුමක්ද?




ප්‍රශ්නය: දිවිනසා ගැනීම පිළිබඳ කිතුනු දර්ශනය කුමක්ද? බයිබලය මේ සම්බන්ධයෙන් පවසන්නේ කුමක්ද?

පිළිතුර:
බයිබලයට අනුව නිශ්චය කරනුයේ කෙනෙකු දිවිනසා ගන්නේද යන්න නොව ඔහු හෝ ඇය ස්වර්ගයට ඇතුළු වන්නේද යන්නය. ගැලවීම නොලද කෙනෙකු දිවි නසා ගන්නේ නම් ඔහු හෝ ඇය කරන්නේ අන් කිසිවක් නොව ගිනි විලට යන ගමන “ඉක්මන්” කිරීමය. කෙසේ වෙතත් සිය දිවි නසා ගත් පුද්ගලයෙකු අවසානයේ පාතාලයේ සිටින්නේ ඔහු හෝ ඇය දිවි නසාගත් නිසා නොව ක්‍රිස්තුස් වහන්සේ තුළින් ගැලවීම ප්‍රතික්‍ෂෙප කළ බැවින්ය. සිය දිවි නසා ගත් විශේෂිත පුද්ගලයින් සය දෙනෙකු ගැන බයිබලය සඳහන් කරයි. අබිමෙලෙක් (විනිශ්චයකාරයා 9 : 54), සාවුල් (1 සාමුවෙල් 31 : 4), සාවුල්ගේ ආයුධ ගෙනයන්නා (1 සාමුවෙල් 31 : 4-6), අහිතොපෙල් (2 සාමුවෙල් 17 : 23), සිමිරි (1 රාජාවලිය 16 : 18) හා යූදස් (මතෙව් 27 : 5). මේ සෑම දෙනාම දුෂ්ට නපුරු හා පව්කාර මිනිසුන් වූහ, (සාමුවෙල්ගේ ආයුධ ගෙනයන්නාගේ චරිතය පිළිබඳව විනිශ්චයකට පැමිණීමට තරම් සෑහෙන කරුණු ප්‍රකාශ වී නැත). සම්සොන් දිවි නසා ගැනීමට ආසන්නව සිටි බව ඇතැම් අය සිතති (විනිශ්චයකාරයා 16 : 26-31), එහෙත් සම්සොන්ගේ ඉලක්කය වූයේ පිලිස්තියා මරා දැමීමය, දිවි නසා ගැනීම නොවේ. දිවි නසා ගැනීම මිනීමැරීම හා සමාන බව බයිබලය අදහස් කරයි. එය එසේමය. තමාගේ ජීවිතය නසා ගැනීම තමන් ඝාතනය කරගැනීමය. කෙනෙකු මිය යා යුත්තේ කවදාද කෙසේද යන්න තීරණය කරන්නේ දෙවියන් වහන්සේය. බයිබලයට අනුව එම බලය ඔබ අතට ගැනීම දෙවියන් වහන්සේට අවමන් කිරීමකි.

සිය දිවි හානි කරගත් කිතුනුවකු පිළිබඳව බයිබලය පවසන්නේ කුමක්ද? සිය දිවි හානි කරගන්නා පුද්ගලයකු ගැලවීම නැති නොකර ගත්තත් නිරයට යන බව මම විශ්වාස කරමි. කෙනෙකු සැබෑ ලෙස ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීම ආරම්භ කළ මොහොතේ පටන් ඔහු / ඇය සදාකාලිකවම සුරක්‍ෂිත බව බයිබලය අපට උගන්වයි (යොහන් 3 : 16). බයිබලයට අනුව, කුමන දෙයක් සිදු වූවත් කිතුණුවන්ට සදාකාල ජීවනය උරුම බව සැකයෙන් තොරව දැනගත හැකිවේ. “දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්ගේ නාමය කෙරෙහි අදහන්නාවූ නුඹලාට මේ දේ මා ලියා එව්වේ නුඹලාට සදාකාල ජීවනය ඇති බව නුඹලා දැනගන්නා පිණිසය (1 යොහන් 5 : 13). කිතුනුවකු දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් වෙන් කිරීමට කිසිවකට නුපුළුවන! “මක්නිසාද මරණයටවත්, ජීවනයටවත්, දූතයන්ටවත්, අධිපතිකම්වලටවත්, දැන් පවතින දේවලටවත්, මතු පැමිණෙන දේවලටවත්, පරාක්‍රමවලටවත්, උසටවත්, ගැඹුරටවත්, අන් කිසි මැවිල්ලකටවත්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇත්තාවූ දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන්කරන්නට නොහැකිවන්නේයයි ඒකාන්තයෙන්ම දනිමි (රෝම 8 : 38-39). කිසි “මැවිල්ලකට” කිතුනුවකු දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් වෙන්කළ නොහැකි නම්, සිය දිවි නසා ගන්නා තැනැත්තාද මැවිල්ලක්” බැවින් සිය දිවි නසා ගැනීමේදී වුවද ඔහුව දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් වෙන්කළ නොහැකිය. යේසුස් වහන්සේ ජීවිතය පූජා කළේ අපගේ සියලුම පාප උදෙසාය. ඒ අනුව සැබෑ කිතුනුවකු ආත්මික පහරදීමකට බඳුන්වු අවස්ථාවක හා දුර්වලවු අවස්ථාවක සිය දිවි හානි කරගන්නේ නම්, යේසුස් වහන්සේ ජීවිතය පූජා කරනු ලැබුවේ යම්පාපයක් උදෙසාද එම පාපයද ඊට අන්තර්ගතය.

එහෙත්, සිය දිවි හානි කරගැනීම දෙවියන් වහන්සේ ඉදිරියේ දරුණු පාපයක් නොවන බව මෙයින් ප්‍රකාශ නොවන්නේය. බයිබලයට අනුව සිය දිවි හානි කරගැනීම මිනීමැරීමකි. එය සෑම විටම වරදකි. කිතුනුවකු යයි ප්‍රකාශ කරමින්ම සිය දිවි හානි කරගන්නා කෙනෙකුගේ ඇදහිල්ලේ අව්‍යාජ බව ගැන මා තුළ දැඩි කුකුසක් ඇත. විශේෂයෙන් කිතුනුවකු තමාගේ ජීවිතය විනාශ කර ගන්නේ නම්, ඔහු හෝ ඇයගේ ක්‍රියාව සාධාරණ යයි පැවසීමට කිසිදු හේතුවක් නැත. කිතුනුවන් දෙවියන් වහන්සේ උදෙසා ජීවත් වීමට කැඳවා තිබේ. මිය යන්නේ කවදාදැයි තීරණය කිරීම අයිති වන්නේ දෙවියන් වහන්සේටය, උන් වහන්සේට පමණය. කිතුනුවකුට සිය දිවි හානි කරගැනීම පිළිබඳව දිය හැකි හොදම නිදර්ශනය එස්තර් පොතෙන් යයි මම සිතමි. රජතුමා ආරාධනා කිරීමට පෙර කිසියම්පුද්ගලයෙකු රජතුමා ඉදිරියට පැමිණ විටක රජතුමා එම පුද්ගලයාට කරුණාව හඟවමින් ඔහුගේ ජයකොන්තය ඔහු ඉදිරියට ගෙන ආයේ නැති නම්ඔහු මරා දැමිය යුතුය යන නියෝගයක් පර්සියාවේ පැවතුනි. සිය දිවි හානි කරගැනීමද කෙනෙකු රජතුමාගේ කැඳවීම බලා නොසිට ඔහු බැහැ දකින්නට බලහත්කාරයෙන් යෑමට සමානය. ඔහු ඔබගේ සදාකාල ජීවිතය ගලවමින් ජයකොන්තය ඔබ වෙතට දිගු කරනු ඇත. එහෙත් ඔහු ඔබ ගැන සතුටු වන්නේ යයි ඉන් අදහස් වන්නේ නැත. එය සිය දිවි හානි කරගැනීම ගැන විස්තර නොකෙරෙතත් 1 කොරින්ති 3 : 15 සිය දිවි හානි කරගන්නා කිතුනුවකුට සිදුවන්නේ කුමක්ද යන්න ගැන හොඳ නිදර්ශනයක් සපයන්නේය: “ඔහුම ගැලවෙන්නේය, එහෙත් ගිනි මැදින් ගැලවුනාක්මෙන්ය.”



නැවතත් සිංහල මුල් පිටුවට



දිවිනසා ගැනීම පිළිබඳ කිතුනු දර්ශනය කුමක්ද? බයිබලය මේ සම්බන්ධයෙන් පවසන්නේ කුමක්ද?