settings icon
share icon
ප්‍රශ්නය

යේසුස් ක්‍රිස්තුස් වහන්සේ යනු කවුරුන්ද?

පිළිතුර


යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කවුරුන්ද? යන ප්‍රශ්නය දෙවියන් වහන්සේ වැඩ සිටිනසේක්ද නැතිනම් විද්‍යාමාන වන්නේද යන ප්‍රශ්නයට වඩා වෙනස්ය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විද්‍යාමාන වූයේ දැයි ප්‍රශ්න කර ඇත්තේ ඉතා ස්වල්ප දෙනෙකු පමණය. යේසුස් වහන්සේ මීට වසර 2000 කට පමණ පෙර ඉශ්‍රායලයේ ජීවත්වූ සැබෑ මනුෂ්‍යයෙකු බව පොදු පිළිගැනීම වී තිබේ. තර්කය මතුවන්නේ යේසුස් වහන්සේගේ පූර්ණ අනන්‍යතාව පිළිබඳ විෂය සාකච්ඡා කරන අවස්ථාවේදීය. යේසුස් වහන්සේ අනාගතවක්තෘ වරයෙකු නැතිනම් යහපත් ගුරුවරයෙකු නැතිනම් දැහැමි මනුෂ්‍යයකු වූ බව සෑම ප්‍රධාන ධර්මයක්ම උගන්වන්නේය. ගැටළුව වන්නේ යේසුස් වහන්සේ අනාගතවක්තෘ වරයෙකු, යහපත් ගුරුවරයෙකු හෝ දැහැමි මනුෂ්‍යයෙකුට වඩා අපරිමිත බව ශුද්ධ බයිබලය අපට ප්‍රකාශ කිරීමයි.

සී. එස්. ලුවිස් Mere Christianity නම් සිය කෘතියේ පහත සඳහන් ආකාරයේ සටහනක් තබයි. “මා මෙහි උත්සාහ කරන්නේ උන් වහන්සේ (යේසුස් ක්‍රිස්තුස් වහන්සේ) පිළිබඳව මිනිසුන් නිතර ප්‍රකාශ කරන සැබවින්ම අඥාන දෙය ප්‍රකාශ කිරීමෙන් යමෙකු වලක්වා ගැනීමටය. “යේසුස් වහන්සේ ශ්‍රේෂ්ඨ සදාචාරාත්මක ගුරුවරයෙකු ලෙස පිළිගැනීමට මම සූදානම්ය. එහෙත් එතුමා දෙවියන් වහන්සේ බවට හිමිකම් කීම මම නොපිළිගනිමි.” එය අප විසින් නොකිය යුතු එක් දෙයකි. හුදෙක් මිනිසෙකු වූ මිනිසෙක් යේසුස් වහන්සේ ප්‍රකාශ කළ දේවල් ප්‍රකාශ කරයි නම් ඔහු ශ්‍රේෂ්ඨ සදාචාරාත්මක ගුරුවරයෙකු විය නොහැකිය. ඔහු උන්මත්තකයකු වන්නේය. එනම් තමා බාගෙට තැම්බූ බිත්තරයක් යයි පවසන තත්වයේ මිනිසකු නැතිනම් අපායේ යක්‍ෂයකු විය යුතුය. තෝරා ගැනීම ඔබ සතුය. මෙම මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ පුත්‍රයා වූයේද සහ වන්නේද යන්න හෝ උන්මත්තකයෙකුද නැතිනම් ඊටත් වඩා නරක පුද්ගලයෙකුද යයි තීරණය කිර්ම ඔබ සතුය. ඔහු අඥානයෙකු ලෙස සිතීමට ඔබට පුළුවන. ඔහුට කෙළ ගසන්නට ඔබට පුළුවන. අමනුෂ්‍යයෙකු සේ මරා දමන්නට හෝ ඔහුගේ පාමුළ වැටී ස්වාමින් වහන්ස දෙවියන් වහන්ස යයි ආමන්ත්‍රණය කරන්නට පුළුවන. එහෙත් උන් වහන්සේගේ පැවැත්ම පිළිබඳව උන් වහන්සේ ශ්‍රේෂ්ඨ මානව ගුරුවරයෙකුය යන අර්ථ ශුන්‍ය (විකාර) දෙයට අනුග්‍රහය නොදක්වා සිටිමු. අපට එම විකල්පය උන් වහන්සේ විවරකර නැත. උන් වහන්සේ එය බලාපොරොත්තු නොවූ සේක.

එසේ නම් යේසුස් වහන්සේ කව්රුන් යන්නට හිමිකම් කියන්නේද? උන් වහන්සේ කවුරුන් යයි ශුද්ධ බයිබලය පවසන්නේද? ප්‍රථමයෙන් අපි යොහන් 10 : 30 හි සඳහන් වන යේසුස් වහන්සේගේ වචන දෙස බලමු. “මමද පියාණන් වහන්සේද එක තැනැත්තායයි කීසේක.” එක්වර මේ දෙස බලන කල එය දෙවියන් වහන්සේට හිමිකම් කීමක් ලෙස නොපෙනෙන්නට පුළුවන. උන් වහන්සේගේ එම ප්‍රකාශයට යුදෙවිවන්ගේ ප්‍රතිචාරය බලමු. “අප නුඹට ගල් ගසන්නේ යහපත් ක්‍රියාවක් නිසා නොව දේව අපහාසය නිසායු මනුෂ්‍යයෙක්වූ නුඹ දෙවියන් වහන්සේ වෙන්ට සාදන නිසාය” (යොහන් 10 : 33). යේසුස් වහන්සේ දෙවියන් බව යේසුස් වහන්සේ කරන ප්‍රකාශය යුදෙවිවන් තේරුම් ගත්තෝය. “මම දෙවියන් වහන්සේ යයි ප්‍රකාශ නොකරමි” යයි කියමින් උන් වහන්සේ යුදෙව්වන් නිවැරදි කළ බව ඊළඟ පදවල අපි නොදකිමු.“මමද පියාණන් වහන්සේද එක තැනැත්තායයි.” (යොහන් 10 : 30) යේසුස් වහන්සේ ප්‍රකාශ කරන බව එයින් පැහැදිලි වන්නේය. යොහන් 8 : 58 තව උදාහරණයකි “සැබවක් සැබවක් නුඹලාට කියමි-ආබ්‍රහම් උපදින්ට පළමුවෙන් මම සිටිමියි කීසේක. නැවතත් ඊට ප්‍රතිචාර වශයෙන් උන් වහන්සේට ගසන පිණිස යුදෙව්වන් ගල් අතට ගත්තෝය” (යොහන් 8 : 59). “මම සිටිමි” යයි යේසුස් වහන්සේ ස්වකීය අනන්‍යතාව ලෙස කරන ප්‍රකාශය පරණ ගිවිසුමේ දෙවියන් වහන්සේට සෘජුවම අදාළ කරන නාමයකි (නික්මයාම 3 : 14). දේව අපහාසය ලෙස ඔවුන් විශ්වාස කළ යමක් එනම් යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ බව උන් වහන්සේ ප්‍රකාශ නොකළ සේක් නම් උන් වහන්සේට යළිත් ගල් ගසන්නට යුදෙව්වන් හට අවශ්‍ය වූයේ මන්ද?

“වාක්‍යාණෝ දෙවියන් වහන්සේව සිටි සේක” යයි යොහන් 1 : 1 හි සඳහන් වේ. “වාක්‍යාණෝ මාංසවත් වී” යයි යොහන් 1 : 14 හි සඳහන් වේ. යේසුස් වහන්සේ මාංසය තුළ දෙවියන් වහන්සේ බව මෙයින් පැහැදිළිවම හඟවන්නේය. යේසුස් වහන්සේගේ ගෝලයෙකුවූ තෝමස් උන් වහන්සේට මෙසේ කීවේය. “මාගේ ස්වාමිනි, මාගේ දෙවියනි” (යොහන් 20 : 28). යේසුස් වහන්සේ ඔහුව නිවැරදි නොකළසේක. ප්‍රේරිත පාවුල් තුමා උන් වහන්සේ “මහෝත්තම දෙවියන් වහන්සේ හා අපගේ ගැලවුම්කාර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ” ලෙස විස්තර කරයි. ප්‍රේරිත පේත්‍රුස් තුමාද එසේම කියයි. “අපේ දෙවිවූ ගැළවුම්කාරවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ” (2 පේත්‍රූස් 1 : 1). යේසුස් වහන්සේගේ සම්පූර්ණ අනන්‍යතාව පිළිබඳව පියවූ දෙවියන් වහන්සේද සාක්ෂි දරන සේක. එහෙත් පුත්‍රයාණන් ගැන ඔහු පවසන්නේ “දෙවියන් වහන්ස, ඔබගේ සිහසුන සාදාකාලයෙන් සදාකාලයට පවතිනු ඇත. ධර්මිෂ්ඨකම ඔබගේ රාජ්‍යයේ ආධිපත්‍යය / ජයකොන්තය වනු ඇත.” පරණ ගිවිසුම ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ දේවත්වය පිළිබඳව අනාගත කියමන් තුළින් දැනුම් දෙන්නේය. “අපට ළදරුවෙක් උපන්නේය. අපට පුත්‍රයෙක් දෙන ලද්දේය. ආණ්ඩුවද උන් වහන්සේගේ කරපිට තිබෙන්නේය. උන් වහන්සේගේ නාමය අපූර්වය මන්ත්‍රීවරයාය. පරාක්‍රමවත් දෙවියන් වහන්සේය. සදාකාල පියාණෝය. සමාදානයේ කුමාරයාය.”

සී. එස්. ලුවිස් තර්ක කරන අන්දමට යේසුස් වහන්සේ යහපත් ගුරුවරයෙකු යයි විශ්වාස කිරීම විකල්පයක් නොවේ. යේසුස් වහන්සේ පැහැදිළිවම හා සැකයක් නැතිවම තමන් දෙවියන් වහන්සේ බව ප්‍රකාශකර සිටින සේක. උන් වහන්සේ දෙවියන් වහන්සේ නොවේ නම් උන් වහන්සේ බොරු කාරයෙකි. ඒ අනුව අනාගතවක්තෘ කෙනෙකුද නොවන්නේය. යහපත් ගුරුවරුයකු හෝ දැහැමි මනුෂ්‍යයෙකුද නොවන්නේය. යේසුස් වහන්සේගේ වචන වෙනස් කොට විස්තර කරන්නට වෑයම් කරමින් නූතන “විශාරදයින්” පවසන්නේ ශුද්ධ බයිබලය උන් වහන්සේට ආරෝපණය කරන බොහෝ දේ “සැබෑ ථෙතිහාසික යේසුස් වහන්සේ” ප්‍රකාශ නොකළ බවයි. යේසුස් වහන්සේ ප්‍රකාශ කළ හෝ නොකළ දේ පිළිබඳව දේව වචනය සමඟ විවාද කිරීමට අපි කව්ද? වසර දෙදහසක් යේසුස් වහන්සේගෙන් ඉවත්ව සිටි “විශාරදයකු” යේසුස් වහන්සේ සමඟ ජීවත්වූ, සේවය කළ, යේසුස් වහන්සේගෙන් ඉගෙනගත් අයට වඩා උන් වහන්සේ ප්‍රකාශ කළ හෝ නොකළ දේ පිළිබඳව වඩා හොඳ දර්ශනයක් උන් වහන්සේ කෙරෙහි ඇතිකර ගන්නේ කෙසේද (යොහන් 14 : 26)?

යේසුස් වහන්සේ ගැන සැබෑ අනන්‍යතාව පිළිබඳ ප්‍රශ්නය මෙතරම් වැදගත් වන්නේ ඇයි? යේසුස් වහන්සේ දෙවියන් වහන්සේද නැද්ද යන කාරණය වැදගත් ඇයි? යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ වියයුතුය යන කාරණය වඩාත් වැදගත් වන්නේ උන් වහන්සේ දෙවියන් වහන්සේ නොවේනම් මුළු ලෝකයේ පව් උදෙසා වන්දි ගෙවීමට උන් වහන්සේගේ මරණය ප්‍රාණවත් නොවන බැවින්ය (1 යොහන් 2 : 2). එවැනි අපරිමිත වන්දියක් ගෙවිය හැක්කේ දෙවියන් වහන්සේට පමණය (රෝම 5 : 8-2 කොරින්ති 5 : 21). අපගේ ණය ගෙවන්නට හැකි වන පිණිස යේසුස් වහන්සේට දෙවියන් වහන්සේ විය යුතු විය. මැරෙන්නට හැකිවන පරිදි උන් වහන්සේ මනුෂ්‍යයෙකු විය යුතු විය. ගැළවීම ලබාගත හැක්කේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් පමණය! “මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත” (යොහන් 14 : 6) යයි යේසුස් වහන්සේ ප්‍රකාශ කළේ උන් වහන්සේගේ දේවත්වය නිසාය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

යේසුස් ක්‍රිස්තුස් වහන්සේ යනු කවුරුන්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries