settings icon
share icon

ආමොස් පොත

කර්තෘ: ආමොස් පොතෙහි කර්තෘන් දිවැසිවර ආමොස් ලෙස ආමොස් 1:1හි හැදින්වේ.

ලියනු ලැබූ දිනය: ආමොස් පොත බොහෝ දුරට ක්‍රි. පූ.760 ත් 753 ත් අතරතුර කාලයේදී ලියවෙන්නට ඇත.

ලිවීමිහි අභිමතාර්ථය: දෙවියන් වහන්සේ ආමොස්ව කැදවූ කළ ඔහු වනාහී යුදාහී ගම්මානයක් වූ තෙකෝවාහී එඩේරෙක්ව සහ පළතුරු කඩන්නෙක් වූ අතර ඒ වන විට ඔහු අධ්‍යාපනය හිගවූ කෙනෙකු මෙන්ම පූජක පසුබිමකින් පැමිණියෙක් නොවීය. ආමොස්ගේ පරමාර්ථය එල්ලවී තිබුණේ උතුරේ ඔහුගේ අසල්වැසිවූ ඉශ්‍රායෙල් කෙරෙහිය. ඔහු දුන් පණිවුඩය වූයේ ළගදීම අත්වන ඉරණම සහ ජනතාවගේ වූ වහල් භාවය පිළිබද වූ අතර එහිවූ පාපය විශාල වශයෙන් අප්‍රසිද්ධ සහ නොතකා හරිනු ලැබූ ඒවාය, කෙසේ නමුදු සලමොන්ගේ දවස් වලින් අනතුරුව ඉශ්‍රායෙල්හී කාලවකවුනු එතරම් යහපත් නොවීය. ආමොස්ගේ සේවය සිදුවන්නේ 2 වන ජෙරබෝවම් රජුගේ ඉශ්‍රායෙල්හී රාජ්‍ය කාලය මෙන්ම උස්සියාගේ රාජ්‍ය කාලය යුදාහී පැවතුනු අවධියේදීය.

මූලික පද: ආමොස් 2:4, “ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: යුදාගේ වරද තුනක්ද, එසේය හතරක්ද නිසා මම එහි දඩුවම් පහ නොකරන්නෙමි. මක්නිසාද ඔව්හූ ස්වාමින් වහන්සේගේ ව්‍යවස්ථාව එපා කොට, උන් වහන්සේගේ පනත් නොපවත්වා ඔවුන්ගේ පියවරුන් ඇදහූ බොරු කරණකොටගෙන මුළාවූවෝය.”

ආමොස් 3:7, “සැබවින් ස්වාමිවූ දෙවියන් වහන්සේ තමන්ගේ රහස තමන් මෙහෙකරුවන් වූ අනාගතවතෘවරුන්ට එළිදරව් නොකර කිසිවක් නොකරන සේක.”

ආමොස් 9:14, “මම මාගේ සෙනගවූ ඉශ්‍රායෙල්ගේ වහල්කම පහකරන්නෙමි. ඔවුන් විනාශවී තිබෙන නුවරවල් ගොඩනගා එහි වාසය කරනවා ඇත. මිදිවතු වවා ඒවායේ මුද්‍රික පානය බොනවා ඇත .වතුද වවා ඒවායේ ඵල කනවා ඇත.”

කෙටි සාරංශය: ආමොස්ට දක්නට ලැබෙන්නේ ඉශ්‍රායෙල්හී පරිබාහිර සෞභාග්‍යය සහ බලය මධ්‍යයේ අභ්‍යන්තරව එම ජාතිය හදපත්ලෙන්ම දූෂිතවී ඇති බවය. ආමොස් එම සෙනගගේ හික්මවනු ලබන පාපය ඉතාම පෘථුලය: දෙවියන් වහන්සේගේ වචනය නොසලකා හැරීම, රූප නමස්කාරය, මිථ්‍යාදෘෂ්ඨිය, තණහාව, වංක නායකත්වය සහ දිළිඳුන්ට බලවත් ලෙස පීඩා කිරීම ආදියවේ. ආමොස් අරම්භ කරනු ලබන්නේ අවට සිටින්නාවූ සියලූම ජාතීන් කෙරෙහි විනිශ්චයක් ප්‍රකාශ කරමින්ද තමන්ගේම ජාතියවූ යුදා කෙරෙහි සහ අවසානයේදී ඉතාම කර්කෂ වූ විනිශ්චයක් ඉශ්‍රයෙල් කෙරෙහි ප්‍රඥාපණය කිරීමෙනි. දෙවියන් වහන්සේ ඔහුට දුන් දර්ශණ වලින්ද අනාවරණය වන්නේ එම ප්‍රබලවූ පණිවුඩයමය: එනම් විනිශ්චය ආසන්න බවය. මෙම පොත අවසාන වන්නේ අනාගතයේදී සෙස්සන්ව නැවත ප්‍රතිෂ්ඨාපනය කරනු ලබන බවට දෙවියන් වහන්සේ විසින් ආමොස්ට වූ පොරොන්දුව හා සමගය.

ලකුණු පහල වීමි: ආමොස් පොත අවසාන වන්නේ අනාගතයට ඉතාමත් තේජාන්විත පොරොන්දුවකිනි. “මම ඔවුන්ගේ රටෙහි ඔවුන් පිහිටුවන්නෙමි. මා විසින් ඔවුන්ට දී තිබෙන රටෙන් ඔවුන් තවක් උදුරනු ලබන්නේ නැතැයි දෙවිවූ ස්වාමින් වහන්සේ කියන සේක.” (9:15). දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට දේශය පිළිබද දුන් පොරොන්දුවෙහි: (උත්පත්ති 12:7; 15:7; 17:8) පර්යන්ත සම්පූර්ණවීම හටගන්නට යන්නේ මේ පොළෝ තලයෙහි ක්‍රිස්තුස් වහන්සේගේ සහස්‍ර වාර්ෂික පාලන සමයෙහිදීය. (යොවෙල් 2:26, 27 බලන්න) එළිදරව් 20හි විස්තර කරනු ලබන ආකාරයට පොළෝ තලයෙහි ක්‍රිස්තුස් වහන්සේගේ සහස්‍ර වාර්ෂික පාලන සමය වූ කලී ගැළවුම්කාරණන් වූ තමන් වහන්සේගේ පරිසමාප්ත ආණ්ඩුකිරිමක් යටතෙහි වූ සමාදානයේ සහ ප්‍රීතිප්‍රමෝද කාලවකවානුවක්ය. එම කාලපරිච්ඡෙදයෙහි විශ්වාස කරනු ලැබූ ඉශ්‍රායලිතයන්ද අන්‍යජාතික කිතුණුවන්ද සභාවෙහි ඒකාබද්ධ වන අතර ක්‍රිස්තුස් වහන්සේ හා සමග ජීවත් වන මෙන්ම පාලනය කරනු ලබන්නහුය.

ප්‍රායෝගික උපයෝගය: සමහරවිට අප “නිකමුන්” යැයි අප ගැන සිතනු ලබමුවෟ අප නිකම්ම භාණ්ඩ අලෙවි කරන්නෙකු, වගා කටයුතු කරන්නෙකු හෝ ගෘහණියක් වමු. ආමොස්ද “නිකමෙකු” ලෙස සැලකිය හැක. ඔහු දිවැසිවරයකු හෝ පූජකයකු හෝ පූජකයකුගේ පුත්‍රයකුදු නොවීය. ඔහු යුදාහී සිටි සාමාන්‍යය එඩේරෙකු සහ කුඩා වෙළෙන්දෙකුවිය. ඔහුට සවන් දෙන්නේ කව්ද? නිදහසට කරුණු කියනු වෙනුවට ආමොස් කීකරු වී වෙනසක් ඇති කරනු වස් දෙවියන් වහන්සේගේ ඉතා බලවත්වූ කටහඩ බවට පත්වූයේය.

දෙවියන් වහන්සේ විසින් “නිකමුන්” වූ එඩේරන්ව, වඩුවන්ව සහ ධීවරයන්ව බයිබලය පුරාම භාවිතා කොට ඇත. මේ ජීවිතයේ ඔබ කවුරුන් වූවත් දෙවියන් වහන්සේ ඔබව භාවිතා කළ හැක. ආමොස් එතරම් පුද්ගලයෙකු නොවීය. ඔහු “නිකමෙකු” විය. දෙවියන් වහන්සේගේ “නිකමිම” දාසයෙක් වූයේය.දෙවියන් වහන්සේගේ “නිකමෙකු” වීම යහපත්ය.

English



පැරණි ගිවිසුම පිළිබඳ සමීක්ෂණය



නැවතත් සිංහල මුල් පිටුවට

ආමොස් පොත
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries