settings icon
share icon
ප්‍රශ්නය

දේවවාදි පරිණාමය යනු කුමක්ද?

පිළිතුර


දේවවාදි පරිණාමය යනු ජීවයේ මූලාරම්භය පිළිබඳව ඇති 3 ආකාර ලෝක මත වලින් එකකි. අනෙක් දෙආකාරය නම් අදේවවාදි පරිණාමය (එනම් ඩාර්විනියානු පරිණාමය නොහොත් ස්වභාවාත්මක පරිණාමයයි) සහ විශේෂ මැවිල්ලයි.

අදේවවාදි පරිණාමයෙන් කියවෙන්නේ දෙවි කෙනෙක් නොමැති බවත් ජීවය නික්මෙන්නේ සහ නික්මවූයේ ස්වභාවිකව පෙර සිට පැවතුණු අජීවමාන ගොඩනැගිලි රූ කැටයන් තුළින් ස්වභාවික නීතින්හි බලපෑම් කරණකොටගෙන යන්නය (ගුරුත්වාකර්ෂණය යනාදිය), එනමුත් මෙම ස්වභාවික නීතින්හි මූලාරම්භය විග්‍රහ කොට නොමැත. විශේෂ මැවිල්ලෙන් ප්‍රකාශ වන්නේ දෙවියන් වහන්සේ ජීවය නිර්මාණය කළේ කිසිවක් නොමැතිව හෝ පෙර සිට පැවතුනු ද්‍රව්‍ය කරණකොටගෙන යන්නය.

දේවවාදි පරිණාමය කරුණු දෙකකින් එකක් පවසයි. පළමු විකල්පය නම් දෙවි කෙනෙකු සිටියි එනමුත් එතුමාණෝ ජීවයේ මූලාරම්භයට ඉඳුරාම සම්බන්ධවී සිටියේ නැත යන්නයි. එතුමාණෝ ගොඩනැගිලි රූ කැටයන් නිර්මානය කරන්නට ඇත, එතුමාණෝ ස්වභාවික නීතින් නිර්මාණය කරන්නට ඇත, එතුමාණෝ මේවා මෙසේ නිර්මාණය කරන්නට ඇත්තේ අවසානයේදී ජීවයේ නිර්ගමනය එතුමන්ගේ මනසෙහි තබා ගෙන වන්නට පිළිවන, එහෙත් යම් කිසි අවස්ථාවක එතුමාණෝ පිටුපසට වී එතුමණ්ගේ මැවිල්ලට එය භාර ගැනූමට ඉඩ හරින්නට ඇත. කුමක් හෝ වේවා එය එසේ වීමට එතුමාණෝ ඉඩ හැරීම කරණකොටගෙන අවසානයේදී අජීවමාන ද්‍රව්‍ය තුළින් ජීවය බිහිවිය. මෙම මතය අදේවවාදි පරිණාමය හා අනුරූප වන්නේ ජීවයේ මූලාරම්භය ස්වභාවාත්මක යයි එයින් පූර්වානුමාන කරන හෙයිනි.

දේවවාදි පරිණාමයේ දෙවන විකල්පය නම්, අප දන්නා පරිදි ජීවය බිහි කිරීමට දෙවියන් වහන්සේ විසින් හාස්කම් එකක් හෝ දෙකක් කළේ නැත. එතුමණ් නියත වශයෙන්ම හාස්කම් කළ සේක. එතුමණ් ජීවය නමැති මං පෙතෙහි පියවරින් පියවර මග පෙන්වූයේ ආදි කල්පික සරළ භාවයකින් සමකාලීන සංකීර්ණත්වයකට ගමන් කරමිනි. එනම් ඩාර්විනියානු පරිණාමයේ ජීවන වෘක්ෂය හා අනූරැප වෙමිනි (මතස්‍යයන් උභය ජීවින් ඉපද විය ඔවුන් උරගයන් ඉපද විය ඔවුන් කුරුලන් සහ ක්ෂීරපායින් ඉපද විය). ස්වභාවික ජීවය පරිණාමනය වි නොහැකි අවස්ථාවන්හි (උරගයෙකුගේ ගාතය පක්ෂියෙකුගේ පියාපතකට ස්වභාවිකව පරිණාමය වන්නේ කෙසේද?), එවන් අවස්ථාවන්හි දෙවියන් වහන්සේ මැදහත් වූ සේක. මෙම මතය විශේෂ මැවිල්ලට අනුරූප වන්නේ එයින් පූර්වානුමාන කරන්නේ දෙවියන් වහන්සේ අධිස්වභාවික ලෙස යම් අවස්ථාවන්හී ක්‍රියා කළේ අප දන්නා ආකාරයට ජීවය ඇති කිරීමටය.

බයිබලය හා සම්බන්ධ විශේෂ මැවිල්ලය යන දෘෂ්ඨිකෝණය සහ දේවවාදි පරිණාමය යන දෘෂ්ඨිකෝණය අතර බොහෝ වෙනස් කම් ඇත. එක් සුවිශේෂ වෙනස්කමක් ස්වකීය මතයෙන් සැලකිල්ලට ගන්නේ මරණය පිළිබඳවයි. දේවවාදි පරිණාමවාදීන් විශ්වාස කිරීමට නැඹුරු වන්නේ පෘථිවිය වසර බිලියන ගණනාවක් පැරණි බවත් භු විද්‍යයාත්මක ස්තම්භයේ අන්තර්ගත වන පොසිලි වාර්ථා නියෝජනය කරනු ලබන්නේ දීර්ග කාල පරිච්ඡේදයක් බවත්ය. පොසිල වාර්ථාවේ ප්‍රමාද වන තුරු මිනිසා ප්‍රකාශයට පත් නොවූ හෙයින් දේවවාදි පරිණාමවාදීන් විශ්වාස කරනු ලබන්නේ මිනිසාගේ ප්‍රමාදවී පැමිණීමට පෙර බෙනාහෝ සතුන් ජීවත් වී මරණයට පත්වී අභාවගතවූ බවත්ය. මෙයින් අදහස් කරන්නේ ආදම් සහ ඒවටත් ප්‍රථමයෙන් මරණය පැවතුන බවය.

බයිබලය හා සම්බන්ධ මැවුම්වාදීන් විශ්වාස කරනු ලබන්නේ පෘථිවිය සාපේක්ෂී ලෙස යෞවන වියේ පසුවන බවත් පොකිල වාර්ථාව නියම කරනු ලැබුවේ නෝවාගේ ජල ගැල්ම අවධියේ සහ ඉන් අනතුරුව බවත්ය. මෙම ඉස්ථීර සෑදීම පිළිගනු ලබන්නේ ජලාවර්තන තේරීම සහ ද්‍රවිකරණය හේතුකොටගෙනය, මෙ දෙආකාරයම ප්‍රපංච පිළිපැදීමිය. මෙය කරණකොටගෙන පොසිල වාර්ථාව, මරණය සහ මනුෂ්‍යය සංහාරය ආදම්ගේ පාපයට වසර සිය ගණනාවකට පසුව විස්තර කරනු ලබයි.

මෙම තත්වයන් දෙක අතර තවත් සැලකිය යුතු වෙනසක් වන්නේ ඔවුන් උත්පත්ති කථාව කියවන ආකාරයයි. දේවවාදි පරිණාමවාදීන් නෑඹුරු වන්නේ දින වයස් මතය හෝ රාමු මතය අනුසන් කිරීමටය, මෙම දෙආකාරයම උත්පත්ති කථාවේ 1 වන පරිච්ඡේදයේ මැවීමේ සතියේ රූපක අර්ථ කථනයයි. තරුණ පෘථිවි මැවුම්වාදීන් උත්පත්ති කථාවේ 1 වන පරිච්ඡේදය කියවන අවස්ථාවේදී අනුසන් කරනු ලබන්නේ පදගථාර්ත පැය 24 දිනයක්ය. මෙමම දේවවාදි පරිණාමවාදීන් දෙකොටසෙහිම මතයන් පලුදු වන්නේ උත්පත්ති කථාවේ මැවීමේ ක්‍රියාවලියේ හා සම්බන්ධව එක් තලයකට නොඑන කිතුනු දෘෂ්ඨිකෝණය නිසාවෙනි.

දේවවාදි පරිණාමවාදීන් ඩාර්විනියානු සෙනාරියක් තුළින් තාරකා පරිණාමය වීම ඉන්පසු සෞර ග්‍රහ මණ්ඩලය ඉන්පසු පෘථිවිය ඉන්පසු පැළෑටි සහ සතුන්ද අවසානයේදී මිනිසා පරිණාමය වූ බවට සිතෙහි මවා ගනිති. දේවවාදි පරිණමාවාදයේ මතවාදයන් දෙක දිග හරිනු ලැබූ සිදුවීම් වල දෙවියන් වහන්සේ විසින් රඟ පෑ භුමිකව හා සමග එකඟ නොවූවත්ඔවුන් සාමාන්‍යයෙන් ඩාර්විනියානු කාල සීමා හා සමග එකඟ වේ. මෙම කලා සීමාව උත්පත්ති පොතේ මැවීමේ කථාන්තරය හා සමග ගැටීමක් හට ගැනේ. උදා: ලෙස උත්පත්ති 1 හී ප්‍රකාශ වන්නේ පෘථිවිය පළමු වන දින මැවූ නමුත් ඉර සඳ සහ තාරකා 4 වන දින තෙක් මවනු නොලැබූ බවය. සමහරුන් විවාද කරනු ලබන්නේ උත්පත්ති කථාවේ පද මාලාව යෝජනා කරනු ලබන්නේ ඉර සඳ සහ තාරකා සැබවින්ම පළමු දින මැවූ නමුත් පෘථිවියෙහි වායුගෝලය හේතුකොටගෙන 4 වන දිනය දක්වා නොපෙනුන නමුත් 4 වන දින අදාල ස්ථානයෙහි ස්ථාපනය විය යන්නයි. මෙය එක්තරා අන්දමකට ඇදීමකට ලක් වන්නේ උත්පත්ති කථාවේ ඉතා පැහැදිලි ලෙස දක්වන අයුරු 2 වන දිනය දක්වා පෘථිවියෙහි වායුගෝලය නොතිබුණු බවය. ඉර සඳ සහ තාරකා පළමු දින මැවිවේ නම් පළමු දින සිටම එය දෘෂ්‍යමාන වන්නට තිබුණි.

උත්පත්තු කථාවේ පැහැදිලිව ප්‍රකාශ කරන්නේ කුරුල්ලන් මුහුදු සතුන් සමග 5 වන දින මැවූ බවත් ගොඩබිම වාසය කරන සතුන් 6 වන දිනය තෙක් නොමැවූ බවත්ය. කුරුල්ලන් ගොඩබිම වාසය කරන සතුගෙන් පරිණාමය වූ බව ප්‍රකාශ කරන ඩාර්විනියානු මතයට මෙය සෘජු ප්‍රතිවිරෝධයකි. බයිබල් කථාවේ ප්‍රකාශ කරන්නේ කුරුල්ලන් ගොඩබිම වාසය කරන සතුන්ට ප්‍රථම ඇති වූ බවය. දේවවාදි පරිණාමවාදීන්ගේ මතය මීට හාත්පසින් විරුද්ධය.

නූතන කිතුනු ආගමට අනුව දක්නට ලැබෙන අභාග්‍ය නෑඹුරුවක් නම් පරිණාමවාදි මතයන්ට සරිලන පරිදි උත්පත්ති කථාව යළි අර්ථ නිරූපණය කිරීම වේ. බොහෝ ප්‍රසිද්ධ බයිබල් ගුරුවරුන් සහ සංරක්ෂණලාපකයන් පරිණාමවාදීන් හා සමග එකතුවී ඇති මෙන්ම ඔවුන් විශ්වාස කරන්නේ උත්පත්ති කථාවේ පදගතාර්ථ අර්ථකථනය පිළිපැදීම තුළින් කිතුනුවන්ගේ විශ්වාසනීයත්වයට විපත්තිකාරි වන බවය. කෙසේ වූවත් පරිණාමවාදීන් බයිබලය කෙරෙහි විශ්වාසය කරන්නවුන් පිළිබඳව ගෞරවය නැති වී ඇත්තේ එවන් අය විරල බැවිනුත් අතර ඔවුන් ඉතා ඉක්මනින් සම්මුතියකට එළඹේ. සත්‍ය මැවුම්වාදීන් බොහෝ දෙනෙක් ශාස්ත්‍රී භාවයෙන් පිරිහෙව නමුත් උත්පත්තියට පිළිතුරු, මැවීම් පර්යේෂණ සඅගමය සහ මැවීම් පර්යේෂණ පිළිබඳ ආයතනය වැනි විශ්වාසවන්ත සංවිධානය ස්ථීර කර ඇත්තේ බයිබලය සත්‍ය විද්‍යාව හා සමග අනුරූපි නොවන බවත් එලෙසෙම ඔවුන් ස්ථීර කරන්නේ බයිබලයේ එක වචනයක් හෝ සත්‍ය විද්‍යාව මගින් විසාදනය කර නොමැති බවත්ය. බයිබලය යනු දෙවියන් වහන්සේගේ ජීවමාන වචනයයි, එය අපට දී ඇත්තේ විශ්වයේ මැවුම්කාරයාණන් විසින්ය, එතුමන් විශ්වය මැවූ ආකාරයේ විස්තරයපරිණමාවාදය යන මතයට හෝ දේවවාදි පරිණාමවාදි තේරුම් ගැනීමටවත් අනුරූපී නොවේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දේවවාදි පරිණාමය යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries