settings icon
share icon
ප්‍රශ්නය

මළවුන් උදෙසා බව්තීස්මය නම් කුමක්ද?

පිළිතුර


මළවුන් උදෙසා බව්තීස්මය යන්න දේව වචනානුකූල නොවන ක්‍රියාවක් වන අතර මිය ගිය පුද්ගලයෙකු වෙනුවට ජීවමාන පුද්ගලයෙකු බව්තීස්මය ලබන අතර මෙය කරනු ලබන්නේ ඒ වන විටත් මිය ගිය පුද්ගලයා වෙනුවෙන් ඇදහිල්ල පිළිබද පොදු ප්‍රකාශනයක් කිරීමේ මාධ්‍යයක් ලෙසය. අපට ඉඳුරාම කල්පනා කළ හැක්කේ මිය ගියාවූ පුද්ගලයෙකු බව්තීස්ම කිරීමේ ක්‍රියාවක් ලෙසය.

1 කොරින්ති 15:29 හී සාවද්‍යය අර්ථ කථනයක් මෙම ක්‍රියාවෙහි පදනම්වේ: "ඇරත් මළවුන් උදෙසා බව්තීස්ම කරනු ලැබූ අය කුමක් කරන්නෝද? මළාහූ කිසිසේත් නැගිටවනු නොලබන්නෝ නම් කුමක් හෙයින් ඔවුන් උදෙසා බව්තීස්ම කරනු ලබන්නෝද?" මෙය අර්ථ නිරූපණය කිරීම සදහා අසීරු පාඨයක් වන නමුත් එය අනෙක් ශුද්ධ ලියවිලි සමග සංසන්දනය කිරීමෙන් අප දන්නාවූ කරුණක් නම් ඉන් අදහස් කරනු ලබන්නේ මිය ගිය පුද්ගලයෙකුට වෙනත් පුද්ගලයෙකුගේ බව්තීස්මය කරණකොටගෙන ගැළවීම ලැබිය නොහැක, මන්දයත් මූලික වශයෙන්ම ගැළවීම ලැබීම සදහා බව්තීස්මය අවශ්‍යතාවයක් නොවන හෙයිනි (එපීස 2:8; රෝම 3:28; 4:3: 6:3–4). මුළු පාඨයම (12–29) දක්වා පද– නැවත නැගිටීමේ නිශ්චිතය ගැන විනා මළවුන් උදෙසා බව්තීස්මය ගැන නොවේ.

මළවුන් උදෙසා බව්තීස්මය ලැබීම කුමක් වූයේද? එය අභිරහස් පාඨයක් වන අතර එහි අර්ථ නිරූපණය කිරීම සදහා විවිධ ප්‍රයත්නයන් තිහකට වඩා රැගෙන ඇත. 1. ග්‍රීක භාෂාවෙන් 29 පදයෙහි සරල අර්ථය නම් මළවුන් උදෙසා සමහරුන් බව්තීස්ම වන බවය — එසේම නැවත නැගිටීමක් නොමැති නම් ඔවුන් එසේ කරනු ලබන්නේ මන්ද? 2. එසේ නොමැති නම් පාවුළු විසින් සදහන් කරනු ලබන්නේ මිථ්‍යදෘෂ්ඨික චාරිත්‍රයක් පිළිබදව (ඔහු විසින් භාවිතා කරනු ලබන්නේ ඔවුන් ලෙස විනා "අප" ලෙස නොවේ) හෝ බව්තීස්මය ලැබීමට ප්‍රථමයෙන් මිය යනු ලැබූ ඇදහිලිවතුන්ගේ පරාර්ථය පිණිසවූ බව්තීස්මයක් කොරින්ති සභාවේ අන්ධ විශ්වාසය සහ ශුද්ධ ලියවිල්ලට පටහැනිවූ ක්‍රියාවක් පිළිබදව වේ. 3. කෙසේ වෙතත් ඔහු විසින් මෙම ක්‍රියාව අනුමත කරනු නොලබයි; ඔහු හුදෙක්ම පවසන්නේ නැවත නැගිටීමක් නොමැති නම් චාරිත්‍ර සිදුවන්නේ මන්ද? මළවුන් උදෙසා බව්තීස්මය පිළිබද මෝර්මන්වරුන්ගේ ක්‍රියාව ශුද්ධ ලියවිල්ලට අනුකූල හෝ සංවේද්‍යය වූවක් නොවේ. මළවුන් උදෙසා බව්තීස්මය වූ කලී ග්‍රීසියේ මිථ්‍යාදෘෂ්ඨික ආගම් වල සුලභව පැවති පුරුද්දක් වන අතර එය වර්තමානයේදීත් සමහර නිකායක් මගින් අනුගමනය කරනු ලබති.

එනමුත් එය පුද්ගලයෙකුගේ සදාකාලික ඉරණම වෙනස් කරනු නොලබයි. මන්දයත් එය නිර්ණය වන්නේ ඔහු ජීවත්ව සිටියදීය (ලුක් 16:26).

English



නැවතත් සිංහල මුල් පිටුවට

මළවුන් උදෙසා බව්තීස්මය නම් කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries