settings icon
share icon

යෙරමියා පොත

කර්තෘ: යෙරමියා පොතෙහි කර්තෘන් දිවැසිවර යෙරමියා ලෙස යෙරමියා 1 පරිච්ඡේදයෙහි 1 වන පදයෙහි හැදින්වේ.

ලියනු ලැබූ දිනය: යෙරමියා පොත ලියනු ලැබුවේ ක්‍රි. පූ. 630 ත් 580 ත් අතර කාලයේදීය.

ලිවීමිහි අභිමතාර්ථය: යෙරමියා පොත යුදා දේශයට දෙනු ලැබූ අවසාන අනාවැකි මෙන්ම ජනතාව පශ්චාතාප නොවන්නේ නම් මතු පැමිණීමට හැකි විපත්ති පිළිබද අනතුරු ඇගවීම් වාර්ථා කරනු ලබයි. නැවත සෙනගට දෙවියන් වහන්සේ වෙතට හැරෙන ලෙස යෙරමියා ඔවුන්ව හඩ නගා කැදවනු ලැබුවේය. එසේම යෙරමියා විසින් හඳුනාගනු ලබන්නේ යුදා දේශයෙහි දැඩි සිතැති රූප නමස්කාර සහ දුරාචාරය හේතුකොටගෙන එහි විනාශයට ඇති අනිවාර්‍යතාවයය.

මූලික පද: යෙරමියා 1:5, “මම නුඹ ගර්භයෙහි සාදන්ට පළමුවෙන් නුඹ හඳුනාගෙන සිටියෙමි. නුඹ කුසෙන් නික්මෙන්ට පළමුවෙන් මම නුඹ කැප කොට ජාතීන්ට අනාගතවකතෘ කෙනෙකු කොට නුඹ නියම කෙළෙමියි කීය.”

යෙරමියා 17:9, “සියල්ලට වඩා සිත රැවටිලිකාරව තිබේ. ඒක දුෂ්ටවම තිබේ. ඒක කාට දැනගන්ට පුළුවන්ද?”

යෙරමියා 29:10–11, “ස්වාමින් වහන්සේ මෙසේ කියනසේක: බබිලෝනියේ අවුරුදු සැත්තෑවක් සම්පූර්ණවූ කල්හී මම නුඹලා දෙස බලා නැවත මේ ස්ථානයට නුඹලා පැමිණවීමෙන් නුඹලා ගැන මාගේ යහපත් වචනය ඉෂ්ට කරන්නෙමි. මා විසින් නුඹලා ගැන කරන යෝජනා මමම දනිමි. නුඹලාට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සමාදානයේ යෝජනායයි ස්වාමින් වහන්සේ කියන සේක.”

යෙරමියා 52:12–13, “තවද බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර් රජුගේ දහනවවෙනි අවුරුද්දේ පස්වෙනි මස දසවෙනිදා බබිලෝනියේ රජුට සේවය කළාවූ රැකවලූන්ගේ අධිපතියාවූ නෙබුසරදාන් යෙරුසලමට ඇවිත් ස්වාමින් වහන්සේගේ ගෘහයද රජගෙයද ගිනිලැවුවේය. යෙරුසලමේ සියලූ ගෙවල්ද එනම් හැම ලොකු ගෙවල්ද ගිනිලැවුවේය.

කෙටි සාරංශය: යෙරමියා පොත වූ කලී මූලිකවම යුදා දේශයෙහි මැඩපැවැත්වීමට දුෂ්කරවූ රූප නමස්කාරය හේතුකොටගෙනවූ විනිශ්චය පිළිබදව පණිවුඩයකි. (යෙරමියා 7:30–34; 16:10–13; 22:9; 32:29; 44:2–3). අවසාන ධර්මිෂ්ඨ රජවූ යොසියාගේ මරණින් පසුව යුදා ජනතාව මුළුමනින්ම පාහේ දෙවියන් වහන්සේ මෙන්ම උන් වහන්සේගේ ආඥා අත්හැර දැමූහ. යෙරමියා යුද දේශය සසදන්නේ වේශ්‍යා ස්ත්‍රියක් හා සමගය. (යෙරමියා 2:20; 3:1–3). දෙවියන් වහන්සේ විසින් රූප නමස්කාරය ඉතාමත්ම දැඩි ලෙස විනිශ්චය කරනු ලබන බවට පොරොන්දු වී තිබූ හෙයින් (ලෙවී කථාව 26:31–33; ද්වීතීය කථාව 28:49–68), යෙරමියා විසින් යුදා දේශයට අනතුරු අගවනු ලැබුවේ දෙවියන් වහන්සේගේ විනිශ්චය ඉතාමත්ම ආසන්න බවයග දෙවියන් වහන්සේ යුදා දේශය විනාශ නොකර අප්‍රමාණ ප්‍රස්ථාවන්හී නිදහස් කොට හැරිය නමුත් උන් වහන්සේගේ දයාව අවසාන සීමාන්තය දක්වා පැමිණියේය. නෙබුකද්නේශර් රජු විසින් යුදා දේශය විජයග්‍රහණය කොට එය ඔහුට යටත් කර ගැනීම පිළිබදව යෙරමියා විසින් වාර්ථා කරනු ලබයිග (යෙරමියා 24:1) තවදුරටත් කැරළි ගැසීමෙන් අනතුරුව දෙවියන් වහන්සේ නෙබුකද්නේශර් සහ බබිලෝනිය යුද සේනාව නැවත ගෙන එනු ලැබුවේ යුදා දේශය සහ යෙරුසලම විනාශ කිරීමට සහ පාළු කර දමනු වස්ය. (යෙරමියා 52 වන පරිච්ඡේදය). ඉතා උග්‍රවූ විනිශ්චයක් මධ්‍යයේ වුවද දෙවියන් වහන්සේ යුදා දේශය නැවත ප්‍රතිෂ්ඨාපනය කර නැවත උන් වහන්සේ විසින් දෙනු ලැබූ දේශයට ගෙන යාමට පොරොන්දු වූ සේක (යෙරමියා 29:10).

ලකුණු පහල වීම්: පැමිණීමට යුතුවූ මෙසියස් වහන්සේ එනම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිබදච අනාවැකියක් යෙරමියා 23:5–6 ගෙන හැර දක්වනු ලබයි. දිවැසිවරයා උන් වහන්සේව විස්තර කරනු ලබන්නේ දාවිත්ගේ පරම්පරාවෙන් පැමිණෙනු ලබන ශාඛාවක් (මතෙව් 1); ල ප්‍රඥාවෙන් සහ ධර්මිෂ්ඨකමින් රජ කරනු ලබන රජ කෙනෙකු (එළිදරව් 11,15) බවත්ය. ඉශ්‍රායලය ඇයගේ සත්‍යය මෙසියස් වහන්සේ ලෙස අවසානයේදී ක්‍රිස්තුස් වහන්සේව හඳුනාගනු ලබන අතර උන් වහන්සේ විසින් තෝරා ගනු ලැබූවන්ට එතුමාණන් විසින් ගැළවීම ගෙන දෙනු ලබන සේක. (රෝම 11:26).

ප්‍රායෝගික උපයෝගය: දිවැසිවර යෙරමියාට නිකුත් කිරීමට තිබුණේ ඉතාමත්ම අසීරු පණිවුඩයකි. යෙරමියා යුදාවට ප්‍රේම කළ නමුත් ඊට වඩා බොහෝමයක් දෙවියන් වහන්සේට ප්‍රේම කළේය. තමන්ගේම සෙනගට ස්ථාවර පණිවුඩයක් නිකුත් කිරීම යෙරමියාට මහත් වේදනාවක් වුවද දෙවියන් වහන්සේ ඔහුට කීරීමට සහ ප්‍රකාශ කිරීමට කියූ සියල්ලටම ඔහු කීකරු වූයේය. යුදා දේශය කෙරෙහි දෙවියන් වහන්සේගේ දයාව සදහා යෙරමියා උදක්ම බලාපොරොත්තු ඇතිව යාච්ඤා කළ අතරම ඔහුගේ විශ්වාසය වූයේ දෙවියන් වහන්සේ යහපත්, සාධාරණ සහ ධර්මිෂ්ඨ බවයග අපද කෙතරම් අපහසු වුවද දෙවියන් වහන්සේට කීකරු විය යුතු සහ දෙවියන් වහන්සේගේ කැමැත්ත අපගේ ආශාවන් වලට වඩා වැදගත් බවදල උන් වහන්සේගේ අපරිමිත ඥාණයෙන් සහ පරිසමාප්ත සැළස්ම කරණකොටගෙන උන් වහන්සේගේ දරුවන්ට ඉතා විශිෂ්ටතම දේ ගෙන එන බව විශ්වාස කළ යුතුවෙමු. ධරෝම 8:28). English



පැරණි ගිවිසුම පිළිබඳ සමීක්ෂණය



නැවතත් සිංහල මුල් පිටුවට

යෙරමියා පොත
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries