settings icon
share icon
ප්‍රශ්නය

ශුද්ධාත්මයාණන් තමා තුළ සිටීමට සාධකයක්ද අන්‍යභාෂාවෙන් කථා කිරීම?

පිළිතුර


ක්‍රියා පොතේ අවස්ථා තුනක සඳහන් කරනවා ශුද්ධාත්මයාණන්ගේ පැමිණිම පිළිඹ්බු කරන අවස්ථාවේ අන්‍යභාෂාව කථා කරීම ගැන-ක්‍රියා 2:4; 10:44-46; හා 19:6. ඒ කෙසේ වෙතත්, මේ අවස්ථා තුන පමණයි බයිබලයේ ශුද්ධාත්මයාණන්ගේ පැමිණීමේ සාධකයක් ලෙස අන්‍යභාෂාවෙන් කථා කිරීම ගැන සඳහන් කරන ක්‍රියා පොත පුරාවටමග. මිනිසුන් දහස් ගණනක් යේසුස් වහන්සේව විශ්වාස කරා නමුත් ඔවුන් අන්‍යභාෂාවෙන් කථා කරා යැයි කිසිම දෙයක් පවසා නැත (ක්‍රියා 2:41; 8:5-25; 16:31-34; 21:20). දැන් අළුත් ගිවිසුමේ උගන්වා තිබේද ශුද්ධාත්මයාණන් කෙනෙකු තුළ සිටිනවා යැයි කීමට ඇති එකම සාධකය අන්‍යභාෂාවෙන් කථා කිරීමයි කියා. ඇත්ත වශයෙන්ම කියතොත්, අළුත් ගිවිසුමෙහි උගන්වන්නේ ඊට විරුද්ධ දෙයකි. අපට පවසා තිබෙනවා සෑම ඇදහිලිවන්තයෙකු තුළම ශුද්ධාත්මයාණන් සිටින බවට (රෝම 8:9; 1 කොරින්ති 12:13; එපීස 1:13-14), නමුත් සෑම ඇදහිලිවන්තයෙක්ම අන්‍යභාෂාවෙන් කථා නොකරයි.

එසේ නම්, ක්‍රියා පොතේ එම කොටස් තුන (03) තුළ අන්‍යභාෂාවෙන් කථා කිරීම ශුද්ධාත්මයාණන්ට සාධකය කියා පවසා ඇත්තේ ඇයි? ක්‍රියා 2 හි සඳහන් කර ඇත්තේ අපොස්තුලුවරුන් ශුද්ධාත්මයාණන්ගෙන් බෞතීස්මය ලැබ ශුභාරංචිය ප්‍රකාශ කිරීමට බලය ලැබූ බවයි. අපොස්තුලුවරුන්ට හැකියාව දුන්නා අන්‍යභාෂාවලින් (වෙනත් භාෂා) කථා කරීමට. එමගින් ඔවුනට මනුෂ්‍යයන්ට ඔවුන්ගේම භාෂාවෙන් සත්‍යතාවය ප්‍රකාශ කිරීමේ හැකියාව ලැබීය. ක්‍රියා 10 හි සඳහන් කරනවා පේත්‍රැස් තුමා යුදෙව් නොවන මනුෂ්‍යයන්ට ශුභාරංචිය ප්‍රකාශ කිරීමට යවන ලද බවයි. පේත්‍රැස් හා අනෙක් මුල් කිතුනුවන් යුදෙව්වන් වූ අයට යුදෙව්වන් නොවන අන්‍යජාතීන්ව සභාව තුළට පිළිගැනීමට ඉතා අසීරු කාර්‍යයක් වන්ට ඇත. එමනිසා දෙවියන් වහන්සේ අන්‍යජාතීන්ට අන්‍යහාෂාවෙන් කථා කිරීමට හැකියාව / වරම දුන්නා. එමගින් යුදෙව්වන් ලබා ඇති එම ශුද්ධාත්මයාණන් ඔවුන්ද ලබා ඇති බව පිළිබ්ඹු කිරීමට (ක්‍රියා 10:47; 11:17).

ක්‍රියා 10:44-47 විස්තර කරනා දෙය නම්, “පේත්‍රැස් මේ වචන කථා කරද්දීම වචනය ඇසූ සියල්ලන් කෙරෙහි ශුද්ධාත්මයාණන් වහන්සේ පහළ වූ සේක. පේත්‍රැස් සමග අවාවූ චර්මචේදිත ඇදහිලිවන්තයෝ අන්‍යජාතීන් කෙරෙහිත් ශුද්ධාත්ම දීමනාව වගුරුවනු ලැබූ බැවින් විස්මිත වූවෝය. මක්නිසාද ඔවුන් අන්‍යභාෂාවලින් කථා කරනවාත් දෙවියන් වහන්සේ වර්ණා කරනවාත් ඔවුන්ට ඇසුණේය. එවිට පේත්‍රැස් උත්තර දෙමින්: අපට ලැබුණාක්මෙන් ශුද්ධාත්මයාණන් වහන්සේ ලැබූ මොවුන් බෞතීස්ම කරනු නොලබන පිණිස වතුර තහනම් කරන්ට කාට පුළුවන් දැයි කීවේය.” පේත්‍රැස් පසුව එම සිදුවීම ගැන නැවත පවසනවා දෙවියන් වහන්සේ සැබවින්ම අන්‍යජාතීන් ගැලවීමට කැමති බව සනාත කිරීමට (ක්‍රියා 15:7-11).

අන්‍යභාෂාවෙන් කථා කිරීමට සියලුම ඇදහිලිවන්තයන් ඔවුන් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ ඔවුන්ගේ ගැලවුම්කරුවා හැටියට පිළිගත් දින සිට එතැන් පටන් ශුද්ධාත්ම බෞතීස්ම ලැබීම බලාපොරොත්තු විය යුතු දෙයක් ලෙසට දැන් හඳුන්වයි. අළුත් ගිවිසුමේ සඳහන් සියලු දේ සමග අන්‍යභාෂාවෙන් කථා කිරීම් පිළිබඳව අවස්ථා දෙකක පමණයි සඳහන් වන්නේ. අන්‍යභාෂාව නම් ආශ්චර්යමත් දීමනාවක් විශේෂිත පුද්ගලයන්ට විශේෂිත අවස්ථාවන් වලදී ලැබෙන. ශුද්ධාත්මයාණන්ගේ පැමිණීමට ඇති එකම සාධකය අන්‍යභාෂවෙන් කථා කිරීම කියා දෙයක් නැත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ශුද්ධාත්මයාණන් තමා තුළ සිටීමට සාධකයක්ද අන්‍යභාෂාවෙන් කථා කිරීම?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries