settings icon
share icon
ප්‍රශ්නය

කාටද ගැලවීම ලබන්න පුළුවන්? කිසියම් කෙනෙකුට ගැලවීම ලබා ගන්න හැකිද?

පිළිතුර


යේසුස් වහන්සේ යොහන් 3:16 පැහැදිලිව පැවසුවා උන් වහන්සේව විශ්වාස කරන කවුරු නමුත් ගලවනු ලබන බව. “මක්නිසාද දෙවියන් ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරමට ලෝකයාට ප්‍රේම කළ සේක. එසේ කළේ උන් වහන්සේ කෙරෙහි අදහා ගන්නා සෑම දෙනාම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.” මෙහි “සෑම දෙනාම” ඔබත් මේ ලෝකයේ සිටින අන් සියළු දෙනාත් ඇතුලත්ය.

බයිබලය පවසන ලෙස ගැලවීම අපගේම ස්වකීය ක්‍රියාවලින් වේ නම් කිසිවෙකුටවත් ගැලවීම ලබන්නට බැරිය. “සියල්ලෝම පව්කොට දෙවියන් වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති” (රෝම 3:23). ඒ සමගම ගීතාවලිය 143:2 “මක්නිසාද ජීවත් වන කිසිවෙක් ඔබ ඉදිරියෙහි නිදොස් නොවන්නේය.” රෝ 3:10 ද මෙය ස්තීර කරයි, “ධර්මිෂ්ඨ කෙනෙක් නැත, එසේය එක්කෙනෙක්වත් නැත.”

අපට අපව ගලවා ගන්නට බැරිය. එනමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අප විශ්වාස කරනවා නම් අප ගලවනු ලබන්නෙමුව. එපීස 2:8-9 ප්‍රකාශ කරනවා “මක්නිසාද ඇදහිල්ල කරණකොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැලවී සිටින්නහුය. එය නුඹලාගෙන්ම නොව දෙවියන් වහන්සේගේ දීමනාවය-කිසිවෙක් පාරට්ටු කර නොගන්නා පිණිස එය ක්‍රියාවලින් නොවේ.” අප ගැලවීම ලබා ගන්නේ දෙවියන් වහන්සේගේ කරුණාවෙන් සහ කරුණාව අර්ථ දැක්වීමෙන්, අපගේ දැනු‍මෙන් උපයා ගත නොහැකිය, සුදුසුකම් වලින්ද ලබා ගත නොහැකිය, ඇදහිල්ල තුලින් අප ඒ සියල්ල ලබා ගන්නෙමුව.

දෙවියන් වහන්සේගේ කරුණාව සියළුම පාප වසා දමන්නට සෑහේය (රෝම 5:20). බයිබලය පුරාම පව්කාර පසුබිම් වලින් සිට ගැලවීම ලබා ගත් පුද්ගලයන්ගේ උදාහරණ වලින් පිරී තිබේ. අපෝස්තුලු පාවුලුතුමා පෙර විවිධාකාර පාපිෂ්ඨ ජීවිත ගත කලාවූ නමුත් දැන් ක්‍රිස්තියානි කරුවන් වී සිටින අයට ලියන විට අනාචාර හැසීරීම්, රූප වන්දනාව, ලිංගික දුරාචාර, කාමමිථ්‍යාචාරය, සමලිංගිකකම, සොරකම, කෑදරකම, බේබදුකම යන සියල්ලම ගැලවීම ලබා ගැනීම තුලින් “අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්ද, දෙවියන් වහන්සේගේ ආත්මයාණන්ගෙන්ද සෝදනු ලැබ, පවිත්‍ර කරනු ලැබ, ධර්මිෂ්ඨ කරනු ලැබ සිටින්නෝ යැයි කියා තිබේ” (1 කොරින්ති 6:9-11).

අපෝස්තුලු පාවුලුතුමා ක්‍රිස්තියානි කරුවන්ගේ පීඩා කාරයාය. ස්තේපන්ගේ මරණය මෙය තහවුරුකරයි, ක්‍රියා 8:1 ක්‍රිස්තියානි කරුවන් අත්අඩංගුවට ගෙන සිර භාරයට පත් කළේය (ක්‍රියා 8:3). ඔහු පසුව ලියන විට පළමුව මම අපහාස කරන්නෙක්, පීඩාකරන්නෙක්ව, නින්දා කරන්නෙක්ව සිටියෙමි. නමුත් නොදන්නා කමින් හා ඇදහිල්ල නැති කමින් එසේ කළ බැවින් දයාව ලැබුවෙමි. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුලවූ ඇදහිල්ලද, ප්‍රේමයද සමග අපගේ ස්වාමින් වහන්සේගේ කරුණාව ඉතා අධික විය. පව්කාරයන් ගලවන්නට ක්‍රිස්තුස් යේසුස් වහන්සේ ලෝකයට ආ සේක යන කීම විශ්වාසවූ සර්ව ප්‍රකාරයෙන් පිළිගත යුතුවූ කීමක්ය. ඔවුන් අතරෙන් මම ප්‍රධාන පව්කාරයාය (1 තිමෝති 1:13-15).

දෙවියන් වහන්සේ සමහර අවස්ථාවලදී තමන්ගේ අරමුණ ඉටුකර ගැනීම සඳහා පුද්ගලයන්ව තෝරා ගන්නවා කුරුසිය මත ජීවත්වීමට ඉතිරිව තිබූ විනාඩි කිහිපයක් තුළ උන් වහන්සේ සොරෙකු ගලවා ගත් සේක (ලූක් 23:42-43). සභාවේ පීඩාකාරයා (පාවුල්) ධීවරයෙක්වූ උන් වහන්සේව ප්‍රතික්ෂේප කළ (පේත්‍රැස්) එක් රෝම සොල්දාදුවෙක් සහ ඔහුගේ පවුල (ක්‍රියා 10), පලා ගිය වහලෙක් (ඔතේසිමස් පිලමොන් පොත) තවත් බොහෝ අයද සිටියි. දෙවියන් වහන්සේගේ ගැලවීම නැමැති බලයට එපිටින් කිසිවෙකු නැත්තේය (යෙසායා 50:2 බලන්න). අප අනිවාර්‍යයෙන්ම උන් වහන්සේට ඇදහිල්ලෙන් ප්‍රතිචාර දක්වා උන් වහන්සේ විසින් නොමිලේ දෙන්නාවූ සදාකාල ජීවනය නැමැති ත්‍යාගය ලබා ගනිමුව.

ඛාටද ගැලවීම ලබන්නට පුළුවන්? නිසැකවම ඔබට පුළුවන් ඔබ ඔබේ ගැලවුම්කරුවාණන් ලෙස යේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිලි ගන්නවානම්. නිසැකවම ඔබ යේසුස් වහන්සේව ඔබගේ ගැලවුම්කරු හැටියට පිළිගෙන නොමැති නම් ඔබට පුළුවන් මේ මොහෝතේදීම මෙවැනි යාච්ඤාවකින් උන් වහන්සේට ආරාධනා කිරීමට.

දෙවියන් වහන්ස, මා දැනගත්තා මා පව්කරුවෙක් මට කිසිදාක මගේ යහපත් ක්‍රියාවලින් ස්වර්ගයට යාමට නොහැකි බව. මේ දැන් මම මගේ විශ්වාසය දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වන මා වෙනුවෙන් දිවි පුද කර මාගේ පව් උසුලාගෙන මරණින් නැගිට මට සදාකාල ජීවනය දෙන්නාවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මත තබමි. කරුණාකර මාගේ පාප වලට සමාවදී ඔබ වහන්සේ වෙනුවෙන් ජීවත්වීමට උපකාර කරන්න. මාව පිළිගෙන මට සදාකල් ජීවනය දෙනවාට ස්තුතියි.

මෙය කියවීමෙන් පසු ඔබ ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව තීරනයක් ගත්තාද? එසේ නම් මම අද ක්‍රිස්තුස් පිලිගතිමි කියා පහත සඳහන් බොත්තම ක්ලික් කරන්න.

English



නැවතත් සිංහල මුල් පිටුවට

කාටද ගැලවීම ලබන්න පුළුවන්? කිසියම් කෙනෙකුට ගැලවීම ලබා ගන්න හැකිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries