settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන්වහන්සේ සදාතනිකය යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?

පිළිතුර


සදාතනික යන වචනයේ අර්ථය නම් "ආරම්භයක් හෝ අවසානයක් නොමැති සදාකාලයයි" ගීතාවලියේ 90:2 පදය දෙවියන්වහන්සේගේ සදාතනය ගැන අපට පවසයි: කඳු හෙල් ඇති වන්නට පෙර සිට ඔබ පොළොව ද සක්වළද මවන්නට පෙර සිට සදාකාලයෙන් සදාකාලයටම ඔබ දෙවියන්වහන්සේ වන සේක." මනුෂ්‍යයින් සෑම දෙයක්ම කාලයෙන් මනින බැවින්, ආරම්භයක් නොමැති යමක් පිළිබඳව තේරුම් ගැනීම අපට බෙහෙවින් දුෂ්කර වීම පෙර සිදුවූසේම ඉදිරියටත් නොනවත්වා සිදුවනු ඇත. කෙසේවෙතත්, දෙවියන් වහන්සේගේ පැවැත්ම හෝ සදාතනය සනාථ කිරීමට බයිබලය උත්සහ නොකරන නමුත් වාර්ථාගත කාලය ආරම්භ වන විටත් දෙවියන් වහන්සේ වැඩ සිටිය බව දක්වන "ආරම්භයේදී දෙවියන්වහන්සේ" (උත්පත්ති 1:1) පැහැදිලි ප්‍රකාශයෙන් එය ආරම්භ කරයි. සීමා රහිත පසු පසට දිවෙන කාලයක සිට සීමා රහිත ඉදිරියකට දිවෙන කාලයක් දක්වා සදාතන යුගයෙන් සදාතන යුගයට දෙවියන්වහන්සේ වැඩ සිටියාසේම සදහටම වැඩ සිටින සේක.

තමන්වහන්සේගේ පණිවුඩය ඉශ්රායෙල්වරුන් වෙත රැගෙනයාම සඳහා දෙවියන් වහන්සේ විසින් මෝසෙස් පත් කරන ලද විට දෙවියන් වහන්සේගේ නම කුමක්දැයි ඔවුන් විමසුවහොත් ඔවුන්ට කිව හැක්කේ කුමක්දැයි දැන ගැනීමට මෝසෙස්ට අවශ්‍ය විය. දෙවියන්වහන්සේගේ පිළිතුර ප්‍රබලය: "මම වනාහි ස්වයම්භු තැනැන්වහන්සේ වෙමි. ස්වයම්භු තැනැන්වහන්සේ ඔබ වෙත මා එවූ සේකැයි නුඹ ඉශ්රායෙල් ජනයා හට කිව යුතු යැයි වදාළ සේක" (නික්මයාම 3:14). දෙවියන් වහන්ගේ සැබෑ ස්වභාවය. උන් වහන්සේගේ ස්වයංභුභාවය සහ ප්‍රාණීන්ගේ ප්‍රාණය උන් වහන්සේ බවද දක්වයි. උන් වහන්සේගේ සදාතනය සහ වෙනස්නොවන ස්වභාවයද, අතීතය වර්තමානය සහ අනාගතය තුළ උන් වහන්සේගේ පොරොන්දු ඉටු කිරීමේදී උන් වහන්සේගේ ස්ථීරභාවය සහ විශ්වාසවන්තභාවයද එය තවදුරටත් විස්තර කරයි. මා වර්තමානයේ ස්වයංභු පමණක් නොව අනාගතයේද ස්වයංභු වූ අතර අනාගතයේද ස්වයංභු වන්නෙමි. තමන් වහන්සේගේ සදාකාලිකත්වය පිළිබඳව ශුද්ධ ලියවිල්ලෙහි පිටු අතරින් දෙවියන් වහන්සේ අපට කථා කරන සේක.

දෙවියන් වහන්සේගේ මනුෂ්‍ය ස්වරූපය වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේද තම දේවත්වය උන් වහන්සේගේ කාලයේ ජනතාවට ස්ථීර කරන ලද සේක "ඒකාන්තයෙන්ම මම ඔබට කියමි. ආබ්‍රහම් උපදින්නටත් පෙර මම වෙමි යි උන්වහන්සේ වදාළ සේක" (යොහන් 8:58). තමන් වහන්සේ දෙවියන් බව යේසුස් වහන්සේ පැවසුවේ මාංශවත්ව සිටිද්දී බව පැහැදිලි වන්නේ එය ඇසුනු විගස යුදෙව්වන් විසින් උන්වහන්සේට ගල් ගසා මරා දැමීමට තැත් කළ බැවිනි. සදාතනික දෙවියන් බව යම් කෙනෙක් ප්‍රකාශ කිරීම දේවාපහාසයක් ලෙසත් එබැවින් ඒ තැනැත්තා මරණයට සුදුසු බවත් ඔවුන් සැළකුහ (ලෙවී ව්‍යවස්ථාව 24:16). තම පියාණනවහන්සේ මෙන්ම තමන්වහන්සේද සදාතනික බව යේසුස් වහන්සේ පැවසූ සේක. නැවතත් මෙය ප්‍රකාශයට පත්වන්නේ යොහන් විසින් ක්‍රිස්තුස්වහන්සේගේ ස්වභාවය සඳහන් කිරීමේදීය "ආරම්භයේදී ධර්මයාණෝ සිටි සේක. ධර්මයාණෝ දෙවියන්වහන්සේ සමග සිටි සේක. ධර්මයාණෝ දෙවියන්වහන්සේවම සිටි සේක" (යොහන් 1:1). වාර්තාගත කාලයට පෙර සිට යේසුස් වහන්සේ හා උන්වහන්සේගේ පියාණන් එක් පුරුකක් වූ අතර සදාතනික ගුණාංගය තුළ සමව හවුලේ භුක්ති වින්දෝය.

රෝම 1:20 අපට පවසන්නේ දෙවියන්වහන්සේගේ සදාතනික ස්වභාවය සහ උන්වහන්සේගේ මැවිල්ල තුළින් අපට එළිදරව් වන උන්වහන්සේගේ සදාතනික බලයයි. මුළු මැචිල්ලේ අනුපිළිවෙළට ඇති විවිධාකාර දර්ශනයන් දැක සියලු මිනිසුන් අවබෝධ කරගනු ලබන්නේ දෙවියන් වහන්සේගේ ස්වභාවයේ මෙම ගුණාංගයයි. ඉර සහ ග්‍රහලෝක මණ්ඬළ්‍ර ශතවර්ෂයෙනන් ශතවර්ෂයට තම කක්‍ෂය වටා නොනවත්වා භ්‍රමණය වෙයි. සෘතුවක් උදාවී නියමිත කාලයේදී එය අවසන්වේ, වසන්තයේදී ගස්වළ කොළ හටගන්නා අතර සිසිර සෘතුවේද් ඒවා කඩා හැලේ. වසරෙන් වසර මේ දේවල් නොනවත්වා සිදුවන අතර ඒවා නැවැත්වීමට හෝ දෙවියන්වහන්සේගේ සැළසුම වෙනස් කිරීමට කිසිවෙකුටවත් නොහැකිය. පොලොව සඳහා දෙවියන්වහන්සේගේ සදාතනික බලය සහ සැළසුම මේ සියලු දේ සාක්‍ෂි දරයි. යම් දවසකදී උන් වහන්සේ අලුත් ස්වර්ගයක් හා අලුත් පොලොවක් නිර්මාණය කරන අතර එයද උන්වහන්සේ මෙන්ම සදාතනික වනු ඇත. ඇදහිල්ලෙන් ක්‍රිස්තුස් වහන්සේට අයත් වූ තමන්වහන්සේ ආකාරයටම නිර්මාණය කරන ලද අපද දෙවියන් වහන්සේ සමග සදාතනයේ හවුල්කරුවෝ වන්නෙමු. English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන්වහන්සේ සදාතනිකය යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries