ප්‍රශ්නය
දේව වචනානුකූල සාහිත්‍යයේ විවිධ ස්වරූපයන් මොනවාද?
පිළිතුර
දේව වචනයේ ඇති චමත්කාර ජනක කරුණක් නම් එය දෙවියන් වහන්සේගේ සන්නිවේදන ක්‍රමය වන අතරම (මතෙව් 5:17; මාර්ක් 13:31; ලුක් 1:37; එළිදරව් 22:18–19) එය ලිවීමේ ක්‍රියාවලියේ මනුෂ්‍යයන්ද කොටස්කරුවන් වීමය. හෙබ්‍රෙව් 1:1 පවසන ආකාරයට “දෙවියන්වහන්සේ ආදි කාලයෙහි බොහෝ කොටස්වලින්ද බොහෝ අන්දම් වලින්ද ප්‍රොපේතවරුන් ලවා පියවරුන්ට කථා කරවා”. “බොහෝ අන්දම් වලින්” යන්නෙහි විවිධ සාහිත්‍යමය ප්‍රභේදයන් අන්තර්ගතවේ. දේව වචනයේ මනුෂ්‍යය ලේඛකයන් විසින් විවිධ සාහිත්‍යය ස්වරූපයන් භාවිතා කරනු ලැබුවේ විවිධ පණිවුඩයන් විවිධ කාල අන්තරයන්හී සන්නිවේදනය කරනු වස්ය.
දේව වචනයෙහි ඓතිහාසික සාහිත්‍යය (1 සහ 2 රාජාවලිය), නාට්‍යමය සාහිත්‍යය (යෝබ්), නීතිමය ලියකියවිලි (නික්මයාම සහ ද්වීතිය කථාවේ බොහෝමයක්) ගී පද රචන (සලමොන්ගේ ගීතිකා සහ ගීතාවලිය), කාව්‍යයන් (බොහෝ වශයෙන් යෙසායා පොත), ප්‍රඥාමය සාහිත්‍යය (හිතෝපදේශ සහ දේශනාකාරයා), අනාගතවාචක සාහිත්‍යය (එළිදරව් සහ දානියෙල් පොතෙහි සමහර කොටස්), කෙටි කථා (රූත්), දේශනාවන් (ක්‍රියා පොතෙහි වාර්තා කර ඇති පරිදි), කථනයන් සහ ප්‍රකාශනයන් (දානියෙල් පොතෙහි සදහන් නෙබුකද්නේසර් වැනි රජවරුන්) යාච්දඤාවන් (බොහෝ ගීතාවලියන්), උපමාවන් (යේසුස්වහන්සේ ප්‍රකාශ කළ පරිදි), වෘත්තාන්තයන් (යෝතාම් ප්‍රකාශ කළ පරිදි), සහ යැවුම් පත්‍ර (එපීස සහ රෝම).
විවිධ ප්‍රභේදයන් අති චිඡාදනය විය හැකිය. නිදසුනක් ලෙස බොහෝ ගීතාවලියන් යාච්ඤාවන්ද වේ. සමහර යැවුම් පත්‍ර තුළ කාව්‍යයන්ද අන්තර්ගතවේ. සෑම සාහිත්‍යය වර්ගයක් තුළම අද්විතීය චරිත ලක්ෂණ ඇති අතර ඒවා කරා එළැඹිය යුත්තේ ඉතාමත් සැලකිලිමත් භාවයකිනි. නිදසුනක් ලෙස යෝතාම්ගේ වෘත්තාන්තය (විනිශ්චයකාරයාගේ පොත 9:7-15) ආඥා දසය මෙන් අර්ථ දැක්විය නොහැක (නික්මයාම 20:1-17) රූපක සහ වෙනත් කාව්‍යමය උපාංග මත රදා පවතින කාව්‍යය අර්ථ නිරූපණයන්, ඓතිහාසික වෘත්තාන්ත අර්ථ නිරූපණයන්ට වඩා වෙනස්වේ.
2 පේත්‍රස් 1:21 හී ප්‍රකාශ කරනු ලබන්නේ “නමුත් මනුෂ්‍යයෝ ශුද්ධාත්මයාණන් විසින් පොළඹවනු ලැබූ දෙවියන්වහන්සේගෙන් ලැබූ ලෙස කථා කළෝය.” වර්තමාන ශබ්දමාලාවන් භාවිතා කරතොත් දේව වචනයේ කළමණාකරන කර්තෘ වූයේ දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයාණන් වහන්සේය. සාහිත්‍යය ප්‍රභේදය කුමක් වූවත් දෙවියන්වහන්සේ සිය කර්තෘත්වයේ සළකුණ දේව වචනයේ පොත් 66 න් සෑම පොතකම සටහන් කර තිබෙන සේක. ලියනු ලැබූ වචන “දේවානුභාවයෙන්” යුක්ත වූහ (2 තිමොති 3:16-17). විවිධ සාහිත්‍යය ස්වරූපයන් අවබෝධ කර ගැනීමට මෙන්ම අගය කිරීමට මනුෂ්‍යයාට හැකියාවක් ඇති හෙයින් දෙවියන්වහන්සේ විසින් උන්වහන්සේගේ වචනය සන්නිවේදනය කිරිමට විවිධ ප්‍රභේදයන් භාවිතා කළ සේක. සමූච්චයේ කොටස් ඒකාබද්ධ කරන පොදු අරමුණක් දේව වචනය කියවනු ලබන්නා විසින් සොයා ගනු ඇත. ඔහු විසින් මෝස්තර අංගල ළකුණු පහළ වීම්, අඛණ්ඩ තේමාවන් සහ පුනරාවර්තන අක්ෂර අනාවරණය කර ගනු ඇත. මේ සියල්ල තුළින් ඔහු සොයා ගනු ලබන්නේ ලෝකයේ ශ්‍රේෂ්ඨතම සාහිත්‍යය අග්‍රකෘතිය දේව වචනය බවත් එය නිශ්චිත දෙවියන්වහන්සේගේ නිශ්චිත වචනය බවත්ය.
English
දේව වචනානුකූල සාහිත්‍යයේ විවිධ ස්වරූපයන් මොනවාද?