settings icon
share icon
ප්‍රශ්නය

කාන්තාවන් නිවෙසින් බැහැරව සේවය කිරීම සම්බන්ධයෙන් බයිබලය පවසන්නේ කුමක්ද?

පිළිතුර


කාන්තාවක් නිවෙසින් බැහැරව සේවය කළ යුතු වුවත් නොවූවත් බොහෝ අඹුසැමියන්ට එය අරගලයකි. කාන්තාවකගේ කාර්‍යභාරය සම්බන්ධයෙන් උපදෙස් බයිබලයේ ඇත. වයස්ගත කාන්තාවක් තරුණ විවාහක කාන්තාවක් පුහුණු කළ යුත්තේ කෙසේදැයි තීතස් 2:3-5 හි පාවුලු මෙම උපදෙස් දෙන්නේය: "එසේම වයස්ගත ස්ත්‍රීන්ද ශුද්ධ ජීවිතයකට ඔබින ලෙස හැසිරෙන, අපහාස නොනඟන, මත්පැනට ඇබ්බැහි නොවූ, යහපත් දේ උගන්වන අය විය යුතුය. මෙසේ විය යුතු වන්නේ, දේව වචනයට අපහාසයක් නොවන පිණිස, සිය පුරුෂයන්ටත්, දරුවන්ටත් ප්‍රේම කරමින්, ආත්ම දමනය ඇති, නිර්මල ගෘහණින් ලෙස, කරුණාවන්තව, සිය ස්වාමි පුරුෂයන්ට යටත්ව සිටීමට යෞවන භාර්‍යාවන් පුහුණු කරවන පිණිසය. දරුවන් සිටින සෑම අවස්ථාවකදීම තරුන කාන්තාවගේ වගකීම රඳා පවතින බව බයිබලය පැහැදිලිව මෙම පාඨයෙන් පෙන්වා දෙයි. දෙවියන්වහන්සේට මහිමය ගෙන දෙන ජීවිත ගත කිරීමට තරුණ කාන්තාවන්ට වයස්ගත කාන්තාවන් විසින් කියා දිය යුතුය. මෙම වගකීම් සිතේ දරා ගනිමින් වයස්ගත කාන්තාවකට ස්වාමින් වහන්සේගේ මගපෙන්වීම සහ ඇගේ අභිමතය පරිදි කාලය ගත කළ හැකිය.

හිතෝපදේශය 31 කථා කෙරෙන්නේ "ශ්‍රේෂ්ඨ භාර්‍යාවක් පිළිබඳවය." ඇගේ ශක්තියෙන් සෑම දෙයක්ම ඉටු කරමින් ඇගේ පවුලට සළකන මෙම කාන්තාවට 11 වන පදය ආරම්භ කරමින් ලේඛකයා ප්‍රශංසා කරයි. තම නිවස සහ පවුල ක්‍රමානුකුලව පවත්වාගෙන යාම සඳහා ඇය බොහෝ සේ වෙහෙසෙන්නීය. ගෘහ කර්මාන්තයක නියැලෙමින් ඇගේ පවුලට අමතර ආදායමක් උපයා දීමට ඇය වෙහෙසෙන උද්යෝගිමත් ආකාරය 16, 18, 24 සහ 25 පද වලින් පෙන්වා දෙයි. මෙම කාන්තාවගේ ව්‍යාපාර කටයුතු කරගෙන යාම සඳහා ඇගේ ධෛර්‍යය පිටුවහලක් විය. ඇගේ රැකියාව සඳහා අමතර කාලයක් මිඩංගු නොකර අසල්වැසියන් සමග කටයුතු කිරීමට කාලය මිඩංගු නොකර ඇයගේ පවුල සඳහා ඇය සැපයුවාය. ඇගේ සැබෑ කැඳවීම වූ ඇගේ ස්වාමි පුරුෂයාගේ, දරුවන්ගේ සහ නිවසේ භාරකාරත්වයට ඇගේ රැකියාව දෙවෙනිය.

බයිබලයේ කිසිම තැනක කාන්තාවකට නිවෙසින් බැහැරව සේවය කිරීම තහනම් කර නැත. කෙසේ වෙතත්, කාන්තාවක් සතු විය යුතු ප්‍රමුඛතා පිළිබඳව බයිබලය උගන්වයි. කාන්තාවක් නිවෙසින් බැහැරව සේවය කිරීමෙන් ඇගේ සැමියාගේ හෝ දරුචන්ගේ කටයුතු අතපසු වේනම් එවිට කාන්තාවක් නිවෙසින් බැහැරව සේවය කිරීම වැරදිය. කාන්තාවක් නිවෙසින් බැහැරව සේවය කරතත් ඇගේ සැමියාට හෝ දරුවන්ට අවශ්‍ය සෙනෙහස සහ රැකවරණය ලබා දෙන්නේ නම් ඇය නිවෙසින් බැහැරව සේවය කිරීම සම්පූර්ණයෙන්ම පිළිගතහැකිය. මෙම ප්‍රතිපත්ති සිතෙහි රඳවා ගත් විට ක්‍රිස්තුස් වහන්සේ තුළ නිදහස ඇත. නිවෙසින් බැහැරව සේවය කරන කාන්තාවන්ට පරිභව කිරීම මෙන්ම නිවසේ කටයුතු කරන කාන්තාවන් අවමානයට පත් කිරීම කළ නොයුතුය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

කාන්තාවන් නිවෙසින් බැහැරව සේවය කිරීම සම්බන්ධයෙන් බයිබලය පවසන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries