settings icon
share icon
ප්‍රශ්නය

ඒරියානුවාදය යනු කුමක්ද?

පිළිතුර


ඒරියානුවාදය නම් කොට ඇත්තේ ක්‍රි.පූ. 4 වන සියවසෙහි මුල් භාගයේ සිටියාවූ ගුරුවරයකු වන ඒරියස් වෙනුවෙනි. මුල් කිතුණුවන් අතර තිබුනාවූ මූලික සහ බොහෝ විට වැදගත්ම යයි සැලකූ විවාද කරුණ නම් ක්‍රිස්තුස්වහන්සේගේ දේවත්වය පිළිබද විෂයයි. යේසුස්වහන්සේ සැබවින්ම මාංශමය වූ දෙවියන්වහන්සේමද නැතහොත් යේසුස්වහන්සේ නිර්මාණය කරනු ලැබූ ජීවයක්ද? යේසුස්වහන්සේ දෙවියන්වහන්සේමද නැතහොත් දෙවියන්වහන්සේ හා සමානද? ඒරියස් විසින් පිළිගනු ලැබුවේ යේසුස්වහන්සේ වූ කලී දෙවියන්වහන්සේගේ මැවීමේ ක්‍රියාවලියේ ප්‍රථම මැවිල්ල ලෙස උන්වහන්සේ විසින් නිර්මාණය කරනු ලැබූ කෙනෙකු ලෙසද එසේම යේසුස්වහන්සේ සියළු මැවිල්ලේම මුදුන් පමුණුවනු ලැබූ මහිමය ලෙසත්ය. එසේ නම් ඒරියානුවාදයෙහි මතය නම් යේසුස්වහන්සේ දිව්‍යමය උපලක්ෂණ සමග නිර්මාණය කරනු ලැබූ ජීවයක වන නමුත් තමන් වහන්සේවත් එතුමන් තුළවත් දිව්‍යමය භාවයක් නොතිබුනු බවය.

යොහාන් 4:6 සදහන් කර ඇති ආකාරයට යේසුස්වහන්සේට මහන්සි දැනීම සහ මතෙව් 24:36 ට අනුව උන්වහන්සේ නැවත පැමීණීමේ දිනය නොදැන සිටීම ආදී නිර්දේශයන් ඒරියානුවාදය මගින් වැරදි ලෙස වටහා ගනීයි. දෙවියන්වහන්සේට විඩා දැනේනේ කෙසේද නැතහොත් යම්කිසි දෙයක් පිළිබදව නොදැන සිටින්නේ කෙසේද යන්නට තේරුම් ගැනීම අපහසු නමුත් යේසුස්වහන්සේ නිර්මාණය කරනු ලැබූ ජීවයක් ලෙස පහතට හෙලීම එයට පිළිතුරක් නොවේ. යේසුස්වහන්සේ සම්පූර්ණයෙන්ම දෙවියන්වහන්සේ වූ අතරම සම්පූර්ණ මනුෂ්‍යයෙක්ද වූ සේක. යේසුස්වහන්සේ ශරීරයකින් යුක්තව ලොවට පහළ වන තෙක්ම මනුෂ්‍යයෙකු බවට පත් නොවූ සේක. එසේ හෙයින් මනුෂ්‍යයෙකු ලෙස යේසුස්වහන්සේට තිබූ සීමාවන් එතුමන්ගේ දේවත්වයට හෝ සදාකාලිත්වයට බලපෑමක් ඇති නොවේ.

ඒරියානුවාදයේ දෙවන ප්‍රධාන වැරදි අර්ථ කථනය නම් “කුළුඳුලා” යන වචනයේ අර්ථයි. (රෝම 8:29, කොලොස්සි 1:15–20) ඒරියානුවන් මෙම පද වල “කුළුඳුලා” යන්න තේරුම් ගනු ලබන්නේ යේසුස්වහන්සේ “උපත ලැබූවේ” හෝ “නිර්මාණය කරනු ලැබූවේ” මැවිල්ලේ මුල් ක්‍රියාවලිය ලෙසය. එය එසේ නොවේ. යේසුස්වහන්සේ උන්වහන්සේගේ ස්වයංභූභාවය සහ සදාකාලිත්වය හෙළි කල සේක. (යොහාන් 8:58, 10:30). යොහාන් 1:1–2 අපට ප්‍රකාශ කරනු ලබන්නේ යේසුස්වහන්සේ පටන් ගැන්මේදී දෙවියන්වහන්සේ හා සමග සිටිසේක යන්නයි. බයිබල් අවධියේදි සෑම පවුලකම කුළුඳුලා සලකනු ලැබුවේ ඉතාමත්ම ගෞරවාන්විත ලෙසය. (උත්පත්ති 49:3, නික්මයාම 11:5, නික්මයාම 34:19, ගණන් කථාව 3:40, ගීතාවලිය 89:27, ජෙරමියා 31:9) යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ කුළුඳුලා වන්නේ මේ අවබෝධයෙන්ය. දෙවියන්වහන්සේගේ පවුලේ විශිෂ්ටතම සාමාජිකයා වන්නේ යේසුස්වහන්සේය. යේසුස්වහන්සේ ආලේපලත් තැණන්වහන්සේය, අපූර්වයල මන්ත්‍රීවරයාය, පරාක්‍රමවත් දෙවියන්වහන්සේය, සදාකාල පියාණෝය, සමාදානයේ කුමාරයාය. (යෙසායා 9:6)

විවිධ පූර්ව දේවස්ථාන මණ්ත්‍රන සභාවන්හී සියවසකට ලංවූ කාලයක් තුල කලාවූ විවාදයන්ට පසුවල ඒරියානුවාදය ව්‍යාජ මතවාදයක් ලෙසට කිතුණු සභාව නිල වශයෙන් ප්‍රසිද්ධියේම ප්‍රතික්ෂේප කරනු ලැබීයග එවක පටන් ඒරියානුවාදය ක්‍රිස්තියානි ඇදහිල්ලේ ජීවීය මතවාදයක් ලෙසට පිළිගනු නොලැබිනි. කෙසේ නමුත් ඒරියානුවාදය මිය ගොස් නැත. ඒරියානුවාදය සියවස් ගණනාවක් පුරා විවිධ රූපාකාරයන් ගනිමින් නොකඩවා පවතිමින් තිබේ. වර්තමාන කාලයේ සිටින්නාවූ ජෙහෝවාගේ සාකෂ්‍යකරුවන් සහ මෝමොන්වරු ක්‍රිස්තුස්වහන්සේගේ ස්වභාවය ඒරියානුවන් හා සමාන තත්වයක් ගනියි. මුල් සභාව කලාක් මෙන් අපගේ ස්වාමින් සහ ගැළවුම්කාරයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සෙගේ දේවත්වය කෙරෙහි පැමිණෙන ඕනැම සහ සියළුම ප්‍රහාරයන් ප්‍රසිද්ධියේම ප්‍රතික්ෂේප කල යුතුවෙමු.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ඒරියානුවාදය යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries