settings icon
share icon

ශෙපනියා පොත

කර්තෘ: ශෙපනියා පොතෙහි කර්තෘන් දිවැසිවර ශෙපනියා බව ශෙපනියා 1:1 හි හැදින්වේ. ශෙපනියා යන්නෙහි අර්ථය නම් “දෙවියන්වහන්සේ විසින් ආරක්ෂා කරනු ලැබූ” යන්නය.

ලියනු ලැබූ දිනය: ශෙපනියා පොත බොහෝ දුරට ක්‍රි. පූ. 735 ත් 725 ත් අතරතුර කාලයේදී ලියවෙන්නට ඇත.

ලිවීමිහි අභිමතාර්ථය: විනිශ්චය සහ ධෛර්‍යය පිළිබදව ශෙපනියාගේ පණිවුඩයෙහි ප්‍රධාන ඉගැන්වීම් 3 ක් අන්තර්ගතවේ:

දෙවියන්වහන්සේ සියලූ ජාතීන් කෙරෙහි ශ්‍රේෂ්ඨ බවත් 2) විනිශ්චය දවසේදී දුෂ්ටයන්ට දඩුවම් දෙනු ලැබ ධර්මිෂ්ඨයන්ව අපකීර්තියෙන් වළකා ලනු බවත් 3) පශ්චාතාව වනු ලැබූ සහ එතුමන් කෙරෙහි විශ්වාසය තබන්නන්ට දෙවියනවහන්සේ ආශිර්වාද කරනු ලබන බවත්.

මූලික පද:

ශෙපනියා 1:18, “ස්වාමින්වහන්සේගේ උදහස් දවසේදී ඔවුන්ගේ රිදී නිසාවත් ඔවුන්ගේ රන් නිසාවත් ඔවුන්ට ගැළවෙන්ට නුපුළුවන. උන් වහන්සේගේ ජ්වලිත ගින්නට මුළු දේශය විනාශ වන්නේය. මක්නිසාද උන් වහන්සේ දේශයේ වසන සියල්ලන් පිටට අන්තිමයක්, එනම් භයානක අන්තිමයක් පමුණුවනසේක.”

ශෙපනියා 2:3, “ස්වාමින්වහන්සේගේ විනිශ්චය ඉෂ්ට කළාවූ දේශයේ මොළොක් ගුණ ඇති සියල්ලෙනි උන්වහන්සේ සොයාපල්ලා, ධර්මිෂ්ඨකම සොයාපල්ලා, මොළොක් ගුණය සොයාපල්ලාග සමහරවිට නුඹලා ස්වාමින් වහන්සේගේ උදහස් දවසේදී සගවනු ලබනවා ඇත.”

ශෙපනියා 3:17, “නුඹේ දෙවිවූ ස්වාමින්වහන්සේ නුඹ තුළ සිටින සේක, උන් වහන්සේ ගළවන්ට බලවත්වූ තැනන්වහන්සේය උන්වහන්සේ සන්තෝෂයෙන් නුඹ කෙරෙහි ප්‍රීතිවී තමන්ගේ ප්‍රේමයෙහි නිශ්චලව සිටින සේකල ප්‍රීති ගෝෂාවෙන් නුඹ කෙරෙහි ප්‍රීතිමත් වන සේක.”

කෙටි සාරංශය: ශෙපනියා විසින් දෙවියන්වහන්සේගේ විනිශ්චය මුළු පොළොව කෙරෙහිත් යුදා දේශය සහ එය අවට ජාතීන් කෙරෙහිත් එසේම යෙරුසලම සහ අනෙකුත් සෑම ජාතීන් කෙරෙහිත් ප්‍රඥාපණය කරන ලදී. එය අනුගමනය කරනු ලැබුවේ සියලූ ජාතීන් කෙරෙහි විශේෂයෙන්ම යුදාහී උන් වහන්සේගේ සෙනග අතුරින් විශ්වාසවන්ත වූ සෙස්සනන් කෙරෙහි ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය ප්‍රකාශ කිරීමෙනි.

ශෙපනියාට අවංකව සහ සෘජුව කථා කිරීමට ධෛර්‍යය ලැබුනේ ඔහු ප්‍රකාශ කරනු ලබන්නේ ස්වාමින්වහන්සේගේ වචනය බව ඔහු දැන සිටි හෙයිනි. ඔහුගේ පොත ආරම්භ වන්නේ “ස්වාමින්වහන්සේගේ වචනය” යන්නෙන් වන අතර අය අවසාන වන්නේ “ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක” යන්නෙනි. ඔහු විසින් දැන සිටියේ සෙනග විසින් නමස්කාර කරනු ලැබූ බොහෝ දෙවිවරුන්ට හෝ අසිරියානු හමුදාවේ මහත් වික්‍රමයට ඔවුන්ව ගළවා ගැනීමට නොහැකි බවය. දෙවියන්වහන්සේ දයාන්විත මෙන්ම කරුණාවන්ත නමුත් උන්වහන්සේගේ අනතුරු ඇගවීම් නොසලකා හැරියහොත් විනිශ්චය බලාපොරොත්තු විය යුතුවේ. දෙවියන්වහන්සේගේ විනිශ්චය දිනය දේව වචනයේ බහුලව සදහන්වේ. දිවැසිවරයන් විසින් එය හඳුන්වනු ලැබුවේ “ස්වාමින්වහන්සේගේ දවස” ලෙසය. ඔවුන් විසින් විවිධ සිදුවීමි එනම් යෙරුසලමේ වැටීම දෙවියන්වහන්සේගේ දිනයෙහි විද්‍යාමාන වීම ලෙස හඳුන්වනු ලැබූ අතර ඒ සියල්ලම යොමු වූයේ ස්වාමින්වහන්සේගේ පර්යන්ත දවස කෙරෙහිය.

ලකුණු පහල වීම්: සියොන්හී ආශිර්වාද පිළිබදව ප්‍රඥපනය කොට ඇති 14-20 දක්වා ඇති පදයන් බොහෝ දුරට ඉටු නොවී ඇති නමුත් ඒවා මග පෙන්වනු ලබන්නේ මෙසියසවහන්සේ පිළිබද අනාගතවාක්‍ය සම්පූර්ණ වීමට ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීම තෙක් බලා සිටින බවට නිශ්චය කිරීමටය. ස්වාමින්වහන්සේ විසින් අපට යුතුවූ දඩුවම ඉවත ලනු ලැබුවේ උන් වහන්සේගේ සෙනගගේ පාපය වෙනුවෙන් දිවි පිදීමට පැමිණෙනු ලැබූ ක්‍රිස්තුස්වහන්සේ තුළින්ය (ශෙපනියා 3:15; යොහාන් 3:16). එනමුත් ඉශ්‍රායෙල් තවමත් ඇයගේ සත්‍යය ගැළවුම්කාරයාණන්ව හඳුනාගෙන නොමැත. මෙය සිදුවීමට තිබෙන්නකි (රෝම 11:25–27).

ඉශ්‍රායෙලයට දී ඇති සාමයේ සහ ආරක්ෂාවේ පොරොන්දුව ඉටුවන්නේ ඔවුන්ගේ රජ ඔවුන් මධ්‍යයේ සිටින වකවානුවක එනම් ක්‍රිස්තුස්වහන්සේ ලෝකය විනිශ්චය කිරීමට සහ එම රාජ්‍යය තමාටම මුදවා ගැනීමට පැමිණි විටය. උන්වහන්සේගේ උත්ථානයෙන් පසුව ස්වර්ගයට ඔසවා ගනු ලැබූ සේම උන්වහන්සේ පොළොවෙහි නව යෙරුසලමක් ගොඩ නැගීම පිණිස නැවතත් එන සේක (එළිදරව් 21). එම අවස්ථාවෙහිදී දෙවියන්වහන්සේ විසින් ඉශ්‍රායලයට දෙනු ලැබූ සියලූ පොරොන්දු ඉටු වනු ලැබේ.

ප්‍රායෝගික උපයෝගය: නාමයන් සහ තත්වයන් වලට කෙටි සැකසුම් කිහිපයකින් අනතුරුව ක්‍රි. පූ 7 වන සියවසෙහිවූ මෙම දිවැසිවරයාට වර්තමානයේ අපගේ දේශනා කූඩු වල සිටගෙන දුෂ්ටයන් කෙරෙහි වූ විනිශ්චය සහ විශ්වාසවන්තයන්ට වූ බලාපොරොත්තුව පිළිබදව එම පණිවුඩයම බෙදා දිය හැක. ශෙපනියා විසින් අපට මතක් කර දෙනු ලබන්නේ උන්වහන්සේගේ සෙනගගේ ආගමික සහ සදාචාර පාපයන් කරණකොටගෙන දෙවියන්වහන්සේ අමනාප වනු ලබන බවයග සිතුමැතිව පව් කරන විට දෙවියන්වහන්සේගේ සෙනගට දඩුවම් ලැබීමෙන් පලා යා නොහැක. දඩුවම වේදනාකාරී වූවත් එහි අභිමතාර්ථය දණ්ඩනීය වීමට වඩා ගැළවීම කෙරෙහිවේ. දුෂ්ටකමට දඩුවම් කිරීමේ අනිවාර්යතාව සැනසීමක් බවට පත් වන්නේ අයහපත නොහික්මුණු සහ විජයග්‍රාහී බවට පත්වී ඇති කාලවකවානුවක් ලෙස පෙනී යාම හේතුවෙනි. අපට දෙවියන්වහන්සේට අකීකරු වීමට නිදහස ඇති නමුත් අකීකරුකම කරණකොටගෙන ඇති වන්නාවූ ප්‍රතිවිපාක වලින් පලා යාමට නොහැක. දෙවියන්වහන්සේට විශ්වාසවන්තව සිටින්නන් අන්‍යේන්‍ය වශයෙන් ස්වල්ප නමුත් උන්වහන්සේ ඔවුන්ව අමතක නොකරන සේක. English



පැරණි ගිවිසුම පිළිබඳ සමීක්ෂණය



නැවතත් සිංහල මුල් පිටුවට

ශෙපනියා පොත
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries