settings icon
share icon
ප්‍රශ්නය

යේසුස් වහන්සේ විවාහකද?

පිළිතුර


නිසැකයෙන්ම යේසුස් වහන්සේ අවිවාහකයි. අද බොහෝ කොට අය පවසනවා (මත තිබෙනවා) යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මග්දලායේ මරියා සමග විවාහවූ බවට. මෙම මතය නිසැකවම අසත්‍යයක් හා පදනම් විරහිතය. එයිට දේවධර්මානුකුල, ඓතිහාසික හෝ බයිබලානුකුල පදනමක්ද නැත. පුරාණ දර්ශනවාදි ශුභාරංචිවල පවසනවා මග්දලායේ මරියා සමග කිට්ටු සබඳකමක් යේසුස් වහන්සේට තිබුන බවට. නමුත් ඉන් එකකවත් යේසුස් වහන්සේ මග්දලායේ මරියා සමග විවාහ වූවක් සඳහන් නොකරයි. එසේම උන් වහන්සේත් ඇයත් සමග කිසිඳු ප්‍රේමාන්විත තත්වයක් නොතිබුන බවට. ඉන් සමහරෙක් පවසන්නේ යේසුස් වහන්සේ මග්දලායේ මරියාව සිපගත් බවට. එය “මිත්‍රත්වයේ සිඹීමක්” ලෙසට වේ. ඉදිරියටත්, එම පුරාණ කිතුනු දර්ශනවාදීන් යේසුස් වහන්සේ මග්දලායේ මරියාට විවාහවී සිටියා යැයි පැවසීමට ඔවුනට අයිතියක් / බලයක් නැත. මන්ද පුරාණ දර්ශනයන් සියල්ල යේසුස් වහන්සේ පිළිබඳ අදහස් අලුතෙන් ගොතපු දෙයක් ලෙසට ඔප්පුවී ඇත.

යේසුස් වහන්සේ විවාහක නම්, බයිබලය අපට එය පවසා ඇත. එසේත් නැත්නම් ඒ පිළිබඳව කෙසේ හෝ අනාවරණය කර තිබීම දක්නට ලැබෙන්ට අවශ්‍යයි. කිසිම විටක එවැනි වැදගත් සිදුවීමක් ලියවිල්ලෙහි නොපවසා නොසිටන්නේය. බයිබලයෙහි යේසුස් වහන්සේගේ මව, සුරැකි පියා, අර්ධ සහෝදර සහෝදරියන් ගැන පවසයි. එසේ නම් ඇයි යේසුස් වහන්සේ විවාහකව භාර්යාවක් සිටියා නම් ඇය පිළිබඳව නොපවසා ඇත්තේ ඇයි? උන් වහන්සේ විවාහකයි පවසන අය එසේ පවසන්නේ උන් වහන්සේව “අපහස” කරන හේතුවෙනි, උන් වහන්සේව සාමාන්‍ය මනුෂ්‍යයෙකු ලෙස ඉදිරිපත් කිරීමට, අනෙක් අයගේ ගණයට උන් වහනාසේව ඇද දැමීමට ඔවුන් දරණ උත්සහය වේ. සරළම දෙය නම් යේසුස් වහන්සේ නම් දෙවියන් වහන්සේ මාංශවත් වීම බව නොපිළි ගැනීමයි (යොහන් 1:1; 14; 10:30). එමනිසා ඔවුන් යේසුස් වහන්සේ විවාහකයි යන මතය විශ්වාස කරන අතර උන් වහන්සේට දරුවෝ සිටි බවත් උන් වහන්සේ සාමාන්‍ය මනුෂ්‍යයෙකු ලෙසට හඳුන්වාදීමට උත්සහා දරයි.

යෞගික ප්‍රශ්නය නම් “යේසුස් වහන්සේට විවාහ වීමට හැකිද යන්න?” විවාහ වීම පාපයක් නොවේ. විවාහය තුළ ලිංගික සම්බන්ධතාවය පාපයක් නොවේ. ඉතින්, යේසුස් වහන්සේට අවශ්‍ය නම් විවාහ වෙලා තවමත් පාපය රහිත දෙවියන් වහන්සේගේ බැටළුපැටවාණෝ හා ලෝකයේ ගැලවුම්කරුවා ලෙසට සිටීමට හැකිවනු ඇත. එම අවස්ථාවේදීම, බයිබලයට අනුකුල යේසුස් වහන්සේට කිසිම හේතුවක් නැත. මේ තර්කය තුළ කාරණය එය නොවේ. උන් වහන්සේ විවාහකයි පවසන අය උන් වහන්සේ පාපය රහිත බව නොපිළිගනී. එසේත් නැතිනම් උන් වහන්සේ මෙසියස් වහන්සේ බවද නොපිළිගනී. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ පොළොවට එවනු ලැබුවේ විවාහවී දරුවන් ලැබීමට නොවේ. මාර්ක් 10:45 අපට පවසනවා යේසුස් වහන්සේ පැමිණීමට හේතුව කුමක්ද කියා “සැබවින් නමනුෂ්‍ය පුත්‍රයා සේවය ලබන්ට නොව සේවය කරන්ටද බොහෝ දෙනෙකු උදෙසා මිදීමේ මිලයක් කොට තමාගේ ජීවිතය දෙන්ටද ආයේය.”

English



නැවතත් සිංහල මුල් පිටුවට

යේසුස් වහන්සේ විවාහකද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries