settings icon
share icon
ප්‍රශ්නය

ළදරුවන් හා තරුණ දරුවන් මියගිය විට ඔවුනට කුමක් සිදුවේද? ගණන්දීමට යුතු වයස් කාණ්ඩය පිළිබඳව බයිබලයේ කුමන ස්ථානයෙන් මට සොයා ගත හැකිද?

පිළිතුර


නිතරම සිදුවන දෙය නම් දරුවන් ගණන්දිය යුතුය යන මතය තුළ අතරමං වීමක් මන්ද කෙතරම් ළාබාල වූවත් ඔවුන් පාපය රහිත වීමට තරම් “අහිංසක” නොවන බව පැවසීම. බයිබලය අපට පවසනා දෙය නම් ළදරුවකු පවා පුද්ගලික පාපයන් කර නැතත් සියලු මනුෂ්‍යයන් ළදරුවන් හා දරුවන් ඇතුලුව දෙවියන් වහන්සේ ඉදිරියේ වරදකරුවන් ලෙස ඉදිරිපත් වෙනවා. පාපයේ උරුමය හේතුවෙන් පාපයේ උරුමයන් අපගේ දෙමව්පියන්ගෙන් අපට යොමුවෙන්නක්. ගීතාවලිය 51:5 දාවිත් ලියනු ලැබුවා “බැලුව මැනව, මම අයුතුකම සහිතව සාදනු ලැබීමි මාගේ මෑණියෝ පාප සහිතව මා ගැබ් ගත්තාය.” දාවිත් තේරුම් ගත්තා පිළිසඳ ගැනීමේදී පවා, ඔහු පව්කරුවෙකු බව දුකට කරුණ නම් ළදරුවන් මිය යනවා ඔවුන් තුළ ආදම්ගේ පාපයන් සමග ආත්මික හා ශාරීරික මරණය ආදම්ගේ මුල්ම පාපයේ ප්‍රතිඵලයයි.

සෑම මනුෂ්‍යයෙක්ම, ළදරුවෙක් හෝ වැඩිහිටියෙක්, දෙවියන් වහන්සේ ඉදිරියේ දොස් තැබීමක් සමග සිටිති. සැම පුද්ගලයෙකුම දෙවියන් වහන්සේගේ ශුද්ධත්වයට නින්දා කර දුකට පත්කර ඇත. දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨව සිටින විටම මිනිසා ධර්මිෂ්ඨයි කියා ප්‍රකාශ කිරීමට හැකිවන දෙය නම් ඒ පුද්ගලයා ක්‍රිස්තුස් යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීම තුළින් සමාව ලබා ගැනීමයි. ක්‍රිස්තුස් වහන්සේ එකම මාර්ගයයි. යොහන් 14:6 යේසුස් වහන්සේ පැවසූ දෙය වාර්ථා කරයි: “මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත.” පේත්‍රැස් තුමා ක්‍රියා පොතෙහි සඳහන් කරනා දෙය නම් ක්‍රියා 4:12 “වෙන කිසිවෙකු තුළ ගැළවීම නැත්තේය. මක්නිසාද අපගේ ගැළවීමට අවශ්‍යවූ, මනුෂ්‍යයන් අතරේ දෙන ලද වෙන කිසි නාමයක් සවර්ගයෙන් යට නැත්තේයයි කීවේය.” ගැළවීම එකිනෙකාගේ තීරණයට අනුව ලැබේ.

ළදරුවන් දරුවන් මේ තෝරාගැනීම කිරීමට අවස්ථාවක් කිසිම විටක නොලැබී ගිය හොත් ඔවුනට කුමක් සිදුවේද? ගණන්දිය යුතු කාලපරිච්ඡේදයන් හී තොරතුරු වලට අනුව ගණන්දීමට හැකියාව ඇතිවීමට පෙර මිය යන දරුවන් ඉබේම ගැලවී ඇති බව දෙවියන් වහන්සේගේ කරුණාව කරණකොටගෙනය. ගණන්දීමේ වයස් කාණ්ඩය පිළිබඳ විශ්වාසයන් පවසන්නේ දෙවියන් වහන්සේ ඒ වයස් කාණඩයට ඇතුල්වීමට පෙර හෝ යේසුස් වහන්සේට විරුද්ධව තීරණයක් ගැනීමේ හැකියාව ලැබීමට මිය යන සියලු දෙනාවම දෙවියන් වහන්සේ ගළවන බවය. දහතුන තමයි බොහෝවිට ගණන්දීමට යුතු වයස් ආරම්භය හැටියට දී ඇත්තේ. යුදෙව් සංස්කෘතියට අනුව දරුවකු වැඩිහිටියකු බවට පත් වන්නේ අවුරුදු 13 දී කියා. කෙසේ වෙතත්, බයිබලයේ කෙලින්ම ආධාර (අනුබල) නොකරයි අවුරුදු 13 තමයි ගණන්දිය යුතු වයසමයි කියා. එය දරුවාගෙන් දරුවාට වෙනස් වේ. දරුවකු ගණන්දීමේ කාලයට යොමු වන්නේ ඔහු / ඇයට ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් හෝ විරුද්ධව තීරණයක් ගැනීමේ හැකියාව ලැබූ විටය.

ඉහත දේ මනසේ තබාගෙන, මෙය ගැනද අවධානය යොමු කරන්න: ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සියලු මිනිස් සංහතියටම ප්‍රමානවත් බව. 1 යොහන් 2:2 හී පවසනවා යේසුස් වහන්සේ “උන් වහන්සේ අපේ පව් උදෙසා පමණක් නොව මුළු ලෝකයාත් උදෙසාය.” මේ පදයේ ඉතා පැහැදිලිව පවසනවා යේසුස් වහන්සේගේ මරණය සියලු පාප වලට ප්‍රමානවත් බව. උන් වහන්සේ වෙතට ඇදහිල්ලෙන් පැමිණ සිටින අයට පමණක් නොවේ ක්‍රිස්තුස් වහන්සේගේ මරණයට හැකියාව තිබෙනවා කිසිම විටක විශ්වාස කිරීමේ හැකියාවක් නොලැබූ අයගේ ජීවිත වලට පවා දෙවියන් වහන්සේ මිල ගෙවූ ලෙසට නියෝග කිරීමට ලක් කරන්නට.

මෙම මාතෘකාව සමග ගැලපෙන හොඳම ලියවිලි පාඨය නම් වෙන කිසිදෙයකට වඩා 2 සාමුවෙල් 12:21-23. මෙ කොටසෙහි සඳහන් වන දෙය නම් දාවිත් රජ බෙත්ෂෙබා සමග කාමමිථ්‍යාචාරය කිරීම පිළිබඳවයි එහි ප්‍රතිඵලය ගැබ් ගැනීමක්ද සමග. අනාගත වකතෘ නාතාන්ව දෙවියන් වහන්සේ විසින් එවන ලදි දාවිත්ට දැනුම් දීමට, ඔහුගේ පාපය නිසා දෙවියන් වහන්සේ දරුවාට මරණය එවන බවට. දාවිත් මෙයට ප්‍රතිචාර දැක්වූවා, හැඬීමෙන්, වැලපීමෙන්, හා දරුවා වෙනුවෙන් යාච්ඤා කිරීමෙන්. නමුත් දරුවාව ගනු ලැබූ කෙනෙහිම දාවිත්ගේ වැලපීම නිම විය. දාවිත්ගේ දාසයන් මෙය ඇසීමෙන් විස්මිත විය. ඔවුන් දාවිත් රජුට පැවසුවා “ඔබ කල මේ දේ මොකක්ද? ළදරුවා ජීවත්ව සිටියද ඔබ ඔහු ගැන නිරාහාරව ඇඬුවෙහිය නමුත් ළදරුවා මැරුණු විට ඔබ නැගිට කෑම කෑවෙහිය.” දාවිත්ගේ පිළිතුර වූයේ “ළදරුවා ජීවත්ව සිටියදී මම නිරාහාරව සිට ඇඬුවෙමි මක්නිසාද-ළදරුවා ජීවත්වන ලෙස ස්වාමින් වහන්සේ මට කරුණා කරන සේක්ද නැද්ද දන්නේ කව්දැයි සිතුවෙමි. නමුත් දැන් ඔහු මැරුණයින් පසු කුමකට නිරාහාව සිටිම්ද? ඔහු නැවත ගෙන්වා ගන්ට මට පුළුවන්ද? මා ඔහු ළඟට යනවා මිස ඔහු මා ළඟට හැරී එන්නේ නැත.” දාවිත්ගේ ප්‍රකාශය පිළිබ්ඹු කරන්නේ විශ්වාස කිරීමේ හැකියාව නැති අය දෙවියන් වහන්සේගේ අතේ සුරක්‍ෂිත බවයි. දාවිත් පැවසුවා ඔහුට දරුවා සිටින තැනට යා හැකි නමුත් ඔහුට දරුවාව ගෙන්වා ගත නොහැකි බව. එසේම වැදගත්ම දෙය නම් මේ පිළිබඳව දාවිත් සැනසීමට පත්ව සිටීම. වෙනත් වචන වලින් දාවිත් පැවසුවේ ඔහුට දරුවාව සවර්ගයේදී නැවත දැකිය හැකි බවය. දරුවාව නැවත ගෙන්වා ගත නොහැකි වූවත්.

දෙවියන් වහන්සේව විශ්වාස කිරීමේ හැකියාව නැති අයට ක්‍රිස්තුස් වහන්සේගේ මිලය එකතු කිරීමට හැකියාව තිබුන නමුත්, ඒ පිළිබඳව බයිබලයේ සඳහන් කර නැත උන් වහන්සේ එය කරන බවට. එමනිසා මේ විෂය පිළිබඳව අපි දැඩි ලෙස නොරැඳිය යුතුය. විශ්වාස කිරීමේ හැකියාව නැති කෙනෙකුට දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේගේ මරණය හිලව් කිරීම උන් වහන්සේගේ ප්‍රේමය හා කරුණාවේ ගුණය නිසා වෙනි. එය අපේ තත්වයක් දෙවියන් වහන්සේ තරුණ දරුවන් හා මානසික රෝගින්ටත් එසේ කරන බවට පැවසීම / සිතීම. මන්ද ඔවුනට ගැළවුම්කරුවකු අවශ්‍ය බව තේරුම් ගැනීමේ හැකියාවවත් ඔවුන්ගේ පාපිෂ්ඨ ස්වභාවය තේරුම් ගැනීමේ හැකියාවවත් නොමැති නිසා. නමුත් එය ස්තීරවම අපට පැවසිය නෙහැකිය. මේ පිළිබඳව අපට ස්තීරත්වයක් ඇත්තේ දෙවියන් වහන්සේ ප්‍රේමණීයයි, ශුද්ධයි, කරුණාවන්තයි, ධර්මිෂ්ඨයි, හා මෛත්‍රි ගුණයින් පිරී බවත් උන් වහන්සේ කරනා ඕනෑම දෙයක් නිවැරදි හා යහපත් බවය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ළදරුවන් හා තරුණ දරුවන් මියගිය විට ඔවුනට කුමක් සිදුවේද? ගණන්දීමට යුතු වයස් කාණ්ඩය පිළිබඳව බයිබලයේ කුමන ස්ථානයෙන් මට සොයා ගත හැකිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries