settings icon
share icon
ප්‍රශ්නය

ක්‍රිස්තියානි ධර්මය යනු කුමක්ද? කිතුණුවන්ගේ විශ්වාසය කුමක්ද?

පිළිතුර


1 කොරින්ති 15 : 1-4 ප්‍රකාශ කරනවා “තවද සහෝදරයෙනි, මම නුඹලාට දේශනා කළාවූ, නුඹලා පිළිගත්තාවූ, නුඹලා පිහිටා සිටින්නාවූ, නුඹලා ගැළවීමට පැමිණෙවුවාවූ ශුභාරංචිය නුඹලාට දන්වමි. මා නුඹලාට ප්‍රකාශ කළ කාරණා නුඹලා අල්ලාගෙන සිටින්නහු නම්, කුමන වචන වලින් එය නුඹලාට දේශනා කළෙමි දැයි දන්වමි. නැත්නම් නුඹලා නිෂ්ඵල ලෙස ඇදහුවහුය. ඉතින් මාත් ලබාගත් දේ සියල්ලට පළමුවෙන් නුඹලාට භාර දුනිමි. එනම්, ලියවිලිවල ප්‍රකාරයට අපේ පව් නිසා ක්‍රිස්තුස් වහන්සේ මැරුණු බවත්, උන් වහන්සේ තැන්පත් කරනු ලැබූ බවත්, ලියවිලිවල ප්‍රකාරයට තුන්වෙනිදා උන් වහන්සේ නැගුටුවනු ලැබූ බවත්”

ඉතාම සංක්ෂිප්තව කියනවා නම් මෙය කිතුණුවන්ගේ විශ්වාසයයි. ක්‍රිස්තියානි ධර්මය අනිකුත් සෑම ඇදහීමක් අතර අසමසමයි, මන්ද ක්‍රිස්තියානි ධර්මය බොහෝ දුරට ආගමික වත්පිළිවෙත් පවත් වනවාට වඩා සම්බන්ධතාවයක් ගොඩ නැගීමක් වන හෙයින්. “කලයුතු නොකලයුතු දේ” පිළිපදිනවාට වඩා කිතුණුවකුගේ මූලික අරමුණ වන්නේ දෙවි පියාණන් සමඟ සමීප සම්බන්ධතාවයක් සකසා ගැනීමය. මෙම සම්බන්ධතාවය යථාර්ථයක් කර ගත හැකි වන්නේ යේසුස් වහන්සේගේ ක්‍රියා සහ කිතුණුවාගේ දිවිය තුළ ආත්මයාණන් වහන්සේගේ මෙහෙය තුලින්ය.

කිතුණු විශ්වාසය අනුව, බයිබලය යනු ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණවූ දෙවියන් වහන්සේගේ වචනයයි (2 කොරින්ති 3 : 16, 2 පේත්‍රැස් 1 : 20-21). කිතුණුවන් විශ්වාස කරන්නේ පියාණන්, පුත්‍රයාණන් (යේසුස් ක්‍රිස්තුස්) සහ ශුද්ධාත්මයාණන් වශයෙන් පෙනී සිටින්නාවූ එකම දෙවි කෙනෙකුය.

කිතුණු විශ්වාසයට අනුව මනුෂ්‍ය වර්ගයා නිර්මාණ කර ඇත්තේ දෙවියන් වහන්සේ සමඟ සම්බන්ධතාවයක් පවත්වා ගෙන යාමටය, නමුත් පාපය සෑම මනුෂ්‍යයෙකුම දෙවියන් වහන්සේගෙන් වෙන් කරයි (රෝම 5 : 12, රෝම 3 : 23). ක්‍රිස්තියානි ධර්මයට අනුව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සම්පූර්ණ මනුෂ්‍යයෙකු ලෙසත්, සම්පූර්ණ දෙවියන් වහන්සේ ලෙසත් මේ ලෝකයේ සැරිසැරූ බව පිළිගැනේ (පිලිප්පි 2 : 6-11), කුරුසියේ කුරුස පත්වී, කිතුණු ඇදහිම අනුව, උන් වහන්සේගේ මරණින් පසු තැන්පත් කරනු ලැබ, නැවත මළවුන්ගෙන් නැගිට, දැන් පියාණන් වහන්සේගේ දකුණු පස ජීවත් වෙමින්, උන් වහන්සේ කෙරෙහි අදහන්නන් උදෙසා සදහටම මැදහත්කාර කම් කරන බවය (හෙබ්‍රෙව්7 : 25). ක්‍රිස්තියානි ධර්මය ප්‍රකාශ කරනවා, යේසුස් වහන්සේගේ කුරුසිය මත සිදුවුණාවූ මරණය මුළු ලෝකයේම මිනිසුන්ගේ පව්උදෙසා සෑහෙන බවත්, ඒ තුළින් දෙවියන් වහන්සේත් මනුෂ්‍යයාත් අතර පලුදුවූ සම්බන්ධතාවය නැවත පිහිටුවා ගැනීමට හැකි වූ බව (හෙබ්‍රෙව්9 : 11-14, හෙබ්‍රෙව්10 : 10, රෝම 6 : 23, රෝම 5 : 8).

ගැලවීම ලබා ගැනීම සඳහා ඕනෑම කෙනෙකුට යේසුස් වහන්සේ කුරුසිය මත නිමකල කාර්යය පිළිබඳව ඉතා සරළව විශ්වාස කල යුතුවේ. එසේම යේසුස් වහන්සේ මා වෙනුවෙන් දිවි පුදා මාගේ පව් වලට වන්දි ගෙවා ඇත කියාත්, යේසුස් වහන්සේ මළවුන්ගෙන් නැගුටුණා කියාත් පිළිගන්නවා නම් ඒ අය ගැලවීම ලබාගනී. කිසිවෙකු තමාගේම (ස්වශක්තියෙන්) බලයන් පමණක් දෙවියන් වහන්සේව සතුටු කරන්නට සුදුස්සෙකු වන්නේ නැත, මන්ද අපි සියල්ලෝම පවිකරුවන් වන නිසා (යෙසායා 64 : 6-7, යෙසායා 53 : 6). දෙවනුව, තවත් කිරීමට ඉතිරි වී නැත, මන්ද යේසුස් වහන්සේ කුරුසිය පිට සිටින විට උන් වහන්සේ “සියල්ල නිමයි” කියා පැවසූ සේක (යොහන් 19 : 30).

ගැලවීම ලබා ගැනීම සඳහා ස්වශක්තියෙන් කළ හැකි කිසිවක් නැතිවාක් මෙන්ම, කවුරුන් හෝ තම විශ්වාසය ඔහු / ඇය යේසුස් වහන්සේ කුරුසිය මත නිමකලාවූ කාර්යය විශ්වාස කරන්නේ නම්, ඔහුය හෝ ඇයට ලැබෙන ගැලවීම අහිමි කරන්නට කිසිවෙකුට නොහැකිය. මන්ද යේසුස් වහන්සේ විසින් තම කාර්යය කර අවසන් බව මතක තබා ගන්න. මෙම ගැලවීම ලබා ගැනීමට කිසිම ආධාරකයක් උපකාරයක් බලාපොරොත්තු විය යුතු නොවේ. යොහන් 10 : 27-29 ප්‍රකාශ කරනවා “මාගේ බැටළුවෝ මාගේ හඬ අසති, මමද ඔවුන් අඳුනමි, ඔව්හූ මා පස්සේ එති. මම ඔවුන්ට සදාකාල ජීවනය දෙමි ඔව්හූ කිසිකලකත් විනාශ නොවන්නෝය, කිසිවෙක් මාගේ අතින් ඔවුන් උදුරා නොගන්නේය. ඔවුන් මට දුන්නාවූ මාගේ පියාණන් වහන්සේ සියල්ලටම වඩා උතුම්ය පියාණන් වහන්සේගේ අතින් ඔවුන් උදුරාගන්ට කාටවත් බැරිය”.

ඇතැම් අය ගැලවීම ලැබුණු පසු එය ඉතා මහත් දෙයක් දැන් මට කැමති දෙයක් මට කැමති ආකාරයකට කලහැකිය කියා සිතන්න පුළුවන්, එසේ කිරීමෙන් මගේ ගැලවීම මට අහිමි නොවනවාය කියා. එහෙත් අපගේ හිතු මනාපය අනුව කටයුතු කිරීමට අපට නිදහසක් නැත. නොමිලයේ අපට ගැලවීම ලැබෙන්නේ අපගේ සුපුරුදු පරණ ජීවිතයෙන් මිදී දෙව්යන් වහන්සේ සමඟ නිවැරදි සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීමෙන්ය. ඇදහිල්ලට පත් වූවන් ඔවුන්ගේ පාපී ස්වාභවයෙන් මේ මිහිතලය මත ජීවත්වනතාක් ඔවුන්ට නිරන්තරයෙන්ම පාපයෙන් වැලකී සිටීමට මහත් අරගලයක යෙදෙන්න සිදුවේ. පාපයේ ජීවත්වීම දෙවියන් වහන්සේ සමඟ සම්බන්ධතාවය ඇති කර ගැනීමට බාධාවකි. එසේම ඇදහිලිවන්තයෙකු පාපී ජීවිතයක් ගත කරන්නේ නම් ඔහුට දෙවියන් වහන්සේ සමඟ සම්බන්ධතාවයේ සතුට උන් වහන්සේ බලාපොරොත්තු වන ආකාරයට විඳ ගැනීමට නොහැකිවේ. කෙසේ හෝ කිතුණුවන්ට මේ පාපී අරගලයෙන් ජය ලබාගත හැක්කේ දෙවියන් වහන්සේගේ වචනය වන ශුද්ධ බයිබලය අධ්‍යයනය කිරීමෙන් සහ එය තමාගේ එදිනෙදා ජීවිතයට අදාල කරගැනීමෙන් සහ ශුද්ධාත්මයාණන් වහන්සේට යටත් වෙමින්, උන් වහන්සේගේ බලපෑමෙන් එදිනෙදා මුහුණ දීමට සිදුවන සෑම සිදුවීමකදීම දේව වචනය තුළින් ශුද්ධාත්මයාණන් වහන්සේට අවනත වීමෙන්ය.

එසේ හෙයින්, බොහෝ ආගමික දර්ශනයන් තුළ තමා කල යුතු සහ නොකල යුතු දේවල් වර්ගික කරණය කර ඇතත්, ක්‍රිස්තියානි ධර්මයේ ඇත්තේ දෙවියන් වහන්සේ සමඟ නිරන්තර සම්බන්ධතාවයක් පවත්වා ගෙන යාමකි. යේසුස් වහන්සේ කුරුසිය මත මගේ පව්උදෙසා මැරුණු බව විශ්වාස කිරීමත්, නැවත නැගිටි බව විශ්වාස කිරීම ක්‍රිස්තියානි ඇදහිල්ල වේ. ඔබගේ පාපයේ වන්දිය ගෙවා ඔබව නිදහස් කර ඇත කියා ඔබට දෙවියන් වහන්සේ සමඟ සම්බන්ධතාවය නොකඩවා පවත්වා ගෙන යාහැක. මේ නිසා ඔබට ඔබගේ පව් වලින් නිදහස්ව ජයග්‍රාහී ලෙස දෙවියන් වහන්සේ සමඟ කීකරු සම්බන්ධතාවයෙන් යුක්තව ගමන් කල හැකිවේ. සත්‍යවූ බයිබලීය ක්‍රිස්තියානි විශ්වාසය නම් මෙය වේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ක්‍රිස්තියානි ධර්මය යනු කුමක්ද? කිතුණුවන්ගේ විශ්වාසය කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries