settings icon
share icon
ප්‍රශ්නය

කායින්ගේ භාර්යාව කව්ද? ඇය ඔහුගේ සහෝදරියද?

පිළිතුර


කායින්ගේ භාර්යාව කව්දැයි ශුද්ධ බයිබලය විශේෂයෙන් සඳහන් නොකරයි. දිය හැකි පිළිතුර වන්නේ ඇය ඔහුගේ සහෝදරිය හෝ ලේලි හෝ මී-ලේලි වැන්නකු විය හැකි බවය. කායින් ආබෙල් ඝාතනය කරන අවස්ථාවේ ඔහු කොතරම් වයස් වූයේ දැයි ශුද්ධ බයිබලය පවසන්නේ නැත (උත්පත්ති 4 : 8). ඔවුන් ගොවියන්ව සිටි බැවින්, සම්පූර්ණයෙන් වැඩුනු වැඩිමහල්ලන්ව සිටින්නට ඇත. ඇතැම් විට ඔවුන්ට තම තමන්ගේ පවුල්ද තිබෙන්නට ඇත. ආබෙල් ඝාතනය කරනු ලැබූ අවස්ථාවේ ආදම් සහ ඒවට කායින් සහ ආබෙල්ට වඩා තව දරුවන් සිටින්නට ඇත. ඉන් පසුවද තවත් දරුවන් සිටන්නට ඇත (උත්පත්ති 5 : 4). ආබෙල් මරා දැමූ පසු කායින් සිය ජීවිතය ගැන බියෙන් සිටීමෙන් (උත්පත්ති 4 : 14) පැහැදිලි කරන්නේ මුනුපුරන් හා මිනිපිරියන් සේම මී මුනුපුරන් හා මී මිනිපිරියන්ද ඒ කාලය වන විට ආදම්ට හා ඒවට සිටින්නට ඇති බවය. කායින්ගේ භාර්යාව (උත්පත්ති 4 : 17) ආදම් සහ ඒවගේ දියණියක හෝ මිනිපිරියක විය යුතුය.

ආදම් සහ ඒව මුල්ම මනුෂ්‍යයන් වූ බැවින් (එවකට සිටි එකම), ඔවුන්ගේ දරුවන්ට ඔවුනොවුන් විවාහ කරගන්නවාට වඩා වෙනත් විකල්පයක් තිබුණේ නැත. පවුල් අතර විවාහ (ලෙවී කථාව 18 : 16-18) අවශ්‍ය නොවන තරමට සෙනඟ සිටි පසු කාලය වන තුරු දෙවියන් වහන්සේ පවුල් අතර විවාහය තහනම් කළේ නැත. ව්‍යාභිචාරය (කිට්ටු නෑයන් සමග සංවාසයේ යෙදීම) බොහෝවිට දරුවන් තුළ ජානමය අසාමාන්‍ය තත්වයක් (විකෘති බව) ඇති කිරීමට හේතුවන බැවින් එකම ජාන ඇති (උදා. සහෝදරයෙකු හා සහෝදරියක) දෙදෙනෙකු දරුවන් ලැබූවිට දෙමවිපියන් හටද එම ජානමය අඩුපාඩු / දොස් ඇති බැවින් එහි ප්‍රතිඵලයක් ලෙස දරුවන්ටද ජානමය අඩුපාඩු ඇතිවීමට බොහෝ ඉඩකඩ තිබේ. වෙනස් පවුල්වල අය දරුවන් ලැබූ කල, එකම ජානමය අඩුපාඩු දෙමවිපියන් දෙදෙනාටම ඇතිවීම අහම්බෙන් සිදුවියහැකි දෙයකි. ජානමය බලපෑම් වැඩිවී වර්ධනයවී පරම්පරාවෙන් පරම්පරාවට යන බැවින් මිනිස් ජාන පද්ධතිය “දූෂනය” වීම වර්ධනය වී ඇත. ආදම් හා ඒවට කිසිදු ජානමය අඩුපාඩුවක් තිබුණේ නැත. එම කාරණය අද අපට වඩා බොහෝ උසස් සෞඛ්‍ය තත්වයක් ඇතිව සිටීමට ආදම්ට සහ ඒවටත් ඔවුන්ගෙන් පැවත එන්නන් හටත් හැකියාව ලැබුණි. කිසියම් ජාන අඩුපාඩුවක් ආදම් සහ ඒවගේ දරුවන් හට තිබුණි නම් ඒ ස්වල්පයකි. එහි ප්‍රතිඵලයක් ලෙස පවුල් අතර විවාහ ඔවුන්ට සුරක්‍ෂිත විය. කායින්ගේ භාර්යාව ඔහුගේම සහෝදරිය බව සිතීම පවා පුදුමාකාර හා පිළිකුල් සහගතය. පටන්ගැන්මේදී දෙවියන් වහන්සේ එක පුරුෂයෙකුගෙන් හා එක ස්ත්‍රියකගෙන් මිනිසාගේ පැවැත්ම ආරම්භ කළ බැවින් තම තමන් අතරින් පවුල් අතර විවාහ වීමක් හැරුණු කොට දෙවනි පරම්පරාවට තෝරා ගැනීමක් තිබුණේ නැත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

කායින්ගේ භාර්යාව කව්ද? ඇය ඔහුගේ සහෝදරියද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries