settings icon
share icon
ප්‍රශ්නය

මනුෂ්‍යත්වය යුදෙව්වන් සහ විජාතීන් (අන්‍යජාතීන්) ලෙස වෙන් කිරීම සිදු වූයේ කවදාද?

පිළිතුර


යුදෙව්වන් සහ විජාතීන් (අන්‍යජාතීන්) වෙන් වූ කාලය පිළිබඳව සෘජු සඳහනක් නොතිබුණද, මූලික චින්තන රේඛා දෙකක් තිබේ. පළමුව, සමහරුන් සලකන්නේ ආදම් සහ ඒවගෙන් පැවත එන්නන් සමඟ සිදු වන වෙන්වීමයි. මෙම මතයට අනුව, සෙත්ගේ තෝරාගත් රේඛාව සෑම විටම සෙසු මානව වර්ගයන්ගෙන් වෙන් විය. එමනිසා, සෙත්ගෙන් පැවත එන්නන් “යුදෙව්වන්” ලෙස සලකනු ලැබූ අතර අනෙකුත් මනුෂ්‍ය වර්ගයා අන්‍යජාතිකයන් ලෙස සලකනු ලැබීය. දෙවනුව, ඇතැමුන් සලකන්නේ යුදෙව්වන් සහ අන්‍යජාතිකයන් වෙන්වීම, දෙවියන්වහන්සේ තම තෝරාගත් ජාතියේ පියා ලෙස ආබ්‍රහම්ව නිල වශයෙන් තෝරාගත් විට, ආබ්‍රහම් සමඟ සිදු වූවක් ලෙසය.

සෑම විටම තෝරාගත් පෙළපතක් තිබූ බව පැහැදිලිය. ආදම් සහ ඒවගෙන් පැවත එන අනෙකුත් සියලුම දෙනා නොසලකා හරිමින්, උත්පත්ති පොතේ සෙත්ගේ පෙළපත පමණක් (කායින්ගේ පෙළපත් කෙටියෙන් සඳහන් කර ඇතත්) ලබා දීමෙන් මෙය පැහැදිලි වේ. සෙත්ගේ පෙළපත නෝවා (උත්පත්ති 5), පසුව ආබ්‍රහම් (උත්පත්ති 11), පසුව යාකොබ්ගේ පුතුන් 12 (නික්මයාම 1), ඉන්පසු යූදාහි සියලුම රජවරුන්ගේ (1 සහ 2 රජවරුන්) දක්වා දිව යයි. අපි යේසුස්වහන්සේගේ කාලයට පැමිණෙන විට, තෝරාගත් සෙත්ගේ පෙළපත මෙසියස්ගේවහන්සේගේ උපතේදී එහි අවසාන ඉලක්කය කරා ළඟා වේ (මතෙව් 1; ලූක් 3). ඉතින්, ඔව්, සෑම විටම තෝරාගත් රේඛාවක් තිබුනා, නමුත් සෑම විටම යුදෙව්වන් සහ විජාතීන්ගේ වෙන්වීමක් ඇති බව එයින් අදහස් නොවේ. ආබ්‍රහම්ගේ කාලය දක්වා, පසුව මෝසෙස්ගේ කාලයේ සම්පූර්ණයෙන් ගෙනහැර දක්වා ඇති අතර, තෝරාගත් රේඛාවට සෙසු මනුෂ්‍ය වර්ගයා සමඟ විවාහ නොවන ලෙස අණ කළේ නැත.

එසේ නම්, දෙවියන්වහන්සේ තමන් තෝරාගත් ජාතිය වන ඊශ්‍රායලයේ පියා ලෙස ආබ්‍රහම්ව කැඳවන තෙක් යුදෙව්වන් සහ විජාතීන්ගේ විධිමත් වෙන්වීමක් සිදු නොවූ බව පෙනේ (උත්පත්ති 12). ජුදා ගෝත්‍රය (“යුදෙව්”-දා) ප්‍රමුඛ වූ විට, පිටුවහල් කිරීමෙන් පසු ආපසු එන තෙක් නිශ්චිත යුදෙව් යන යෙදුම භාවිතයට නොපැමිණි නමුත් බොහෝ අය සලකන්නේ පළමු යුදෙව්වා ලෙසය. කෙසේ වෙතත්, ආබ්‍රහම්ගේ පුත් ඉෂ්මායෙල් තෝරාගත් පෙළපතට අයත් නොවූ නිසාත්, ආබ්‍රහම්ගේ මුනුපුරා වූ ඒසව් තෝරාගත් පෙළපතට අයත් නොවූ නිසාත්, යුදෙව්වන් අන්‍යජාතිකයන්ගෙන් බෙදීම වඩාත් නිවැරදිව ස්ථානගත කිරීම දෙවියන්වහන්සේ විසින් ඊශ්‍රායෙල් ලෙස වෙනස් කරන ලද යාකොබ් සමඟ වනු ඇත. උත්පත්ති 32:28). යාකොබ්ගෙන් පැවත එන සියලුම දෙනා, ඔහුගේ පුතුන් 12 දෙනා (ඊශ්‍රායෙල් ගෝත්‍ර 12හි පියවරුන්) හරහා, දෙවියන් වහන්සේ විසින් තෝරාගත් ජාතියේ සාමාජිකයන් විය. එබැවින්, යුදෙව්වන් සහ විජාතීන්ගේ බෙදීම ඊශ්‍රායෙලයේ පියා වන යාකොබ් වෙත තැබීම වඩාත් බයිබලානුකුලව නිවැරදි බව පෙනේ.

යුදෙව්වන් අන්‍යජාතිකයන්ගෙන් වෙන් කිරීමේ දෙවියන්වහන්සේගේ අරමුණ කුමක්ද? යුදෙව්වන් සඳහා දෙවියන්වහන්සේගේ ආශාව වූයේ ඔවුන් මුළු ලෝකයටම ආශීර්වාදයක් වීමයි (උත්පත්ති 12:2-3). ඔවුන් උන් වහන්සේ ගැන අන්‍යජාතීන්ට ඉගැන්විය යුතු විය (ක්‍රියා 13:46-47). ඊශ්‍රායලය ලෝකයට පූජකයන්, අනාගතවක්තෘවරුන් සහ මිෂනාරිවරුන්ගෙන් යුත් ජාතියක් විය යුතුය (නික්මයාම 19:4-6). දෙවියන්වහන්සේගේ අභිප්‍රාය වූයේ ඊශ්‍රායලය වෙනස් සෙනඟක් වීම, අන්‍යයන් දෙවියන්වහන්සේ දෙසට යොමු කළ ජාතියක් වීම සහ මිදුම්කරුවෙකු, මෙසියස් සහ ගැලවුම්කරුවාගේ පොරොන්දුව ලබා දීම (ද්විතීය කථාව 26:18-19; ගලාති 3:23-24).

English



නැවතත් සිංහල මුල් පිටුවට

මනුෂ්‍යත්වය යුදෙව්වන් සහ විජාතීන් (අන්‍යජාතීන්) ලෙස වෙන් කිරීම සිදු වූයේ කවදාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries