settings icon
share icon

මතෙව් සුභාරංචිය

කර්තෘ: මෙම සුභාරංවියේ නම යෙදී තිබෙන්නේ ද අපෝස්තලික මතෙව් විසින් එය ලියනු ලැබූ බැවින්ය. මෙම පොතෙහි ශෛලය බදු අයකරන්නෙකුගේ ශෛලයට සමානව ලියවී ඇත. මතෙව් තුමාට ගිණුම්කරණය පිළිබඳ දැඩි ආසාවක් තිබුණ බව පැහැදිලිය. (18:23-24, 25-25) මෙම පොත ඉතා පැහැදිලි හා සංශිප්ත පොතකි. කාලයට අනුව මෙම පොත ලියනවාට වඩා, මතෙව් මෙය සාකච්ඡා 6 ක් යටතේ ලියනු ලැබුවා. බදු අයකරන්නෙකු ලෙස මතෙව් හට සහඡයෙන්ම කිතුනුවන් අමන්දානන්දයට සිය ලිවීමෙන් පත් කිරීමට හැකියාවක් තිබුණි. බදු අයකරන්නෙකුට සෑම දෙයම ඉතා කෙටි කොට ලිවීමේ හැකියාව ද තිබෙන අතර එබැවින් මතෙව් තුමාට කෙනෙකුගේ ඡීවිතය ඉතා කෙටි කොට ලිවීමේ හැකියාවක් තිබුණි. මෙහි අදහස නම් මතෙව් තුමාගේ වචන ශුද්ධාත්මයෙන් පැමිණි වචන පමණක් නොව කිතුනුවෙකුගේ ඡීවිතයකට අදාළ සෑම කරුණක්ම සඳහන් තිබුණ බවය. උදාහරණයකට කන්ද උඩ දේශනාව (5-7) ඉතා ශේෂ්‍ර්ඨ පණිවිඩයක් ලෙස පිළිගත හැක. ලියනු ලැබු දිනය: අපෝස්තලික මතෙව් මෙම පොත ලියනු ලැබුවේ සභාවේ මුල් කාලයේ එනම් ක්‍රි. ව. 50 මෙම කාලය බොහෝ කිතුනුවන් යුදෙව්වන් ලෙස පරිවර්ථනය වූවාවූ කාලයකි. එබැවින් මතෙව් තුමා සිය සුභාරංවිය යුදෙව් ආභාෂය රැගෙන ලියුවේය. ලියනු ලැබූ කාරණය: මතෙව් බොහෝ ලෙස වෙහෙස දරා ඇත්තේ පොරොන්දු වූ මෙසියස් වහන්සේ යේසුස්වහන්සේ බව යුදෙව්වන්ට පෙන්වා දීමටය. අනෙකුත් සුභාරංච්වලට වඩා මතෙව් තුමා පැරණි ගිවිසුමෙන් පද උපුටා ගෙන පෙන්වා දී තිබෙන්නේ යුදෙව් අනාගතවාකෘත වරුන් කියූ දේ ඉෂ්ඨ වෙන බවය. මතෙව්, දාවිත් සිට යේසුස්වහන්සේගේ පරපුර පෙන්වා දෙයි. එසේම යුදෙව්වන් කැමති ආකාරයට මේ සෑම දේ ඔවුන්ට පෙන්වා දුන්නේය. සුභාරංවිය පැහැදිලි හා නිවැරදි කොට කියා දීමේ පටිපාටියෙන් පෙනී යන්නේ මතෙව් තුමා කෙතරම් සිය ඡනතාවට නිවැරදි වූ සුභාරංචිය කියා දීමට වෙහෙස වූ ආකාරයයි. ප්‍රධාන පදයන්: මතෙව් 5:17, ව්‍යවස්ථාව හෝ අනාගතවාක්‍ය හෝ අවලංගු කරන පිණිස මම ආවෙමියි නොසිතියල්ලා. සම්පූර්ණ කරන්නට මිස අවලංගු කරන්නට මම නාවෙමියි. මතෙව් 5:43-44, තාගේ අසල්වැසියාට ප්‍රේම කරව. තාගේ සතුරාට වෛර කරවයි කී බව නුඹලා අසා තිබේ. නුමුත් මම නුඹලාට කියමි. නුඹලාගේ සතුරන්ට ප්‍රේම කරපල්ලා. නුඹලාට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරපල්ලා. මතෙව් 6: 9-13, එහෙයින් නුඹලා මෙසේ යාච්ඤා කරපල්ලා. ස්වර්ගීයෙහි වැඩසිටින අපගේ පියාණනි, ඔබගේ නාමෙට ගෞරව වේවා. ඔබගේ රාඡ්‍ය ඒවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහි ද කරනු ලැබුවා. අපගේ දවස්පතා භෝඡනය අපට දානය කළ මැනව. අපේ ණය කාරයන්ට අප කමා කළාක් මෙන් අපව පරික්ෂාවන්ට නොපමුණුවා නපුරාගෙන් අප ගැළවුවා මැනව. මතෙව් 16:26, යම් මනුෂයෙකු මුළු ලෝකය ලබා ගත්තත් තමාගේ ඡීවිතය නැතිවුණොත් ඔහුට මොන ලාභයක් ද? මතෙව් 22:37-40, තාගේ මුළු හෘදයෙන් ද තාගේ මුළු ආත්මයෙන්ද තාගේ මුළු බුද්ධියෙන් ද තාගේ දෙවිවූ ස්වාමින් වහන්සේට ප්‍රේම කරව. මේක උතුම් වූ පළමුවන ආඥවයි. මෙය හා සමාන දෙවන එකක් තිබේ. එනම් තට මෙන් තගේ අසල්වැසියාට ප්‍රේම කරන්න යන්නයි. මෙම අඥා දෙක පිට මුළු ව්‍යවස්ථාවත් අනාගතවාක්‍යත් පිහිටා තිබේ. මතෙව් 27:31, උන්වහන්සේට කවටකම් කළ පසු ඔවුහු රතු සළුව ගළවා උන්වහන්සේගේම ඇඳුම් හදවා කුරුසියෙහි ඇණ ගසන පිණිස ගෙන ගියෝය. මතෙව් 28:5-6, උන්වහන්සේ මෙහි නැත. උන්වහන්සේ කී ලෙසම නැගිටුණු සේක. වරෙල්ලා, ස්වාමින්වහන්සේ උන් ස්ථානය බලා ඉක්මණින් ගොස් උන්වහන්සේ මළවුන් නැගිටුණ සේක. මතෙව් 28:19-20, එබැවින් නුඹලා ගොස් සියළු ඡාතීන් ගෝලයන් කරපල්ලා. පියාණන්ගේත්, පුත්‍රයාණන්ගේත්, ශුද්ධාත්මයාණන්ගේත් නාමයට ඔවුන් බෞතිස්ම කරපල්ලා. මා විසින් නුඹලාට අණ කළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වාපල්ලා, මම ද ලෝක අන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමි. කෙටි සාරාංශය: මතෙව් යේසුස්වහන්සේගේ පරපුර, උපත හා ඡිවිතයේ මුල් කාලය සිය පළමුවන පරිච්ඡේද දෙකෙන් සඳහන් කරයි. එතැන් පටන් යේසුස් වහන්සේගේ සේවය පීළිබඳ සඳහන් වේ. යේසුස්වහන්සේගේ ඉගැන්වීම් සියල්ල, උන්වහන්සේ ඉගැන් වූ දේශනා එනම් විශේෂයෙන්ම පරිව්ඡේද 5 සහ 7 හි සඳහන් වේ.10 හි ගෝලයින්ගේ කාරණා හා අරමුණ සඳහන් වේ.13 වන පරිච්ඡේදය උපමා කථා වලින් සංයුක්ත වූවකි. පරිව්ඡේද18 සභාව පිළිබඳ සඳහන් වේ. පරිච්ඡේද 23 ආරම්භ වන්නේ ලියන්නන් හා පරිසිවරුන්ගේ කුහක කම තුළින්ය. පරිච්ඡේද 21 සහ 27 තුළින් උන්වහන්සේව අත්අඩංගුවට ගැනීම, දුක් විඳීම හා මරණය පිළිබඳව ද අවසාන පරිච්ඡේද තුළින් නැවත නැඟිටීම හා උතුම් වූ කාර්යය සඳහන් වේ. සම්බන්ධතාව: අනෙකුත් සුභාරංචි කර්තෘන් තිදෙනාට වඩා මතෙව් තුමා බොහෝ පැරණි ගිවිසුමෙහි අදහස් උපුටාගෙන ඇත්තේ ඔහුගේ කාර්යය යේසුස්වහන්සේව රඡෙකු හා ඉශ්‍රායෙල් හි මෙසියස්වහන්සේ ලෙස පෙන්වා දීමට බැවින්ය. මතෙව් තුමා 60 වතාවකට වඩා, යේසුස්වහන්සේ පිළිබඳ ලියවුණ අනාගතවාකෘත වචන පැරණි ගිවිසුමෙන් උපුටා ගෙන ඇත. ඔහු ඔහුගේ සුභාරංචිය ආරම්භ කරනු ලබන්නේ යේසුස්වහන්සේගේ පරපුරෙන් හා උන්වහන්සේව නැවත ආබ්‍රහම්ගේ පෙළපතට යා කරමිනි. මන්ද ආබ්‍රහම් ආදි මව්පියන්ගෙන් කෙනෙකු බැවින්ය. එතැන් පටන් මතෙව් තුමා බොහෝ අනාගතවාක්‍ය උපුටා ගෙන ඇත්තේ, අනාගතවාකෘත වරුන් විසින් පවසා ඇත යන පදද යොදා ගනිමිනි (මතෙව් 1:22-23, 2:5-6, 2:15, 4:13-16, 8:16- 17, 13:35, 21:4 -5) මෙම පද පැරණි ගිවිසුමෙහි සඳහන් උන්වහන්සේගේ ශුද්ධකම් පිළිබඳව මනාව පැහැදිලි කර පෙන්වයි. යෙසායා 7:14, උන් වහන්සේගේ උපත බෙත්ලෙහෙමේ බව, මීකා 5:2, හෙරොද්ගේ මරණයෙන් පසු නැවත හැරී ඊඡිප්තුවට හැරී ඒම, හොශෙයා 11:1, උන්වහන්සේගේ සේවය, (යෙසායා 9:1-2:60:1-3) උන්වහන්සේගේ ශාරිරික හා මංසික සුව කිරීම්, යෙසායා 53:4, උන්වහන්සේගේ උපමා කථා දේශනය (ගීතාවලිය 78:2) සහ උන්වහන්සේගේ ඡයග්‍රාහික ඇතුළු වීම, (සෙකරියා 9:9 ). ප්‍රායෝගික භාවිතය: කිතුනුවන්ට ඉතා යෝග්‍ය වූ ඉගැන්වීම් රැසකින් මතෙව් සුභාරංචිය සමන්විත වී අතර මෙය බොහෝ ඉගැන්වීම් වලට අදාළ කරුණු එකට ගොනු කර ඉගැන්වීමට පහසුය. මතෙව් සුභාරංවිය ඉතා පහසු ලෙස පැරණි ගිවිසුම යේසුස්වහන්සේගේ ගැන අනාගතවාක්‍ය සම්පූර්ණ කිරීම පිළිබඳව සඳහන් වේ. මතෙව්තුමාගේ ප්‍රධාන ඉලක්කය වූවේ බොහෝ යුදෙව්වන් එනම් පරිසිවරුන් හා සද්දුසිවරුන් එනම් යේසුස්වහන්සේව මෙසියස්වහන්සේව යේසුස්වහන්සේ ලෙස පිළිගැනීමට අකමැති වූ පිරිසයි. යේසුස්වහන්සේ ඔවුන්ට තිබුණාවූ දැඩි සිත් වලට ඉතා දරුණු ලෙස කථා කළ අතර ඒවාට සාප කරනු ලැබුවා. (යොහාන් 5:38-40) ඔවුන්ට ඔවුන්ගේ නාමයෙන් කථා කළ හැකි මෙසියස් වහන්සේ කෙනෙකු අවශ්‍ය ව තිබුණි. ඔවුන් පතන සියල්ල කර දෙනු ලබන ඔවුන් කැමති ආකාරයට ඡීවත් වන කෙනෙකුය. අප කෙතෙකුත් වේලාවට අපගේම නුවණින් ස්වාමින් වහන්සේව සොයනවාද? අප සැමවිට උන් වහන්සේගෙන් ප්‍රේමය, කරුණාව හා අනුග්‍රහය ලබාගන්නා අතර අප උන් වහන්සේගේ සාධාරණය, කෝපය පිළිගැනීමට අකමැති වෙයි. අප සමහර විට හැසිරෙන්නේ පරිසිවරුන් ලෙසය එනම් අප උන්වහන්සේව අප ඉදිරියෙහි මවා ගෙන අපට කැමති ආකාරයට උන්වහන්සේගෙන් බලාපොරොත්තු වෙයි. එවැනි දෙවිකෙනෙකු සැබවින්ම පිළිමයක් හා සමානයයි. බයිබලය අපට බොහෝ ලෙස පෙන්වා දෙන්නේ සත්‍ය වූ සොභාධර්මය හා යේසුස්වහන්සේව නමස්කාර කිරීම හා ඒ තුලින් උන්වහන්සේව ප්‍රශංසාවට ලක් කිරීමයි. English



අළුත් ගිවිසුම පිළිබඳ සමීක්ෂණය



නැවතත් සිංහල මුල් පිටුවට

මතෙව් සුභාරංචිය
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries