settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන්වහන්සේ සර්වබලධාරි යන්නෙහි අර්ථය කුමක්ද?

පිළිතුර


සර්වබලධාරි යන වචනය සෑදී ඇත්තේ “සියලූම” යන අර්ථය ඇති සර්ව යන්න සහ “බලය” යන අර්ථය ඇති බලධාරි යන්නත්ය. සර්වඥ සහ සර්වව්‍යාපී යන්නෙහි ගුණාංගත් සමගම එය අනුගමනය කරනු ලබන්නේ අප හොදින් දන්නා අයුරු දෙවියන්වහන්සේ අපරිමිත සහ ශ්‍රේෂ්ඨ නම් එහෙයින් උන්වහන්සේ සර්වබලධාරිත් විය යුතු බවය. උන්වහන්සේට සියල්ලම කෙරෙහි සෑම විටකම සහ සෑම ක්‍රමයක්ම කෙරෙහිත් බලය ඇත.

යෝබ් 42:2 හි යෝබ් දෙවියන්වහන්සේගේ බලය ගැන කථා කරනු ලැබුවේය: “ඔබවහන්සේට සියල්ලම පුළුවන් බවත් ඔබගේ කිසි අදහසක් වලක්වන්ට බැරි බවත් දනිමි.” දෙවියන්වහන්සේ විසින් උන්වහන්සේගේ සැළැසුම් ඉටු කිරීමට ඇති සර්වබලධාරිත්වය යෝබ් විසින් ඒත්තු ගන්වන ලදී. ඉශ්‍රායලිතයන් පිළිබද උන්වහන්සේගේ අභිමතාර්ථය සම්පූර්ණ කිරීමට බලය ඇති බව දෙවියන් වහන්සේ විසින් මෝසෙස්ටද මතක් කර දුන් සේක: දෙවියන්වහන්සේ මෝසෙස්ට පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේගේ අත කොට වී ඇත්ද? මා විසින් කියනු ලබන දේ ඉෂ්ට වේද නොවේද යන්න ඔබ විසින් දකින්ට යනවා ඇත.”

දෙවියන්වහන්සේගේ සර්වබලධාරිත්වය මැවිල්ල තුළ තරම් පැහැදිලිව දක්නට නොලැබේ. දෙවියන්වහන්සේ විසින් “වේවා” යයි ප්‍රකාශ කළ කල්හී එය එසේ වියග (ගීතාවලිය 1:3, 6, 9, ආදිය). යමක් බිහි කිරීම පිණිස මිනිසාට ආම්පන්න සහ ද්‍රව්‍යය අවශ්‍යයවේ; එහෙත් දෙවියන්වහන්සේ හුදෙක් කථා කළ විට උන් වහන්සේගේ වචන වල බලයෙන් කිසිවක් නොමැතිව සියල්ලම මවනු ලැබිනි. “ස්වාමින්ගේ වචනයෙන් ආකාශයද උන්වහන්සේගේ මුඛයේ හුස්මෙන් එහි සියලූ සේනාවද මවන ලද්දේය.” (ගීතාවලිය 33:6).

දෙවියන්වහන්සේගේ බලය උන්වහන්සේගේ මැවිල්ල සංරක්ෂණය තුළින් දක්නට මනුෂ්‍යයාගේ සහ සත්ත්වයාගේ රක්ෂිතයාණන් ලෙස එතුමාණන්ගේ බලය තුළින් ස්ථිර කරනු ලැබූ අලූත් කරනු ලබන සම්පත් කරණකොටගෙන අපට ආහාර, ඇඳුම් පැළඳුම් සහ නිවහන් ලෙස අවශ්‍යය වන සියල්ලෙහිම අඛණ්ඩ සැපයීමක් දෙවියන්වහන්සේ තුළින් නොවුයේ නම් මෙම පොළොවෙහි ඇති ජීවය පහවී යනු ඇත. (ගීතාවලිය 36:6) අපට කිසිඳු බලයක් නොමැති මෙම පොළොවෙහි වැඩි ප්‍රමාණයක් ආවරණය කරනු ලබන මුහුදට සීමාවක් දෙවියන්වහන්සේ තහනම් කරනු නොලැබූ සේක් නම් එය සම්පූර්ණයෙන්ම අපව යට කර දමනු ඇත (යෝබ් 38:8–11).

දෙවියන්වහන්සේගේ සර්වබලධාරිත්වය ආණ්ඩු සහ නායකයන් කෙරෙහිත් දිගු කරනු ලබන අතර (දානියෙල් 2:21), උන්වහන්සේගේ සැළැසුම් සහ අභිමතාර්ථයන් අනුව ඔවුන් තෝරාගත් මාර්ග වල ගමන් කිරීම එතුමන් විසින් මැඩ පවත්වනු ලබන සේක. සාතන් සහ ඔහුගේ යක්ෂයන් කෙරෙහි උන් වහන්සේගේ බලය සීමා නොවනු ලැබේ. යෝබ් කෙරෙහි වූ සාතන්ගේ පහර දීම සමහර ක්‍රියාවන් වලට පමණක් සීමා විය. දෙවියන්වහන්සේගේ අසීමිත බලය කරණකොටගෙන ඔහුව වළක්වනු ලැබින (යෝබ් 1:12, 2:6). සෑම බලයකින්ම යුක්තවූ දෙවියන්වහන්සේ ඉඩහැර නොතිබුනු සේක් නම් පිලාත්ට උන්වහන්සේ කෙරෙහි කිසිඳු බලයක් නොමැත බව යේසුස්වහන්සේ විසින් මතක් කර දෙනු ලැබූ සේක (යොහාන් 19:11).

සර්වබලධාරිත්වය කරණකොටගෙන දෙවියන්වහන්සේට සියල්ලම කළ හැකග උන්වහන්සේට යම් දෑ කිරීමට නොහැකි බව දේවවචනයේ පවසන විට ඉන් අදහස් වන්නේ දෙවියන්වහන්සේගේ සර්වබලධාරිත්වය නැතිවී ඇති බව නොනේ. උදාහරණයක් ලෙස හෙබ්‍රව් 6:18 හි පවසනු ලබන්නේ උන් වහන්සේට බොරු කිව නොහැකි බවය. ඉන් අදහස් වන්නේ බොරු කීමට දෙවියන්වහන්සේට බලයෙහි අඩුපාඩුවක් නොමැත නොව උන්වහන්සේගේ සදාචාර පරිපූර්ණත්වයට අනුගතව එසේ නොකිරීමට උන්වහන්සේ තෝරා ගෙන ඇත. ඒ ආකාරයෙන්ම උන්වහන්සේ සියලූ බලයෙන් යුක්තවී නපුරට ද්වේෂ කරන නමුත් එතුමාණෝ නපුර සිදු වීමට ඉඩ හරිනු ලබන්නේ උන් වහන්සේගේ යහපත් අභිමතයට අනුවය. උන්වහන්සේ විසින් සමහර දුෂ්ට සිද්ධීන්ට ඉඩ හරිනු ලබන්නේ උන්වහන්සේගේ අභිමතාර්ථයන් එනම් හටගත්තාවූ බලවත්ම දුෂ්ටකම්‍ සියල්ලම – පරිපූර්ණයන්, ශුද්ධවන්තයන් සහ අහිංසකයන් මිනිස් සංහතිය ගළවා ගැනීම පිණිස මරා දැමීම ආදිය ක්‍රමයෙන් එළිදරව් කිරීම සදහාය.

ශරීරයකින් යුක්තවූ දෙවියන්වහන්සේ එනම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සර්වබලධාරිය. උන්වහන්සේගේ බලය එතුමාණන් විසින් කරනු ලැබූ හාස්කම් තුළින් පිළිඹ්බු වේ ජ් උන්වහන්සේගේ අනේකවිධ සුව කිරීම්ල පන්දහසකට කන්න දීම (මාර්ක් 6:30–44) ල කුණාටුව නිශ්චල කිරීම (මාර්ක් 4:37–41). සහ උන්වහන්සේගේ බලයෙහි පර්යන්ත විදහා පෙන්වීම වූ ලාසරුස් සහ යායිරස්ගේ දියණියව මළවුන්ගේ නැගුටු වීම (යොහාන් 11:38–44) මාර්ක් 5:35–43) ආදිය ජීවනය සහ මරණය කෙරෙහි එතුමන්ගේ පාලනත්වය පිළිබද කදිම නිදසුනකි. යේසුස්වහන්සේගේ ඊමට පර්යන්ත හේතුව වූයේ මරණයයි – එනම් එය විනාශ කර දැමීමට (1 කොරින්ති 15:22, හෙබ්‍රව් 2:14– සහ පව්කරුවන්ව දෙවියන්වහන්සේ හා නිවැරදි සබදතාවයකට ගෙන ඒමටය. ස්වාමිවූ යේසුස්වහන්සේ විසින් පැහැදිලිව සදහන් කරනු ලැබුවේ උන් වහන්සේගේ ජීවිත පූජා කිරිමටත් එය නැවත ගැනීමටත් එතුමන්ට බලය ඇති බවයල මෙය දේවමාලිගය පිළිබදව කථා කරනු ලැබූ මොහොතේදී රූපාකාර කරනු ලැබූ කරුණකිග (යොහාන් 2:19), අවශ්‍යය වූයේ නම් උන්වහන්සේගේ නඩු විභාගය අවස්ථාවේදී උන්වහන්සේව ගළවා ගැනීම පිණිස දේවදූතයන් මහා සමුදාවක් කැදවීමට එතුමන්ට බලය තිබූ නමුත් (මතෙව් 26:53) අන්‍යයන් උදෙසා එතුමන්ගේ ජීවිතය නිහතමානිභාවයෙන් පුද කරනු ලැබූ සේක (පිලිප්පි 2:1–11)

බලවත් අභිරහස නම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් දෙවියන්වහන්සේ හා සමග එකාබද්ධවූ ඇදහිලිවන්තයන් මගින් මෙම බලය බෙදා හැරිය බවය. පාවුළු තුමා කියනුයේ එබැවින් ක්‍රිස්තුස්වහන්සේගේ ශක්තිය මා කෙරෙහි පිහිටන පිණිස මාගේ දුර්වලකම ගැන සන්තෝෂයෙන් පාරට්ටු කරන්නෙමි. (2 කොරින්ති 12:9 දෙවියන් වහන්සේගේ බලය බොහෝ වශයෙන් අප තුළ උසස් කරනු ලබන්නේ අපගේ දුර්වලකම් ඉතා බලවත්ම වන අවස්ථාරවේදී වන්නේ ඉතින් අප තුළ ක්‍රියා කරන්නාවූ බලයේ හැටියට අපි ඉල්ලන නොහොත් සිතන හැම දේට වඩා ඉතා අධික ලෙස කරන්ට බලය ඇත්තාවූ තැනන්වහන්සේටම, (එපීස 3:20) අපගේ පාපය තිබියදීත් කරුණානේ ස්වභාවයකින් අපව රදවාගෙන යනු ලබන්නේ දෙවියන්වහන්සේගේ බලය වන අතර (2 තිමොති 1:12), උන්වහන්සේගේ බලය තුළින් අපට වැටෙන්නට නොදී අපව රැකගනු ලබන සේක. (යූද් 24) උන්වහන්සේගේ බලය මුළු ස්වර්ගික සමූහය මගින් සදාකාලිත්වයටම ප්‍රකාශ කරනු ලැබු (එළිදරව් 19:1) මෙය අපගේ කෙළවර නොවන යාච්ඤාව වේවා! English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන්වහන්සේ සර්වබලධාරි යන්නෙහි අර්ථය කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries