settings icon
share icon
ප්‍රශ්නය

ගැලවීමේ සැලසුම යනු කුමක්ද?

පිළිතුර


ඔබට බඩගිනිද? ශාරීරිකව නොව, ජිවිතයේ තව වෙන දෙයක් අවශ්‍යය බව ඔබට වැටහෙනවාද? ඔබ තුළ තවමත් සංසිඳුනේ (පැහැදුණු) නැති යමක් තිබෙනවාද? එසේ නම් මාර්ගය යේසුස්ය. යේසුස් වදාළා, “ජීවනදායක කෑම නම් මමය. මා ළඟට එන්නාට බඩගිනි නොවන්නේය. මා කෙරෙහි අදහන්නාට කිසිකලකත් පිපාස නොවන්නේය” (යොහන් 6 : 35).

ඔබ වියවුල්වී සිටීද? ඔබට ජීවිතයේ මාර්ගයක් සහ අරමුණක් සොයා ගැනීමට හැකියාවක් නැතිද? යමෙක් ඔබගේ ජීවිතයේ ආලෝකය නිවා දමා ඇත, එහෙත් නැවත දැල්වීමට ස්විචය සොයා ගන්නට බැරිද? එසේ නම් මාර්ගය යේසුස්ය. “මම ලෝකයේ ආලෝකයය. මා අනුව එන්නා අන්ධකාරයෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේයයි කීසේක” (යොහන් 8 : 12).

ඔබව ජීවිතයෙන් එලියට දමා අගුල් දමා තිබේද? ඔබ දොරටු කීපයක් සෙවිවාද? ඒ සැම හිස් තේරුමක් නැති දෙයක් වුනාද? ඔබ සාර්ථක ජීවිතයකට දොරටුවක් සොයමින් සිටින කෙනෙක්ද? එසේ නම් මාර්ගය යේසුස්ය. යේසුස් ප්‍රකාශ කරනවා, “දොරකඩ නම් මමය. යමෙක් මා කරණකොටගෙන ඇතුල් වේද, ඔහු ආරක්‍ෂා කරනු ලැබ ඇතුළට සහ පිටතට ගොස් ගොදුරු ලබන්නේය” (යොහන් 10 : 9).

අන් අය ඔබව සැමවිටම අතරමං කරනවාද? ඔබගේ සම්බන්ධතාවය ඉතා නොගැඹුරු හිස් ඒවාද? අන් අය ඔබගෙන් අයුතු ප්‍රයෝජන ගන්නවාද? එසේ නම් මාර්ගය යේසුස්ය. උන් වහන්සේ වදාළා, “මම යහපත් බැටළු එ‍‍‍ඬේරාය. යහපත් බැටළු එ‍‍‍ඬේරා තමාගේ ජීවිතය බැටළුවන් උදෙසා දෙන්නේය...මම යහපත් බැටළු එ‍‍‍ඬේරාය මම මාගේ බැටළුවන් අඳුනමි. මාගේ බැටළුවෝද මා අඳුනති” (යොහන් 10 : 11, 14).

මේ ලෝකයේ ජීවිතයෙන් පසු ඔබට කුමක් වෙයිද? කුණුවෙන දිරාපත් වන දේ සඳහා ජීවත්වී වෙහෙසට පත්වී සිටීද? නමුත් ජීවිතයට අරුතක් තිබේද කියා ඔබ අනුමාන කරනවාද? ඔබට මැරුණට පසුව ජීවත් වෙන්න ඕනෑද? එසේ නම් මාර්ගය යේසුස්ය. උන් වහන්සේ ප්‍රකාශ කළා “නැවත නැගිටීමද ජීවනයද මමය. මා කෙරෙහි අදහාගන්නා මළ නමුත් ජීවත් වන්නේය. ජීවත්ව සිටින කවුරු නමුත් මා කෙරෙහි අදහන්නේද, ඔහු කිසි කලෙක නොනසින්නේය” (යොහන් 11 : 25-26).

මාර්ගය කුමක්ද? සත්‍යය කුමක්ද? ජීවිතය කුමක්ද? යේසුස් නුඹට කියන සේක, “මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙතට පැමිනෙන්නේ නැත” (යොහන් 14 : 6). ඔබට දැනෙන අවශ්‍යයතාවය ආත්මික පිපාසයකි. එය පිරවීමට හැක්කේ යේසුස්ට පමණි. අන්ධකාරය ඉවත් කළ හැකකේ යේසුස්ට පමණි. යේසුස් සාර්ථක ජීවිතයකට දොරටුවයි. යේසුස් ඔබ සොයනා මිතුරා හා මඟ පෙන්වන එඬේරාය. යේසුස් මේ ජීවිතයේ හා මතු ජීවිතයෙත් ජීවනයයි. යේසුස් ගැලවීමේ මාර්ගයයි.

ඔබට බඩගිනි දැනේනේ ඔබ අන්ධකාරයේ අතර මං වී ඇති නිසාය. ජීවිතයට අරුතක් නැත්තේ ඔබ දෙවියන් වහන්සේගෙන් වෙන් වී ඇති නිසාය. ශුද්ධ බයිබලය සඳහන් කරනවා අපි සියල්ලෝම පව් කොට දෙවියන් වහන්සේගෙන් වෙන් වී ඇති බව (දේශනාකාරයා 7 : 20, රෝම 3 : 23). ඔබේ හදවතට දැනෙන හිස් කම ඔබගේ ජීවිතයේ දෙවියන් වහන්සේ නැති කමයි. අපව මවා තිබෙන්නේ දෙවියන් වහන්සේ සමඟ සම්බන්ධතාවයක් පැවැත් වීමටයි. අපේ පාප නිසා එම සම්බන්ධතාවයෙන් අපව වෙන් වී ඇත. අමතරව, අපගේ පාපය දෙවියන් වහන්සේගෙන් අප මේ ජීවිතයේදී වෙන් කරන අතර, මතු ජීවිතයෙන්ද අප වෙන් කරයි (රෝම 6 : 23, යොහන් 3 : 36).

මෙම ගැටළුව විසඳන්නේ කෙසේද? මාර්ගය යේසුස්ය. යේසුස් අපගේ පාපය උන් වහන්සේගේ කර පිට ගත් සේක (2 කොරින්ති 5 : 21). යේසුස් මැරුණේ අප නිසයි (රෝම 5 : 8), අපට උරුම ඳඬුවම ගැනීමෙන්. යේසුස් දින තුනකට පසු මරණින් උත්ථානවී පාපයටත්, මරණයටත් එරෙහිව ජයග්‍රහනය පෙන්විය (රෝම 6 : 4-5). ඇයි එසේ කලේ? යේසුස් එම ප්‍රශ්නයට මෙසේ පිළිතුරු දෙයි, “යමෙක් තමාගේ මිත්‍රයන් උදෙසා තමාගේ ජීවිතය දීමට වඩා මහත් ප්‍රේමයක් කිසිවෙකුට නැත” (යොහන් 15 : 13). යේසුස් මැරුණේ අපි ජීවත් වෙන පිණිසයි. අපගේ විශ්වාසය යේසුස් වෙත තබයි නම්, එතුමාගේ මරණය අපගේ පාපය වෙනුවෙන් බව විශ්වාස කරයි නම්, අපගේ සියලු පාප සෝදා සමාව ලැබෙයි. එවිට අපගේ ආත්මික බඩ ගින්න නිමාවෙයි. ආලෝකය පැමිණෙයි. සාර්ථක ජීවිතයකට දොරටුව විවෘත වෙයි. අපගේ මිතුරා සහ මඟ පෙන්වන එඬේරා හඳුනා ගත හැකි වෙයි. අපට මරණින් පසු ජීවිතයක් තිබේ. ස්වර්ගයේදී යේසුස් සමඟ ජීවත් වීමට නැවත නැගිටීමට හැකි වෙයි!

“දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළ සේක. එසේ කළේ උන් වහන්සේ කෙරෙහි අදහාගන්න සැම දෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය” (යොහන් 3 : 16).

මෙය කියවීමෙන් පසු ඔබ ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව තීරනයක් ගත්තාද? එසේ නම් මම අද ක්‍රිස්තුස් පිලිගතිමි කියා පහත සඳහන් බොත්තම ක්ලික් කරන්න.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ගැලවීමේ සැලසුම යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries