settings icon
share icon
ප්‍රශ්නය

ඡේ ඊ ඩී පි න්‍යාය යනු කුමක්ද?

පිළිතුර


පංච පුස්තකය ක්‍රි. පූ. 1451 මිය ගිය මෝසෙස් විසින් පමණක් නොව ඔහුට පසු ජීවත් වූ විවිධ කතෘවරුන් /අනුගාමිකයන් විසින් ලියන ලදැයි ඡේ ඊ ඩී පි න්‍යාය සැකෙවින් පවසයි. පංච පුස්තකයේ විවිධ කොටස් වල දෙවියන්වහන්සේ හැඳින්වීම සඳහා වෙනස් නාමයන් භාවිත කිරීම මෙන්ම කැපී පෙනෙන භාෂාමය වෙනස්කම් මෙම න්‍යායට පදනමි වී ඇත. ඡේ ඊ ඩී පි න්‍යායෙන් අනුමාන කරනු ලබන කතෘවරුන් සිවිදෙනා නම් දෙවියන්වහන්සේ හැඳින්වීම සඳහා "ජෙහෝවා" නාමය යොදාගත් කතෘවරයා, දෙවියන්වහන්සේ හැඳින්වීම සඳහා "එලොහිම්" නාමය යොදාගත් කතෘවරයා, ද්වීතීය කථාවේ කතෘවරයා සහ ලෙවී කථාවේ පූජක කතෘවරයාය. ක්‍රි. පූ. 4 වෙනි ශතවර්ෂයේ ජීවත් වූ එස්රා විසින් පංච පුස්තකය බොහෝ විට ගොනු කරන්නට ඇති බව ඡේ ඊ ඩී පි න්‍යාය තවදුරටත් පවසයි.

එසේ නම් එක් කතෘවරයෙක් විසින් ලියන ලද පොත් වල දෙවියන්වහන්සේ හැඳින්වීම සඳහා විවිධ නම් භාවිත කර ඇත්තේ මන්ද? උදාහරණයක් වශයෙන් උත්පත්ති 1 වෙනි පරිච්ඡේදයේ එලොහිම් නාමය භාවිත කරන අතර උත්පත්ති 2 වෙනි පරිච්ඡේදයේ යාවේ නාමය භාවිත කරයි. මෙවැනි නිදර්ශන පංච පුස්තකයේ බොහෝවිට දක්නට ඇත. පිළිතුර සරලය. මොසෙස් දෙවියන්වහන්සේගේ නාමයන් යොදාගත්තේ යමක් පැහැදිලි කිරීමටය. උත්පත්ති 1 වෙනි පරිච්ඡේදයේ දෙවියන්වහන්සේ බලවන්ත මැවුම්කාර එලොහිම් දෙවියන්වහන්සේය. උත්පත්ති 2 වෙනි පරිච්ඡේදයේ දෙවියන්වහන්සේ, මනුෂ්‍යා නිර්මාණය කරමින් මනුෂ්‍යත්වයට ලෙන්ගතු වූ යාවේ දෙවියන්වහන්සේය. මෙයින් අවධානය යොමු කරන්නේ විවිධ කතෘවරුන් දෙසට නොව දෙවියන්වහන්සේගේ චරිතයේ විවිධ පැතිකඩ අනාවරණය කිරීම සඳහා විවිධ නාමයන් යොදාගත් එක් කතෘවරයෙක් දෙසටය.

විවිධ රටාවන් සම්බන්ධයේදී, ඕනෑම කතෘවරයෙක් ඉතිහාසය (උත්පත්ති), ව්‍යවස්ථා අණපනත් (නික්මයාම, ද්වීතීය කථාව) සහ යාග සම්ප්‍රදායේ ගැඹුරු විස්තර (ලෙවී කථාව) රවනා කිරීමේදී විවිධ රටාවන් භාවිතා කරන බව අප අපේක්ෂා කළ යුතු නොවේද? පංච පුස්තකයේ විස්තර කළ හැකි වෙනස්කම් උපුටා ගනිමින් යථාර්තයේ හෝ ඉතිහාසයේ පදනමක් නොමැති න්‍යායක් නිර්මාණය කරමින් විස්තර කරයි. ඡේ, ඊ, ඩී, හෝ පි ලේඛණයක් කෙදිනකවත් සොයාගෙන නැත. කිසිම පැරණි යුදෙව් හෝ කිතුණු විද්වතෙක් එවැනි ලේඛණ තිබෙන බවට ඉඟියක් හෝ ඳී නොමැත.

ඡේ ඊ ඩී පි න්‍යායට එරෙහි වඩාත් බලවත් තර්කය ඇත්තේ බයිබලයේමය. "මිය ගිය අය නැවත නැගිටුවනු ලබන බව මෝසෙස්ගේ ලියවිල්ලෙහි සඳහන් කටු පඳුර අසල සිද්ධියෙන් පැහැදිලි වෙනවා. ඒ ගැන ඔබ කියවා නැද්ද? එම වාර්ථාවේ මම ආබ්‍රහම්ගේද ඊසාක්ගේද යාකෝබ්ගේද දෙවිය කියා දෙවියන්වහන්සේ මෝසෙස්ට කී සේක" යැයි මාක් 12:26 දී යේසුස්වහන්සේ පැවසූ සේක. එබැවින් නික්මයාම 3:1-3 හි ගිනිගත් කටු පඳුර පිළිබඳව මෝසෙස් විසින් ලියන ලද බව යේසුස්වහන්සේ පැහැදලිව පවසයි. ද්වීතීය කථාවේ 18:15 කොටසෙහි කතෘවරයා වන මෝසෙස්ට ක්‍රියා 3:22 හිදී ලූක් ප්‍රශංසා කරයි. ලෙවී කථාවේ 18:5 හිදී මෝසෙස් විසින් පැහැදිලි කරනු ලබන ධර්මිෂ්ඨකම පිළිබඳව රෝම 10:5 දී පාවුළු කථා කරයි. එබැවින් ලෙවී කථාවේ කතෘ මෝසෙස් බව පාවුළු සාක්ෂි දරයි. නික්මයාමේ කතෘ මෝසෙස් බව යේසුස් වහන්සේත්, ද්වීතීය කථාව ලීවේ මෝසෙස් බව (ක්‍රියා පොතේ) පෙන්වීමට ලූක් හා ලෙවී කථාවේ කතෘ මෝසෙස් බව පැවසීමට පාවුළුද අපට දැන් ඇත. ඡේ ඊ ඩී පි න්‍යාය සත්‍යයක් වීමට නම් එක්කෝ යේසුස්වහන්සේ, ලූක් සහ පාවුළු බොරුකාරයන් විය යුතුය නැත්නම් පැරණි ගිවිසුම වරදවා අවබෝධ කරගෙන ඇත. හාස්‍යජනක හා පදනම් විරහිත ඡේ ඊ ඩී පි න්‍යාය වෙනුවට යේසුස්වහන්සේ හා ශුද්ධ ලියවිල්ලේ මනුෂ්‍ය කතෘවරු කෙරෙහි අපගේ විශ්වාසය තබමු (2 තිමෝති 3:16-17).

English



නැවතත් සිංහල මුල් පිටුවට

ඡේ ඊ ඩී පි න්‍යාය යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries