settings icon
share icon

නෙහෙමියා පොත

කර්තෘ: නෙහෙමියාගේ පොතෙහි විශේෂාකාරයෙන් එහි කර්තෘ පිළිබඳව සඳහන් නොවන අතර, යුදෙව් හා කිතුනු සම්ප්‍රදායන්ට අනුව එහි කර්තෘ එස්රා ලෙස හඳුනාගෙන ඇත. මෙම කරුණ අණාවරණය වී ඇත්තේ නෙහෙමියා හා එස්රා පොත ඒකාබද්ධ පොතක් ලෙස හැඳින්වීමේදීය

ලියනු ලැබූ කාලය: මෙය ලියවී ඇත්තේ ක්‍රි.පූ.445 හා 420 කාලයේදීය.

ලියනු ලැබූ හේතුව: මෙම ග්‍රන්ථය බයිබල් ඉතිහාසය බොහෝ ලෙස සඳහන් වන්නාවූ පොතකි. එය බබිලෝනියේ සිට නැවත ඊශ්‍රායෙල් ඡනයා පැමිණීම හා නැවත යෙරුසලමෙහි දේවමාළිඟාව සෑඳීම දක්වා කාලය ගැන මනාව සඳහන් වේ.

ප්‍රධාන පදයන්: නෙහෙමියා 1:3, ඔව්හු කථාකොට වාල්කමින් ඉතුරු වී ඒ රටේ සිටින්නෝ මහත් විපත්තියෙන් නින්දාවෙනුත් පෙලෙති. යෙරුසලමේ පවුරු ද කඩා තිබේ. එකේ දොරවල් ගින්නෙන් දවා දමා තිබේයයි මට කීවෝය.

නෙහෙමියා 1:11, අහෝ ස්වාමින් වහන්ස ඔබගේ මෙහෙකරුවාගේ යාච්ඤාවටත් ඔබගේ නාමය කෙරෙහි භය පක්ශව සිටීමට ප්‍රියවන ඔබගේ මෙහෙකරුවන්ගේ යාච්ඤාවටත් ඔබගේ කන්යොමා අද ඔබගේ මෙහෙකරුවාට සඵලය දී මේ මනුශ්‍යා ඉදිරියෙහි ඔහුට කරුණාව ලැබෙන්ට සැළස්සුව මැනව.

නෙහෙමියා 6:15-16, පවුර වනාහි පනස් දෙදවසකින් එලුල් මාසයේ විසිපස්වනිදා තීන්දු විය. අපේ සියළු සතුරන් ඒ බව ඇසූ කළඅප අවට සියළු ඡාතීහූ බයවිය. ඔවුන්ගේ ධෛර්යයද බොහෝ අඩු විය. මක්නිසාද මේ වැඩ ඉවර වුණේ අපේ දෙවියන් වහන්සේ කරණකොටගෙන බව ඔවුන් දැනගෙන සිටියෝය.

කෙටි සාරාංශය: නෙහෙමියා, යෙරුසලමෙහි ඇති දේව මාළිඟාව නැවත ප්‍රතිසංස්කරණය කිරීමට දේව වචනය පැමිණෙන විට හෙබ්‍රෙව් දේශයේ වාසය කළ පර්සියන් ඡාතිකයෙක්ව සිටියේය. දේව මාළිඟාවෙහි ආරක්ෂාවට තාප්පයක් නොමැති බව දැනගත් නෙහෙමියා ඒ පිළිබඳ බොහෝ උත්සුක වූයේය. නෙහෙමියා දෙවියන් වහන්සේට තමාව ඒ කාර්යය සඳහා පාවිච්චි කරන මෙන් කන්නලව් කළේය. නෙහෙමියා ඔහුට කථා කරනු ලැබුවේ ආර්ටක්සස් නම් වූ පර්සියන් රඡුගේ සිත මෙලෙක් කරමිනි. ඔහු එයට අවශ්‍ය ආශිර්වාද පමණක් නොව, එයට අවශ්‍ය ද්‍රව්‍ය ද සැපයුවේය. නෙහෙමියාට රඡුගෙන් ඔහු භාරව සිටි යෙරූසලමට යාමට අවසර ලබා ගත්තේය.

විරුද්ධ වීම් හා දෝෂාරෝපණ මධ්‍යයේ පවුර ගොඩ නැඟුණු අතර සතුරෝ නිශ්ශබ්ද වූවෝය. විරුද්ධ වීම් පසෙකළා මිනිසුන් නෙහෙමියාව බොහෝ ලෙස උනන්දු කරනු ලැබුවේ දසයෙන් කොටස ද නිවැරදි ලෙස දී, මිනිස් ශ්‍රමය ද බොහෝ ලෙස දී විශේෂ ලෙස දවස් 52 කින් පවුර නිම කිරීමට ඔවුන්ට හැකියාව ලැබුණේය. මෙම එකමුතුව කෙසේ හෝ වේවා කෙටි කාලයක් පමණක් තිබුණේය. යෙරුසලම නැවතත් නෙහෙමියා නොසිටි කාලයේ පළමු ධර්මය කෙරෙහි නැඹුරු විය. අවුරුදු 12 කට පසු නෙහෙමියා නැවත පැමිණෙන විට පවුර ඉතා ශක්තිමත්ව තිබුණ නුමුත් මිනිසුන් දුර්වලව සිටියෝය. ඔහු දේව ඡනයාට අවශ්‍ය සදාචාරය කියා දුන් අතර ඔවුන්ගේ වචන ඔහු මායිම් කළේ නැත. මම ඔවුන් තරවටු කර, ඔවුන්ට ශාප කර, ඔවුන්ගේ සමහරෙකුට ගසා, ඔවුන්ගේ හිසකේ උගුළා (13:25) ඔහු නැවතත් නමස්කාරය පිහිටුවා යාච්ඤාවෙන් හා ධෛර්යමත් කමෙන් දේව වචනය පිළිපැදීමට හා එහි ස්ථ්රව සිටීමට මිනිසුන් පෙළඹුවේය.

අනාගතවාක්‍ය: නෙහෙමියා යාච්ඤාවේ මිනිසෙකු වූ අතර ඔහු බොහෝ උනන්දු වී ඔහුගේ දේව ඡනයා උදෙසා යාච්ඤා කළෝය, (නෙහෙමියා1) දෙවියන් වහන්සේගේ ඡනයා වෙනුවෙන් ඔහුගේ නිර්භය වූ මැදිහත්කාර කම, පසුකලෙක යේසුස් වහන්සේ අප උදෙසා මැදිහත් වූ ආකාරය පැහැදිලිව පෙන්නුම් කරයි. යොහාන් 17 හි සඳහන් වන පරිදි යේසුස් වහන්සේ තම ඡනයා උදෙසා බොහෝ ලෙස යාච්ඤා කළ සේක. සිහසුන ඉදිරියෙහි නෙහෙමියා හා යේසුස් වහන්සේ දේව ඡනයා උදෙසා යාච්ඤා කිරීම බොහෝ ලෙස යාච්ඤා කිරීම පෙනේ.

ප්‍රායෝගික භාවිතය: ලියවිල්ලෙහි සඳහන් පරිදි නෙහෙමියා ඉශ්‍රායෙල් ඡනයාව ආදරය හා ගෞරවය පිරුණාවූ ඡීවිතයකට රැගෙන ගියෝය. බොහෝ කළක් සිට නෙහෙමියා දෙවියන් වහන්සේ තුළ ආදරයෙන් හා ගෞරවයෙන් සිටි අතර ඔහුගේ සිතෙහි දෙවියන් වහන්සේගේ නාමය උසස් වීමට තිබූ ආශාව කරණකොටගෙන ඊශ්‍රායෙල් ඡනයාව දේව භයෙන් හා කීකරුකමින් රැගෙන ගියෝය. ඒ අකාරයෙන්ම කිතුනුවෝද ලියවිල්ලෙහි සඳහන් සත්‍ය හා ප්‍රේමය ද එයට කැප වී එය මතක තබා ගැනීම, දිවා රාත්‍රියේ භාවනාව හා ආත්මික සෑම දීමනාවකින්ම පිරී සිටීම වැනි දේ අප විසින් සිදු කළ යුතුය. 2 තිමෝති 3:16 හි පවසන ආකාරයට, දෙවියන් වහන්සේගේ මනුශ්‍යා සම්පූර්ණව සියළු යහපත් ක්‍රියා වලට සුදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝඡනවත්ව තිබේ. දේව මිනිසෙකු සම්පූර්ණ වන්නේ ඔහුගේ සෑම ක්‍රියාවක්ම හොඳාකාරයෙන් සම්පූර්ණ වීමෙන්ය. (නෙහෙමියා 8:1-8) අප ආරම්භ කළ යුත්තේ දේව වචනයෙනි.

අප සැම දෙනෙක්ගේම වගකීම වන්නේ ශාරීරිකව හා මානසිකව සිත් තැවුලින් සිටින පිරිස වෙනුවෙන් විශේෂ වූ කරුණාවකින් සිටිය යුතුය. බයිබලයෙහි සඳහන් වූ දෙයින් හැරෙන්න අපට කරුණාව අත්දැකීමට වෙන දෙයක් නැත, විටෙක අපට අපගේ සැප පහසුව තවත් කෙනෙකුගේ හැරීම උදෙසා කැප කිරීමට සිදු වේ. අප අපගේ කාලය, ශ්‍රමය පුද කිරීමට කළින් අප යේසුස් වහන්සේව පිරිසිදු වූ ආත්මයකින් විශ්වාස කළ යුතුයි. අප දෙවියන් වහන්සේට අප තුළින් ක්‍රියාත්මක වූමට යැයි ආයාචනා කළ විට නොඇදහිලිවතුන් ද එය දෙවියන් වහන්සේගේ කාර්යයක් බව දැනගන්නවා ඇත.

English



පැරණි ගිවිසුම පිළිබඳ සමීක්ෂණය



නැවතත් සිංහල මුල් පිටුවට

නෙහෙමියා පොත
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries