settings icon
share icon

යෝබ් පොත

කර්තෘ: යෝබ්ගේ පොතෙහි කර්තෘ කෙනෙකු විශේෂාකාරයෙන් හැඳින්වන්නේ නැත. බොහෝ දෙනා පවසන්නේ මෙය යෝබ්, එලීහු, මොසෙස් හා සාලමොන් අතෙන් ලියවූවක් බවයි.

ලියනු ලැබූ කාලය: සැබවින්ම යෝබ් පොත ලියවුණේ කුමන කාලයේදයි පැවසීමට අපට හැකි වන්නේ එහි කර්තෘ පිළිබඳ අදහසක් ගත් විටය. මොසෙස් කර්තෘ ලෙස ගත් කළ, කාලය ක්‍රි.පූ.1440 විය හැකිය. සාලමොන් ගත් කළ ක්‍රි.පූ.950 කිව හැක. මන්ද අප කර්තෘ හරියාකාරව නොදන්න බැවින් අපට කාලය හරිව කියන්නට බැරිය.

ලියනු ලැබූ කාලය: යෝබ්ගේ පොත අපට පහත සඳහන් දෑ තේරුම් ගැනීමට හැකියාව ලබා දෙයි. දෙවියන් වහන්සේගේ බලපැමක් නොමැතිව සාතන් හට අපට ආර්ථික හා ශාරිරික විනාශකිරීම් ළඟා කිරීමට නොහැක. දෙවියන් වහන්සේට සාතන්ට කළ හැකි හා නොකළ හැකි දේ ගැන බලය ඇත. සැබවින්ම අපගේ මනුශ්‍යත්ව හැඟීම නම් සෑම කරදරයකටම මන්ද යන පැනයයි. පාපයට කවදාහෝ සාධාරණය ඉටු වනු ඇත. අපගේ ඡීවන රටාවේ අපට සැමවිටම අපගේ පාපයට හා දුක් විඳීමට බැන වැඳිය නොහැක. විටෙක දුක් විඳීම හා කරදර අපව පිරිසිඳු කරයි, අපව විනිශ්චය කරයි, අපට උගන්වයි හා අපගේ ආත්මය ශක්තිමත් කරයි. දෙවියන් වහන්සේට අප දිය යුතු ප්‍රශංසාව හා ප්‍රේමය අපගේ ඕනැම කරදරය දී පවා අප උන් වහන්සේට දිය යුතුය.

ප්‍රධාන පදයන්: යෝබ් 1:1, යෝබ් නම් මනුශ්‍යයෙකු ඌෂ් දේශයෙහි සිටියේය. ඒ මනුශ්‍යා වනාහි නිර්දෝෂවූ, අවංකවූ, දෙවියන් වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, නපුරෙන් වැළකි සිටියාවූ කෙනෙකි.

යෝබ් 1:21- නග්නව මාගේ මව්කුසින් ආවේමි. එසේම නග්නව හැරී යන්නෙමි. ස්චාමින් වහන්සේ දුන් සේක. ස්වාමින් වහන්සේ ගත් සේක. ස්වාමින් වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවායැයි කීසේක.

යෝබ් 38:1-2, එවිට ස්වාමින් වහන්සේ කුණාටුවේ සිට යෝබ්ට උත්තර දෙමින් මෙසේ කීසේක. අනුවණ වචන වලින් මන්ත්‍රණය අඳුරු කරන මොහු කව්ද?

යෝබ් 42:5-6, මා ඔබ ගැන කනින් අසා තිබුණේය. නුමුත් දැන් මාගේ ඇසින් ඔබ දකිමි. එබැවින් මම මටම පිළිකුල් කොට දූවිල්ලෙත් අළු වලත් හිඳ පශ්චාත්තාපවෙමියි කීවේය.

කෙටි සාරාංශය: යෝබ් පොත ආරම්භ වන්නේ ස්වර්ගයෙන් දෙවියන් වහන්සේගේ පැමිණීමට පෙර සාතන්ගේ පැමිණීමත් සමඟය. යක්ශයා දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටියේ දමන්ට යෝබ්ගේ විශ්වාසවන්තකම හා ඇදහිල්ල දෙවියන් වහන්සේගේ සිහසුන ඉදිරියෙහ් කොපමණ ලෙස තිබුණා දැයි පරික්ෂා කිරීමටය. දෙවියන් වහන්සේ ඔහුට අවස්ථාව දුන් අතර එය සීමා සහිත වූවක් විය. සැබවින්ම ධර්මිෂ්ඨයා දුක් විඳීය යුතුද? මෙය යෝබ්ට සිය පවුල, ධනය හා සැනසීම නැතිවූ පසු නැගෙන්නට වුණු ප්‍රශ්නයක් විය. යෝබ්ගේ මිතුරන් වූ එලිපාස්, බිල්ඩාඩ් හා සෝපාර් ඔහුගේ ඉතා දුක්වූ දේ සැනසීමට පැමිණියෝය. ඔවුන් බලපැම් කර සිටියේ මේ සියල්ල ඔහුගේ පාපය නිසා සිඳුවූ දේ බවය. යෝබ් මේ සෑම දෙයක දීම දෙවියන් වහන්සේට ප්‍රේමණීයව හා ඔහුගේ ඡීවිතය දෙවියන් වහන්සේට ප්‍රසන්නව තබාගත්තේය. ඔහු මේ අවස්ථාවේදී පව් කළේවත් දෙවියන් වහන්සේට දොස් තැබුවේවත් නැත. එලිහූ ඔහුට පවසා සිටියේ යෝබ් යටහත්ව දෙවියන් වහන්සේට භාරවිය යුතු බවය. අවසානයේදී යෝබ් දෙවියන් වහන්සේගෙන් දමාට සිඳුවූ දේ ප්‍රශ්න කළ අතර දෙවියන් වහන්සේගේ බලපරාක්‍රමය ඔහු දෙවියන් වහන්සේගෙන් ඔහු ඉගෙන ගත්තේය. ඔහු එතැන් පටන් දෙවියන් වහන්සේ තුළ සම්පූර්ණව විශ්වාස කරන්නෙකු විය. දෙවියන් වහන්සේ නැවතත් යෝබ්ට නැවතත් ධනය, සැනසීම හා සෞභාග්‍ය දෙන්නට විය.

අනාගතවාක්‍ය: යෝබ් ඔහුගේ දුක් විඳීමේ හේතුන් ඉතා ඕනෑකමින් බලාසිටි අතර ප්‍රශ්න 3 ක් ඔහුගේ සිතට නැගෙන්නට විය. ඒ සියල්ලට පිළිතුරු යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ තිබේ. මෙම ප්‍රශ්න පැන නැඟෙන්නේ 14 වන පරිච්ඡේදයෙහිය. පළමුවැන්න නම් 4 වන පදයෙහි අපවිත්‍ර දෙයකින් පවිත්‍ර දෙයක් උපදවන්ට කාට පුළුවන්ද? කාටවත් බැරිය. යෝබ්ගේ පැනය සැබවින්ම පැමිණෙන්නේ දෙවියන් වහන්සේගේ ඇස් හමුයෙහි සිටීමට පවා තමා නොවටිනා යැයි තමා සළකන ලෙසය. දෙවියන් වහන්සේ ශුද්ධය, නුමුත් මිනිසා එසේ නොවේ. එබැවින් දෙවියන් වහන්සේ හා මිනිසා අතර විශාලවූ පරතරයක් තිබේ. නුමුත් යෝබ්ගේ ඉතා අසරණ වූ පැනයට පිළිතුරු යේසුස් වහන්සේ තුළ තිබේ. යේසුස් වහන්සේ අපගේ පව් වලට වන්දිය ගෙවූ අතර අපව ධර්මිෂ්ඨ කරනු ලැබුවා. එසේ කිරීමෙන් අපව දෙවියන් වහන්සේගේ ඇස් හමුයෙහි ප්‍රසන්න මිනිසුන් කරනු ලැබුවා (හෙබ්‍රව් 10:14, කොලොස්සි 1:21-23, 2 කොරින්ති 5:17).

යෝබ්ගේ දෙවන පැනය නම් මනුෂ්‍යකු මැරුණ නම් ඔහු නැවත ඡීවත් වේද? මෙම පැනයට සැබවින්ම පිළිතුරු ඇත්තේ යේසුස් වහන්සේ තුළ එනම් මරණය, සදාකාල ඡීවනය හා ස්වර්ගරාඡ්‍යයි. ක්‍රිස්තුස් වහන්සේ තුළ ඔහුට කුමක් වන්නේද යන පැනයට පිළිතුර නම් ඔහු ස්වර්ගරාඡ්‍ය දැකීම යනුයි. අන්ධකාරයෙහි ඡීවත් වූවන්ට ක්‍රිස්තුස් වහන්සේ තුළ දැනුඳු දත් මිටි කෑමක් හෝ වැලපීමක් නොමැත යනුයි (මතෙව් 25:30).

යෝබ්ගේ තුන්වන පැනය නම් මිනිසෙකු මැරුණු පසු නැවත ඡීවත් වන්නේද යනුයි. නැවතත් මෙම පැනයට ද පිළිතුරු ඇත්තේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළය. අප උන් වහන්සේ තුළ පැවතීමෙන් නැවත ඡීවත් වේ. දිරන සුළු මෙය නොදිරන භාවයටත්, මරණීය වූ මෙය අමරණීය භාවයටත් පැමිණෙන්නට ඕනෑය. මේ දෙය පැමිණි කල්හි මරණය ඡයෙන් ගිලිනා ලද්දේය කියා ලියා තිබෙන වචනය සම්පූර්ණ වේ. එම්බා මරණය තාගේ ඡය කොයිද? එම්බා මරණය තාගේ කටුව කොයිද? (1 කොරින්ති 15:54-55).

ප්‍රායෝගික භාවිතය: යෝබ් පොත අපට සැමවිටම මතක් කර දෙනු ලබන්නේ අපට නොපෙනෙන විශ්ව බලවේගයක් ක්‍රියාත්මක වන බවය. අප මුහුණ දෙන හුදෙකුත් අවස්ථා වලදී අප විශ්මයට පත් වන්නේ දෙවියන් වහන්සේ අපට මෙසේ වන්නට සළස්වන්නේ මන්ද හා ස්වාමින් වහන්සේගේ කරුණාව පිළිබඳවයි. යෝබ්ගේ පොත අපට උගන්වන්නේ ඕනෑම අවස්ථාවක දී දෙවියන් වහන්සේව විශ්වාස කිරීමයි. අප දෙවියන් වහන්සේව විශ්වාස කළ යුත්තේ අපට නොතේරෙන අවස්ථා වල නොව අප හොදෙකුත් නොදන්නා බව නිසාය. ගීතිකාකරු පවසන්නේ දෙවියන් වහන්සේගේ මාර්ගය ස්ථරය (ගීතාවලිය 18:30) දෙවියන් වහන්සේගේ මාර්ග ස්ථර නම් උන් වහන්සේ අපට කරන සියළු දේ පිළිබඳ අපට විශ්වාස කළ හැක. මෙය අපට තේරුම් ගැනීමට අපහසු වූවත් අපගේ මනස දෙවියන් වහන්සේගේ මනස නොවන බව සත්‍යයයි. දෙවියන් වහන්සේගේ මනස තේරුම් ගැනීම මිනිසෙකුට අමාරු කාර්යයක් බව සැබෑව සේම, මක්නිසාද මාගේ යෝඡනා නුඹලාගේ යෝඡනා නොවේය. නුඹලාගේ මාර්ගද මාගේ මාර්ග නොවේයයි ස්වාමින් වහන්සේ කියන සේක. අහස පොළවට වඩා උස්ව සිටින්නාක් මෙන් මාගේ මාර්ග නුඹලාගේ මාර්ග වලටත් මාගේ යෝඡනා නුඹලාගේ යෝඡනා වලටත් වඩා උසස්ව තිබේ. (යෙසායා 55:8-9) එය කෙසේ වූවත් අපගේ වගකීම නම් දෙවියන් වහන්සේට ගෞරව කිරීම, උන් වහන්සේව විශ්වාස කිරීම හා අපට හුදෙකුත් නොතේරුනත් උන්වහන්සේගේ කැමැත්ත ඉටු කිරීමයි.

English



පැරණි ගිවිසුම පිළිබඳ සමීක්ෂණය



නැවතත් සිංහල මුල් පිටුවට

යෝබ් පොත
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries