settings icon
share icon

යෝනා පොත

කර්තෘ: යෝනා 1:1 පැහැදිලිව පෙන්වා දෙන්නේ අනාගතවාකෘත යෝනා මෙහි කතෘ බවය.

ලියනු ලැබූ කාලය: යෝනා පොත ලියවී ඇත්තේ ක්‍රී. පූ.793 ත් 758 ත් කාලයේදීය.

ලියනු ලැබූ කාරණය: අකීකරුකම හා නැවත උත්පාදනය මෙම පොතෙහි ප්‍රධාන තේමවන්ය. තල්මහාගේ බඩ තුළ යෝනා ලැබූ අත්දැකීම් ඔහුව අළුත් පිබිඳීමකට රැගෙන ගියේය. ඔහුගේ අකීකරුකම ඔහුව පමණක් නොව මුළු නිනිවයම පව්කාර ලෝකයෙන් මුදවීමට යෝනාට හැකි විය. ඒ කාලයේ ඡීවත් වූ සෑම කෙනෙක්ම පාහේ පැවසුවේ යෝනාගේ මෙම ක්‍රියාව ඉතා විශාල වූ ඉවැන්ඡලිස්ත ක්‍රියාවක් බවයි.

ප්‍රධාන පදයන්: යෝනා1:3, එහෙත් යෝනා ස්වාමින්වහන්සේ ඉදිරියෙන් තර්ෂීෂ්ඨ පලා යන පිණිස.

යෝනා1:17, තවද ස්වාමිවහන්සේ යෝනා ගිලින්ට මහා මත්සයෙකු පත් කළ සේක. යෝනා වනාහි දාවල් තුනක් ද රෑ තුනක් ද මත්සයාගේ බඩේ සිටියේය.

යෝනා 2:2, මාගේ පීඩාව නිසා ස්වාමින්වහන්සේට හඬ ගැසීමි. උන්වහන්සේ ද මට උත්තර දුන් සේක. පාතාල ගැබේ සිට කෑ ගැසීමි. ඔබ මාගේ හඬ ඇසූ සේක.

යෝනා 3:10, නුඹලාගේ හීවැල්වලින් කඬු ද නුඹලාගේ දෑකැති වලින් හෙල්ල ද තළාගනිල්ලා. මම බලවන්තයෙක්මියි බෙලහීනයා කියාවා.

කෙටි සාරාංශය: යෝනාගේ භිය හා උඩඟුකම ඔහුව දෙවියන්වහන්සේගෙන් පලා යෑමට තැත් කරනු ලැබුවා. ඔහු නිනිවයට දෙවියන්වහන්සේගේ අණ පරිදි නොගියේ එහි ඔහුගේ සතුරන් සිටින බව සිතාගෙනය. ඔහුගේ මතය වූයේ දෙවියන්වහන්සේ ඔහුව නගරයක් විනාශ කිරීමට යොදා ගන්නා බවයි, ඒ වෙනුවට ඔහු තර්ෂීෂ්ට නැග විරුද්ධ දෙසට හියේය. ඉතා විශාල වූ දරුණු කුණාටුවක් හමා ගිය අතර පිරිසගේ වැටහීම අනුව යෝනා ප්‍රශ්නයයි සිතා යෝනාව මහ මුහුදට විසි කරනු ලැබූ අතර තල්මහෙකු විසින් පහුව ගිල ගනු ලැබුවා. ඔහු දාවල් 3 ක් හා රැයන් 3 ක් මාළුවාගේ බඬෙහි සිටි අතර බඩෙහි සිටින කාලයේ පහු සිය පාපයන්ගෙන් මිඳී පසුතැවිලි විය. (පුඳුමයට කරුණ නම් මෙතෙක් කලක් මිඳීමට ගත කළේ මන්ද යන්නයි). පසුව මාළුවා වියළි බිමකට ඔහුව වමනය කරයි. යෝනා ඉන්පසු සැතැපුම් 500ක් පමණ වූ ඔහුගේ ඉතා උද්වේග කර ගමන ආරම්භ කළේය. නුමුත් ආනාගතවාකෘත වරයා නිනිවයේ නැවත උත්පාදනය ගැන සැබවින්ම අමනාපයෙන් සිටියේය. කෙසේ නුමුත් දෙවියන්වහන්සේ සුළඟ, ලබු ගෙඩිය හා පණුවා තුළින් ඔහුගේ අනුග්‍රහය පෙන්වූ සේක.

අනාගතවක්‍ය: යේසුස්වහන්සේගේ වචන බලන කල්හි යෝනාත් යේසුස් වහන්සේ වැනි කෙනෙක්ය. මතෙව්12:40-41 ප්‍රකාශ කරනු ලබන්නේ යේසුස්වහන්සේ ද යෝනා මත්සයාගේ බඩ ඇතුළෙහි සිටි සමාන කාලයක් සොහොනෙහි සිටින බවය. යෝනාගේ කාලයේ නිනවයේ සිටි ඡනයා නැවත උත්පාදනය ලබද්දී, යේසුස්වහන්සේව ප්‍රතික්ශේප කළ පරිසිවරු හා නීතිය උගන්වන්නන් යෝනාට වඩා ගොඩාක් ආත්මිකත්වයෙන් ඈත්ව සිටින්නට ඇත. දෙවියන්වහන්සේගේ සත්‍ය, ගැළවීම හා නැවත උත්පාදනය යෝනා දෙවියන්වහන්සේ තුළින් ගෙන ආවා සේම යේසුස්වහන්සේ ද දෙවියන් වහන්සේ වෙතින්ම වූ ගැළවීම රැගෙන ආසේක. (යෝනා 2:9, යොහාන් 14:6, රෝම11:36).

ප්‍රායෝගික භාවිතය: අපට දෙවියන්වහන්සේගෙන් සැඟවී සිටිය නොහැක. අප තුළින් උන්වහන්සේට ඉටු විය යුතු දේ ඉෂ්ඨ වන අතර එයට එරෙහි වන බාධක සියල්ල උන්වහන්සේ රැකවල් කරන බව නියතය. එපීස 2:10 පවසන ආකාරයට දෙවියන්වහන්සේට අප කෙරෙහි සැළසුම් ඇති අතර යෝනා ලෙස ප්‍රමාද නොවී අප අපගේ ඡීවිත උන්වහන්සේට බාර දුන්නොතින් අපට කෙසේ හෝ ඡය ලබා ගත හැකි ද? දෙවියනවහන්සේගේ ප්‍රේමය තුළින් ප්‍රත්‍යක්ෂ වන්නේ උන්වහන්සේට අපගේ හැකියාවට, ප්‍රසිද්ධියට, ඡාතිය අපට ආශිර්වාද කිරීමට බලනොපාන බවයි. නොමිලේ වූ සුභාරංචිය ලොකයේ ඕනෑම පුද්ගලයෙකුට සමානය. කිතුනුවෙකද ලෙස අපගේ වගකීම නම් තවත් කෙනෙකුගේ ගැළවීමේ හවුල්කාරයෙකු බවට පත් වීමයි. මෙය සැබවින්ම දෙවියන්වහන්සේ අප සමඟ බෙඳා ගැනීමට කැමති වූ අත්දැකීමකි.

English



පැරණි ගිවිසුම පිළිබඳ සමීක්ෂණය



නැවතත් සිංහල මුල් පිටුවට

යෝනා පොත
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries