settings icon
share icon
ප්‍රශ්නය

සුරතල් සතුන් / සතුන් ස්වර්ගයට යනවාද?සුරතල් සතුන්ට / සතුන්ට ආත්මයක් තියෙනවාද?

පිළිතුර


සුරතල් සතුන්ට / සතුන්ට ආත්මයක් තියෙනවාද?එම සතුන් ස්වර්ගයට යනවාද යන්න ගැන ශුද්ධ බයිබලයේ නිශ්චිත ඉගැන්වීමක් කර නැත. මෙම මාතෘකාව පිළිබඳව අපට ශුද්ධ ලියවිල්ලේ ප්‍රාථමික ප්‍රතිපත්ති තුළින් කිසිවක් ලබාගත හැකිවේ. බයිබලයේ (උත්පත්ති 2 : 7) සඳහන් කරන පරිදි මනුෂ්‍යයා සහ සතුන් තුළ (උත්පත්ති 1 : 30; 6 : 17; 7 : 15,22) ප්‍රාණ වායුව තිබෙන බව. මනුෂ්‍යයාත් සත්වයාත් අතර ඇති මූලික වෙනස්කම වන්නේ,මිනිසා දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් සහ සමානත්වයෙන් මවා තිබීමය (උත්පත්ති 1 : 26-27). එහෙත් සත්වයන් දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් හා සමානත්වයෙන් මවා නැත. මෙහිදි දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් හා සමානත්වයෙන් මැවීම යනු මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ යන්නය. ආත්මිකහැකියාව,මනස,හිත්කම්පාට,කැමැත්ත සහ මරණින් පසු ඇති දෘෂ්ටිය යන අංගවලින් දෙවියන් වහන්සේ හා සමානත්වයක් මනුෂ්‍යයාට ඇත. එහෙත් සුරතල් සතුන්ට / සතුන්ට ආත්මයක් හෝ නොපෙනෙන දෘෂ්ටියක් ඇත්නම්,එය ගුණාත්මක භාවයෙන් අඩු වෙනත් එකක් විය යුතුය. මෙම වෙනස්කම සමහරවිට අදහස් කරනවා සුරත් සතුන් / සතුන් මරණින් පසු ආත්මයක් රැගෙන නොයන බවට.

මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් විමසා බැලිය යුතු තවත් සාධකයක් වනුයේ උත්පත්ති පොතේ සඳහන් පරිදි දෙවියන් වහන්සේ තම මැවිල්ලේ ක්‍රියාවලියේ කොටස් කරුවෙකු ලෙසට සතුන්ද ඇතුලත් කර ගැනීම,දෙවියන් වහන්සේ සතුන් මවා ඔවුන් යහපත් බව කීවා (උත්පත්ති 1 : 25). එම නිසා අලුත් පොළොවේ සතුන් නොසිටීමට කිසිම හේතුවක් නැත (එළිදරවි 21 : 1). එමනිසා නිසැකවම අලුත් ලෝකයේ සතුන් සිටිය හැක (යෙසායා 1 : 6; 65 : 25). අපට නිසැකයෙන්ම කියන්න අපහසුයි අප මෙම පොළොව මත ඇසුරු කරන සමහර සතුන් අලුත් ලෝකයේදීත් සුරතලුන් වේවිද කියා. එහෙත් අපි දන්නවා දෙවියන් වහන්සේ යුක්ති සහගතයි. එසේම අප ස්වර්ගයට ගිය විට මෙම කාරණය පිළිබඳව උන් වහන්සේගේ තීරණය කුමක් වූවත් අපගේ සම්පූර්ණ එකඟත්වය උන් වහන්සේගේ තීරණය සමඟ පවතින බව.

English



නැවතත් සිංහල මුල් පිටුවට

සුරතල් සතුන් / සතුන් ස්වර්ගයට යනවාද?සුරතල් සතුන්ට / සතුන්ට ආත්මයක් තියෙනවාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries