ඇයි යාච්ඤා කළ යුත්තේ?




ප්‍රශ්නය: ඇයි යාච්ඤා කළ යුත්තේ? දෙවියන් වහන්සේ අනාගතය ගැන දන්නා අතර සියල්ල පාලනය කරන අතර යාච්ඤා කිරීමේ තේරුම කුමක්ද? අපිට දෙවියන් වහන්සේගේ මනස වෙනස් කිරීමට බැරි නම් අප යාච්ඤා කළ යුත්තේ ඇයි?

පිළිතුර:
කිතුනුවන්ට, යාච්ඤාව හුස්ම ගැනීමට සමානයි. එය නොකර සිටීමට වඩා කිරීම පහසුය. අපි හේතු කිහිපයක් නිසා එසේ කරනවා. එක දෙයක්, යාච්ඤාව දෙවියන් වහන්සේට සේවය කිරීමේ ආකාරයකි (ලූක් 2:36-38) හා උන් වහන්සේට කීකරු වීම. අපි යාච්ඤා කරන්නේ උන් වහන්සේ යාච්ඤා කිරීමට අපට අණකර තිබෙන නිසා (පිලිප්පි 4:6-7). යාච්ඤාව පිළිබඳව අපට යේසුස් වහන්සේ හා මුල් සභාව උදාහරණයට ගත හැක (මාර්ක් 1:35; ක්‍රියා 1:14; 2:42; 3:1; 4:23-31; 6:4; 13:1-3). යේසුස් වහන්සේ යාච්ඤා කිරීම වැදගත් යැයි ඉගැන්නුවා නම්, අපත් එය කළ යුතුය, උන් වහන්සේම යාච්ඤා කරා නම් පියාණන් වහන්සේගේ කැමැත්ත මත සිටීමට, අප කෙතරම් යාච්ඤා කළ යුතුද?

තවත් කරුණක් යාච්ඤා කිරීමට දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවා යාච්ඤාව තමයි ප්‍රශ්න වලට පිළිතුරු (උන් වහන්සේගේ පිළිතුර) ලැබීමට හේතුව ලෙස. අපි යාච්ඤා කරන්නේ ප්‍රධාන තීරණ වලට (ලූක් 6:12-13); යක්‍ෂයාගේ බිහිසුනු බාධක මැඩ පැවැත්වීමට (මතෙව් 17:14-21); ආත්මික අස්වැන්න උදෙසා සේවකයෝ රැස් කිරීම (ලූක් 10:2); පරික්‍ෂාවෙන් ජය ගැනීමට ශක්තිය ලැබීමට (මතෙව් 26:41) හා අන් අයව ආත්මිකව ශක්තිමත් කරණ පිණිස (එපීස 6:18-19).

අපි දෙවියන් වහන්සේ වෙතට අප‍ෙග් විශේෂිත ඉල්ලීම් සමග පැමි‍ෙණ්, එමෙන්ම උන් වහන්සේ අපට පොරොන්දු වී තිබෙනවා අපගේ යාච්ඤා අපතේ නොයන ලෙසට, අපි ඉල්ලූ දේම අපට නොලැබුනත් (මතෙව් 6:6; රෝම 8:26-27). උන් වහන්සේ පොරොන්දු වී තිබෙනවා අපි ඉල්ලන දේ උන් වහන්සේගේ කැමැත්තට අනුව නම් උන් වහන්සේ අප ඉල්ලන දේ අපට දෙන බවට (1 යොහන් 5:14-15). සමහරවිට උන් වහන්සේගේ ප්‍රඥාව හා අපගේ යහපත වෙනු‍ෙවන් පිළිතුර පමා කරයි. මෙවැනි තත්වයක, අපි ඕනෑකමින් හා උනන්දුවෙන් යාච්ඤා කළ යුතුය (මතෙව් 7:7; ලූක් 18:1-8). යාච්ඤාව නම් අපි දෙවියන් වහන්සේට මේ පොළවේ අපගේ කැමැත්ත කිරීමට පැවසීම නොවේ. නමුත් එය පොළ‍ෙව් උන් වහන්සේගේ කැමැත්ත කරවීම වේ. උන් වහන්සේගේ ප්‍රඥාව අපව ඉක්මවා යයි.

දෙවියන් වහන්සේගේ කැමැත්ත හරියට නොදන්නා අවස්ථාවලදී යාච්ඤාව උන් වහන්සේගේ කැමැත්ත හඳුනා ගැනීමට මාර්ගයකි. යක්‍ෂාවේශ දියණිය සමග ආ සිරියානු කාන්තාව ක්‍රිස්තුස් වහන්සේට යාච්ඤා කළේ නැති නම් ඇයගේ දුව සුව නොවන්නට තිබුනා (මාර්ක් 7:26-30). යෙරිකෝවෙන් පිට සිටි අන්ධ මිනිසා ක්‍රිස්තුස් වහන්සේට හඬ ගැසුවේ නැති නම් ඔහු අන්ධවම පවතී (ලූක් 18: 35-43). අපට හිඟව පවතින්නේ අප නොඉල්ලන නිසා බවට දෙවියන් වහන්සේ පවසා ඇත (යාකොබ් 4:2). එක පැත්තකින්, යාච්ඤාව හරියට ශුභාරංචිය මිනිසුන් සමග බෙදා ගැනීම වගේ. අප එය බෙදා ගන්න කන් අප දන් නැහැ ශුභාරංචියට කීදෙනෙකු ප්‍රතිචාර දක්වයිද කියලා. එසේම, අපි යාච්ඤා නොකර යාච්ඤාවට පිළිතුරු බලාපොරොත්තු විය නොහැක.

යාච්ඤාවේ මදිකම ඇදහිල්ලේ මදිකම ලෙස වේ. එමෙන්ම දේව වචනය විශ්වාසයේ මදිකමද වේ. අපි යාච්ඤා කරන්නේ දෙවියන් වහන්සේ තුළ අපගේ ඇදහිල්ල ක්‍රියාත්මක වීමට. එමගින් උන් වහන්සේ පොරොන්දුවූ පරිදි අප ඉල්ලනවටවත් වඩා සිතනවටවත් වඩා අපට ආශීර්වාද කරයි (එපීස 3:20). යාච්ඤාව පළමුව දෙවියන් වහන්සේ අන් අයගේ ජීවිතයේ ක්‍රියාත්මක වීම දැකීමයි. මන්ද එය අපව දෙවියන් වහන්සේගේ බලයට “බද්ධ” කරයි. එය තුළින් සාතන් ඇතුලු කණ්ඩායම පරාද කිරීමට අපගේ ශක්තියෙන් අපට බැරි බව. එමනිසා දෙවියන් වහන්සේ අපව උන් වහන්සේගේ සිංහාසනය ඉදිරියේ නිතරම දකීවා. මන්ද අප මුහුණ දෙන සියල්ල හඳුනන උත්තම පූජකයෙකු ස්වර්ගයෙහි අපට සිටිනවා (හෙබ්‍රෙව් 4:15-16). අපට උන් වහන්සේගේ පොරොන්දුව තිබෙනවා. ධර්මිෂ්ඨ මනුෂ්‍යකු කරණකොට කරන කන්නලව්ව නිසා බොහෝ දේ සිදුවන බවට (යාකොබ් 5:16-18). අපගේ ජීවිත තුළ දෙවියන් වහන්සේ මහිමයට පත් වේවා. අප උන් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීම ප්‍රමාණවත් වේ උන් වහන්සේ වෙතට නිතර යාච්ඤාවෙන් පැමිණීමට.



නැවතත් සිංහල මුල් පිටුවට



ඇයි යාච්ඤා කළ යුත්තේ?