settings icon
share icon
ප්‍රශ්නය

බියකරු සිහින ගැන බයිබලය පවසන්නේ කුමක්ද?

පිළිතුර


බියකරු හෝ භීෂණය වැනි ප්‍රබල නිෂේධාත්මක චිත්තවේගී ප්‍රතිචාරයක් ඇති කරන සිහින නපුරු සිහින ලෙස අර්ථ දැක්වේ. නපුරු සිහින වලින් පීඩා විඳින්නන් සාමාන්‍යයෙන් දැඩි ශාරීරික ප්‍රතිචාරයක් වන අධික වේගයෙන් හෘදය ස්පන්දනය වීම, දහඩිය දැමීම, ඔක්කාරය වැනි තත්වයන් නිසා රාත්‍රි කාලයේ අවදිවීමත් සමඟ නැවත නින්දයාම බොහෝ වෙලාවකට සිදු නොවේ. නපුරු සිහින වලට හේතු විවිධ වේ. ළමයින් ඔවුන්ගේ ක්‍රියාකාරි පරිකල්පනය නිසා, බියකරු සිහින වලට ගොදුරු වේ. සමහර ඒවා කෙතරම් දරුණුද කියනවා නම්, ඔවුන් කෑගසමින් ඇඬීම වැනි අතීශය සිදුවීම් "රාත්‍රී භීෂණය" ලෙස දහැඳින් වේ. නින්දට යාමට ආසන්නව ගන්නා සමහර ආහාර නපුරු සිහින වලට ක්‍රියාරම්භකයක් විය හැකිවාක් මෙන්ම බියකරු චිත්‍රපටි නැරඹීමද එයට හේතුවක් විය හැක. නින්දේදී මොළයේ අඛණ්ඩ ක්‍රියාකාරිත්වය නිසා ජීවිතයේ අසීරු තත්වයන් හෝ මුහුණ දුන් රණ්ඩුවකට හෝ තර්කයන් නිසා බියකරු සිහින දකිනු ඇත.

නපුරු සිහින අතීශයින්ම කරදරකාරී විය හැකි බවට සැකයක් නැත. නමුත් නපුරු සිහින සඳහා අධ්‍යාත්මික වැදගත් කමක් තිබේද? සිහින හා දර්ශන බයිබලයේ සඳහන් වන අතර දෙවියන්වහන්සේ සමහරවිට තම අනාගත වකාතෘවරුන් හා වෙනත් අය සමඟ සන්නිවේදනය කිරීමට සිහින තත්වය භාවිතා කරන ලදී. දෙවියන්වහන්සේ උත්පත්ති 20 හි අබිමෙලෙක්ට කතා කොට, ආබ්‍රහම්ගේ භාර්යාවවූ සාරාට අත නොතබන ලෙස අනතුරු ඇඟවීය. තවත් සිහින අතර යාකොබ්ගේ ඉනිමඟ (උත්පත්ති 28), ඊජිප්තුවේ වහල් භාවයට මඟපෑදූ සහෝදරයන් ඔහුට සේවය කරනු ඇතයි යෝසෙපිගේ සිහිනය (උත්පත්ති 37) මෙන්ම පාරාවෝගේ සිහින පිළිබඳ අර්ථ නිරූපණය (උත්පත්ති 40-41) ඊජිප්තුවේ දෙවන බලවත්ම මිනිසා සලමොන් (1 රාජාවලිය 3), නෙබුකද්ඳනශර් (දානියෙල් 2) යෝසෙප් (මතෙව් 2) සහ පිලාත්ගේ බිරිඳ (මතෙව් 27) ඇතුළු ස්වාමින්වහන්සේ හෝ ඔහුගේ දූතයා බයිබලයේ අන් අයට දර්ශනය විය. කෙසේ වෙතත්, මෙම සිහින කිසිවක් පිලාත්ගේ බිරිඳගේ සිහිනය හැරුණු විට සැබවින්ම බියකරු සිහින ලෙස හැඳින්විය නොහැකිය. එබැවින් දෙවියන් වහන්සේ සාමාන්‍යයෙන් බියකරු සිහින තුළින් කථා නොකරන බව පෙනේ.

සමහර අය සිතන්නේ නපුරු සිහින වලදී සාතන් හෝ යක්‍ෂයන් ඔවුන්ගේ මනස තුළට රිංගා ඇති බවයි. නමුත් මෙය ඝෘජුවම සනාත කිර්මට බයිබලයේ කිසිදු ජේදයක් නොමැත. එලිපාස් පැවසූ සිහිනයක් හැරුණු විට සිහින හෝ බියකරු සිහින වලදී මිනිසුන් සමඟ සන්නිවේදනය කරන භුත බලවේගයන්ගේ බයිබලානුකුල සිදුවීම් නොමැත. බොහෝ දුරට, නපුරු සිහින යනු නින්දේ චක්‍රය තුළ අඛණ්ඩව ක්‍රියාත්මක වන බැවින් අපගේ බිය හා වඩාත්ම සැලකිලිමත්වන දේ ගැන සටන් කිරීමේ මොළයේ ක්‍රමයට වඩා වැඩි දෙයක් නොවේ. කිතුනුවෙක් නිරතුරුව නින්දට බාධා වෙමින් මානසික පීඩාවන් ඇති කරන බියකරු සිහින අත් විඳන්නේ නම් සමහරවිට වෛද්‍ය උපකාරය මඟින් පිළිවෙලක් සාදා ගත හැකිය. එහෙත් සැම දෙයකම මෙන්, ඕනෑමආකාරයක චිත්තවේගීය හෝ අධ්‍යාත්මික පීඩාවකට එරෙහිව යාච්ඤාව අපගේ ප්‍රබලම අවියය. නින්දට පෙර මිනිත්තු පහළොවක් හෝ විස්සක් යාච්ඤා කිරීම මනස හා හදවත සන්සුන් කිරීමකට හා විවේකී නින්දකට සූදානම් වීමක් ලෙස වඩාත් ඵලදායී ක්‍රමයකි. සෑම දෙයකදි මෙන්, දෙවියන්වහන්සේ ගෙන් එලෙස සොයන අයට ප්‍රඥාව ලබා දෙයි (යාකොබ් 1:5). එසේම එලෙස සොයන සියල්ලන්ට සමාදානය පොරොන්දු වී ඇත. "කිසිම දෙයක් ගැනකරදර නොවන්න. නමුත් සෑම දෙයකදීම යාච්ඤාවෙන් හා ඉල්ලීමෙන් ස්තුති කරමින් ඔබේ ඉල්ලීම් දෙවියන්වහන්සේට ඉදිරිපත් කරන්න. සියලු අවබෝධය ඉක්මවා යන දෙවියන් වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඔබගේ හදවත් සහ මනස ආරක්‍ෂා කරනු ඇත" (පිලිප්පි4:6-7).

English



නැවතත් සිංහල මුල් පිටුවට

බියකරු සිහින ගැන බයිබලය පවසන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries