settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන්වහන්සෙගේ අභිප්‍රාය යනු කුමක්ද?

පිළිතුර


දෙවියන්වහන්සේගේ අභිප්‍රාය පිළිබඳව කථා කරන විට බොහෝ මිනිසුන් එහි වෙනස් පැති තුනක් බයිබලය තුළ දකිති. පළමුවැන්න දෙවියන්වහන්සේගේ තීරණාත්මක, සර්වබලධාරි හෝ සැඟවුන අභිප්‍රාය වන අතර මෙය දෙවියන් වහන්සේගේ "අවසාන" අභිප්‍රායයි. දෙවියන්වහන්සේගේ අභිප්‍රායේ මෙම විශේෂ ලක්ෂණය එළිදරව් වන්නේ දෙවියන්වහන්සේගේ පරමාධිපත්‍යය හා දෙවියන් වහන්සේගේ ස්වරූපයේ අනෙකුත් ලක්ෂණ හඳුනා ගැනීමේදීය. දෙවියන්වහන්සේගේ අභිප්‍රාය පිළිබඳ මෙම මූලධර්මය යොමුවන්නේ දෙවියන්වහන්සේගේ උත්තරීතර නියමයෙන් සෑම දෙයක්ම සිදුවීමේ යථාර්තය වෙතය. වෙනත් වචනයකින් කියතොත් දෙවිය්වහන්සේගේ උත්තරීතර අභිප්‍රායෙන් පිටත සිදුවන කිසිවක් නොමැත. දෙවියන් වහන්සේඟේ අභිප්‍රාය පිළිබඳ මෙම ලක්ෂණය එපීස 1:11 වැනි පාඨවල දී දැක ගත හැකි අතර "දෙවියන්වහන්සේ පෙර නියම කරගත් සැලැස්ම ලෙස සියල්ල සිදු කරන්නේ ස්වකීය අභිප්‍රාය අනුව" බව එහිදී අප ඉගෙන ගන්නා අතර "ඔබට නොකළ හැකි කිසිවක් නොමැති බවත් මම දනිමි" යෝබ් 42:2. දෙවියන්වහන්සේගේ අභිප්‍රාය පිළිබද මෙම දැක්මට පදනම වී ඇත්තේ දෙවියන්වහන්සේ සර්වබලධාරිත්වය හා උන්වහන්සේගේ අභිප්‍රාය කිසිදින නිෂ්ඵල විය නොහැකි සත්‍යයයි. උන්වහන්සේගේ පාලනය ඉක්මවා කිසිවක් සිදුවන්නේ නැත.

උන්වහන්සේගේ සර්වබලධාරි අභිප්‍රාය පිළිබඳ මෙම අවබෝධයෙන් සියලු දේ සිදුවන්නේ දෙවියන්වහන්සේගේ සැලසුමට යැයි අදහස් කරන්නේ නැත. එය සත්තකින්ම පිළිගන්නේ උන්වහන්සේ සර්වබලධාරි බැවින් සිදුවන්නට යන දේ සිදුවීමට අවම වශයෙන් අවකාශය ලබාදීම හෝ ඉඩ හැරීම උන්වහන්සේ විසින් කළ යුතු බවයි. දෙවියන්වහන්සේ විසින් යම් සිදුවීම් වලට විරෝධතාවයක් නොදක්වා ඉඩ හරිනු ලබන්නේ උන්වහන්සේ විසින් එසේ ඉඩ හැරීමට තෝරාගත යුතු බැවින් හා සෑම වේලාවකදීම මැදිහත්වීමට උන්වහන්සේට බලය හා හිමිකම ඇති බැවින් බව දෙවියන්වහන්සේගේ අභිප්‍රාය පිළිබඳ මෙම ලක්ෂණය පිළිගනියි. මෙලොව කටයුතුවලට ඉඩ හැරීම හෝ නැවතීම පිළිබඳව දෙවියන්වහන්සේට ඕනෑම මොහොතකද තීරණය කළ හැකිය. එබැවින් උන්වහන්සේ සිදුවීම් වලට ඉඩ හරින කල උන්වහන්සේ මෙම වචනයට අනුව ඒවා "තීරණය කර ඇත".

දෙවියන්වහන්සේගේ සර්වබල්‍රධාරි අභිප්‍රාය ඉෂ්ට වන තුරු බොහෝවිට එය අපෙන් සැඟවී තිබෙන අතර උන්වහන්සේගේ අභිප්‍රායේ තවත් ලක්ෂණයක් තිබෙන අතර එය අපට සරලය: එනම් උන්වහන්සේගේ දර්ශනය හෝ එළිදරව් කරන ලද අභිප්‍රායයි. නමින් හඟවන ආකාරයට දෙවියන්වහන්සේගේ අභිප්‍රායේ මෙම ලක්ෂණයේ අර්ථය වන්නේ දෙවියන්වහන්සේගේ අභිප්‍රායේ සමහර ඳේ බයිබලය තුළින් ඵළිදරව් කිරීමට උන්වහන්සේ තෝරාගෙන ඇතිබවයි. දෙවියන් වහන්සේගේ සෘජු අභිප්‍රාය වන්නේ අප කළ යුත්තේ කුමක්ද නොකළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳ දෙවියන් වහන්සේගේ ප්‍රකාශිත අභිප්‍රායයි. උදාහරණයක් වශයෙන් දෙවියන්වහන්සේගේ එළිදරව් කරන ලද අභිප්‍රාය වන්නේ අප සොරකම් නොකිරීම, අපගේ සතුරන් හට ප්‍රේම කිරීම, අපගේ පව් වලට පසුතැවීම, මෙන්ම උන්වහන්සේ සුවිශුද්ධ බැවින් අපද ශුද්ධවත්වීමය. උන්වහන්සේගේ වචනයේ මෙන්ම උන්වහන්සේගේ සදාචාරාත්මක ධර්මය අපගේ හදවත් තුළ ලියමින් අපගේ සිහිබුද්ධියේද දෙවියන්වහන්සේගේ අභිප්‍රායේ මෙම මූලධර්මය එළිදරව්කර ඇත. ශුද්ධලියවිල්ලේ හෝ අපගේ හදවත් තුළ ස්ථාපනය කර ඇති දෙවියන්වහන්සේගේ ධර්මතාවයන් හා අප බැඳ් ඇති අතර ඒවාට පටහැනිව කටයුතු කළ විට අප එයට වගකිව යුතුය.

දෙවියන්වහන්සේගේ අභිප්‍රායේ මෙම ලක්ෂණය අවබෝධ කරගත් විට පිළිගනු ලබන්නේ දෙවියන්වහන්සේගේ ආඥාවන්ට අකීකරු වීමට අපට ශක්තිය හා හැකියාව තිබෙන නමුත් එසේ කිරීමට අපට හිමිකමක් නොමැති බවයි. එබැවින් අපගේ පාපයට නිදහසට කරුණු කීමට ඉඩක් නොමැති අතර පව් කිරීමට තෝරා ගැනීමෙන් අප නිරායාශයෙන් දෙවියන්වහන්සේගේ සර්වබලධාරි ආඥාව හෝ අභිප්‍රාය ඉටු කරනවා යැයි අපට පැවසීමට නොහැකිය. ජුදාස් විසින් ක්‍රිස්තුස්වහන්සේ පාවාදීමෙන් මෙන්ම රෝමානුවන් විසින් උන්වහන්සේ කුරුසිපත් කිරීමෙන් ඔවුන් දෙවියන්චහන්සේගේ සර්වබලධාරි අභිප්‍රාය සම්පූර්ණ කළ නමුත් එයින් ඔවුන්ගේ පාප නිවැරදි වන්නේ නැත. නපුරු කමින් හා ද්‍රෝහි බවින් ඔවුන්ඟේ කිසි අඩුවක් නොවූ අතර ක්‍රිස්තුස් වහන්සේව ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ඔවුන් වරදකරුවන් විය (ක්‍රියා 4:27-28). උන්වහන්සේගේ සර්වබලධාරි අභිප්‍රාය හේතුවෙන් දෙවියන්වහන්සේ පාපයක් සිදුව්මට ඉඩ හැරියා හෝ අවසර දුන්නද, එම පාපයට අප උන්වහන්සේට වගකිව යුතුය.

බයිබලය තුළ අප දකින දෙවියන්වහන්සේගේ අභිප්‍රායේ තුන්වන ලක්ෂණය වන්නේ දෙවියන්වහන්සේගේ උදාර හා ශ්‍රේෂ්ඨ අභිප්‍රායයි. මෙම මූලධර්මය දෙවියන් වහන්සේගේ හැඟීම් විස්තර කරමින් උන්වහන්සේ ප්‍රිය කරන දේ පැහැදිලි කරයි. උදාහරණයක් වශයෙන් දුෂ්ටයන්ගේ මරණය පිළිබඳව දෙවියන්වහන්සේ කිසිදු සතුටක් නොලබන බව පැහැදිලි වන අතරම උන්වහන්සේ විසින් ඔවුන්ගේ මරණය නියම කිරීම හෝ තීන්දු කිරීම පැහැදිලිය. දෙවියන්වහන්සේ සතුටක් දක්වන හා සතුටක් නොදක්වන පෙන්වා දෙන දෙවියන්වහන්සේගේ අභිප්‍රායේ මෙම මූලුධර්මය ශුද්ධ ලියවිල්ලේ පාඨ බොහොමයක් තුළ එළිදරව් වී ඇත. උදාහරණයක් වශයෙන් 1 තිමෝති 2:4 දී අප දකින්නේ සියලු මනුෂ්‍යයින් ගැලවීම ලබා සත්‍යය අවබෝධ කර ගැනීම දෙවියන්වහන්සේගේ අභිමතය බව වන නමුත් දෙවියන්වහන්සේගේ සර්වබලධාරි අභිප්‍රාය වන්නේ "අවසාන දිනයේදී උත්ථානයයි" (යොහාන් 6:44).

අපගේ ජීවිත සඳහා වූ දෙවියන්වහන්සේගේ "අභිප්‍රාය" සෙවීමේදී අප ප්‍රවේසම් නොවුනහොත්, පහසුවෙන් කනස්සල්ලු ස්වභාවයකට පත්වීම හෝ උමතුවෙන් සොයන තත්වයකට පවා පත්විය හැකිය. කෙසේ වෙතත් උන්වහන්සේගේ රහස්‍ය, සැඟවුන හෝ තීරණාත්මක අභිප්‍රාය අප සොයන්නේ නම් එය අප කරන මෝඩ ගවේෂණයකි. උන්වහන්සේගේ අභිප්‍රායේ දර්ශනය අප වෙත එළිදරව් කිරීමට දෙවියන්වහන්සේ තෝරාගෙන නොමැත. අප සොයා දැනගත යුත්තේ දෙවියන්වහන්සේගේ දර්ශනය හෝ එළිදරව් කරන ලද අභිප්‍රායයි. අධ්‍යාත්මික ශුද්ධත්වයේ සැබෑ මිම්ම වන්නේ ශුද්ධ ලියවිල්ලේ එළිදරව් කරන ලද දෙවියන්වහන්සේගේ අභිප්‍රාය දැන ගැනීමට හා ඒ අනුව ජීවත් වීමට උත්සුක වීම මෙන්ම සංක්ෂිප්තව කියතොත් "උන්වහන්සේ මෙන්ම ශුද්ධවත්වීම" (1 පේත්‍රුස් 1:15-16). අපගේ වගකීම වන්නේ දෙවියන් වහන්සේගේ එළිදරව් වූ අභිප්‍රායට කීකරු වීම මිස අප උදෙසා වන උන් වහන්සේගේ සැඟවුන අභිප්‍රාය කුමක් වේදැයි අනුමාන කිරීම නොවේ. "ශුද්ධාත්ම මගපෙන්වීම" අප සෙවිය යුතු අතර ධර්මිෂ්ඨත්වය කරා අප මෙහෙයවමින් ක්‍රිස්තුස්වහන්සේගේ ස්වරූපයට අප සමාන වී දෙවියන්වහන්සේ මහිමයට පත්වන ජීවිත අප ගත කරනු පිණිස මූලිකවම මෙහෙයවන්නේ ශුදධාත්මයාණන් වහන්සේ බව අප කිසිවිටෙක ජීවත්වන ලෙස දෙවියන් වහන්සේ අපව කැඳවන සේක.

අපගේ ජීවිතවල ප්‍රධාන ඉලක්කය විය යුත්තේ උන්වහන්සේගේ එළිදරව් වූ අභිප්‍රාය අනුව ජීවත්වීමය. අපගේ සේවය නම් "ශරීර දෙවියන්වහන්සේට පිළිගත හැකි ශුද්ධ හා ජීවමාන යාග පූජා ලෙස" පුද කරන ලෙස රෝම 12:1-2 මෙම සත්‍යතාව සාරංශගත කරයි. දෙවියන්වහන්සේගේ අභිප්‍රාය දැන ගැනීම සඳහා දේව වචනය තුළ අප කිමිදෙමින් අපගේ මනස එහි පොඟවමින් අපගේ මනස ප්‍රකෘතිමත් කිරීම තුළින් අපව වෙනස් කරන මෙන් ශුද්ධාත්මයාණන් වහන්සේට යාච්ඤා කිරීමෙන් යහපත්, පිළිගත හැකි ශ්‍රේෂ්ඨ ප්‍රතිඵලය වන්නේ දෙවියන්වහන්සේගේ අභිප්‍රායයි. English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන්වහන්සෙගේ අභිප්‍රාය යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries