settings icon
share icon

සෙකරියා පොත

කර්තෘ: සෙකරියා පොතෙහි කර්තෘන් දිවැසිවර සෙකරියා බව සෙකරියා 1:1 හි හැදින්වේ.

ලියනු ලැබූ දිනය: සෙකරියා පොත මූලික ඛණ්ඩ දෙකකින් බොහෝ දුරට ක්‍රි. පූ. 520 ත් 470 ත් අතරතුර කාලයේදී ලියවෙන්නට ඇත.

ලිවීමිහි අභිමතාර්ථය: සෙකරියා අවධාරණය කරනු ලැබුවේ දෙවියන්වහන්සේ උන්වහන්සේගේ අනාගතවක්තෘන්ව භාවිතා කරනු ලැබුවේ ඉගැන්වීමට, අනතුරු ඇගවීමට මෙන්ම එතුමන්ගේ සෙනගව නිවැරදි කිරීමටය. අවාසනාවන්ත ලෙස ඇහුම්කන් දීම ඔවුන් ප්‍රතික්ෂේප කළහ. ඔවුන්ගේ පාපය දෙවියන්වහන්සේගේ දඩුවම ගෙන ආවේය. මෙම පොත සාක්ෂි දරනු ලබන්නේ දිවැස්වැකිද දූෂිත විය හැකි බවය. ඉතිහාසය මගින් පෙන්වනු ලබන්නේ මේ කාලවකවානු තුලදී දිවැස්වැකි යුදෙව්වන්ගේ අප්‍රසාදයට ලක්වී කිසිඳු ස්ථිර දිවැස්වැකිමය හඩකින් දෙවියන්වහන්සේගේ සෙනගට කථා නොකලාවූ ගිවිසුම් අතරතුර කාලයකට ගෙන යනු ලැබූ බවය.

මූලික පද:

සෙකරියා 1:3, “එබැවින් සේනාවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේකැයි ඔවුන්ට කියාපන්න. මා වෙතට හැරී වරෙල්ලා යයි සේනාවල ස්වාමින් වහන්සේ කියන සේක.”

සෙකරියා 7:13, “එසේ උන්වහන්සේ අඩගැසූ කල ඔවුන් නාසා සිටියාක් මෙන් ඔවුන් අඩ ගසන කල මමත් නාසා සිට,”

සෙකරියා 9:9, “සියොන් දියණියෙනිල බොහෝ සෙයින් ප්‍රීතිමත් වෙයන්න, යෙරුසලමේ දියණියෙනි ශබ්ද පවත්වාපන්න. බලව නුඹේ රජ නුඹ වෙතට එන සේක. උන්වහන්සේ ධර්මිෂ්ඨය, ගැළවීම ඇත්තාය උන්වහන්සේ යටහත්ය, කොටළුවෙකු එනම් කොටළු දෙනෙකු පැටියෙකු පිට නැගී එන සේක.”

සෙකරියා 13:9, “තුන්වෙනි කොටස මම ගින්නට පමුණුවා රිදී පවිත්‍ර කරන්නාක් මෙන් ඔවුන් පවිත්‍ර කරන්නෙමි, රන් පරීක්ෂා කරන්නාක් මෙන් ඔවුන් පරික්ෂා කරන්නෙමි, ඔව්හූ මාගේ නාමය කියා යාච්ඤා කරන්නෝය, මම ඔවුන්ට උත්තර දෙන්නෙමි. ඔව්හූ මාගේ සෙනග යයි කියන්නෙමි. ඔවුන්ද ස්වාමින්වහන්සේ මාගේ දෙවියන්වහන්සේ යයි කියනවා ඇත.”

කෙටි සාරංශය: සෙකරියා පොත මගින් උගන්වනු ලබන්නේ ගැළවීම සියල්ලන්ටම අත්පත් කරගත හැකි බවය. අවසාන පරිච්ඡේදයේ විචිත්‍රව විස්තර කරනු ලබන්නේ උන්වහන්සේව අනුගමනය කිරීමට අභිප්‍රාය කරන මුළු පොළෝ තලයෙහිම සෙනග දෙවියන්වහන්සේව නමස්කාර කිරීමට පැමිණීම පිළිබදවය. මෙය වූ කලී සර්වාර්ථවාදය පිළිබදව ඉගැන්වීමක් නොවේ, එනම් සියලූ මනුෂ්‍යයන් ගළවනු ලබන්නේ ගැළවීම ලබා දීම දෙවියන්වහන්සේගේ ස්වභාවය නිසාය යන්නය. එසේ වූවත් මෙම පොත අපට උගන්වනු ලබන්නේ දෙවියන්වහන්සේ සියලූ මනුෂ්‍යයන් උන්වහන්සේට නමස්කාර කිරීම අභිප්‍රාය කරන සහ පිළිගනු ලබන්නේ යුදාව සහ යෙරුසලම ඔවුන්ගේ දේශපාලනමය සතුරන්ගෙන් නිදහස් කිරීම වැනිවූ ඔවුන්ගේ ජාතික සහ දේශපාලන අභිනයන් නොසලකා හැරීම තුළින්ය. අවසානයේදී සෙකරියා විසින් දේශනා කරනු ලැබුවේ මේ ලෝකයේ සියල්ල කෙරෙහි දෙවියන්වහන්සේ ශ්‍රේෂ්ඨ බවත් ඊට ප්‍රතිවිරුද්ධවූ කිසිඳු දෘශ්‍යමානවූ දෙයකට විරුද්ධව සිටිය නොහැකි බවය. අනාගතය පිළිබදවූ ඔහුගේ දර්ශන තුළින් අගවනු ලබන්නේ දෙවියන්වහන්සේ සිදුවන්නට තිබෙන්නාවූ සියල්ල දකිනු ලබන බවය. ලෝකය පිළිබදව දෙවියන් වහන්සේගේ මැදහත්වීමේ සංවර්ණනය තුළින් උගන්වනු ලබන්නේ අවසානයේදී උන්වහන්සේ විසින් තෝරා ගනු ලබන සිදුවීම සියල්ල කෙළවර දක්වා ගෙන එනු ලබන බවය. ඔහු විසින් පුද්ගලයන්ට දෙවියන්වහන්සේව අනුගමනය කිරීමට හෝ කැරලි ගැසීමට ඇති නිදහස ඉවත් නොකරන අතර සෙනග තමන් විසින් ගනු ලබන්නාවූ තීරණ වලට ඔවුන් වගකිව යුත්තන් ලෙස සලකනු ලබයි. අවසාන පරිච්ඡේදයට අනුව ස්වභාව ධර්මයාගේ බලවේගයන් පවා දෙවියන්වහන්සේගේ පාලනත්වයට ප්‍රතිචාර දක්වති.

ලකුණු පහල වීම්: සෙකරියා පොතෙහි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ මෙසියස් වහන්සේගේ යුගය පිළිබදව දිවැස්වැකි බහුලව දක්නට ලැබේ. මෙසියස් වහන්සේ පැමිණ අප මධ්‍යයයේ වාසය කරනු ලබන බවට ඇති පොරොන්දුවේ පටන් (සෙකරියා 2:10–12; මතෙව් 1:23)– පැළැටිය සහ ගල යන සංකේතවාදයන් දක්වාද (සෙකරියා 3:8–9, 6:12–13; යෙසායා 11:1; ලුක් 20:17–18) උන්වහන්සේගේ දෙවැනි ඊමේ පොරොන්දුවේදී එතුමන්ව සිදුරු කළාවූ අය උන්වහන්සේ දෙස බලා වැළපීම දක්වාද (සෙකරියා 12:10; යොහාන් 19:33–37), සෙකරියා පොතෙහි තේමාව ක්‍රිස්තුස්වහන්සේය. ඉශ්‍රායෙල්හී ගැළවුම්කරුවාණන් නම් යේසුස්වහන්සේය, උන්වහන්සේ වෙතට එනු ලබන්නාවූ සියල්ලන්ගේ පාපයන් එතුමන්ගේ ලේ වලින් ආවරණය කරනු ලබන උල්පතකි (සෙකරියා 13:1; 1 යොහාන් 1:7).

ප්‍රායෝගික උපයෝගය: දෙවියන්වහන්සේ අද දවසේදී අපගෙන් බලාපොරොත්තු වන්නේ අවංක නමස්කාරය සහ සදාචාර ලෙස ජීවත්වීමය. සෙකරියාගේ උදාහරණය වන ජාතික ප්‍රාග් විනිශ්චය තුළින් යාම මගින් අපට මතක් කර දෙනු ලබන්නේ අපගේ සමාජයේ සියලූ ක්ෂේත්‍ර වලටද ළගාවිය යුතු බවය. දෙවියන්වහන්සේගේ ගැළවිමේ ඇරයුම අප සියලූම දේශීය මූලයන්ට, භාෂාවන්ට, ජාතීන්ට සහ සංස්කෘති වලට පතුරවා ලිය යුතුය. අපගේ පාපයන්ට සමාව දීම පිණිස අපගේ ස්ථානය රැගෙන කුරුසිය මත ජීවිතය පූජා කළාවූ ක්‍රිස්තුස්වහන්සේ වගුරුවනු ලැබූ රුධිරය තුළින් පමණක් අපට ගැළවීම අත්පත් කර ගත හැක. අප විසින් එම පූජාව ප්‍රතික්ෂේප කරනු ලැබුවහොත් දෙවියන් වහන්සේ හා සමගි වීමේ පූජාවක් අපට තවත් නොලැබිය හැක. වෙන කිසිවෙකු තුළ ගැළවීම නැත්තේය. මක්නිසාද අපේ ගැළවීමට අවශ්‍යය වූ මනුෂ්‍යයන් අතරේ දෙන ලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේයයි කීවේය (ක්‍රියා 4:12). නාස්ති කර ගැනීමට කාලය නොමැත. මෙන්න දැන් ගැළවීමේ දවසය (2 කොරින්ති 6:2). English



පැරණි ගිවිසුම පිළිබඳ සමීක්ෂණය



නැවතත් සිංහල මුල් පිටුවට

සෙකරියා පොත
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries