settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන් වහන්සේගේ දරුවෝ?

පිළිතුර


බයිබලයේ ඉතා පැහැදිලිව පවසනවා මුළු මිනිස් සංහතියම දෙවියන් වහන්සේගේ මැවිල්ල බවට (කොලොස්සි 1:16), එසේම දෙවියන් වහන්සේ මුළු ලෝකයටම ප්‍රේම කරනා බවට (යොහන් 3:16), නමුත් නැවත උත්පාදනය ලැබූ අය පමණක් දේව දරුවෝය (යොහන් 1:12, 11:52; රෝම 8:16; 1 යොහන් 3:1-10).

ලියවිල්ලේ වෙනතක ගියවුන් (නැතිවූවන්) දේව දරුවෝ හැටියට හඳුන්වන්නේ නැත, එපීස 2:3 හී සඳහන් කරනවා අප ගැලවීම ලැබීමට පෙර “ස්වභාවයෙන් උදහසේ දරුවෝව” සිටි බව, රෝම 9:8 හී පවසනවා “එනම් මාංසයෙන්වූ දරුවෝම දෙවියන් වහන්සේගේ දරුවෝ නොවෙති. නමුත් වංශයක් ලෙස ගණන් ගනු ලබන්නේ පොරොන්දුවේ දරුවෝය.” දේව දරුවෙක් වී ඉපදෙනවා වෙනුවට අප ඉපද ඇත්තේ පාපය තුළින් / සමගය. එම හේතුව නිසා අපව දෙවියන් වහන්සේගෙන් වෙන් කර සතුරා වන දෙවියන් වහන්සේගේ සතුරා සමග එක්කාසු / පෙළ ගැසේ (යාකොබ් 4:4; 1 යොහන් 3:8). යේසුස් වහන්සේ පැවසුවා “දෙවියන් වහන්සේ නුඹලාගේ පියාණෝ නම් නුඹලා මට ප්‍රේම කරන්නහුය. මක්නිසාද මම දෙවියන් වහන්සේ කෙරෙන් නික්ම ඇවිත් සිටිමි, මාගේම කැමැත්තෙන් මා ආවා නොව උන් වහන්සේ මා එවූ සේක.” (යොහන් 8:42). ඊට පද කීපයකට පසු පරිසිවරුන්ට යේසුස් වහන්සේ පැවසුවා “නුඹලා නුඹලාගේ පියවූ යක්‍ෂයාගෙන්ය, නුඹලා නුඹලාගේ පියාගේ තෘෂ්ණවන් ඉෂ්ට කරන්ට කැමතිය.” (යොහන් 8:44). නමුත් සත්‍ය නම් ගැලවීම නොලබපු කිසිවකු දේව දරුවෝ නොවෙති. එය 1 යොහන් 3:10 හී දැකිය හැක “මෙයින් දෙවියන් වහන්සේගේ දරුවෝද යක්‍ෂයාගේ දරුවෝද ප්‍රකාශව සිටිති. ධර්මිෂ්ඨකම් නොකරන කවරෙක්වත් තමාගේ සහෝදරයාට ප්‍රේම නොකරන්නෙක්වත් දෙවියන් වහන්සේගෙන් නොවෙති.”

දේවදරුකම අපට ලැබුනේ අප ගැලවීම ලබපු දාය. අපව දෙවියන් වහන්සේගේ පවුලට බද්ද කර ඇති බවට. එය සිදුවන්නේ අපගේ සම්බන්ධය ක්‍රිස්තුස් වහන්සේ සමග යන්න සමගය (ගලාති 4:5-6; එපීස 1:5). මෙය රෝම 8:14-17 පද දක්වා “මක්නිසාද දෙවියන් වහන්සේගේ ආත්මායාණන් වහන්සේ විසින් ගෙනයනු ලබන යම් පමණ දෙයක් ඇද්ද, එපමණ දෙනා දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය, මක්නිසාද නුඹලා භය උපදවන දාසකමේ ආත්මය ලබා ගත්තහුය, එයින් අපි අබ්බා, පියාණෙනි, කියා හඬ ගසමුව. අපි දෙවියන් වහන්සේගේ දරුවෝයයි ආත්මයාණන් වහන්සේම අපේ ආත්මය එක්ව සාක්‍ෂි දෙන සේක. තවද දරුවෝ නම් උරුමක්කාරයෝය, දෙවියන් වහන්සේගේ උරුමක්කාරයෝය, ක්‍රිස්තුස් වහන්සේ හා සමග හවුල් උරුමක්කාරයෝය. උන් වහන්සේ සමග මහිමය ලබන පිණිස, උන් වහන්සේ සමග දුක්විඳු නම්, ගැලවීම ලැබුවන් “ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇදහිල්ල” කරණකොටගෙන දේව දරුවෝ වෙති (ගලාති 3:26) මන්ද දෙවියන් වහන්සේ උන් වහන්සේ විසින් ප්‍රේම වන්තයාණන් වහන්සේ තුළ අපට නොමිලේ දුන්නාවූ තමන් වහන්සේගේ කරුණාවේ මහිමයේ ප්‍රශංසාව සඳහා (එපීස 1:5).

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන් වහන්සේගේ දරුවෝ?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries