settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන් වහන්සේ / බයිබලය නොඉවසන පක්‍ෂපාතිද?

පිළිතුර


ලිංගභේදය මත පහත්කොට තැකීම, තවත් ලිංගභේදයකි, සාමාන්‍යයෙන් පුරුෂ පක්‍ෂය අනෙක් ලිංගයේ අයව පාලනය කරයි, සාමාන්‍යයෙන් ස්ත්‍රීන්. බයිබලයේ බොහෝ පරිච්ඡේදවල සඳහන් කරනවා අලුත් මානසිකත්වයකින්, ගැඹුරෙන් වෙනස් කම් තෝරාගත යුතුය ස්ත්‍රීන් පිළිබඳව. නමුත් බයිබලයේ ක්‍රියාවක් විස්තර කරන කළ එය බයිබලය නියත වශයෙන්ම ස්තීර කරන බවටම අපට පැවසිය නොහැකි බව මතක තබා ගත යුතුය. බයිබලයේ පවසනවා පුරුෂයන් ස්ත්‍රීන්ට වස්තුවට වඩා ටිකක් වැඩියෙන් සලකන බව. නමුත් එය නිවැරදි යැයි ස්තීරද නොකරයි. බයිබලය අපගේ සමාජ මට්ටමින් එහාට අපව ගෙන යයි. දෙවියන් වහන්සේ දන්නවා වෙනස්වූ හදවතක් වෙනස්වූ හැසිරීමක් එලියට ගෙන එන බව.

පරණ ගිවිසුම කාලයේ සැබවින්ම වාගේ සියලුම සංස්කෘති මුලු ලෝකයේම පූජකතුමාගේ සැලැස්ම මත විය. ඒ ඓතිහාසික ප්‍රකාශයන් ඉතා පැහැදිලිය-ලියවිල්ලෙහි පමණක් නොව බොහෝ සමාජයන් තුළ තිබුනාවූ නීති වලින්ද පැහැදිලි වේ. නූතන ක්‍රම හා ලෞකික මනුෂ්‍ය දැක්ම තුළ එය “නොඉවස පක්‍ෂපාති.” දෙවියන් වහන්සේ සමාජයේ ක්‍රමය සැලසුම් කළා, මනුෂ්‍යයා නොව, ආධිපත්‍යයේ මූලධර්මයේ නිර්මාතෘද උන් වහන්සේය. කෙසේ වෙතත්, අන් සියලුදේ මෙන්ම වැටුනු මිනිසා මෙම සැලසුම අවුල් කිරීමට උත්සහා කර ඇත. එයට පිළිතුරු වශයෙන් ස්ත්‍රී පුරුෂ භේදය ඉතිහාසයේ පුරාවටම ඇති වුනේ. අපගේ ලෝකයේ ඇති තහනම හා වෙනස් ලෙස සැලකීම අළුත් දෙයක් නොවේ. එය මිනිසාගේ වැටීම හා පාපය හඳුන්වාදීමේ ප්‍රතිඵලයයි. එමනිසා, අපට නියත ලෙසින්ම කිව හැක නොඉවසන පක්‍ෂපාතිත්වය පාප‍ෙය් ප්‍රතිඵලයක් ලෙස. බයිබලයෙහි ඉදිරියටම යන එළිදරව්ව අපව නොඉවසන පක්‍ෂපාතිත්වයෙන් (ලිංගභේද) හා පාපිෂ්ඨ ක්‍රියා වලින් වලකයි.

දෙවියන් වහන්සේ විසින් නියම කරන ලද ආධිපත්‍ය හැසිරවීම ආත්මිකව සම තත්වයක ගෙනවිත් පවත්වාගෙන යාමට නම් අප සියල්ල කෙරෙහි අවධානය දිය යුතුය. අළුත් ගිවිසුම පරණ ගිවිසුම සම්පූර්ණ කරන අතර එහි අපට ආධිපත්‍යයට අවශ්‍ය නිවැරදි මූලධර්මයන් හා පාපයට සුවය, එනම් මුළු මිනිස් සංහතියේම රෝගයට සුවය ගැන සොයා ගත හැක, එසේම එහි ලිංගභේදයේ වෙනස් කමද පැහැදිලි කර දෙයි.

ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසිය මහත් සම කිරීමය. යොහන් 3:16 පවසනවා, “අදහගන්නා කවරෙකුවූවත්” එහි අර්ථය නම් සමාජයේ කිසිවෙකු අහක නොදමන බවයි. මානසික පුළුල්තත්වය, හෝ ලිංගභේද. එසේම ගලාති පොතෙහි පරිච්ඡේදයක අපට සොයා ගත හැක එහි පවසන දෙය නම් අපට ගැලවීම උදෙසා ඇති සම අවස්ථාව. “මක්නිසාද නුඹලා සියල්ලෝම ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇදහිල්ල කරණකොටගෙන දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය. මක්නිසාද නුඹලාගෙන් ක්‍රිස්තුස් වහන්සේ තුළට බව්තිස්ම කරනු ලැබූ සියල්ලෝ ක්‍රිස්තුස් වහන්සේ පැළඳ ගත්තෝය. නුඹලා සියල්ලන් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ එක්කෙනෙක්ව සිටින නිසා, යුදෙව්වෙක් හෝ ග්‍රීකයෙක් නැත්තේය, දාසයෙක් හෝ නිදාසයෙක් නැත්තේය, පුරුෂයෙක් හා ස්ත්‍රියෙක් නැත්තාහ” (ගලාති 3:26-28). කුරුසිය ළඟ ලිංගභේදයක් නැත.

බයිබලයට කිසිම නොඉවසන පක්‍ෂපාතිතත්වයක් නැත පාපයට එරෙහිව එය ස්ත්‍රී හෝ පුරුෂ හෝ වේවා. බයිබලය සියලු ආකාර පාපයන් වාර්ථා කරයි. වහල්කම, බැඳුම් හා මහත් වීරයන්ගේ වැටීම, තවමත් අපට එය පවසනවා දෙවියන් වහන්සේගේ සැලැස්මට පිටින් යාමේ පාපයට සුවය ලබා ගන්නේ කෙසේද කියා-දෙවියන් වහන්සේ සමග නිවැරදි සම්බන්ධතාවයක්. පරණ ගිවිසුම ඒ උත්තරීතර පූජාව බලාපොරොත්තුව සිටියා එසේම පාපයක් කළ සෑම අවස්තාවේදී පූජාවක් ඔප්පු කරනු ලැබුවා. ඉන් උගන්වනු ලැබුවේ දෙවියන් වහන්සේ සමග සමගි කිරීමක් අවශ්‍යව තිබුනු බවය. අළුත් ගිවිසුමේ “ලෝකයේ පාපය දුරු කරන බැටළු පැටවාණෝ” උපත ලබයි, මිය යයි, සොහොන් ගත කර නැවත නැගිටනු ලබයි, ඊට පසුව ස්වර්ගයේ උන් වහන්සේගේ ස්ථානයට ඔසවාගනු ලැබීය. එහි උන් වහන්සේ අප උදෙසා මැදහත්කාරකම් කරයි. උන් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමෙන් පාපයට සුවය ලබාගත හැකි වන්නේ ලිංගභේදය වැනි පාපයන්ටද එසේමය.

ලිංගභේදය හට ගැනීමට හේතුව බයිබලය පවසන පරිදි ලියවිල්ල ගැන දැනුම මදිකම වේ. ස්ත්‍රිය හෝ පුරුෂයා දෙවියන් වහන්සේ තමාට නියම කර ඇති ස්ථානය / තත්වය තේරුම් ගෙන “දෙවියන් වහන්සේ පැවසූ සේක” යැයි පවසා ඒ තුළ ජීවත් වුවහොත් ලිංගභේදයකින් තොරව ඔවුනට සමාන අයිතිවාසිකම් සමග ජීවත් විය හැක. එම සම තත්වය සමගින් තමයි දෙවියන් වහන්සේ ආරම්භ කළේ. උන් වහන්සේ අවසාන කරන්නේ එයින්මය. පාපය හේතුවෙන් වහටගත් සමහර දේවල් වලට අනවශ්‍ය අවධානයක් යොමු කර ඇත එහි මුල කුමක්දැයි සොයා නොබලා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන සැබෑවට දෙවියන් වහන්සේ සමග සමගි කිරීමට අප ඇතුව හොත් පමණක් සත්‍ය සමානත්වය අපට සොයා ගත හැක. “නුඹලා සැබෑව දැන ගන්නවා ඇත, සැබෑවද නුඹලා නිදහස් කරන්නේ යයි කීසේක” (යොහන් 8:32).

බයිබලයේ ස්ත්‍රි පුරුෂ භේදයකින් තොරව නොයෙක් තත්වයන් ගැන ඉදිරිපත් කර තිබීම ඉතා වැදගත්ය. එසේම බයිබලය ඉතා පැහැදිලිව පවසනවා පුරුෂයා සභාවේදී හා නිවසේදී නායකත්වය දැරිය යුතු බවට. එම හේතුව නිසා ස්ත්‍රිය පහත් තත්වයට වැටේද? නියත වශයෙන්ම නැත. මෙයින් ස්ත්‍රීන් බුද්ධි මට්ටමින් අඩු ලෙස සනාථ කරයිද? හැකියාවෙන් අඩු ලෙසට? හෝ දෙවියන් වහන්සේගේ ඇස් හමුවේ පහත් කෙනෙකු ලෙසද? සැබවින්ම නැත! එහි අදහස නම් අපගේ පව්කාර ලෝකයේ, පිළිවෙලක් හා ආධිපත්‍යයක් තිබිය යුතුය. උන් වහන්සේ එම ආධිපත්‍ය සකසා තිබෙන්නේ අපගේ යහපතට. ලිංගභේදය මේ දෙවියන් වහන්සේ දුන් තත්වය අවිනිත ලෙස පාවිච්චි කිරීමයි. එම චරිතයේ පැවැත්ම එය නොවේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන් වහන්සේ / බයිබලය නොඉවසන පක්‍ෂපාතිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries