settings icon
share icon

යොෂුවා පොත

කතෘ : යොෂුවාගේ පොතෙහි සැබවින්ම එහි කතෘ පිළිබඳව සඳහන් නොකරයි. නුමුත් යෝෂුවා, එනම් නූන්ගේ පුත් යෝෂුවා, මෝසෙස්ගේ සාර්ථකවන්තයා, ඊශ්‍රායෙල් ඡනයාගේ නායකයා වූ යොෂුවා මෙහි බොහෝ ස්ථානයක් ගනී. මෝසෙස් මරණයට පසු, අවසාන කොටස සැබවින්ම ලියව් ඇත්තේ වෙනත් කතෘ කෙනෙකු යටතේ විය හැකිය. සමහර විට විවිධ කොටස් සමඟ නැවතත් මෙය වෙනස් වූවාද කිව නොහැක.

ලියනු ලැබූ දිනය : යොෂුවා පොත ලියවී ඇත්තේ ක්‍රි. පූ.1400 හා 1370 කාලයේදීය.

ලියනු ලැබූ කාරණය: යොෂුවාගේ පොතෙහි සඳහන් වන්නේ, දෙවියන් වහන්සේ පොරොන්දු වූ දේශය අත්පත් කර ගැනීමේ දී දියත් කළ සටන් හා යුද්ධ පිළිබඳවයි. නික්මයාමේ සිට සඳහන් වන්නේ ඊඡිප්තුවේ ගත කළ හාස්කම් වළින් පිරුණාවූ හා අත්නින්දාවූ වසර 40 පිළිබඳවය. අළුතින් ඡනිත වූ ඡාතිය මේ වන විට පොරොන්දු වූ දේශය කරා යෑමට සුදානම් අතර, ඔවුන්ගේ වාසස්ථාන ද මේ වන විට වෙනස් වී තිබුණි. අප මෙහි සඳහන් කර තිබෙන දළ විශ්ලේෂණය අනුව එදා පැවති යුද්ධමය වතාවරණ කිහිපයක් පිළිබඳව කෙටියෙන් සඳහන් වේ. මෙහි ඔවුන් පොරොන්දු දේශය අත්පත් කර ගත්තා පමනක් නොව ග්‍රෝත්‍රීක ඡනයා අතරේ එය බෙදී ගිය ආකාරය ද සඳහන් වේ.

යතුරු පදය:
යොෂුවා 1: 6-9, ශක්තිමත්ව ධෛර්යමත්ව සිටපන්න. මකින්සාද මේ සෙනඟට දෙන හැටියට මා විසින් ඔවුන්ගේ පියවරුන්ට දිවූළ දේශය නුඹ ඔවුන්ට උරුම කර දෙන්නෙහිය. මාගේ මෙහෙකරු වූ මොසෙස් නුඹට අන කළ මුළු ව්‍යවස්ථාවේ ප්‍රකාර කරන්ට බලා ගන්න පිණිස ශක්තිමත්ව ඉතා ධෛර්යමත්ව සිට පන්න. නුඹ යන සැම තැනකදීම නුඹට ශුභ සිද්ථ වන පිණිස එයින් දකුණටවත් වමටවත් නොහැරෙන්න. මේ ව්‍යවස්ථා පොත නුබේ මුඛයෙන් පහ නොවේවා. එහි ලියා තිබෙන සියල්ල කරන්ට බලා ගන්න පිණිස රෑ දවල් එය මෙනෙහි කරන්න. එවිට නුඹේ මාර්ගය සඵල වී නුඹට ශුභ සිද්ධ වන්නේය. මා විසින් නුඹට අණ කර තිබෙනවා නොවවේද? ශක්තිමත්ව ධෛර්යමත්ව සිටපන්න. තැති නොගනින්න, නොකැළඹෙන්න. මක්නිසාද නුඹ යන සැම තැන්හිම නුඹේ දෙවිවූ ස්වාමින් වහන්සේ නුඟ සමඟ සිටින සේක යැයි කීසේක.

යොෂුවා 24: 14-15 , එබැවින් නුඹලා ස්වාමින් වහන්සේට භයව අවංකකමිනුත් සැබෑකමිනුත් උන් වහන්සේට සේවය කරපල්ලා, නුඹලාගේ පියවරුන් ගංඟාවේ එතෙරදීත් මිසරයේදීත් සේවය කළ දෙවිවරුන් පහකර දමා, ස්වාමින් වහන්සේට සේවය කර පල්ලා. ස්වාමින් වහන්සේට සේවය කිරීම නුඹලාට නරකව පෙනේ නම්, ගඟ එගොඩ සිට නුඹලාගේ පියවරුන් සේවය කළ දෙවිවරුන් හෝ නුඹලා වාසය කරන දේශයෙහි සිටින අමෝරිවරුන්ගේ දෙවිවරුන් හෝ නුඹලා සේවය කරන්ට කැමති කැමති කාට ද කියා අදම තෝරා ගනිල්ලා. එහෙත් අපි නම් මම ද මාගේ පවුල ද ස්වාමින් වහන්සේට සේවය කරමුයි කීවේය.

කෙටි සාරාංශයක්: ඊශ්‍රායෙල් ඡනයාගේ මිසරයේ නික්මයාමේ සිට සිදුවූ දේ පිළිබඳව යොෂුවාගේ පොතෙහ් සඳහන්ය. ද්විතිය කථාව අවසානයට පසු වසර 20 කාලයක් මොසෙස්ට පසු යොෂුවා ගෙන ගිය නායකත්වය පිළිබඳව වංශකථා වල සඳහන් වේ. යොෂුවාගේ පොතෙහි සඳහන් පරිච්ඡේද 24 පිළිබඳව කෙටි සාරාංශයක් පහත සඳහන් වේ.

පරිච්ඡේද 1-12: ඇතුළුවීම සහ පෙරොන්දු දේශය අත්පත් කර ගැනීම.

පරිච්ඡේද 13-22: පෙරොන්දු දේශය ඡනයා අතරේ බෙදා දීම ගැන අඥාවන්.

පරිච්ඡේද 23-24: යොෂුවාගේ අවසාන සමුගැනීමමේ කථාව.

අනාගත ළකුණු පහළ වීම්: රාහාබ් නම් වෛශ්‍යාවගේ කථාව ගත් කළ, ඇය තුළ දෙවියන් වහන්සේ ගැන තිබුනාවූ මහත් ඇදහිල්ල නිසා බොහෝ ඇදහිල්ලෙන් ඡීවත් වන මිනිසුන්ට තිබෙන ස්ථානය ඇයට ලැබුණි, (හෙබ්‍රව් 11: 31) මෙහි ගැබ් වී ඇත්තේ දෙවියන් වහන්සේ තළ පව්කරුවාට ඇති කරුණාව හා ඇදහිල්ල තුළින් පමණක් ගැළවීම ලැබීම. විශේෂ වන්නේ දෙවියන් වහන්සේගේ කරුණාව තුළින් ඇය ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටි බවයි. (මතෙව් 1:15).

යොෂුවා 5 වන පරිච්ඡේදයේ සඳහන් චාරිත්‍රානුකූල සිරිත් විරිත්හි සම්පූර්ණ ලෙස අළුත් ගිවිසුමෙහි සනාථ වේ. පද 1-9 දක්වා විස්තර කරන්නේ දෙවියන් වහන්සේ විසින් ඊශ්‍රායෙල් ඡනයාට දුන් අණ හා වනාන්තරයේ බිහි වූ දරුවන් පොරොන්දු දේශයට පැමිණ එහි චර්මචිඡේදය කිරීම පිළිබඳයි. මේ මඟින් මෙමඟින් දෙවියන් වහන්සේ මිසරයේ සිට ඔවුන් රැගෙන ආ නින්දාව ඔවුන්ගෙන් පහ කළේය. එහි තේරුම නම් ඔවුන්ගේ පැරණි පාපිෂ්ඨ ඡීවිතයෙන් ඔවුන් මිදුණු බවයි. කොලොස්සි 2:10-12 පවසන්නේ ඇදහිලිවතුන් ලෙස අප නින්දාව, යේසුස් වහන්සේගේ චර්මච්ඡේදය තුළින් පහකළ බවය. දෙවියන් වහන්සේ රක්ෂස්ථාන බඳු වූ නගර ගොඩ නැඟු අතර ඒ තුළින් යමෙකු කෙනෙකුව මැරුවා වූව ද එහි දෙවියන් වහන්සේගේ විපාකය නොමැතිව ඡීවත් විය හැකිය. අප ඉදිරියේ තබා තිබෙන බලාපොරොත්තුව අල්ලාගැනීමට ආරක්ෂාව පිණිස පළා ආවාවූ අපට මහත් ධෛර්යක් ලැබෙන පිණිසය. (හෙබ්‍රෙව් 6:18).

යොෂුවාගේ පොතෙහි අධික ලෙස සඳහන් වන්නේ දේවධර්මවාදය බොහෝ ලෙස මුල් කොට ගත් විරාමය පිළිබඳවයි. ඊශ්‍රායිලතියන් වනාන්තරයේ ගතකළ මහා හාස්කම් සහිත අවුරුදු 40 අවසානයේදී ඔවුන් දෙවියන් වහන්සේ විසින් නියම ව තිබූ කානාන් දේශයට ඇතුල් වුනෝය. හෙබ්‍රෙව් පොතෙහි කතෘ මෙම සිද්ධිය මුල් කොට ගෙන අපට පවසන්නේ නොවිශ්වාසකාරී වූ ආත්මයට අපව දෙවියන් වහන්සේගේන් වූ යේසුස් වහන්සේගේ නිශ්චලතාවයට පැමිණීම වැළැක්වීමයි. (හෙබ්‍රෙව් 3:7-12).

ප්‍රායෝගික භාවිතය: යොෂුවා පොතෙහි සඳහන් ප්‍රධාන පදයක් වන්නේ යොෂුවා 1:8 එනම් මේ ව්‍යවස්ථා පොත නුඹේ මුඛයෙන් පහ නොවේවා. එහි ලියා තිබෙන සියල්ල කරන්ට බලා ගන්න පිණිස රෑ දවල් එය මෙනෙහි කරන්න. පැරණි ගිවිසුමෙහි සඳහන් බොහෝ කථාවල සඳහන් වන්නේ මිනිසුන්ට දෙවියන් වහන්සේව අමතක වීම හා දේව වචනය අමතක වීම තුළින් අත්වින්ඳ දේ බොහෝ බවත්ය. කිතුනුවෙකුට දේව වචනය යනු ඡීවනාලයයි. අප එය මඟ හැරියොත්, අපගේ ඡීවිත විඳින්නට යන දේද ඒ ආකාරයමයි. නුමුත් අප 1:8 පදය අප අපගේ හදවත් තුළට ගත් කළ අපට එය සම්පූර්ණ කර ගත හැකි වන අතර එය දෙවියන් වහන්සේගේ රාඡ්‍ය වෙනුවෙන් කැප කළ හැක. (2 තිමෝති 3:16-17) දෙවියන් වහන්සේ දුන්නාවූ ඒ පොරොන්දුව එවිට අපටත් අත්පත් කර ගත හැක.

යොෂුවා යනු අපට ආදර්ශයට ගත හැකි වටිනා උපදේශකයෙකි. ඔහු අවුරුදු ගණනක් මොසෙස්ට ලඟින් කාලය ගත කළේය. ඔහු සැමවිට මොසෙස් දෙස බලා ගමන් කලේ ඔහු දෙවියන් වහන්සේව අදහන හා අනුගමනය කලේ ඉතා නිර්දෝෂ බැවින්ය. ඔහු මොසෙස් ලෙස දෙවියන් වහන්සේට පෞද්ගලික ලෙස කථා කිරීමට පුරුදුවූවවේය. ඔහු ගරු කළ යුත්තේ කෙසේද කියා ඉගෙන ගත්තේ ද මොසෙස් ආදර්ශයට ගනිමින්ය. මොසෙස්ට පොරොන්දු වූ දේශයට ඇතුළු වූමේ සතුට සැමරීමට නොහැකි වූයේ, ඔහු තුළ තිබූ රිනාත්මක ආදර්ශය නිසා ද බව ඔහු වටහාගත්තා. ඔබ ඡීවමාන නම් ඔබ උපදේශකයෙකි. කොහේ හෝ කෙනෙකු කොහේ සිට හෝ ඔබව නරඹනවා ඇත. ඔබට වඩා බාල පුද්ගලයෙකු හෝ ඔබගේ හැසිරීම බලපාන පුද්ගලයෙකු ඔබ දෙස බලා, ඔබ ක්‍රියා කරන ආකාරය බලා සිටිනවා ඇත. තවකෙක" ඇත. තවකෙකු ඔබ තුළින් ඉගෙන ගන්නවා ඇත. ඔබගේ ආදර්ශය අනුගමනය කරනවා ඇත. අවවාදයට වඩා ආදර්ශය උතුම් බැවින් ඔබගේ මුළු ඡීවිතයම ආදර්ශයක් කොට ඡීවත් විය යුතුය.

English



පැරණි ගිවිසුම පිළිබඳ සමීක්ෂණය



නැවතත් සිංහල මුල් පිටුවට

යොෂුවා පොත
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries