settings icon
share icon
ප්‍රශ්නය

ත්‍රිත්වය සම්බන්ධයෙන් බයිබලය උගන්වන්නේ කුමක්ද?

පිළිතුර


ත්‍රිත්වය පිළිබඳ කිතුනු සංකල්පයේ අසීරුම දෙය වනුයේ එය පැහැදිලි කිරීමට තිබෙන අපහසුතාවයයි. ත්‍රිත්වයේ සංකල්පය වනාහි ඕනෑම මිනිසකුට සම්පූර්ණයෙන්ම තේරුම් ගැනීමට හෝ පැහැදිලි කිරීමට අපහසු දෙයකි. අපට වඩා දෙවියන් වහන්සේ ඉතා බලවත් වන හෙයින්, අපට උන් වහන්සේව සම්පූර්ණයෙන්ම තේරුම් ගැනීමට අපහසුය. දෙවියන් වහන්සේ පියාණන් වහන්සේ බවත්, යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ බවත්, එසේම ශුද්ධාත්මයාණන් වහන්සේ දෙවියන් වහන්සේ බවත් බයිබලය අපට උගන්වනවා. එසේම බයිබලය උගන්වා ඇත්තේ එකම දෙවි කෙනෙක් බව. ත්‍රිත්වයේ එකිනෙක පුද්ගලභාවයන් අතර ඇති සම්බන්ධකම අපට තේරුම් ගියත්, අන්තිමේදී එය අපගේ මිනිස් මනසට වටහා ගැනීමට අපහසුවේ. කෙසේ වෙතත් මෙයින් කියවෙන්නේ නැහැ මෙම සංකල්පය අසත්‍ය බව හෝ එය බයිබලීය ඉගැන්වීමට පටහැනි බව.

මේ පිළිබඳව අධ්‍යයනය කරන විට “ත්‍රිත්වය” යන්න ශුද්ධ ලියවිල්ලේ භාවිතා කර නොමැති බව මතක තබා ගත යුතුය. මෙය දෙවියන් වහන්සේගේ තුන් ආකාරය පැහැදිලි කිරීමට යොදාගත් ප්‍රයත්නයකි. එනම් තුන් ආකාරයකින් එකට වැඩ සිටින, එකට පචතින පුද්ගලයන්ගේ එකතුව දෙවියන් වහන්සේ යනුයි. එහෙත් කෙලෙසටවත් දෙවිවරු තුනක් (3) නොවන බව වටහා ගත යුතුමය. “ත්‍රිත්වය” යනු පුද්ගලභාවයන් 3 කින් සැදුම් ලත් එක දෙවි තුමෙකි. බයිබලයේ සඳහන් නොවූවත් “ත්‍රිත්වය” යන වචනය භාවිතා කිරීම කිසිම වරදක් නැත. තුන් ආකාරයකින් එකට වැඩ වසන, එකට පවතින යනුවෙන් විස්තර කිරීමට වඩා “ත්‍රිත්වය” යන යෙදුම භාවිතා කිරීම කෙටි ක්‍රමයකි. මෙය ඔබට ප්‍රශ්නයක් නම්, මේ කරුණ ගැන අවධානය යොමුකරන්න එනම් සීයා යන පද බයිබලයේ සඳහන් නොවේ. එහෙත් අප දන්නවා බයිබලයේ බොහෝ සීයලා ගැන සඳහන් වෙනවා කියා. ආබ්‍රහම් යාකොබ්ගේ සීයාය. එමනිසා “ත්‍රිත්වය” යන පදය ගැන පමණක් ඕනෑවට වඩා අවධානය යොමු නොකරන්න. එහෙත් වැදගත් වනුයේ “ත්‍රිත්වය” මගින් ඉදිරිපත් කරනු ලබන සංකල්පය තුළින් ශුද්ධ ලියවිල්ලේ පවතින “ත්‍රිත්වය” නියොජනය කරනු ලබන බවය. මෙම හැඳින්වීම මත මෙම බයිබල් පාඨ ත්‍රිත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවට ගනු ලැබේ.

1) ඇත්තේ එකම දෙවි කෙනෙකි: විතීය කථාව 6 : 4; 1 කොරින්ති 8 : 4; ගලාති 3 : 20; 1 තිමෝති 2 : 5.

2) ත්‍රිත්වය පුද්ගලයන් 3 ක් ගෙන් යුක්තවේ: උත්පත්ති 1 : 1; 1 : 26; 3 : 22; 11 : 7; යෙසායා 6 : 8; 48 : 16; 61 : 1; මතෙව්3 : 16-17; 28 : 19; 2 කොරින්ති 13 : 14. පරණ ගිවිසුමේ ඇතැම් කොටස් වල හෙබ්‍රෙව් භාෂාව දැනගැනීම උපකාරිවේ. උත්පත්ති 1 : 1, බහු වචන නාම පදයක් වන “එලෝහිම්” භාවිතා වේ. උත්පත්ති 1 : 26; 3 : 22; 11 : 7; සහ යෙසායා 6 : 8, “අප” සඳහා බහු වචන සර්වනාම පද යොදා ගෙන තිබේ. එසේ හෙයින් “එලෝහිම්” සහ “අපි” යන්නෙන් කියවෙන්නේ නිසැකයෙන්ම දෙදෙනෙකුට වැඩි ප්‍රමාණයකට බව කිසිම ප්‍රශ්නයකින් තොරව පිළිගත හැක. ඉංග්‍රිසි භාෂාවේ ඇත්තේ දෙයාකාර ක්‍රමයකි. එනම් ඒක වචන සහ බහු වචන. එහෙත් හෙබ්‍රෙව් භාෂාවේ තුන් වැදෑරුම් ක්‍රමයකි. ඒක වචන, ද්විත්ව (යුගල) සහ බහු වචන. ද්විත්ව (යුගල) යනු දෙකකට පමණි. හෙබ්‍රෙව් භාෂාවේ ද්විත්ව ක්‍රමය යොද ගනුයේ යුගල පදයක් ලෙසයි, ඇස්, කන් සහ අත් යනුවෙනි. “එලෝහිම්” යන වචනය සහ “අප” යන සර්වනාමය බහු චවන පදයකි. එමනිසා නිසැකයෙන්ම දෙදෙනෙකුට වැඩිය. එමනිසා එය තුන් දෙනෙකුට හෝ ඊට වැඩි දෙනෙකුට යොමු කරනු ඇත (පියාණන්, පුත්‍රයාණන්, ශුද්ධාත්මයාණන්).

යෙසායා 48 : 16 සහ 61 : 1, පුත්‍රයාණන් කථා කරන අතර පියාණන් සහ ශුද්ධාත්මයාණන් වහන්සෙත් අදාළව ඇතුළත් වෙනවා. යෙසායා 61 : 1 පදය ලූක් 4 : 14-19 සමග සැසඳීමේදී පුත්‍රයාණන් කථා කරනවා පෙනී යයි. මතෙව් 3 : 16-17 හි යේසුස් වහන්සේගේ බවිතිස්මය විස්තර වෙනවා. මෙයින් පෙනී යන පරිදි දෙවියන් වහන්සේ වන ශුද්ධාත්මයාණන් වහන්සේ දෙවියන් වහන්සේ වන පුත්‍රයාණන් වහන්සේ වෙත පැමිණෙන ආකාරයත්, දෙවියන් වහන්සේ වන පියාණන් වහන්සේ පුත්රෙයාණන් පිළිබඳව ඇති සතුට ප්‍රකාශ කරන ආකාරයත් දැක්වේ. මතෙව්28 : 19 සහ 2 කොරින්ති 13 : 14 යන පද ත්‍රිත්වයේ තුන් ආකාර පුද්ගලභාවය පිළිබඳව උදාහරණ වේ.

3) ත්‍රිත්වයේ සාමාජිකයන් බොහෝ ඡේදවල එක් පුද්ගලයාගෙන් අනෙක් පුද්ගලයාට විශිෂ්ට ලෙස (වෙන් කොට) හඳුන්වා ඇත. (ඉංග්‍රිසි බයිබලයේ “LORD” හා “Lord” ලිවීමේදී අර්ථයෙහි වෙනසක් ඇති බව සලකන්න) දෙවියන් වහන්සේ ස්වාමින් ගෙන් වෙන්කොට හඳුන්වා දී ඇත (උත්පත්ති 19 : 24; හොෂෙයා 1 : 4). පරණ ගිවිසුමේ ඉංග්‍රිසි බයිබලයේ “LORD” ලෙස ලියා දක්වන අවස්ථාවේ (ස්වාමින් වහන්සේ ලෙස) “ස්වාමින්” හට පුත්‍රයෙක් ඇත (ගීතාවලිය 2 : 7, 12;හිතෝපදේශ 30 : 2-4). ආත්මයාණන් වහන්සේ (ගණන් කථාව 27 : 18) හා දෙවියන් වහන්සේ (ගීතාවලිය 51 : 10-12) ගෙන් වෙන්කොට විශිෂ්ට ලෙස හඳුන්වා දී ඇත. පුත්‍රවූ දෙවියන් වහන්සේ පියවූ දෙවියන් වහන්සේ ගෙන් වෙන්කොට හඳුන්වා දී ඇත (ගීතාවලිය 45 : 6-7; හෙබ්‍රෙව්1 : 8-9). අලුත් ගිවිසුමේ, යොහන් 14 : 16-17 යෙසුස් වහන්සේ පියාණන් අමතමින් සැනසිලිකාරයාණන් වූ ශුද්ධාත්මයාණන් එවන බව. මෙයින් පෙනී යනවා යේසුස් වහන්සේ තමන් පියාණන් වහන්සේ හෝ ශුද්ධාත්මයාණන් වහන්සේ බවට අයිතිවාසිකම් කර නැති බව. ශුභාරංචි වල නොයෙකුත් තැන්හි යේසුස් වහන්සේ පියාණන් වහන්සේට කථා කළ අවස්ථා ගැන අවධානය යොමු කරන්න. ඔහු තමාටම කථා කර ගත්තාද? නැත. ඔහු ත්‍රිත්වයේ තවත් කෙනෙකුට කථා කළා-පියාණන් වහන්සේට.

4) ත්‍රිත්වයේ සෑම සාමාජිකයෙක්ම දෙවියන් වහන්සේය: පියාණන් වහන්සේ දෙවියන් වහන්සේය: යොහන් 6 : 27; රෝම 1 : 7; 1 පේත්‍රැස් 1 : 2. පුත්‍රයාණන් වහන්සේ දෙවියන් වහන්සේය: යොහන් 1 : 1, 14; රෝම 9 : 5; කොලොස්සි 2 : 9; හෙබ්‍රෙව්1 : 8; 1 යොහන් 5 : 20. ශුද්ධාත්මයාණන් වහන්සේ දෙවියන් වහන්සේය: ක්‍රියා 5 : 3-4; 1 කොරින්ති 3 : 16 (ශුද්ධාත්මායණන් තුළ වැඩ වාසය කරන අය - රෝම 8 : 9; යොහන් 14 : 16-17; ක්‍රියා 2 : 1-4).

5) ත්‍රිත්වය තුළ යටහත්ව පවත්වා ගැනීම: ශුද්ධ ලියවිල්ලේ පෙන්නුම් කරනවා ශුද්ධාත්මයාණන් පියාණන් සහ පුත්‍රයාණන් වහන්සේට යටහත්ව සිටින බව, සහ පුත්‍රයාණන් පියාණන් වහන්සේට යටහත්ව සිටින බව. මෙය අභ්‍යන්තර බැඳීමක් වන අතර, එයින් ත්‍රිත්වයේ කිසිම පුද්ගලයකු තුළ ඇති දේවත්වය ප්‍රතික්ෂේප කරන්නේ නැත. මෙය දෙවියන් වහන්සේගේ අසීමිත බව අපගේ ඉමක් නැති මනසට වටහා ගැනීමට අපහසු වෙන එක් අංශයකි. පුත්‍රයාණන් වහන්සේ සම්බන්ධයෙන් ලූක් 22 : 42; යොහන් 5 : 36; යොහන් 20 : 21; 1 යොහන් 4 : 14. ශුද්ධාත්මයාණන් සම්බන්ධයෙන් යොහන් 14 : 16; 14 : 26; 15 : 26; 16 : 7 සහ විශේෂයෙන් යොහන් 16 : 13-14 කියවා බලන්න.

6) ත්‍රිත්වයේ සාමාජිකයන්ගේ පුද්ගලික කාර්‍යභාරය: පියාණන් වහන්සේ යනු විශ්වයේ අවසාන මාධ්‍යය සහ හේතුවයි. 1) විශ්වයේ (1 කොරින්ති 8 : 6; එළිදරව්4 : 11); 2) දිව්‍යමය එළිදරවුව (එළිදරව්1 : 1); 3) ගැලවීම (යොහන් 3 : 16-17); සහ 4) යේසුස් වහන්සේගේ මිනිස් ක්‍රියා (යොහන් 5 : 17; 14 : 10). පියාණන් වහන්සේ මේ සෑම දෙයක්ම පටන් ගන්නවා.

පුත්‍රයාණන් තුළින් පියාණන් වහන්සේ පහත සඳහන් වැඩ ක්‍රියාත්මක කරනවා: 1) විශ්වය මැවීම සහ නඩත්තු කිරීම (1 කොරින්ති 8 : 6; යොහන් 1 : 3; කොලොස්සි 1 : 16-17); 2) දිව්‍යමය එළිදරවුව (යොහන් 1 : 1; මතෙව්11 : 27; යොහන් 16 : 12-15; එළිදරව් 1 : 1); සහ 3) ගැලවීම (2 කොරින්ති 5 : 19; මතෙව් 1 : 21; යොහන් 4 : 41). මේ සෑම දෙයක්ම පියාණන් වහන්සේ තමාගේ නියෝජිතයා ලෙස සිටින පුත්‍රයාණන් වහන්සේ තුළින් කරයි.

පහත සඳහන් ක්‍රියාවන් පියාණන් වහන්සේ කරන්නේ ශුද්ධාත්මයාණන් වහන්සේ තුළිනි: 1) විශ්වය මැවීම සහ නඩත්තු කිරීම (උත්පත්ති 1 : 2; යෝබ් 26 : 13; ගීතාවලිය 104 : 30); 2) දිව්‍යමය එළිදරවුව (යොහන් 16 : 12-15; එපීස 3 : 5; 2 පේත්‍රැස් 1 : 21); 3) ගැලවීම (යොහන් 3 : 6; තීතස් 3 : 5; 1 පේත්‍රැස් 1 : 2); සහ 4) යේසුස් වහන්සේගේ ක්‍රියා (යෙසායා 61 : 1; ක්‍රියා 10 : 38). එසේම පියාණන් වහන්සේ මේ සෑම දෙයක්ම ශුද්ධාත්ම බලයෙන් ක්‍රියාත්මක කරනු ලබනවා.

කිසිම විස්තරාත්මක පැහැදිලි කිරීමක් ත්‍රිත්වය ගැන සම්පූර්ණයෙන්ම නිවැරදි විස්තරයක් නොදේ. බිත්තරය (නැති නම් ඇපල්) එම කටුව තුළ සුදු මදය, කහ මදය යනු බිත්තරයේ කොටස්ය. මේවා වෙන් වශයෙන් බිත්තරය සෑදී නැත. පියාණන්, පුත්‍රයාණන් සහ ශුද්ධාත්මායණන් දෙවියන් වහන්සේගේ කොටස් නොවේ. ඒ සෑම කොටසකම දෙවියන් වහන්සේ ඇතුලත්ය. ජලය පිළිබඳ පැහැදිලි කිරීම මෙයට වඩා යෝග්‍යවේ. එහෙත් ත්‍රිත්වය පැහැදිලි කිරීම ජලයේ දියර ස්වභාවය, වාෂ්ප සහ අයිස් ස්වභාවය යන තත්වයන්ද ත්‍රිත්වය පැහැදිලි කිරීමට ප්‍රමාණවත් නොවේ. පියාණන් වහන්සේ පුත්‍රයාණන් වහන්සේ සහ ශුද්ධාත්මයාණන් වහන්සේ දෙවියන් වහන්සේට අයිති කොටසක් පමණක් නොව ඒ සෑම එකක්ම දෙවියන් වහන්සේගේය. ඉතින් මේ විස්තරාත්මක දේ තුළින් අපිට ත්‍රිත්වය පිළිබඳ යම් චිත්‍රයක් ලැබෙන අතර චිත්‍රය සම්පූර්ණයෙන්ම හරි නොවේ. අසීමිත බලයකින් යුත්වූ දෙවියන් වහන්සේ චිත්‍රයක් මගින් පහැදිලි කළ හැකි නොවේ. එහෙත් ත්‍රිත්වය දෙසට යොමුවීමෙන් නොව දෙවියන් වහන්සේගේ මහත් බලයත්, අති උසස් භාවයේ ස්චභාවයත් අප ස්වභාවයට වඩා වෙනස් බව තේරුම් ගැනීමට යොමුවිය යුතුය. “අහෝ, දෙවියන් වහන්සේගේ ප්‍රඥාවෙත් දැනගැන්මෙත් බහුලත්වය කොපමණ ගැඹුරුද! උන් වහන්සේගේ විනිශ්චයන් සොයා දැනගැන්මත් උන් වහන්සේගේ මාර්ගයන් තේරුම් ගැනීමත් කොපමණ අමාරුද! එසේය, ස්වාමින් වහන්සේගේ සිත දැන ගත්තේ කවුද? නොහොත් උන් වහන්සේට මන්ත්‍රියා වුණේ කවුද? (රෝම 11 : 33-34).

English



නැවතත් සිංහල මුල් පිටුවට

ත්‍රිත්වය සම්බන්ධයෙන් බයිබලය උගන්වන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries