ප්‍රශ්නය
ප්‍රාගනුභූතල පශ්චාදනුභුත සහ ප්‍රබලතර හේතුක තර්කයන් යනු මොනවාද?
පිළිතුර
දර්ශනයේදී දැනුම වර්ගීකරණය කරනුයේ එය විශ්වීය තාර්කික මූලධර්මයන්ගෙන් ගලා එන්නේද නැතහොත් නිශ්චිත අත්දැකීම් හෝ සාක්ෂි මත රදා පවතීද යන්න අනුවවේ. ඉතා පුළුල් ආකාරයකින් මෙම ප්‍රාගනුභූත සහ පශ්චාදනුභුත දැනුම අතර වෙනස සීමාංකනය කරනු ලබයි. ප්‍රකාශයක් මුළුමනින්ම තාර්කික හෝ විශ්වීය සත්‍යයන් මගින් ඇගයීමට ලක්කල හැකි විට එය ප්‍රාගනුභූත සංකල්පයකිග යම් ප්‍රකාශයක් ඇගයීම සදහා නිශ්චිත නිරීක්ෂණයක් හෝ දැනුමක් අවශ්‍යය වූ කල එය පශ්චාදනුභුත සංකල්පයකි. ඒ ආකාරයෙන්ම මෙය දර්ශනවාදී තර්කයන් සදහා අදාළ වන්නේ එක්කෝ මුළුමනින්ම හේතු ආධාරයෙන් හෝ ආනුභවික දත්තයන් අවශ්‍යය වූවන්ටවේ.
ප්‍රාගනුභූත යන්නෙහි අරුත “පූර්වයෙන් තිබූ දේ” යන්නය. දැනුම ප්‍රාථමික වශයෙන් ප්‍රාගනුභූතයක් ලෙස විස්තර කෙරෙනුයේ ආනුභවික සාක්ෂි, අත්දැකීම් හෝ නිරීක්ෂයන්ගෙන් තොරව ස්වාධීනව තහවුරු කළ හැකි විටදීය. අසංකීර්ණව පැවසුවහොත් ප්‍රාගනුභූත දැනුම වූ කලී සම්පූර්ණයෙන්ම තර්ක ශාස්ත්‍රයෙන් ලබා ගන්නාවූ දැනුමක්වේ. නිදසුනක් ලෙස “වෘත්තයන් යනු සමචතුරෂ්‍රයන් නොවේ” හෝ “තනිකඩයන් අවිවාහකයන් වේ” යන්න පුනර්වාචකයන් වන අතර ඒවා සත්‍යයන් ලෙස හඳුන්වනුයේ ඒවා නිර්වචනය අනුව සත්‍යය වන බැවිනිග ඒවා ප්‍රාගනුභූත ප්‍රකාශන ලෙස සැලකේ. 2+2=4 වැනි ගණිතමය ප්‍රකාශන වලට පවා මෙය අදාළවේ.
පශ්චාදනුභුත යනු “අපරෝක්තයෙන් වූ දේ” යන්නය. දැනුම අත්දැකීමෙන් හෝ වෙනත් ආනුභවික මාර්ගයකින් පමණක් ලබා ගත හැකි විට පශ්චාදනුභුත ලෙස හඳුන්වනු ලබයි. සරලව පැවසුවහොත් පශ්චාදනුභුත දැනුම වූ කලී සත්‍යය හෝ අසත්‍යය විය හැකි මෙන්ම තර්කානුකූලවද කථා කළ හැකි අතර නිරීක්ෂණ භාවිතාවෙන් තත්සේරු කළ යුතුවේ. “යොහාන් තනිකඩයෙක් වේ” යන ප්‍රකාශනය සංශුද්ධ තර්කනයෙන් සත්‍යාපනය කළ නොහැකිවේ; එම ප්‍රකාශනය සත්‍යය වේද නොවේද යන්න දැන ගැනීම සදහා අප යොහාන් පිළිබද ආනුභවික කරුණු නිරික්ෂණය කළ යුතුවෙමු. ඒ ආකාරයෙන්ම “මාගේ සාක්කුවේ ඩොලර් 5 ඇත” යන ප්‍රකාශනය බොහෝවිට සත්‍යය හෝ අසත්‍යය විය හැක; එය සනාථ කිරීම හෝ විසාධනය කළ හැක්කේ ආනුභවික ක්‍රම තුළින් පමණි.
ප්‍රාගනුභූත දැනුම සමීපූර්ණයෙන්ම තර්ක ශාස්ත්‍රය තුළින් ලබා ගත යුතු නොමැති බවත් අවම වශයෙන් යමි සාකච්ඡාවක් අනුව හෝ ලබා ගත යුතු බවත් සැලකිල්ලට ගැනීම වැදගත්ය. පැණයට නැගී ඇති කාරණය සරලව තහවුරු කර ගැනීම හෝ බැහැර කිරීම කළ යුත්තේ තර්කයෙන් පමණකි. තර්කයක් ගොඩ නැගීමේ පරමාර්ථයෙන් යම් කරුණක් හෝ අදහසක් “සත්‍යය” ලෙස සැලකීමෙන් පසු පසුකාලීනව එම අදහස මුළුමනින්ම තක්සේරු කළ හැක්කේ එම අදහසෙහි තාර්කික ප්‍රතිඵල අනුවවේ. නිදසුනක් ලෙස විවාදයේ පැතිකඩයන් දෙකෙහිම “යොහාන් මාර්තු 1 සිට මාර්තු 3 දක්වා කැන්සාස්හී සිටියේය” යන්න සත්‍යය ප්‍රකාශයක් ලෙස පිළිගනු ලබන්නේද, සාකච්ඡාමය හේතුව උදෙසා “මාර්තු 2 දින යොහාන් සද මත සිටියේ නැත” යන ප්‍රකාශනය ප්‍රාගනුභූත සත්‍යයක් ලෙස සලකනු ලැබේ.
පළමු ප්‍රකාශනය දෙන ලදුව, දෙවන ප්‍රකාශනය පරම තාර්කික අවශ්‍යතාවයයක් ලෙස ගලා යන බව සලකන්න. එය “සත්‍යය ප්‍රාගනුභූතක්” ලෙස හැදින්විය හැක්කේ එසේ හෙයිනි. පළමු ප්‍රකාශනය සත්‍යය වේ නම් දෙවැන්න මුළුමනින්ම සත්‍යයාපනය වන්නේ තර්ක පදනම් කොටගෙන විනා වෙනත් කිසියම් එකතු කළ විශේෂ කරුණක් මත පදනම්ව නොවේ. ප්‍රාගනුභූතක පදගථාර්ථ අර්ථය වූ කලීථ “පූර්වයෙන් තිබූ දේ” යන්නයග පූර්වයෙන් තිබූ ප්‍රකාශනය සත්‍යය යයි අප පිළිගෙන ඇති හෙයින් තර්කානුකූලව දෙවැන්න පිළිගත යුතුවේ.
යම් අදහසක් තහවුරු කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ කිරීමේදී ප්‍රාගනුභූත සහ පශ්චාදනුභුත අතර වෙනස වැදගත්වේ. සාමාන්‍යයෙන් පළමු පියවර නම් පූර්ව තහවුරු කිරීමක් සදහා වූ ඉල්ලීමක් පරීක්ෂා කිරීම කෙටියෙන්ම කිවහොත් එය ස්වයං යොමු කිරීමක් වේද නොහොත් තර්කානුකූලව අවශ්‍යයවේද? එසේ නම් ප්‍රාගනුභූතක් සත්‍යයක් ලෙසට “සනාථ වී” ඇත. අවශ්‍යයෙන්ම එවැනි දැනුමක් ප්‍රයෝජනයක් ඇත්තක් නොවන නමුත් එයින් අදහස් කරනුයේ එවැනි ප්‍රකාශනයක සත්‍යය වටිනාකම විවාදයට භාජනය නොවන බවය. මෙය සත්‍යය ප්‍රාගනුභූතක් නොවේ නම් ඉක්බිති පියවර වනුයේ එම ප්‍රකාශනය ස්වයං පරස්පර විරෝධීද නොහොත් තර්කානුකූලව කළ නොහැක්කක්ද යන්න විමසීමවේ. එසේ නම් ප්‍රාගනුභූතක් අසත්‍යයක් ලෙස නිශ්ප්‍රභා කළ හැකිවේ.
යම් ප්‍රකාශනයක් ප්‍රාගනුභූත පදනම මත තක්සේරු කළ නොහැකි වේ නම් එය තවදුරටත් සාක්ෂි සහ නිරීක්ෂණ යොදා පරීක්ෂා කළ යුතුය: එය පශ්චාදනුභුත දැනුමකි. බොහෝ අවස්ථා වලදී බොහෝ හිමිකම් ඉල්ලීම් පරීක්ෂා කිරීම සදහා යම් මටිටමක ආනුභවික තොරතුරු අවශ්‍යයවේ. යම් ප්‍රකාශනක් ප්‍රාගනුභූතක් ලෙස පැහැදිලිව පිළිගෙන නොමැති නමි එය පශ්චාදනුභුතක් වන අතර මිනිස් ඥාණයේ වැඩි ප්‍රමාණයක් පශ්චාදනුභුතක්වේ.
ප්‍රාගනුභූතය යන භාෂිතය බොහෝවිට භාවිතා කරනු ලබන භාෂිතයකි. තර්කනයේ සහ විවාදයේ යම් දෙයක් මූලික දැනුමක් ලෙස සටහන්ගත කිරීමේ හැකියාව වැදගත් විශිෂ්ඨභාවයක්වේ. ඒ අතරම පශ්චාදනුභුතක් ලෙස ව්‍යක්තව සටහන්ගත කර ඇති අදහසක් දැකීම දුර්ලභ දෙයකි. මෙය සිදුවූ විට සාමාන්‍යයෙන් අදහස් කරනුයේ ප්‍රකාශනය ප්‍රාගනුභූතයක් ලෙස දැනගත හැකි බවට කෙරෙන ප්‍රකාශනයක් උපමර්දනය කිරීමය.
ඉතා බහුලව භාවිතා වන භාෂිතයක් නොවන ප්‍රබලතර හේතුකය යන්න විස්තර කෙරෙනුයේ ප්‍රාගනුභූත දැනුමකට සම්බන්ධ දෙයක් වන නමුත් එය නිශ්චිතවම සමාන නොවන්නක් ලෙසය. ප්‍රබලතර හේතුකය යන භාෂිතයේ අරුත වූ කලී “ප්‍රබලයාගෙන්” යන්න යන අතර එය දැනටමත් සනාථ කර ඇති “විශාල” කරුණක් වෙත ආයාචනා කිරීමෙන් “කුඩා” ලක්ෂයක් සනාථ කිරීමට අන්වේශණය කරන්නාවූ තර්ක වලට යොමුවේ. නිදසුනක් ලෙස යම් පුද්ගලයෙකුට ඩොලර් 100 වියදම් කළ හැකි බව පැවසූවහොත් අප විසින් සිතනුයේ ඔහුට ඩොලර් 10 වියදම් කළ හැකි බවය. දියරයකින් එක් ආවමනයක් පානය කිරීම මාරාන්තික වේ නම් අප විසින් සිතනුයේ සම්පූර්ණ කෝප්පය පානය කිරීමද මාරාන්තික බවය. යම් පුද්ගලයෙකුට දිය යට විනාඩි 3 ශ්වසනය නොකර සිටීමට හැකි වේ නම් අප විසින් උපකල්පනය කරනුයේ ඔහුට එක් විනාඩියක් ශ්වසනය නොකර සිටීමට හැකි බවය. යමෙකුට පහර දීම පාපයක් යැයි අප විසින් සලකනු ලබන්නේද ඔහුට පිහියෙන් ඇනීමද පාපයක් බව අප උපකල්පනය කරන්නෙමු.
යම් විශාල හෝ පුළුල් ස්ථාපිත අදහසක් මත පදනම්ව අප නිශ්චිත කරුණක් පිළිබදව තර්ක කරන කළ අප භාවිතා කරනුයේ ප්‍රබලතර හේතුක තර්කයකි. පොදු සංවාදයේදී අපි බොහෝවිට “ඊටත් වඩා” හෝ “සියල්ලටම වඩා” වැනි වාක්‍ය ඛණ්ඩ භාවිතා කරමුග මෙය පොදුවේ ගත් කළ ප්‍රබලතර හේතුක තර්කනයකට ආයාචනයක් වන අතර ලබාදි ඇති නිදසුන් සියල්ලම ඒ ආකාරයේ භාෂාවකින් සකස් කළ හැකිය.
පාරිභාෂික වශයෙන් ගත් කළ ප්‍රබලතර හේතුක තර්ක සත්‍යය වශයෙන්ම ප්‍රාගනුභූතක් තරමටම ශක්තිමත් නොවේ. ප්‍රාගනුභූත නිදසුන් වලදී මෙම කාරණයෙහි ඇතුලත් පුද්ගලයාට මිතුරකු විසින් අත්සන් කල ඩොලර් 100 ක චෙක්පතක් ලබා දුන්නෙහි නම් ඔහුට තත්වාකාරයෙන්ම වැය කළ හැක්කේ ඩොලර් 100 ක් පමණි. වෙනත් වචන වලින් කිවහොත් ඔහුට ඩොලර් 100 ක් වියදම් කිරීමට හැකියාව නමුත් ඔහුට ඩොලර් 10 ක් වියදම් කිරීමට හැකියාවක් නොමැත්තේ ඔහු සතුව වෙනත් මුදලක් නොමැති හෙයින් බව තර්කානුකූලව සිතිය හැකග එබැවින් ප්‍රබලතර හේතුක තර්ක සාධාරණ වූවත් ඒවා තර්කානුකූලව නිරපේක්ෂ නොවේ. එසේ හෙයින් සත්‍යය වශයෙන්ම ඒවා ප්‍රාගනුභූතයක් නොවේ.
සියලූම දාර්ශනික අදහස් මෙන්ම ශුද්ධ ලියවිල්ල සහ කිතුණු අත්දැකීම් ප්‍රාගනුභූතල පශ්චාදනුභුත සහ ප්‍රබලතර හේතුක දැනුම පිළිඹ්බු කරයි. හෙබ්‍රෙව් පොත උපමා උපමේය සහිතව විමසනුයේ සත්ව පූජාවන් කරණකොටගෙන යම් අධ්‍යාත්මික බලපෑමක් ඇත්නම් ක්‍රිස්තුස්වහන්සේගේ පූජාව “තව කොපමණ” සාර්ථක වේද (හෙබ්‍රෙව් 9:13-14) මෙය ප්‍රබලතර හේතුක තර්කයකිග “මෙසේ නපුරුවූ නුඹලා නුඹලාගේ දරුවන්ට යහපත්දේ දෙන්ට දන්නහු නමි කොපමණ වැඩියෙන් ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේ තමන්වහන්සේගෙන් ඉල්ලන්නන්ට යහපත් දේ නොදෙන සේක්ද!” (මතෙව් 7:11) - මෙහිදී යේසුස්වහන්සේගේ ප්‍රධාන කාරණය වනුයේ තව කොමපණද යන වාක්‍යය ඛණ්ඩයවේ. “නැවත නැගිටීම යන අදහස හා සමග ක්‍රිස්තියානි ආගම අවලංගු කළ නොහැකි ලෙස බැදී ඇති බව පාවුළුතුමා පෙන්වා දෙයි. නැවත නැගිටීමක් නොමැති නමි අපගේ විශ්වාසය අසත්‍යයකි” (1 කොරින්ති 15:12-19). මෙය ප්‍රාගනුභූත ප්‍රකාශනයකි. ඊට අසමානව පාවුළු විසින් එසැණින්ම අනුගාමි වන සංලක්ෂ්‍ය වනුයේ ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටුවනු ලැබූ බවය (1 කොරින්ති 15:20), මෙය වනාහී පශ්චාදනුභුත සංකල්පයකිග සාක්ෂි සහ කරුණු පරීක්ෂා කිරීමේදී ශුද්ධ ලියවිල්ල අර්ථාන්විත වැදගත්කමක් අනුවේෂ්ඨනය කරයි (ලුක් 1:1-4; 2 පේත්‍රස් 1:16; ක්‍රියා 17:11).
ක්‍රිස්තියානි ධර්මදානය (ඉවැන්ජලිස්තවාදය) සම නිදහසට කරුණු කීම යන කාරණා වලටද මෙම අදහස් තුන ඇතුළත්වේ. දෙවියන්වහන්සේගේ පැවැත්ම සදහා වන සමහර තර්ක ප්‍රාගනුභූත වන අතර සත්භාව තර්ක වැනි සංශුද්ධ තර්කනය මත පදනම්වේ. විශ්වයට ආරම්භයක් ඇතැයි උපකල්පනය කළහොත් විශ්වවේදිය තර්කය ප්‍රාගනුභූත හිමිකමක් බවට පත්වේ. නිදහසට කරුණු කීම සහ ධරමදානය (ඉවැන්ජලිස්තවාදය) සම්බන්ධ බොහෝ සංවාද මූලික වශයෙන් රදා පවතින්නේ පශ්චාදනුභුත දැනුම මතයග විශේෂයෙන්ම ශුද්ධ ලියවිල්ලේ විශ්වාසනියත්වය පිළිබද සාකච්ඡා කිරීම හෝ සාධ්‍යතා තර්කය උපයෝගී කරගැනීමේදීය. මානව සාධාරණත්වය සහ සදාචාරයේ අවශ්‍යතාවය දෙවියන්වහන්සේගේ ප්‍රේමය සහ ශුද්ධකමේ ගති ලක්ෂණ අනුකරණය කරන්නේ කෙසේද යන්න පිළිබද සාකච්ඡා ප්‍රබලතර හේතුක තර්කනයේ ස්වරූපයක් ගනියිග දේව වචනය පරිසිද්ධිවාචකව, ඓතිහාසිකව සහ විද්‍යාත්මකව විශ්වාසදායකයි පෙන්වා දෙන් සැසදීම් වල සත්‍යයතාවය එබඳුය: එම සාක්ෂ්‍යය දෙන ලදුව ප්‍රබලතර හේතුක ප්‍රවේශයක් මත පදනම්ව දේව වචනයට පටහැනි කරුණු අසත්‍යය බව “යුක්ති සහගතවේ.”
මෙම අදහස් අතර වෙනස දැන සිටීම සංශුද්ධ දර්ශනයේ කාරණා වලදී මෙන්ම ශුද්ධ ලියවිල්ල පිළිබදව අපගේ අර්ථ නිරූපනයේදී ඵලදායිවේ.
English
ප්‍රාගනුභූතල පශ්චාදනුභුත සහ ප්‍රබලතර හේතුක තර්කයන් යනු මොනවාද?