settings icon
share icon
ප්‍රශ්නය

කිතුනු මවක් වීම පිළිබඳව බයිබලයේ කුමක් පවසයිද?

පිළිතුර


බොහෝ කාන්තාවන්ට මවක් වීම දෙවියන් වහන්සේ දුන් ඉතා වැදගත් කොටසකි. කිතුනු මවකට දරුවන්ට ආදරය කිරීමට පවසා ඇත (තීතස් 2:4:5), එසේ කිරීමෙන් ඇය තමන්ගේ ගැලවුම්කාරයා හා ස්වාමින් වහන්සේව ඇය දරන්නාවූ නාමයට හිමි තැනැන් වහන්සේට අප කීර්තියක් ගෙන නොදෙයි.

දරුවන් දෙවියන් වහන්සේගේ ආශීර්වාදයකි (ගීතාවලිය 127:3-5). තීතස් 2:4 හී ග්‍රීක් වචනය වන පිලොටෙක්නොස් පිළිබ්ඹු කරන්නේ මවුවරුන් තම දරුවන්ට ආදරය කිරීම. මේ පදයෙන් පිළිබ්ඹු කරන්නේ විශේෂිත “මව් ප්‍රේමයක්” පිළිබඳව වේ. එහි අදහස තවත් පැහැදිලි කලොත් අපගේ දරුවන් ගැන සැලකිලිමත් වීමයි. ඔවුන්ව පුහුණු කිරීම, හැඟීම්බරව වැළඳ ගැනීම, ඔවුන්ගේ අවශ්‍යතාවයන් සැපයීම, ඉතා කාරුණිකව පිහිටවීම, ඔවුන් සියළු දෙනා දෙවියන් වහන්සේගේ අතින් ලැබුණ විශේෂ දීමනාවක් නිසා.

දේව වචනයේ බොහෝ දේවල් ආඥාකර තිබෙනවා කිතුනු මවක් කළ යුතු:

උපකාර ලැබිය හැකි ලෙසට - උදේ, දවල් හා රාත්‍රිය (ද්විතීයකථාව 6:6-7)

සහභාගිත්වය - අන්‍යෝන්‍ය ක්‍රියාව, කථාබහ, සිතීම, හා ජීවිතය එකට ඉදිරියට යාම (එපීස 6:4)

ඉගැන්වීම - ලියවිල්ල හා බයිබලානුකුලව ලෝකය දෙස බැලීම (ගීතාවලිය 78:5-6; ද්විතීයකථාව 4:10; එපීස 6:4)

පුහුණු කිරීම - දරුවාට තම හැකියාව හා ඔහුගේ / ඇයගේ ශක්තිය (හිතෝපදේශ 22:6) හා ආත්මික දීමනා (රෝම 12:3-8 හා 1 කොරින්ති 12)

විනය හැසිරවීම - දේව භය ඉගැන්වීම, පදනම දිගටම ඇදගෙන යාම, ප්‍රේමණීයව, ස්තීරව (එපීස 6:4; හෙබ්‍රෙව් 12:5-11; හිතෝපදේශ 13:24; 19:18; 22:15; 23:13-14; 29:15-17)

ඇතිදැඩි (පෝෂණය) කිරීම - දිගටම වාචික උපකාරය සැපයීම, වැරදීමට නිදහස, පිළිගැනීම, ඇල්ම, කොන්දේසි රහිත ප්‍රේමය (තීතස් 2:4; 2 තිමෝති 1:7; එපීස 4:29-32; 5:1-2; ගලාති 5:22; 1 පේත්‍රැස් 3:8-9)

අවංකත්වය නිරූපනය - ඔබ කියනා දේ තුළ ජීවත්වීම, දරුවකුට “ග්‍රහණය” කර ඉගෙන ගැනීමට හැකි වන ලෙසට නිරූපනය කිරීම. දේව භක්තිකව ජීවත්වීම (ද්විතීයකථාව 4:9; 15, 23; හිතෝපදේශ 10:9; 11:3; ගීතාවලිය 37:18; 37)

බයිබලයේ කිසිම විටක පවසා නැත සෑම ස්ත්‍රියක්ම මවක් විය යුතු බව. කෙසේ වෙතත්, එහි පවසනවා දෙවියන් වහන්සේ මවක් වීමේ හැකියාව දී ඇති සියලු කාන්තාවෝ තම වගකීම ගැන බැරූරුම් ලෙස සිතිය යුතුය. දරුවන්ගේ ජීවිතයේ විශේෂ කොටසක් තිබේ මවකට. මාතෘත්වය අප්‍රසන්න දෙයක් නොව, දරුවා තම කුස තුළ මව දරා සිටින කාලය ලෙසින්, දරුවා බිළිඳු කාලයේ මව විසින් රැකබලා පෝෂණය කිරීම සේම දරුවාගේ මුළු ජීවිත කාලයේම මවගේ ක්‍රියාව පවතී. ගැටවර, නව යොවුන්විය, තරුණ වැඩිහිටි, හෝ ඔවුන්ගේම දරුවෝ සිටින ලෙසට වැඩිහිටියන් වූවත්, මාතෘත්වයට ක්‍රියාකාරිත්වය වෙනස් වූවත් දිගටම පැවතිය යුතුය. ප්‍රේමය, සොයාබැලීම, දැනමුතුකම් හා ධෛර්ය්‍ය කිරීම මවක් දෙන දෙය පහ නොවයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුනු මවක් වීම පිළිබඳව බයිබලයේ කුමක් පවසයිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries