settings icon
share icon
ප්‍රශ්නය

වරදින් නිදහස්වීම ආදේශ කිරීම යනු කුමක්ද?

පිළිතුර


“වරදින් නිදහස් කිරීමට ආදේශ කිරීම” අදාල වන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සියලු පව් කරුවන් උදෙසා මැරුණු බවය. ශුද්ධ ලියවිල්ල අපට පවසන්නේ සියලු මනුෂ්‍යයන් පව්කරුවන් බවය (රෝම 3:9-18, 23). අපගේ පාපිෂ්ඨ ස්වභාවයට හිමි කුලිය / වන්දිය නම් මරණයයි. රෝම 6:23 දක්වනවා “මක්නිසාද පාපයේ කුලිය නම් මරණයය, නමුත් දෙවියන් වහන්සේගේ දීමනාව නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ සදාකාල ජීවනයය.”

එම පදයෙන් අපට බොහෝදේ උගන්වයි. ක්‍රිස්තුස් වහන්සේ නොමැති නම් අප මියැදී සදාකාලයටම නිරයේ කාලය ගත කරයි අපගේ පාපවලට වන්දි ලෙස. මරණය ලියවිල්ලෙහි “වෙන්වීම” ලෙසට ප්‍රකාශ කරයි. සියලුම දෙනා නිසැකවම මිය යයි, නමුත් සමහරු දෙවියන් වහන්සේ සමග ස්වර්ගයේ සදාකාලයට ජීවත්වේ, ඒ අතරතුර අනෙක් අය සදාකාලිකව නිරයට යයි. මෙහි කථා කරන “මරණය” අදහස් කරන්නේ පාතාලයේ ජීවිතයටයි. කෙසේ වෙතත් දෙවනි දෙය නම් මේ පදයෙන් අපට පවසන්නේ ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන අපට සදාකාල ජීවනය ඇති බවයි. එය තමයි උන් වහන්සේ වරදින් නිදහස් වීමට ආදේශ කිරීම.

යේසුස් වහන්සේ කුරුසපත්වීමේදී උන් වහන්සේ මිය ගියේ අප වෙනුවෙන් අපගේ ස්ථානයටයි. එම කුරුසියේ මැරුම් කෑ යුත්තෝ වූයේ අපයි, මන්ද අපගේ පව්කාර ජීවිත හේතුවෙන්. නමුත් ක්‍රිස්තුස් වහන්සේ අප වෙනුවෙන් ඒ ඳඬුවම උන් වහන්සේ පිටට ගත්තා. උන් වහන්සේ අප වෙනුවෙන් ආදේශකරා තමන්ව. අප සැබවින්ම ලැබිය යුතුව තිබුණ ඳඬුවමින් මිදීමට “පාපයක් නොදත්තාවූ උන් වහන්සේ අප වෙනුවට පාපය වෙන්ට දෙවියන් වහන්සේ සැලැස්සූ සේක” (2 කොරින්ති 5:21).

“අප පාපවලට නැසී ධර්මිෂ්ඨකමට ජීවත්වන පිණිස, උන් වහන්සේම තමන්ගේ ශරීරයෙන් ගස පිටදී අපගේ පාපයන් ඉසුලූ සේක, උන් වහන්සේගේ තුවාල වලින් නුඹලා සුව කරනු ලැබුවහුය” (1 පේත්‍රැස් 2:24). මෙන්න අප නැවතත් දකිනවා ක්‍රිස්තුස් වහන්සේ අප කරපු පාපවලට උන් වහන්සේ පිටට ගත්තා අප වෙනුවෙන් මිලය ගෙවීමට. පද කීපයකට පසු අපි දකිනවා “මක්නිසාද දෙවියන් වහන්සේ ළඟට අප පමුණුවන පිණිස ධර්මිෂ්ඨවූ ක්‍රිස්තුස් වහන්සේ අධර්මිෂ්ඨයන් උදෙසා පව් ගැන වරක් වධවින්ද සේක, උන් වහන්සේ මාංසය සම්බන්ධයෙන් මරනු ලැබ, ආත්මය සම්බන්ධයෙන් ජීවත් කරනු ලැබූසේක” (1 පේත්‍රැස් 3:18). මෙම පද පමණක් නොවේ අපට උගන්වනු ලබන්නේ උන් වහන්සේ ආදේශ උනේ අප උදෙසා කියා. එමෙන්ම උන් වහන්සේ තමයි පව් සමාව, ඉන් අදහස නම් පව්කාර මිනිසාට හිමි ඳඬුවම උන් වහන්සේ වින්ඳා.

පාපයට සමාවට ආදේශ කිරීම පිළිබඳව කථා කරන තවත් බයිබල් පදයක් නම් යෙසායා 53:5. මෙම පදයෙන් කථා කෙරෙන්නේ අපගේ පාපයන් උදෙසා මිලයක් ගෙවීමට පැමිණෙන ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳවයි. එය විස්තරාත්මකව සඳහන් කර ඇති අතර, උන් වහනසේගේ කුරුසපත්වීම සිදු වුනේද පෙර සඳහන් කර තිබූ ලෙසටමය. ඔබ එම පද කියවන විට ඒ ගැන අවදාන‍ෙයන් කියවන්න. “නුමුත් උන් වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය, පොඩි කරනු ලැබුවේ අපේ අයුතුකම් නිසාය, අපට සමාදානය ගෙන දෙන ඳඬුවම පිණිස උන් වහන්සේ පිටට පැමිණුනේය. උන් වහන්සේගේ පහර වලින් අපට සුවය ලැබේ.” ආදේශ කිරීම දෙස අවධානය යොමු කරන්න. මෙහි නැවතත් ක්‍රිස්තුස් වහන්සේ මිලය ගෙවීම පිළිබඳව කථා කරයි.

අපගේ පාපයන්ට හිමි ඳඬුවම අපට ගෙවීමට හැකි වන්නේ ඳඬුවම් ලබා සදාකාලයටම නිරයේ සිටීමයි. නමුත් දෙවියන් වහන්සේගේ පුත්‍රයා යේසුස් ක්‍රිස්තුස් මෙලොවට වැඩියේ අපගේ පාපයේ කුලිය ගෙවීමටයි. මෙය උන් වහන්සේ කළේ අප උදෙසයි. දැන් අපට මේ හේතුවෙන් පව් සමාව පමණක් නොව උන් වහන්සේ සමග සදාකාලික ස්වර්ගයේ සිටීමට හැකිවේ. මේ දේ සිදුවීමට නම් කිස්තුස් වහන්සේ කුරුසියේ සිදු කළ දෙය පිළිබඳව ඇදහිය යුතුය. අපට අපව ගලවා ගත නොහැක. අප වෙනුවෙන් ආදේශවීමක් අවශ්‍යයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

වරදින් නිදහස්වීම ආදේශ කිරීම යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries