settings icon
share icon
ප්‍රශ්නය

එළිදරව් කිරීම (එළිදරව්ව / ප්‍රකාශය) නම් කුමක්ද?

පිළිතුර


“එළිදරව් කිරීම” යන වචනය පැමිණෙන්නේ ඇපොකලුප්සිස් යන ග්‍රීක වචනයෙන්. එහි තේරුම “එළිදරව් කිරීම, අනාවරණය කිරීම, ආවර්ණය කිරීම” එළිදරව් පොත සමහර අවස්ථාවලදී “යොහාන්ගේ අනාවරණය” ලෙසද හඳුන්වයි. මන්ද දෙවියන් වහන්සේ අවසාන කාලය පිළිබඳව යොහාන්තුමාට අනාවරණය කිරීම නිසා ඉදිරියටත් “එළිදරව් කිරීම” යන වචනයේ ග්‍රීක වචනය එළිදරව් පොතේ ග්‍රීක් අනුවාදයේ පළමු වචනයයි. “එළිදරව්වේ සාහිත්‍ය” ලකුණු ස්වභාවන් හා අනාගත සිදුවීම් වලට ආවේනික ඉලක්කම් ගැන විස්තර කරයි එළිදරව් පොතට පිටතින්, එළිදරව්වේ සාහිත්‍යයට උදාහරණයන් වන්නේ බයිබලයේ දානියෙල් 7-12 පරිච්ඡේදයන්, යෙසායා 24-27; එසකියෙල් 37-41 හා සෙකරියා 9-12 යන පරිච්ඡේදයන්.

එළිදරව් සාහිත්‍ය එතරම් ලකුණු හා මනංකල්පිත දේවල් සහිතව ලියා ඇත්තේ ඇයි? එළිදරව් පොත ලියනු ලැබුවේ සාමාන්‍ය වචනවලින් විස්තර කිරීමට වඩා ලකුණු හා මනංකල්පිත දේවලින් විස්තර කිරීම වැදගත් වූ යුගයක. ඉදිරියත්, ඒ ලකුණු වලින් ඒ කාලවකවානු හා ස්ථාන පිළිබඳව අවශ්‍යවූ ත්‍රාස්‍ය ප්‍රශ්ණාර්ථය ඇති කළා. එවැනි සලකුණු වලින් සැලැස්ම කෙසේ වෙතත් වියවුලක් ඇති කිරීම නොව, නමුත් දෙවියන් වහන්සේව අනුගමනය කරන්නන්ව අමාරු කාලය පිළිබඳව ධෛර්ය්‍ය කිරීමට.

බයිබලයේ තේරුම අභිබවා “එළිදරව්” යන වචනය පොදුවේ අවසාන කාලය පිළිබඳව හෝ අන්තීම සිදුවීම් ගැන කථා කරයි. ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීම, හා ආමගැඩන් යුද්ධය එළිදරව් ලෙස හැඳින්විය හැක. එළිදරව්ව දෙවියන් වහන්සේව එළිදරව් කිරීමයි. උන් වහන්සේගේ උදහස, ධර්මිෂ්ඨකම හා අවසානයේ උන් වහන්සේගේ ප්‍රේමය, යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ විශේෂිතවූ “එළිදරව්වයි,” මන්ද උන් වහන්සේ අපට දෙවියන් වහන්සේව අනාවරණය කරයි (යොහන් 14:9; හෙබ්‍රෙව් 1:2).

English



නැවතත් සිංහල මුල් පිටුවට

එළිදරව් කිරීම (එළිදරව්ව / ප්‍රකාශය) නම් කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries