settings icon
share icon
ප්‍රශ්නය

කිතුනු තර්කවේදය යනු කුමක්ද?

පිළිතුර


ඉංග්‍රීසි බසින් “Apology” යන වචනය ග්‍රීක වචනයකින් අර්ථ ගැන්වී ඇති අතර එහි තේරුම “ආරක්ෂාව දීම” යන්නයි. එදා කිතුනු තර්කදය කිතුනු විශ්වාසය ආරක්ෂා කිරීමෙහිලා උපයෝගි විය. දෙවියන් වහන්සේගේ ජීවමාන භාවය මෙන්ම බයිබලය තුල දෙවියන් වහන්සේ ක්‍රියා කිරීම හැසිරීම පිළිබඳව සැකසහිතවූ දෘෂ්ඨීන් ඇති අය බොහෝසේ ප්‍රශ්න කරනු ලබයි. ඒ අතරම බයිබලයේ සත්‍යතාවය හා අන්තර්ගතය පිළිබඳව බොහෝ අය විවේචනයට ලක් කරයි. වැරදි ඉගැන්වීම් මගින් බයිබලයේ අන්තර්ගතය විකෘති කර ඉදිරිපත් කරන අතරම කිතුනු විශ්වාසයන්ද වචනයට ලක් කරයි. මෙවැනිවූ කාර්යයන් සඳහා විරුද්ධ වෙමින් ඊට ප්‍රති උත්තර දීමක් ලෙසට කිතුනු තර්කවේදය හඳුන්වාදීමට පුළුවන.

කිතුනු තර්කවේදය වන බයිබල් පදයක් ලෙසට 1 පේත්‍රැස් 3:15 හඳුන්වාදිය හැක. ඉන් ප්‍රකාශ වන්නේ “නමුත් නුඹලාගේ සිත්වලින් ස්වාමින් වහන්සේ කොට ක්‍රිස්තුස් වහන්සේට ගෞරව කරන්න. නුඹලා තුළ ඇත්තාවූ බලාපොරොත්තුව ගැන නුඹලාගෙන් අසන සියල්ලන්ට උත්තර දෙන්ට නිතර සෑදී සිටින්න. නුමුත් මෘදු කමින්ද යටහත් කමින්ද එසේ කළ යුතුය.” සෑම කිතුනුවෙක්හටම කිතුනු තර්කවේදය පිළිබඳ පරිපූර්ණ දැකීමක් නොතිබුනාද, තමාට යම් තාක් දුරට තමන් සතු විශ්වාසය ආරක්ෂා කිරීමට හා ඕනෑම අයෙකුට එය ඔප්පු කිරීමේ හැකියාව තිබිය යුතුයි. ඒ අනුව සෑම කිතුනුවෙක් හටම තමන්ගේ විශ්වාසය පිළිබඳ දැන ගැනීමටත් එය විශ්වාස කිරීමේ හේතුව කුමක්ද යන වගත්, තව අය හා එය බෙදා හදා ගන්නේ කෙසේද යන වග පමණක් නොව, තමන් දරන්නාවූ විශ්වාසය මුලා කිරීමට හා බොරු බව ඔප්පු කිරීමට යන්නාවූ පුද්ගලයින්ගෙන් එය ආරක්ෂා කිරීමට ශක්තියක්ද තිබිය යුතුය.

කිතුනු තර්කවේදය ඔප්පු කිරීමේ බොහෝ අවස්ථාවන් වලදී 1 පේත්‍රැස් 3:15 අග භාගයේ සඳහන් වන්නාවූ “නමුත් මෘදු කමින්ද යටහත් කමින්ද එසේ කළ යුතුය” යන පදය පිළිබඳව බෙහෝවිට අවධානය යොමු නොකරයි. කිතුනු විශ්වාසය සංරක්ෂණය යොදා ගනිමින් ආරක්ෂා කිරීමේදී එය කෝප, පරුෂ ගති, අවිනීත භාවයෙන් තොරව ඉෂ්ඨ කළ යුතුයි. කිතුනු තර්කවේදය ක්‍රියාවට නැංවීමේදී අප අපගේ විශ්වාසයන් ආරක්ෂා කිරීමට වෙහෙසක් දරන්නා සේම සෑම විටිම අපගේ ජීවිත තුලින් යේසුස් වහන්සේ දැකීමට අප කටයුතු කළ යුතුයි. එලෙස ක්‍රියා නොකර අප යම් විවාදයක් ජයගහ්‍රණය කළත් එය නිවැරදිව සිදු නොකිරීම තුලින් යම් පුද්ගලයෙක් තමන් ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටියාටත් වඩා දුරස්ත භාවයක් ඇති කළේ නම් කිතුනු තුල තිබෙන්නාවූ සැබෑ අරුත අපි විනාශ කළා විය හැකිය.

කිතුනු තර්කවේදය තුල ප්‍රාථමික විධික්‍රම 2 කි. පළමුවැන්, සම්භාව්‍ය තර්කවේදය ලෙස හඳූන්වන අතර එමගින් කිතුනු පණිවිඩය සත්‍ය බව සාධක හා සාක්ෂි මගින් ඔප්පු කර දක්වයි. දෙවැන්න, ආකල්පනීය තර්කවේදය වන අතර එමගින් අන්ත ක්‍රිස්තුස් සංකල්පයේ පවතින්නාවූ අදහස් හා උපකල්පනයන් වලට අභියේගයක් එල්ල කරනු ලබයි. කිතුනු තර්කවේදය තුල පවතින මෙම ප්‍රධාන න්‍යායන් දෙක අතරින් වඩාත් උචිත වන න්‍යාය කුමක්ද යන වග විවාදාත්මක ස්වරූපයක් ගනියි. නමුත් බොහෝ අවස්ථාවන්වලදී පුද්ගලයා හා සිදුවීම මත මෙම න්‍යායන් අදාල කර ගැනීම වඩාත් උචිත බව අවසන් නිගමනයයි.

කිතුනු තර්කවේදය කිතුනු විශ්වාසය ආරක්ෂා කිරීමට වඩාත් ඉවහල් වන අතර මෙය කිතුනු ජීවිතයට වඩාත් වැදගත් අංශයකි. කිතුනුවන් සේ අප සෑම අවස්ථාවකම අපගේ විශ්වාසයන් ආරක්ෂා කිරීමට සෑදී පැහැදී සිටිය යුතු අතර (මතෙව් 28:18-20; 1 පේත්‍රැස් 3:5). එය කිතුනු තර්කවේදය සැබෑ සාරය ලෙසට හඳුන්වා දිය හැක.

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුනු තර්කවේදය යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries