settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන් වහන්සේට ඇදහිල්ල අවශ්‍යවන්නේ කුමක් නිසාද?

පිළිතුර


දෙවියන් වහන්සේ සමඟ අපගේ සහභාගිකම අන් අය හා සමඟ පවත්වන සභාගිකමට සමාන වන අතර මේ සියලු සහභාගිකම් වලට ඇදහිල්ල අවශ්‍ය වේ. කිසිම දිනක අපට පුද්ගලයෙක්ව මුළුමනින් දැන ගන්නට නොහැකිය. ඔවුන් අත් දකින සියළු දේ අපට අත් දකින්නට නොහැකිවා සේම ඔවුන්ගේ සිත් තුලට ඇතුළු වී ඔවුන් ගේ සිතිවිලි හා හැඟීම් දැනගන්නටද නොහැකි වේ. හිතෝපදේශ 14:10 මෙසේ පවසයි. "සිත තමාගේම ශෝකය දනියි. එහි ප්‍රීතියට අන්‍යයෙක් මැදි නොවෙයි". අප අපගේම හදවත පවා මුළුමනින්ම දැන ගැනීමට අපොහොසත් වේ. යෙරමියා 17:9 මෙසේ පවසයි. මනුෂ්‍යයාගේ හදවත දුෂ්ඨය රැවටිලිකාරය. "ඒක කාටදැනගන්න පුළුවන්ද"? තවත් ආකාරයකින් පවසන්නේ නම්, එවැනි වූ මනුෂ්‍ය හදවත තමාගේ දුෂ්ඨකම එහි ගැඹුරෙහි සඟවා තබා එහි අයිතිකරුවද රවටයි. මෙය අප සිදු කරනු ලබන්නේ චෝදනා නැඟිම, වැරදි හැසිරීම් රටාවන් යුක්ති සහගත කිරීම සහ පාපය කුඩාකොට දැක්වීම වැනි දෑ කරණකොට ගෙනය.

අන්‍යයන් සම්පූර්ණයෙන් දැනගැනීමට අප අපොහොසත් බැවින් යම් ප්‍රමාණයකට අවංකබව (විශ්වාසය) සියළු සහභාගිකම් වලදී අඛණ්ඩව පැවතිය යුතු අංගයක් වේ. උදාහරණයක් ලෙස, භාර්යාව රිය පදවන තම ස්වාමියා සමඟ වාහනයට ගොඩවන්නේ ශීත කාලයේ සාමාන්‍යයෙන් තමන් කැමති වේගයට වඩා වැඩි වේගයකින් රිය පැදවුවත් ආරක්‍ෂිතව රිය පදවයි යන විශ්වාසය ඇතුවය. සෑම අවස්ථාවකම ඉතා හොඳින් උනන්දුවෙන් යුතුව ඔහු ක්‍රියා කරනු ඇතැයි ඇය විශ්වාස කරයි. අපි අපගේ තොරතුරු අන් අය සමඟ බෙදා ගන්නේ, එම දැනගැන්ම කරණකොටගෙන කිසිදිනක අපව පාවා නොදෙනු ඇතැයි යන විශ්වාසය මතය. අප වාහන පදවන කල, පාරේ වාහන පදවන සියළු දෙනා මාර්ග නීති පිළිපදිනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමුව. අපට වෙනත් කෙනෙකු මුළුමනින් දැනගත නොහැකි බැවින් ආගන්තුකයන් වේවා, සමීපතම මිතුරන් වේවා, යහළුවන් වේවා අපගේ සහභාගිකම සඳහා විශ්වාසය අත්‍යවශ්‍ය සංඝටකයක් වේ.

සීමාසහිත වූ අපගේ සගයන් අපට මුළුමනින් දැන ගත නොහැකි නම් සීමාරහිත අපරිමිත දෙවියන් වහන්සේ මුළුමනින් දැන ගැන්මක් කෙසේ බලාපොරොත්තු විය හැකිද? තමන්වහන්සේව මුළුමනින්ම එළිදරව් කිරීමට එතුමාණන් කැමති වූවත්, එතුමාව මුළුමනින් දැනගැනීමට අපට නොහැකිය. එය මුළු මුහුද ගෙන (පෙනෙන ආකාරයට ප්‍රමාණයෙන් අසීමිත වූ) ගැලුමකින් හතරෙන් පංගුවක ජෝග්ගුවකට (සීමාසහිත) වත් කිරීමට තැත් කිරීම හා සමානය. එය කිසිසේත් කළ නොහැකි වේ. යමෙකු ගැන අපගේ දැනගැන්ම හා ඔවුන් ගේ චරිතය නිසාම අරුත් සහිත සහභාගිකමක් පැවැත්වීමට හැකිවා සේම, දෙවියන් වහන්සේද එතුමා ගැන සෑහෙන දේවල් මැවිල්ල කරනකොට ගෙන (රෝම 18:21) එතුමාගේ ලියන ලද වචනය වන බයිබලය කරණකොටගෙන (2 තිමොති 3:16-17, 2 පේත්‍රැස් 1:16-21) සහ එතුමාගේ පුත්‍රයා කරනකොට ගෙන (යොහාන් 14:9) එළිදරව් කර ඇති හෙයින් එතුමා සමඟද අරුත් සහිත සහභාගිකමකට ඇතුලත් විය හැක. නුමුත් මෙය සිදු විය හැක්කේ ක්‍රිස්තුස් වහන්සේව දැන හැඳින ගැනිමත් සමඟම කුරුසිය මත පාපයේ මිල ගෙවීම විශ්වාස කර, පාපය නැමැති බාධකය යමෙකුගේ බිඳලුවහොත් පමණි. මෙය අත්‍යාවශ්‍ය වේ. මක්නිසාද ආලෝකය සහ අන්ධකාරය යන දෙකටම එකට වාසය කරන්නට නොහැකිවා සේම පව්කාර මනුෂ්‍යයා ගේ පාපයේ මිල ගෙවා පාපය ඉවත් කරන ලද හොත් මිස ශුද්ධ වූ දෙවියන් වහන්සේටද පව්කාර මනුෂ්‍යයා සමඟද වාසය කිරීමට නොහැකිය. පාප රහිත දෙවියන් වහන්සේගේ පුත්‍රවූ යේසුස් වහන්සේ කුරුසිය මත දිවි පුදා අපගේ දඬුවම එතුමා මත ගෙන අපව වෙනස් කරනු ලැබුවේ, එතුමාණන් විශ්වාස කරන්නන්ට දෙවියන් වහන්සේගේ දරුවන් වී සදාකල් එතුමාණන්ගේ අභිමුඛයේ ජීවත්වන පිණිසය (යොහාන් 1:12, 2 කොරින්ති 5:21, 2 පේත්‍රැස් 3:18, රෝම 3:10-26).

අතීතයේදී දෙවියන් වහන්සේ මනුෂ්‍යයන්ට තමන් වහන්සේව දෘෂ්‍යමානාකාරයෙන් එළදරව් කළ අවස්ථා විය. මිසරයෙන් නික්මයාමේදී දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් පුත්‍රයන්ට කොතෙක් සළකනවාද යන්න එළිදරව් කරන ලද්දේ මිසරවරුවූන් ඊශ්‍රායෙල් දරුවන් වහල්කමින් නිදහස් කිරීමට කැමති වන තෙක් ආශ්චර්ය ජනක පීඩා එවීමෙනි. ඉන්පසුව දෙවියන් වහන්සේ රතු මුහුද විවරකර ආසන්න වශයෙන් දෙමිලියනයක පමණ සෙනඟට වියළි භුමිය මතින් යන්නට සැලැස්සවූ අතර, එම විවරවූ ස්ථානයෙන් මිසර හමුදාව ඔවුන් හඹා යන්නට උත්සාහ කළ අවස්ථාවේ එම වතුරම නැවත වතාවක් මිසර හමුදාව මත කඩා වැටෙන්නට සැලැස්සූ සේක (නික්මයාම 14:22-29). පසුව වනාන්තරයේදී ආශ්චර්ය ජනක ලෙස ඔවුන්ව මන්නා වලින් පෝෂණයකර දහවලේ වළාටැඹකින්ද, රාත්‍රියේ ගිනි ටැඹකින්ද තමන් ඔවුන් සමඟ වැඩ සිටින බව සනාථකරමින් දෘශ්‍යමාන ආකාරයෙන් තම සෙනඟ නියෝජනය කළ සේක.

නැවත,නැවත මෙවැනි ප්‍රේමයේ, මඟ පෙන්වීමේ සහ බලයේ නිරූපණයන් සිදු වුවද ඊශ්‍රායෙල් පුත්‍රයන් පොරොන්෿ුවේ දේශයට ඇතුල්වීම දෙවියන් වහන්සේගේ අවශ්‍යතාවය වුවිට ඔවුන් එතුමාව විශ්වාස කිරීම ප්‍රතික්‍ෂේප කළෝය. ඒ වෙනුවට මිනිසුන් දස දෙනෙකුගේ වචන, කථාන්දර, තාප්ප වලින් වැසුණ නගර, යෝධ මිනිසුන් වැනි දේ විශ්වාස කිරිම තෝරා ගෙන ඉන් බියට පත් වුණෝය (ගනන් කථාව 13:26-33). මෙම සිදුවීම් වලින් කියා පාන්නේ දෙවියන් වහන්සේ ගේ එළිදරව්වීම් සිදු වුවත්, අපට එතුමා ගැන විශ්වාසයක් ඇති කිරීමට ඉන් විශාල බලපෑමක් නොවන බවය. වර්තමානයේ දිවි ගෙවන මිනිසුන් අතර දෙවිදුන් මෙම ක්‍රියා සිදු කළේ නම් ඊශ්‍රායෙල් පුත්‍රයන්ට වඩා කිසිදු වෙනසක් අපගේ ප්‍රතිචාර තුළද නොවනු ඇත. මන්ද අපගේ පාපකාරී හදවත් ඔවුන් ගේ හදවත් හා සමානය.

බයිබලය, අනාගතයේදි සිදු වීමට නියමිත මහිමාන්විත ක්‍රිස්තුස් වහන්සේ ගේ පොළොවට පැමිනීම, යෙරුසලමේ සිට අවුරුදු 1000 පාලන කාලය ගැන කථා කරයි (එළිදරව් 20:1-10) එම ක්‍රිස්තුස් වහන්සේ ගේ රාජ්‍ය පාලන තන්ත්‍රයේදී තවත් බොහෝ දෙනෙකු ලොවට බිහි වනවා ඇත. එතුමාගේ පූර්ණ අධිපාලනය යටතේ යුක්තිය ධර්මිෂ්ඨකම තුලින් ලොව පාලනය වුවද අවුරුදු 1000 අවසානයේදී යක්‍ෂයා කිසිදු ප්‍රශ්ණයකින් තොරව ක්‍රිස්තුස් වහන්සේගේ පාලනයට විරුද්ධව කැරළිකාර හමුදාවක් නැගිටුවනවා ඇත. අනාගතයේ සිදුවීමට නියමිත සහ ස්‍රවර්ශය හෝ අතීතයේ සිදුවු නික්මයාම එළිදරව් කරන්නේ මනුෂ්‍යයාට ප්‍රමාණවත් ලෙස දෙවියන් වහන්සේ එළිදරව් නොදුන් බවක් නොවන අතර, ප්‍රශ්ණය ඇත්තේ පව්කාර මනුෂ්‍යයාගේ හදවත දෙවියන් වහන්සේගේ ප්‍රේමණීය පාලන තන්ත්‍රයට විරුද්ධව කැරළි ගැසීමයී. පව්කාරවූ අප ස්වයං පාලනයකට ආශා කරයි.

දෙවියන් වහන්සේ ගැන විශ්වාසයක් ඇති වන පිණිස එතුමාගේ ස්වභාවය ගැන අපට බොහෝ දේ එළිදරව් කර ඇත. ඉතිහාසයේ සිදුවීම් වලින්ද, ස්වභාව ධර්මය තුළ ක්‍රියාකාරකම් තුලින්ද, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය තුලින්ද, එතුමා සියලු බලැති, සියල්ල දත්, නුවණින් පූර්ණ වූ, අති ශුද්ධවූ, නොවෙනස් වන්නාවූ සදාකාලික දෙවියන් වහන්සේ බවට සනාථ කර ඇත. එමඟින් එතුමා විශ්වාස කිරීමට වැදගත් යෝග්‍ය බවද සුදුසු බවද පෙන්වා දී ඇත. නුමුත් ඊශ්‍රායෙල් පුත්‍රයන් වනාන්තරයේදී මෙන්ම, එතුමා විශ්වාස කිරීම හෝ නොකිරීම අපගේ තෝරා ගැනීම වේ. මෙසේ තෝරා ගැනීමට යොදා ගන්නේ දෙවියන් වහන්සේ ගැන අප සිතන දෙය හෝ දන්නා දෙය වේ. නිවරද්‍ය දෝෂ රහිත එතුමාගේ වචනය වන බයිබලය හරියාකාර හැදෑරීමක් තුළින් හා එහි ඇති එළිදරව් තුළින් හොඳාකාරවම එතුමාව දැන ගැනීමට හැකියාව තිබුනත් ඒ වෙනුවට තෝරා ගැන්මේදී අප යොමු වන්නේ දෙවියන් වහන්සේ ගැන අප දන්නා හෝ සිතනා දෙය වේ. දැනුත්, ස්වර්ගයෙහිදී පරිපූර්ණ ලෙසත් එතුමා සමඟ මිහිරි සහභාගිකමක් පවත්වන පිණිස පාපයෙන් අප ගලවන්නට පොළොවට පැමිණි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වන දෙවියන් වහන්සේ ගේ විශ්වාසනීය පුත්‍රයා කරණකොටගෙන දෙවියන් වහන්සේ පිළිබඳ දැන ගැන්මකට තවමත් ඔබ යොමුවී නැත්නම් සුපරික්‍ෂාකාරී බයිබල් අධ්‍යනයකට ආරම්භයක් දෙන්න. English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන් වහන්සේට ඇදහිල්ල අවශ්‍යවන්නේ කුමක් නිසාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries