settings icon
share icon

දේශනාකාරයා පොත

කර්තෘ: දේශනාකාරයා පොත සෘජුවම එහි කර්තෘන් හදුන්වන්නේ නැත. සලමොන් විසින් මෙම පොත ලියනු ලැබූ බවට හගවන පද බොහෝමයක් ඇතග සලමොන්ගේ මරණයෙන් පසුව වෙනත් කෙනෙකු එනම් බොහෝ විට වසර සිය ගණනකට පසුව මෙම පොත ලියනු ලැබූ බව යෝජනා කරන ඉගි කිහිපයක් මෙම පෙළ යෙදුමෙහි සදහන්වේ. එසේ වුවද සම්ප්‍රදායික විශ්වාසය නම් එහි කර්තෘන් සැබවින්ම සලමොන් බවය.

ලියනු ලැබූ දිනය: සලමොන් ඉශ්‍රායෙල්හි රජ ලෙස ඔහුගේ රාජ්‍ය කාලය ක්‍රි. පූ. 970 පමණ සිට ක්‍රි. පූ. 930 පමණ දක්වා පැවතුණි. දේශනාකාරයා පොත බොහෝ දුරට ඔහුගේ රාජ්‍ය කාලයේ අවසාන භාගයේ එනම් ආසන්න වශයෙන් ක්‍රි. පූ. 935 හීදි ලියවෙන්නට ඇත.

ලිවීම්හි අභිමතාර්ථය: දේශනාකාරයා නම් යම් දෘෂ්ඨිකෝණයකින් ලියැවුනු පොතකි. “ධර්මදේශකයා” නොහොත් “ගුරුවරයා” යන වෘත්තාන්තයෙන් අනාවරණය කරනු ලබන්නේ ලෞකික දෑ සෙවීමට ගොස් අවිකල්ප ප්‍රතිවිපාකයක් වන විෂාදයයි. තම පොත තුළින් කිතුණුවන්ට අවස්ථාවක් හිමි කර දෙන්නේ මෙම ලෝකය දෙස ඉතා බුද්ධිමත් වුවද තාවකාලික මනුෂ්‍යයාගේ දෑ තුළ අර්ථයක් සෙවීමට උත්සාහ කරන දෑස් තුළින් දැකීමටය. සෑම ආකාරයකම ලෞකික සන්තුෂ්ටිය මෙම දේශනාකාරයා විසින් ගවේශණය කොට ඇති අතර ඒ කිසිවක් තුළින් කිසිදු අර්ථවත් හැගීමක් ඔහුට ලබා නොදේ.

අවසානයේදී මෙම ධර්මදේශකයා එත්තු ගනු ලබන්නේ පෞද්ගලික අර්ථය සොයා ගැනීමට එකම මාර්ගය දෙවියන් වහන්සේ තුළ ඇදහිල්ල බවය. ජීවිතය කෙටිය එසේම අවසානයේදී දෙවියන් වහන්සේ නොමැතිව එහි කිසිදු වටිනාකමක් නොමැත යන කරුණ පිළිගැනීමට ඔහු විසින් තීරණය කරනු ලබයි. මෙම ධර්මදේශකයා විසින් පාඨකයාට අනුශාසනා දෙනු ලබන්නේ තාවකාලක සන්තුෂ්ටිය වෙනුවට සදාකාලික දෙවියන් වහන්සේ කෙරෙහි යොමු වන ලෙසයි.

මූලික පද: දේශනාකාරයා 1:2, “නිශ්ඵලකම්වල නිශ්ඵලකමය. නිශ්ඵලකම්වල නිශ්ඵලකමය. සියල්ලම නිශ්ඵලකමයයි ධර්දේශකතෙමේ කියන්නේය”

දේශනාකාරයා 1:18, “ මක්නිසාද බොහෝ ප්‍රඥාවෙන් බොහෝ දුක් පැමිණෙන්නේය. දැනගැන්ම වැඩි කර ගන්නා ශෝකය වැඩිකරගන්නේය”

දේශනාකාරයා 2:11, “නමුත් මාගේ අත්වලින් කළාවූ සියලූම කර්මාන්තද කරන්ට මා වෙහෙස ගත්තාවූ වැඩද දෙස බැලු විට ඒ සියල්ල නිශ්ඵලකමක්ව හිස්වූ උත්සාහයක්ව තිබෙන බවත් ඉර යට ප්‍රයෝජනයක් නැති බවත් දුටිමි.”

දේශනාකාරයා 12:1, “යෞවන දවස් වලදී නුඹේ මැවුම්කාරයා සිහිකරපන්න. මක්නිසාද විපත්ති දවස් පැමිණෙන්නේය. මට ඒවා ප්‍රිය නැතැයි නුඹ කියන දවස්ද ළංවන්නේය.”

දේශනාකාරයා 12:13, “සියල්ල අසන ලදීල මුළු කාරණයේ තීන්දුව නම් මේය; දෙවියන් වහන්සේට භයව උන් වහන්සේගේ ආඥා පවත්වාපන්න; මේ වනාහී සියලූ මනුශ්‍යයන්ගේ යුතුකමය.”

කෙටි සාරංශය: වාක්‍ය ඛණ්ඩ දෙකක් නිතරම දේශනාකාරයා පොතෙහි පුනරාගතවේ. “නිශ්ඵලභාවය” සහ “නිරර්ථක” යන පරිවර්තනය කර ඇති වචන එන්. අයි. වී. පරිවර්තනයේ නිතරම දක්නට ලැබෙන අතර ඒවා භාවිතා කොට ඇත්තේ ලෞකික දේ තුළ ඇති තාවකාලික ස්වභාවය අවධාරණය කිරීමටය. අවසානයේදී ඉතාමත්ම සිත්ගන්නා මනුෂ්‍යය ජයග්‍රහණයන් පවා පසෙක තබා යෑමට සිදුවේ. “ඉර යට” යන්නාවූ වාක්‍ය ඛණ්ඩය 28 වතාවක් දක්නට ලැබෙන අතරම එය අදාළ කරනු ලබන්නේ මැරෙන සුලූ ලෝකයටය. ධර්මදේශකයා “ඉර යට සියලූ දේ” යන්න අදාළ කරනු ලබන විට ඔහු කථා කරනු ලබන්නේ ද්‍රව්‍යමයල තාවකාලිකල මනුෂ්‍යය දෑ පිළිබදවය.

දේශනාකාරයා පොතේ පළමු පරිච්ඡේද 7 විස්තර කරනු ලබන්නේ, ධර්මදේශකයා සම්පූර්ණත්වට සෙවීමට උත්සාහ දරන “ඉර යට” ඇති ලෞකික දේවල් පිළිබදවය. ඔහු විද්‍යාත්මක අනාවරණයන් (1:10–11), ප්‍රඥාව සහ දර්ශනවාදය (1:13–18), ප්‍රමෝදය (2:1), මද්‍යසාර (2:3), ගෘහ නිර්මාණ ශිල්පය (2:4), දේපල (2:7-8), සහ සුඛෝපභෝගීභාවය (2:8), ආදී දෑ උත්සාහ කරනු ලබයි. ධර්මදේශකයා විසින් ඔහුගේ මනස නොයෙකුත් දර්ශනවාදයන් එනම් භෞතිකවාදය (2:19–20) සහ සදාචාරාත්මක සංකේතයන් (8–9 පරිච්ඡේදයන් ඇතුලූව) කෙරෙහි යොමු කරනු ලැබුවේ අර්ථයන් සොයා ගැනීමටය. ඔහු විසින් සොයා ගනු ලැබුවේ සියල්ල නිරර්තකයල තාවකාලික ව්‍යවර්ථනයකිල දෙවියන් වහන්සේ නොමැති කිසිදු අභිමතාර්තයක් හෝ දීර්ඝායුෂයක් නොමැති බවය.

දේශනාකාරයා පොතේ 8–12 දක්වා පරිච්ඡේද වලින් ජීවිතයක් ජීවත්විය යුතු ආකාරය පිළිබදව ධර්මදේශකයාගේ යෝජනා සහ විවරණයන් විස්තර කරනු ලබයි. ඔහු විසින් නිර්ණය කරනු ලබන්නේ දෙවියන් වහන්සේ නොමැතිව ජීවිතයට කිසිදු අර්ථයක් හෝ සත්‍යයක් නොමැති බවය. ඔහු බොහෝ දුෂ්ටකම් දැක තිබීම හේතුකොටගෙන එතුළින් අවබෝධ කොටගෙන ඇත්තේ මිනිසාගේ විශිෂ්ටතම ජයග්‍රහණයන් වුවද දීර්ඝකාලීනව සලකා බලන කළ කිසිදු වටිනාකමක් නොමැති බවය. ඔහු විසින් පාඨකයාට අනුශාසනා කරනු ලබන්නේ යෞවන කළ පටන් දෙවියන් වහන්සේව පිළිගනිමින් (12:1) උන් වහන්සේගේ කැමැත්ත අනුගමනය කරන ලෙසයි. (12:13–14).

ලකුණු පහල වීම්: දේශනාකාරයා පොතෙහි විස්තර කොට ඇති නිශ්ඵලභාවයන්ට පිළිතුර නම් ක්‍රිස්තුස් වහන්සේය. දේශනාකාරයා 3:17 ට අනුව දෙවියන් වහන්සේ ධර්මිෂ්ටයාව සහ දුෂ්ටයාව විනිශ්චය කරනු ලබන අතර ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින්නො නම් ධර්මිෂ්ටයෝය. (2 කොරින්ති 5:21). දෙවියන් වහන්සේ අපගේ හදවත් තුළ සදාකාලිත්වය කෙරෙහි අභිරුචියක් තබා තිබෙන අතර (දේශනාකාරයා 3:11) සදාකාල ජීවනයට මාර්ගයද ක්‍රිස්තුස් වහන්සේ තුළින් අපට සපයා දුන්සේක. (යොහාන් 3:16). අපට මතක් කර දෙනු ලබන්නේ මේ ලෝකයේ ධනය පසුපස මහත් පරිශ්‍රමයකින් හඹා යෑම නිශ්ඵලභාවයක් පමණක් නොව ඉන් කිසිදු තෘප්තියක්ද ලබා ගත නොහැක යන්නයි, (දේශනාකාරයා 5:10) අප එය අත්පත් කර ගත්තත් ක්‍රිස්තුස් වහන්සේ නොමැති නම් අපගේ ප්‍රාණයන් නැතිවී යනවා මෙන්ම ඉන් ඇති ලාභය කුමක්ද? (මාර්ක් 8:36). අවසානයේදී, දේශනාකාරයා පොතෙහි විස්තර කොට ඇති සෑම කලකිරීමක්ම සහ නිශ්ඵලභාවයකටම ප්‍රතිකර්මය ක්‍රිස්තුස් වහන්සේ තුළ වන අතර දෙවියන් වහන්සේගේ ප්‍රඥාව සහ ජීවිතයට එකම සත්‍යය අර්ථයද එතුළින් ලැබේ.

ප්‍රායෝගික උපයෝගය: දේශනාකාරයා පොත තුළින් කිතුණුවාට පිරිනමනු ලබන්නේ දෙවියන් වහන්සේව නොදන්නාවූ අය විසින් පොර බදිනු ලබන ශුන්‍යභාවය සහ බලාපොරොත්තු නොමැතිකම තේරුම් ගැනීමට අවස්ථාවක්ය. ක්‍රිස්තුස් වහන්සේ තුළ ගැළවීමමේ ඇදහිල්ලක් නොමැති අයට මුහුණ පෑමට ඇත්තේ අවසානයේදී කෙළවර වන සහ අනුකූල නොවන ජීවිතයකි. ගැළවීම සහ දෙවියන් වහන්සේ නොමැති නම් ජීවිතයෙහි කිසිදු අභිප්‍රායක් නොමැති පමණක් නොව කිසිදු අරමුණක්ද දිශාවක්ද නොමැතිවේ. “ඉර යට” ලෝකය දෙවියන් වහන්සේගෙන් තොර නම් එය ව්‍යාර්ථකාරී, කුරිරු, අයුතු, කෙටි සහ “මුළුමනින්ම අර්ථශූනය”වේ. එනමුත් ක්‍රිස්තුස් වහන්සේ තුළ ජීවිතය වූ කලී උන් වහන්සේ තුළින් පමණක් පිවිසිය හැකි ස්වර්ගයක මතු පැමිණිමට ඇති මහිමයේ සේයාවකි.

English



පැරණි ගිවිසුම පිළිබඳ සමීක්ෂණය



නැවතත් සිංහල මුල් පිටුවට

දේශනාකාරයා පොත
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries