settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන් වහන්සේගේ ප්‍රවර්තනය /පැවැත්ම පිළිබඳව තර්කයක් වේද?

පිළිතුර


දෙවියන් වහන්සේගේ ප්‍රවර්තනය පිළිබඳ තීරණාත්මක තර්කයක් තිබේද යන පැනයට මුළු ඉතිහාසයක් පුරා දෙපාර්ශවයෙන්ම ඉතා බුද්ධිමත් සෙනඟ මතභේදයට තුඩු දුන් කරුණු ගැන විවාද පැවැත් වූවෝය. වර්ථමානයේ දෙවියන් වහන්සේගේ පැවැත්ම පිළිබඳ තර්ක විතර්ක යුද්ධකාමී භාවාර්ථයක් ගෙන ඇති අතර එසේ විශ්වාස කරන්නවුන් මිථ්‍යා විශ්වාසයක /මුළාවකට හසූවූවන් සහ බුද්ධිහීනයන් බවට නිර්භීතව චෝදනා කළෝය. යමෙක් දෙවියන් වහන්සේ විශ්වාස කරන්නේද ඔවුන් මානසික අක්‍රමයකට අසුවී කල්පනාකාරිත්වය අවලංගු වූවන් බවට කාල් මාර්ක්ස් තරයේ ප්‍රකාශ කර සිටියේය. මනෝචිකිත්සක සිග්මන් ෆෝ‍රයිඩ් මැවුම්කාර දෙවියන් වහන්සේ පිළිබඳ විශ්වාසය මායාවක් /මුළාවක් බවත් එම විශ්වාසය ප්‍රාර්ථනාවන් ඉෂ්ඨ කරගන්නා පිණිස ඇතිකර ගත්තක් බවත් එය යුක්ති සහගත නොවන බවත් ලියන ලදී. දාර්ශනික ෆෙඩ්රික් නිට්ෂු කියා සිටියේ ඇදහිල්ල සැබෑව දැන ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති වීමට සමාන බවයි. පුරාතීතයේ පටන් නැඟුන තුන් පුද්ගලයන්ගේ හඬවල් (තවත් සමහර අය සමඟ) නව පරපුරේ අදේවවාදීන් දෙවියන් වහන්සේ විශ්වාස කරන්නවුන් බුද්ධිමය බලයක් නොමැති වූවන් ලෙස ප්‍රකාශකරන ලදී.

සැබවින්ම තත්වය මෙයද? දෙවියන් වහන්සේ විශ්වාස කිරීම පිළිගැනීමට නොහැකි වූ තත්වයක්ද? දෙවියන් වහන්සේගේ ප්‍රවර්තනය පීළිබඳ තර්කානුකුල හේතු සාධක සහිත තර්කයක් තිබේද? බයිබලයෙන් ගෙන සඳහන් කිරීමෙන් තොරව, පරණ සහ අලුත් සියලු අදේවවාදීන් ගේ මතයන් නිශ්ප්‍රභා කරමින් මැවුම්කරුවාණන් විශ්වාස කිරීමට සෑහෙන සහතිකයක් ඉදිරිපත් කළ හැකිද? පිළිතුර නම් එසේය වේ. දෙවියන් වහන්සේගේ ප්‍රවර්තනය පිළිබඳ තර්ක විතර්ක ආදර්ශනය කිරීමෙන් අදේවවාදයට හේතු සාධකය, බුද්ධිමත්භාවයේ ඇති දුර්වලකම බව දක්නට ලැබේ.

දෙවියන් වහන්සේ ගේ ප්‍රවර්තනය පිළිබඳ තර්ක කිරීමේ ආරම්භයේදීම නිවැරදි ප්‍රශ්ණ ඇසිය යුතුවේ. අපි ආරම්භ කළ යුතු වන්නේ අභිධර්මය පිළිබඳ අතීශයින් මූලික ප්‍රශ්න ගැනය. කිසිවක් නොමැතිව සිටීමට වඩා යම් දෙයක් හෝ තිබෙන්නේ ඇයි? මෙය ප්‍රවර්තනයේ මූලික ප්‍රශ්ණ යයි. අප මෙහි ඉන්නේ ඇයි? පොළොව මෙහි තිබෙන්නේ ඇයි? කිසිවක් නොමැතිව තිබීමට වඩා විශ්වය මෙහි ඇයි? මෙම කරුණු ගෙන අර්ථ නිරූපනයක යෙදීමේදී එක් දේව ධර්මධරයෙක් මෙසේ පවසා ඇත. එක් පැත්තකින් මනුෂ්‍යයා දෙවියන් වහන්සේ ගැන ප්‍රශ්ණ නොකරයි. එතුමාගේ ප්‍රවර්තනයම දෙවියන් වහන්සේ පිළිබඳ ප්‍රශ්න මතු කරයි.

මෙම ප්‍රශ්ණය සළකා බැලීමේදී කිසිත් නොමැතිව නොසිට යමක් අපට ඇත්තේ ඇයි දැයි යන්නට විය හැකි පිළිතුරු හතරක් ඇත.

1. යථාර්ථය මුළාවක් වේ.
2. යථාර්ථය ස්වයං මැවීමක් වේ.
3. යථාර්ථය ඉබේ හටගත්තක් වේ (සදාකාලික)
4. යථාර්ථය ඉබේ හටගත් යමකින් මවන ලද්දකි.

එබැවින් ප්‍රධාන සත්‍යරූපී විසදුම කුමක්ද? සරල ලෙස යථාර්ථය මායාවක් යන, බොහෝ නැගෙනහිර ආගම් විශවාස කරන ස්ථානයෙන් අපි ආරම්භ කරමු. මෙම මතය සියවස් ගණනකට පෙර "මම හිතනවා ඒ නිසා මම සිටිමි" යන ප්‍රකාශ කරණකොට ගෙන ප්‍රසිද්ධියට පත් රෙනී ඩෙස්කාටස් විසින් ඉවත් කරන ලද්දකි. ගණිතඥයා ඩෙස්කාටස් "ඔහු කල්පනා කරනවා නම් ඔහු පවතින බවත් තවත් ආකාරයකින් පවසනවා නම් " මම කල්පනා කරන්නෙමි. එබැවින් මම මායාවක් නොවෙමි බවත් පවසයි. මායාව අත්දකින්නට මායාවක් අවශ්‍ය වේ. ඔබගේ පැවැත්ම පිළිබඳ ඔප්පු නොකර ඔබට ඔබගේ පැවැත්ම පිළිබඳ අවිශ්වාස කළ නොහැකිය. එබැවින් එය ස්වයං පරාජයක් හිමිවන තර්කයකි.

ඊළඟ මතය නම් යථාර්ථය ස්වයං මැවිමක් බවය. අප දේව ධර්මය හදාරන කල "විශ්ලේෂණයෙන් අසත්‍ය" ප්‍රකාශයන්, එනම් අර්ථ දැක්වීමම අසත්‍යයක් බවය. යථාර්ථය ස්වයං මැවීමක් වීමට ඇති හැකියාව වන්නේ එයම වෙන යමකට කලින් පැමිණිය නොහැක වැනි ප්‍රකාශයන් නිසාය. ඔබ විසින්ම ඔව මවා ගනු ලැබුවේ නම්. ඔබ ඔබව මවන්නට ප්‍රථමයෙන් පැවැත්මක් තිබිය යුතුය. නමුත් එය කිසිදිනක සිදුවිය නොහැක. විකාසනයේදි මෙය හදුන්වා දෙනු ලබන්නේ "ස්වයං සිද්ධ ජනනය" ලෙසය. එනම් කිසිවක් නොමැති තැනකින් යමක් හට ගැනීමය, තව දුරටත් බුද්ධිමත් සෙනඟක් රඳා පවතින්නේ නම් ඒ කිසිවක් නොමැති ස්ථානයකින් ඔබට යමක් ගන්නට නොහැකි නිසාය. අදේවවාදියෙක් වන ඩේවිඩ් හියුම් පවා හේතුවක් නොමැතිව කිසිවක් හට ගනී වැනි යෝජනා නිරර්ථක මෝඩ ඒවා බවට තරයේ ප්‍රකාශ කර සිටියේය. කිසිවක් නොමැතිව යමක් හටගන්නට නොහැකි බැවින් වෛකල්පිත ස්වයං මැවීම අදාළ නොවන බැවින් එය බැහැර කෙරේ.

දැන් අපට තවත් තෝරා ගැනීම් දෙකක් ඉතිරිව තිබේ. සදාකාලික යථාර්ථය හා සදාකාලික වූ යමකින් සදාකාලික විශ්වය හෝ සදාකාලික මැවුම්කරු යථාර්ථය මවන ලද යන්න වේ. 18 වන ශත වර්ශයේ දේව ධර්මවරයෙකු වන එඩ්වඩ් ජොනතන් මෙම මංසංධිය මෙසේ කැටි කොට දක්වන ලදී.

1. ප්‍රවර්තනය වන යමක්
2. කිසිත් නොමැතිව යමක් මැවිය නොහැක.
3. එබැවින් සදාකාලික වන යමක් අවශ්‍ය වේ.

එබැවින් සදාකාලික වූ "යම් දෙයක්" වෙත ආපසු හැරිය යුතුය. සදාකාලික වූ මැවුම්කාර දෙවියන් වහන්සේ විශ්වාස කිරීම පිළිබඳ ඇදහිලිවතුන් සමච්චලයට ලක් කරන්නාවූ අදේවවාදීන් නැවත හැරී ඔවුනට ඇති එකම දොරටුව වන සදාකාලික විශ්වය වැළඳ ගත යුතුය. නමුත් දැන් ප්‍රශ්ණය වන්නේ සාක්‍ෂිය අපව කොතනට ගෙන යාවිද යන්නයි. සාක්‍ෂිය මනසට පෙර කාරණාවට යොමු වේද එසේ නොමැතිව කාරණාවට පෙර මනස වේද?

අද වන තෙක් ප්‍රධාන විද්‍යාත්මක හා දර්ශණය පිළිබඳ වූ සාක්‍ෂි සදාකාලික විශ්වය සහ සදාකාලික මැවුම්කරුවානන් ගෙන් බැහැරව සිටී. ප්‍රතිපත්ති මත අවංක වූ විද්‍යාඥයින් විශ්වයට ආරම්භයක් තිබූ බවත් ආරම්භයක් ඇති දෙය සදාකාලික නොවන බවත් පිළිගනී. තවත් ආකාරයකින් පවසනවා නම් ආරම්භයක් ඇති සෑම දෙයකටම හේතුවක් වේ. තාපප්‍රගති දෙවන නියමය අනුව සහ බිග් බෑංග් විසින්1900 ගණන් වලදී සොයා ගන්නා ලද විකිරණයේ ශබ්දය අනුව අවධාරනය කරන අතර විශ්වය ප්‍රසාරණය වන බවත්, නැවත අනුරේඛනය වී ඒකභාවී ආරම්භයකට පැමිණිය හැකි බව සහ අයිස්ටයින්ගේ සිද්ධාන්තය වන සාපේක්‍ෂතාවාදය විශ්වයට ආරම්භයක් තිබුණු බවට පවසන කරුණු වේ. මේ සියල්ල විශ්වය සදාකාලික නොවන බව සනාත කරයි. තව දුරටත් හේතු ඵල ධර්මයේ න්‍යායයන් විශ්වය අවසාන හේතුව බව පැවසීමට විරුද්ධව කතා කරයි. අප දන්නා කරුණ නම් අභිප්‍රාය එහි ප්‍රත්‍යයට සමානව තිබි යුතුය. මෙය සැබෑවක් සේම, පුද්ගලත්වයක් ඇති සිතෙහි බලපෑම් කරණ අරමුණු ඇති. සදාචාරාත්මක ජීවියා (අප) අපුද්ගල, අරමුණු රහිත, අර්ථහීන, නිරාචාරවත් විශ්වය අහම්බෙන් මැවුන බව කිසිම අදේවවාදියෙකුට ප්‍රකාශ කළ නොහැකිය. මෙවැන්නක් හේතු ඵල වාදයේ ස්ථාවරය අනුව ස්වාභාවික විශ්වය පවතින යමක් උපදවන බව නිශ්ප්‍රභා කරයි. එබැවින අවසානයේදී සදාකාලික විශ්වීය සංකල්පය ඉවත් කරන ලදී.

ජේ එස් මිලර් නම් දාර්ශනිකයා (කිතුණු නොවන) ලුහිඬින් දක්වනු ලැබුවේ දැන් අප පැමිණ සිටින ස්ථාන වන "චිත්තය නිර්මාණය කළ හැක්කේ චිත්තයකට පමණි" යන්න ස්වයං ප්‍රත්‍යක්‍ෂ වේ. අප දන්නා පරිදි තර්කාන්විත සහ සාධාරණ නිගමනය වන්නේ සදාකාලික මැවුම්කරු යථාර්ථයට වගකිව යුතු තැනැත්තා වේ.

• ප්‍රවර්තනය වන යමක්
• ශුන්‍යයකින් ඔබට යමක් ලබන්නට නොහැකිය. .
• එබැවින් සදාකාලික යමක් ප්‍රවර්තනයවීම අනිවාර්ය වේ.
• සදාකාලික විශ්වය හා සදාකාලික නිමැවුම්කරු යන මතයන් දෙක වේ.
• විද්‍යාව හා දර්ශණ විද්‍යාව සදාකාලික විශ්වය යන සංකල්පය විසාධනය කර ඇත.

අපගේ පාර්ශවයට පැමිණි හිටපු අදේවවාදියෙකු මෙසේ සටහන් තබන ලදී. "කිසිත් නොමැති තැනකින් සියල්ල නිපදවෙන බවත්, ජීවයක් නොමැතිව ජීවය ඉපදවෙන බවත්, සමසම්භාවිතාව සියුම්ව සකස් කිරීම නිපදවන බවත්, අවුල් ජාලය ආවේදනය ගෙන එන බවත්, විසඥතාව විඥානය නිපදවන බවත් යන මේ සියල්ල අදේවවාදියෙක් ලෙස පැවතීමට මම ඉදුරාම විශ්වාස කළ යුතු බව දැන ගත්තෙමි. එවැනි ඇදහිල්ලේ පිම්මක් තමාට ගත නොහැකි බවත් විශේෂයෙන්ම සත්‍යර්ථ ලෙස පවසන දෙවියන් වහන්සේගේ ප්‍රවර්තනය පිළිබඳ කාරණයෙහිදී පවා, මගේ තක්සේරුව අනුව කිතුණු විශ්ව දර්ශණයේ සාක්‍ෂිය අදේවවාදී විශ්ව දර්ශණයට වඩා ඉතා යහපත්ය".

මීළඟ කාරණය ලෙස අප නිරාකරණය කර ගත යුත්තේ සදාකාලික මැවුම්කරුවාණන් ප්‍රවර්තනය වන්නේ නම් (එතුමා පැවතෙන බවට අප පෙන්වා ඇති ආකාරයෙන්) එම මැවුම්කරු කිනම් ආකාරයේ කෙනෙක්ද එතුමා නිපදවන ලද දේවලින් එතුමා ගැන අනුමාන කළ හැකිද / තවත් ආකාරයකින් පවසනවා නම් උපදවන ලද දෙයින් එහි ගුණාගුණ අපට තේරුම් ගත හැකිද යන්නය. පහත සඳහන් එතුමාගේ ආවේනික ගුණාංගයන් ගෙන් අපට වටහා ගත හැකි වේ. එබැවින් පිළිතුර එසේය වේ.

• එතුමා ස්වභාවයෙන් සොබාදහම ඉක්ම වූ (අධිස්වාභාවික) කෙනෙකු විය යුතුය. (එතුමා අභ්‍යාවකාශය සහ කාලය නිමැවුම් කළ බැවිනි.)

• එතුමා ජවසම්පන්න / ප්‍රබල කෙනෙකු විය යුතුය. (අධික ලෙස)

• එතුමා සදාකාලික විය යුතුය. (ඉබේ හටගත්)

• එතුමා සර්වස්ථාන විය යුතුය. (සීමාරහිත අභ්‍යාවකාශය නිමැවුම් කරන ලද )

• එතුමා කාල මුක්ත සහ වෙනස් නොවන කෙනෙක් විය යුතුය. (එතුමා කාලය නිර්මාණය කරන ලදී)

• එතුමා අභෞතික වි යුතුය. මන්ද එතුමා අභ්‍යාවකාශය / භෞතීය දේ ඉක්මවා යන බැවින්

• එතුමා පුද්ගලයෙකු විය යුතුය. (අපුද්ගලයෙකුට පුද්ගලත්වය නිර්මාණය කළ නොහැක.)

• එතුමා සීමාරහිත ඒකභාවී විය යුතුය. මන්ද අපිරිමිතයනන් දෙදෙනෙකු සිටිය නොහැක.

• එතුමා ප්‍රකීර්න විය යුතු නමුත් ඒකත්වය පැවතිය යුතුය. මක්නිසාද ස්වාභාව ධර්මයේ ප්‍රතිකීර්ණත්වය සහ ඒකත්වය ප්‍රවර්තනය වේ.

• එතුමා බුද්ධිමත් විය යුතුය. (උත්තරීතර /ශ්‍රේෂ්ඨ ) ඥානාත්මක පුද්ගලයෙකුට පමණි එවැන්නෙක් නිපදවිය හැක්කේ

• එතුමා අරමණුවත් විය යුතුය. මන්ද එතුමා කල්පනාකාරීව සියල්ල සාදන ලදි.

• එතුමා සදාචාරාත්මක විය යුතුය. (සදාචාරාත්මක න්‍යායක් ප්‍රදාන කරන්නෙක් නැතුව තිබි නොහැක ).

• එතුමා සානුරෝධය / සළකන අයෙක් විය යුතුය. (එසේ නොමැතිව සදාචාරාත්මක න්‍යායක් දානය කළ නොහැක).

මෙම සත්‍යතාවයන් තුලින් මෙවැනි මැවුම්කරුවකු ලොව කිසියම් ආගමක වර්ණනා කරන්නේද? යන පැනය අපි අසන්නෙමුව. පිළිතුර එසේය බයිබලයේ දෙවියන් වහන්සේගේ ආකෘතියට මෙය සම්පූර්ණයෙන්ම උචිත වේ. එතුමා සොබාදහම ඉක්ම වූ (උත්පත්ති 1:1) ප්‍රබල (යෙරමියා 32:17) සදාකාලික (ගීතාවලිය 90:2) සර්වස්ථාන (ගීතාවලිය 139:7) කාල මුක්ත /නොවෙනස් වන්නාවූ (මලාකි 3:6) අභෞතික ( යොහාන් 5:24) පුද්ගලභාවය (උත්පත්ති 3:9) අනිවාර්ය (කොලොස්සි 1:17) සීමාරහිත /ඒකභාවී (යෙරමියා 23:24, ද්වීතීය කථාව 6:4) ප්‍රකීරාණ නමුත් ඒකත්වය (මතෙව් 28:19) බුද්ධිමත් (ගීතාවලිය 147:4-5) අරමුණුවත් (යෙරමියා 29:11) සදාචාරාත්මක (ද්වීතීය කථාව 9:14) සහ සානුරෝධය / සළකන (1 පේත්‍රැස් 5:6-7).

දෙවියන් වහන්සේ ගේ ප්‍රවර්තනය පිළිබඳ යොමු කළ යුතු අවසාන විෂය වන්නේ අදේවවාදියෙකුගේ ස්ථාවරය කොතරම් යුක්ති ගෝචරද යන්නයි. අදේවවාදියා ඇදහිලිවන්තයාගේ ස්ථාවරය පදනම් රහිත සාවද්‍ය එකක් බව තරයේ ප්‍රකාශ කරන අතර නැවත වරක් ප්‍රශ්ණය සෘජුව ඔහු වෙත එල්ල කිරීම හේතු සාධක වේ. ප්‍රථමයෙන් අප තේරුම් ගත යුත්තේ අදේවවාදියා ගෙන එන "දෙවි කෙනෙකු නැත" යන ප්‍රකාශයෙන් ඔහු දෙන අර්ථ කථනය දාර්ශනිකයෙකුගේ ස්ථාවරයේ සිට තහවුරු කළ නොහැකි බවයි. නීත්‍යානුකුල විශේෂඥයෙකු හා දාර්ශනිකයෙකු වන මෝතිමර් ඇඩ්ලර් ප්‍රවර්තනය ගැන තරයේ ප්‍රකාශ කරමින් ඉදිරි පත් කරන යෝජනාව ඔප්පු කරන්ට හැකි වුවද, ප්‍රවර්තනය පිළිබඳ අශුභවාදී ලෙස ඉදිරිපත් යෝජනා ප්‍රවර්තනය ප්‍රතික්‍ෂේප කරන්නාට ඔප්පු කළ නොහැකිය. උදාහරණයක් ලෙස යමෙක් රතු රාජාලින් ජීවත් වන බවත් තවකෙකු රතු රාජාලීන් නොමැති බව තරයේ ප්‍රකාශ කරන්නට හැකිය. පෙර පැවසූ තැනැත්තා තමන් තිරසාරව කළ ප්‍රකාශය සනාථ කිරීමට එක් රතු රාජාලියෙකු හෝ සොයා ගත යුතුය. නමුත් පසුව කථා කළ තැනැත්තා මුළු විශ්වය පීරා කොහේ හෝ කොතනකදී හෝ එක් රතු රාජාලියෙක් හෝ අතපසු නොවූ බව සහතික කර ගත යුතු නමුත් එය අසීරු කාර්යකි. බුද්ධිමත් අවංක අදේවවාදීන් දෙවියන් වහන්සේට පැවැත්මක් නොමැති බව සනාථ ඛල නොහැකි බව පිළි ගනී.

සාදන ලද යයි ප්‍රකාශිතසත්‍යතාවයේ ඇති බරපතලකම හා අවසාන නිගමනයකට එළඹීමට කොතරම් ප්‍රමාණයක් සාක්‍ෂි අවශ්‍යද යන්නත් ඊළඟ වශයෙන් තේරුම් ගැනීම වඩාත් වැදගත් වේ. උදාහරණයක් ලෙස යම් කෙනෙක් ඔබ ඉදිරියේ ලෙමනේඩ් ටින් දෙකක් තබා එකක් අනෙකට වඩා ඇඹුල් රසැති බවත්, වඩාත් ඇඹුල් රසැති ලෙමනේඩ් එක පානය කිරීමෙන් ඇති වන ප්‍රතිඵල වඩා බරපල නොවන බවත් පැවසුවේ නම් ඔබගේ තෝරා සඳහා වඩාත් සාක්‍ෂි අවශ්‍ය නොවන්නේය. නමුත් ආගන්තුක සත්කාර කර කරන්නා එක කෝප්පයකට රස ගන්වන දෙයක් එකතු කර අනෙකට ඔහු මීයන් විනාශ කරන වස දමා දෙන්නේ නම් තෝරා ගැනීමට ප්‍රථම ඔබට සාක්‍ෂි අවශ්‍ය වේ.

අදේවවාදය සහ දෙවියන් වහන්සේ විශ්වාස කිරීම පිළිබඳ තෝරා ගැනීමේ අතරමැද සිටින්නා සිටින ස්ථානය මෙය වේ. අදේවවාදය විශ්වාස කිරීම කරනකොට ගෙන පිරිමැසිය නොහැකි සදාකාලික ප්‍රතිවිපාක එහි ප්‍රතිඵලය වීමට හැකි වන අතර, අදේවවාදියා ඉතා සැලකිය යුතු සහ වැඩි ප්‍රමුඛතාවයක් ඇති සාක්‍ෂි ඉදිරිපත් කළ යතු වන්නේ ඔහුගේ ස්ථාවරයට උපකාරයක් සේ ක්‍රියා කිරීම නියෝගයක් වන බැවිනි. නමුත් ඔහුට එය කල හැකි නොවේ. අදේවවාදය ඔප්පු කිරීම සඳහා ඇති පරීක්‍ෂණයට මුහුණ දිය නොහැක්කේ චෝදනාවේ ඇති බරපතලකම නිසාය. අදේවවාදියාට ඔහුගේ තත්වය ඒත්තු ගන්වනු ලැබුවත් හදිසියේ හෝ සදාකාලිකත්වය කෙරෙහි නොදැනී හෝ යනු ලැබුවහොත් ඔවුන්ට අප්‍රසන්න වූ සැබෑව වන සදාකාලිත්වය සැබවින්ම පවතින බව නොදැනේවා. දෙවියන් වහන්සේ ප්‍රතික්‍ෂේප කිරීම කරනකොට ගෙන වෙනත් කිසිම මූලික ප්‍රශ්ණයකට වඩා ජීවිතයට හා ක්‍රියාවන්ට ප්‍රතිවිපාක ලැබෙන බව මෝතිමර් ඇඩ්ලර් පවසයි.

එලෙසම දෙවියන් වහන්සේ විශ්වාස කිරීමට බුද්ධිමය සහතිකයක් වේද? දෙවියන් වහන්සේ ගේ ප්‍රවර්තනය පිළිබඳ යුක්ති සහගත, තර්කානුකුල සහ සාධාරන තර්කයක් වේද? නිසැක වශයෙන් වේ. ෆ්‍රොයිඩ් නම් අදේවවාදියා සහ ඔහුගේ අනුගාමිකයින්, දෙවියන් වහන්සේ අදහන්නවුන් ප්‍රාර්ථනා ඉෂ්ඨ කර ගැනීමේ ආශාව නිසා දෙවියන් වහන්සේ විශ්වාස කරන බව පවසයි. නමුත් සත්‍ය නම් ෆ්‍රොයිඩ් සහ ඔහුගේ අනුගාමිකයින් ප්‍රාර්ථනා ඉෂ්ඨ කරගැනීමේ අභිලාෂයෙන් සැබවින්ම දුක් විඳින්නන් බවය. ඔවුන් ගේ බලාපොරොත්තුව සහ ප්‍රාර්ථනාව වන දෙවියන් වහන්සේ නොමැති බැවින් ගණන්දීමක් නොමැත එබැවින් විනිශ්චයක්ද නැත. නමුත් බයිබලයේ දෙවින් වහන්සේ සාවද්‍ය බව සනාථ කරමින්, එතුමාගේ ප්‍රවර්තනය සහ ප්‍රවර්තනය සත්‍ය බව දැන දැනත් එය යටපත් කරන ලද අයට ඉක්මනින් අනිවාර්යයෙන් විනිශ්චය පැමිණෙන බව ප්‍රකාශ කරයි (රෝම 1:20) නමුත් මැවුම්කරුවානන් පවතින බව දැන එයට ප්‍රතිචාර දැක්වූ අයටඑතුමාගේ පුත්‍රවු යේසුස් වහන්සේ කරණකොට ගෙන ගැලවීමේ මාර්ගය දානය කරන සේක. " නමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහා ගත්තෝද, ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්ට උන්වහන්සේ බලය දුන්සේක. ඕව්හු ලෙයෙන්වත් මාංසයේ කැමැත්තෙන්වත් නොව දෙවියන් වහන්සේගෙන් උපන්නෝය. (යොහාන් 1:12-13). English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන් වහන්සේගේ ප්‍රවර්තනය /පැවැත්ම පිළිබඳව තර්කයක් වේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries