settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන්වහන්සේ අපරිමිත යන්නෙහි අර්ථය කුමක්ද?

පිළිතුර


දෙවියන් වහන්සේගේ අපරිමිත ස්වභාවයේ හුදෙක් අර්ථය වන්නේ දෙවියන් වහන්සේගේ පැවැත්ම, කාලය සහ අවකාශයෙන් පිටත මෙන්ම ඒවා කරණකොටගෙන සීමා වීද නොමැති බවය. අපරිමිත යන්නෙහි හුදෙක් අර්ථය වන්නේ “සීමාවන් නොමැති” යන්නයි. අප දෙවියන්වහන්සේව “අපරිමිත” ලෙස හඳුන්වන විට අප සාමාන්‍යයෙන් හඳුන්වන්නේ සර්වඥතාවල සර්වබලධාරිත්වය සහ සර්ව්‍යාප්තිය යන භාෂිතයන් වලින්ය.

සර්වඥතාව යන්නෙහි අර්ථය නම් දෙවියන් වහන්සේ සියල්ල දන්නා සේක හෝ උන් වහන්සේට අසීමිත දැන ගැන්මක් ඇත්තේය යනුයි. උන් වහන්සේගේ අපරිමිත දැන ගැන්ම උන් වහන්සේව සියල්ල කෙරෙහි ශ්‍රේෂ්ඨ පාලකයෙකු සහ විනිශ්චයකාරයෙකු බවට සුදුස්සකු කරනු ලබන සේක. දෙවියන් වහන්සේ සිදුවන්නට යන දේ පමණක් නොව සිදුවන්නට තිබූ දේද උන් වහන්සේ දන්නා සේක. කිසිඳු දෙයක් කරණකොටගෙන දෙවියන් වහන්සේ පුදුමයට පත්නොවන අතරම කිසි කෙනෙකුට පාපය උන් වහන්සේගෙන් සැගවිය නොහැක. දෙවියන් වහන්සේගේ ස්වභාවයේ ආකාරය අනාවරණය කරන්නාවූ බයිබල් පද කිහිපයක්ම දේව වචනයේ සදහන්වේ. එවන් එක් පදයක් නම් 1 යොහාන් 3:20 “මක්නිසාද දෙවියන්වහන්සේ අපේ සිතට වඩා උතුම්ව සියලූ දේම දන්න නිසාය.”

සර්වබලධාරිත්වය යන්නෙහි අර්ථය නම් දෙවියන් වහන්සේ අති බලවත්ය නොහොත් උන් වහන්සේට අසීමිත බලයක් ඇත. සියලූ බලය සතුවීම සුවිශේෂීය මන්දයත් එය දෙවියන් වහන්සේට උන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ කැමැත්ත ඉටු කිරීමට ඇති හැකියාව ප්‍රතිෂ්ඨාපනය කරනු ලබයි. දෙවියන් වහන්සේ සර්වබලධාරි සහ අපරිමිත බලයෙන් යුක්ත වන හෙයින් උන් වහන්සේ විසින් නියෝග කරනු ලැබූ කිසිවක් සිදුවීම නතර කළ නොහැකි අතර උන් වහන්සේගේ දිව්‍යමය අභිප්‍රාය ඉෂ්ටවිම නතර කළ හෝ වැළැක්විය නොහැක. දෙවියන් වහන්සේගේ ස්වභාවයේ ආකාරය අනාවරණය කරන්නාවූ බයිබල් පද කිහිපයක්ම දේව වචනයේ සදහන්වේ. එවන් එක් පදයක් නම් ගීතාවලිය 115:3 “එහෙත් අපේ දෙවියන් වහන්සේ ස්වර්ගයෙහිය. උන් වහන්සේ කැමති කොයි දෙයක් නමුත් කළ සේක.” එසේ නොමැති නම් තම ගෝලයන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන විට “එසේ නම් ගැළවෙන්ට පුළුවන් කාටදැයි කීවෝය (මතෙව් 19:25), යේසුස් වහන්සේ කියනුයේ” “මනුෂ්‍යයන්ට නම් නුපුළුවන නමුත් දෙවියන් වහන්සේට සියල්ලම පුළුවනැයි කීසේක.” (මතෙව් 19:26).

සර්වබලධාරිත්වය යන්නෙහි අර්ථය දෙවියන් වහන්සේ සෑමවිටම විද්‍යාමාන බවය. දෙවියන් වහන්සේගේ අබිමුඛත්වයෙන් පලාගොස් සැගවිය හැකි ස්ථානයක් ඔබට නැත. දෙවියන් වහන්සේ කාලයෙන් සහ අවකාශයෙන් සීමාවී නැත. උන් වහන්සේ සෑම කාලයකදීම සහ අවකාශයකම විද්‍යාමානවේ. දෙවියන් වහන්සේගේ අපරිමිත අබිමුඛත්ව සුවිශේෂී වන්නේ එතුළින් දෙවියන් වහන්සේ සදාකාල බව ප්‍රතිෂ්ඨාපනය වන හෙයිනි. දෙවියන් වහන්සේ සෑම කල්හිම වැඩ සිටිනු ලැබූ අතර සෑමවිටම වැඩ සිටින සේක. කාලය ආරම්භ වන්නට ප්‍රථමයෙන් දෙවියන් වහන්සේ සිටිසේක. ලෝකය හෝ ද්‍රව්‍යය මැවීමට පෙර දෙවියන් වහන්සේ සිටිසේක. උන් වහන්සේට ආරම්භයක් හෝ අවසානයක් නොමැති අතර කිසිඳු අවස්ථාවක උන් වහන්සේට පැවැත්මත් නොතිබුණු කාලයක් හෝ උන් වහන්සේගේ පැවැත්ම අවසන් වන කාලයක් නොමවේ. නැවත වතාවක් දෙවියන් වහන්සේගේ ස්වභාවයේ ආකාරය අනාවරණය කරන බයිබල් පද බොහෝමයක් තිබේ, ඉන් එකක් නම් ගීතාවලිය 139:7–10 ඔබගේ ආත්මය කෙරෙන් කොතැනට යන්නෙමිද? ඔබ ඉදිරියෙන් කොතැනට පලායන්නෙමිද? මම ස්වර්ගයට නැගුණෙමි නමුත් ඔබ එහිය. ෂෙයොලෙහි මාගේ යහන පිළියෙල කෙරෙමි නමුත් ඔබ එහිය මා අරුණු පියාපතින් ගොස් මුහුදේ ඈත දුරු කෙළවරක විසුවත් එහිදීත් ඔබගේ හස්තය මට මග පෙන්වන්නේය ඔබගේ දකුණු හස්තය මා අල්ලන්නේය.

දෙවියන් වහන්සේ අපරිමිත හෙයින් උන් වහන්සේ උත්තරීතරය, එහි අර්ථය වූ කලී දෙවියන් වහන්සේ බලවත්සේ මැවිල්ලට ඉහළින් සිටින මෙන්ම මැවිල්ලට වඩා බලවත් සහ ස්වාධීන වන සේක. මෙයින් අදහස් වන්නේ දෙවියන් වහන්සේ අපට වඩා ඉහළින් සහ අපව ඉක්මවා යන ආකාරයෙන් අපරිමිත වන අතර අපගේ හැකියාවෙන් මුළුමනින්ම වටහා ගත නොහැකි වූද, උන් වහන්සේම තමන් වහන්සේ පිළිබදව අනාවරණය නොකළ සේක් නම් අප එතුමන් පිළිබදව නොදනිමු, නොඑසේත් උන් වහන්සේ කව්රුන්ද යන්න තේරුම් නොගනිමු. එනමුත් ස්තුතිවන්තව දෙවියන් වහන්සේ අපව උන් වහන්සේ පිළිබදව දැන නොගැනීමට ඉඩ නොහැර ඇත. ඒ වෙනුවට උන්වහන්සේ පිළිබදව අපට සාමාන්‍යය එළිදරව් තුළින් (මැවිල්ල සහ හෘද සාක්ෂිය) මෙන්ම විශේෂ එළිදව් තුළින් (දෙවියන් වහන්සේගේ ශුද්ධ ලියවිල්ල, දේව වචනය, දෙවියන් වහන්සේගේ ජීවමාන වචනය සහ යේසුස් ක්‍රිස්තු ස්වහන්සේ) එසේ හෙයින් අපට දෙවියන් වහන්සේව දැනගත හැකිවේ, උන් වහන්සේ හා සමග සමගි විය හැකි සහ උන්වහන්සේගේ කැමැත්ත අනුව ජීවත් විය හැක්කේ කෙසේද යන්න දැන ගත හැක. අප අපරිමිත අය සහ දෙවියන් වහන්සේ අපරිමිත යන කරුණ තිබියදී පවා අපට දෙවියන් වහන්සේව දැනගෙන සහ උන්වහන්සේව තේරුම් ගත හැක්කේ උන්වහන්සේ එතුමාණන්ව අනාවරණය කර ඇති හෙයිනි. English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන්වහන්සේ අපරිමිත යන්නෙහි අර්ථය කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries