settings icon
share icon

ඔබදියා පොත

කර්තෘ: ඔබදියා පොතෙහි කර්තෘන් දිවැසිවර ඔබදියා ලෙස ඔබදියා 1වන පදයෙහි හැදින්වේ.

ලියනු ලැබූ දිනය: ඔබදියා පොත බොහෝ දුරට ක්‍රි. පූ. 848 ත් 840 ත් අතරතුර කාලයේදී ලියවෙන්නට ඇත.

ලිවීම්හි අභිමතාර්ථය: පැරණ ගිවිසුමේ කෙටිම පොත වන ඔබදියා පොත පද 21 ක් දීර්ඝය. ඔබදියා වූ කලී දෙවියන්වහන්සේට සහ ඉශ්‍රායලයට විරුද්ධව පව් කිරීම හේතුකොටගෙන ඒදොමට දඩුවම් නියම කිරීමට අවස්ථාවක් යොදා ගත් දෙවියන්වහන්සේගේ දිවැසිවරයෙකි. ඒදොම්යයන් ඒසවිගෙන් පැවත එන්නන් වූ අතර ඉශ්‍රායලිතයන් ඔහුගේ නිවුන් සොහොයුරා වූ යාකොබ්ගෙන් පැවත එන්නන්වේ. සහෝදරයන් අතර වූ දබරය ඔවුන්ගෙන් පැවත එන්නන්ට වසර දහසකටත් වඩා කාලයක් බලපෑම් ඇති කර තිබේ. මෙම බෙදීම කරණකොටගෙන ඉශ්‍රායලිතයන්ට මිසර දේශයෙන් නික්මයාමේදී ඒදොම්යයන්ගේ දේශයෙන් එතර විම ඔවුන් තහනම් කීරීම හේතු කාරණයක් විය. ඒදොමේ උඩගුකම නමැති පාපයට ස්වාමින්වහන්සේගෙන් ඉතා දරුණු විනිශ්චයේ වචනයක් අවශ්‍යය වුනි.

මූලික පද:

ඔබදියා 4 වන පදය, “නුඹ රාජාලියා මෙන් නුඹේ කූඩුව ඉහළින් සාදා තාරකා අතරෙහි තැබුවත් එතනින් නුඹ පහළට හෙළන්නෙමියි ස්වාමින්වහන්සේ කියන සේක.”

ඔබදියා 12 වන පදය, “නුඹේ සහෝදරයාගේ දවස වන ඔහුගේ විපත්ති දවස නොබලන්න. යුදා පුත්‍රයන්ගේ විනාශවීමේ දවසේදී ඔවුන් ගැන ප්‍රීති නොවන්න. ඔවුන්ගේ විපත්ති දවසේදී උඩගුකමෙන් කථා නොකරන්න.”

ඔබදියා 15 වන පදය, “මක්නිසාද සියලූ ජාතීන්ට විරුද්ධව තිබෙන ස්වාමින් වහන්සේගේ දවස ළංව තිබේ. නුඹ කළ හැටියටම නුඹට කරනවා ඇත. නුඹේ ක්‍රියාව නුඹේම හිස පිටට හැරී එනවා ඇත.”

කෙටි සාරංශය: ඔබදියාගේ පණිවුඩය අවසාන සහ නියත වුණි: එනම් ඒදොම් රාජ්‍යය සම්පූර්ණයෙන්ම විනාශ වන බවය. ඒදොම අහංකාර වූ අතර ඉශ්‍රායෙල්හී දුර්භාග්‍යයන් දෙස දුෂ්ට ලෙස බලා සිට ඉශ්‍රායෙලයට සතුරු සේනා පහර දුන් අවස්ථාවේ ඉශ්‍රායලිතයන් ඔවුන්ගෙන් උපකාර පැතූ විට ඒදොමියයන් එය ප්‍රතික්ෂේප කොට ඔවුන් වෙනුවෙන් සටන් කරනු වෙනුවට ඔවුන්ට විරුද්ධ සටන් කිරීමට තෝරා ගත්හග මෙම උඩගුකමේ පාපයන් තවදුරටත් නොදැක සිටීම කළ නොහැක්කකි. මෙම පොත අවසන් වන්නේ අවසාන දවස්වල සියොන්හී පරිපූර්ණතාවය මෙන්ම එහි ගැළවීමද දෙවියන්වහන්සේ ඔවුන්ව පාලනය කරන විට නැවතත් එම දේශය දෙවියන්වහන්සෙගේ සෙනගට ප්‍රතිශ්ඨාපනය කොට දෙන බවට පොරොන්දුවත් හා සමගිනි.

ලකුණු පහල වීම්: ඔබදියා පොතෙහි 21 වන පදයෙහි ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ සභාව පිළිබදව ලකුණු පහල වීමක් අඩංගුවේ. තවද ඒසවිගේ කඳුකරය විනිශ්චය කරන්ට ගැළවුමිකාරායෝ සියොන් කන්දෙහි නැගිටින්නෝය. රාජ්‍යයද ස්වාමින්වහන්සේගේ වන්නේය. මෙම ගැළවුම්කාරයන් (සමහර අනුවාද වල ගලවනු ලබන්නන් ලෙස හැදින්වේ). වූ කලී ක්‍රිස්තුස්වහන්සේගේ අපෝස්තුළුවරුන්, වචනයේ උපස්ථායකයන් සහ විශේෂයෙන්ම අපර දවස් වල සුභාරංචිය දේශනා කරන්නන්වේ. මොවුන් ගැළවුම්කාරයන් ලෙස හඳුන්වනු ලබන්නේ ඔවුන් අපගේ ගැළවීම අත්පත් කර ගනු ලබන නිසා නොව ඔවුන් විසින් ක්‍රිස්තුස්වහන්සේගේ සුභාරංචිය තුළින් ගැළවීමේ පණිවුඩය දේශනා කරනු ලබන නිසාත් ගැළවීම ලබා ගැනිමේ මාර්ගය අපට පෙන්වා දෙනු ලබන නිසාත්ය. ඔවුන් සහ ඔවුන් විසින් දේශනා කරනු ලැබූ වචනය සියලූ මිනිසුන්ට ගැළවීමේ සුපුවත ලබා දීමේ උපක්‍රමයවේ. ගැළවීම මිලදී ගනු වස් පැමිණි එකම ගැළවුම්කාරයාණන් ක්‍රිස්තුස්වහන්සේ වන අතර එහි කර්තෘන්ද උන්වහන්සේවේ. ගැළවුම්කාරයන් සහ සුභාරංචිය ලබා දෙන්නන් අවසාන කාලය ආසන්න වන විට බොහෝ වශයෙන් ප්‍රත්‍යක්ෂ වනු ලබති.

ප්‍රායෝගික උපයෝගය: අප උන්වහන්සේට සත්‍යයව සිටිමු නම් දෙවියන් වහන්සේ අප වෙනුවෙන් සියල්ලම මැඩ පවත්වනු ලබන සේක. ඒදොම මෙන් නොව අව්‍යතාවන්හීදී අන්‍යයන්ට උපකාර කිරිමට අප කැමැත්ත පල කළ යුතුවෙමු. උඩගුකම පාපයවේ. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේ විසින් අප හට කර දෙනු ලැබූ සියල්ලම හැරුණු කොට අපට උඩගු වීමට වෙනත් කිසිවක් නොමැත. English



පැරණි ගිවිසුම පිළිබඳ සමීක්ෂණය



නැවතත් සිංහල මුල් පිටුවට

ඔබදියා පොත
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries