settings icon
share icon
ප්‍රශ්නය

සභාව විනයානුගත කිරීම / නෙරපීම පිළිබඳව බයිබලය කුමක් පවසයිද?

පිළිතුර


නෙරපීම නම් විධිමත් ලෙස සභා සාමාජිකත්වයෙන් ඉවත් කිරීම හා එම ඉවත් කිරීම අන් අයට දැනුමිදීම වේ. මතෙව් 18:15-20 හි සභාවට මෙය කිරීමට ඇති ආධිපත්‍යය පිළිබඳව කථා කරයි. එහි සඳහන් කරනවා අපට ඒ පුද්ගලයාව (වරදට පත්වූ කෙනා) වරදට පත්වූ කෙනා ලඟට යායුතුය. ඇය / ඔහු පසුතැවුනේ නැති නම්, දෙදෙනෙකු හෝ තුන්දෙනෙකු යායුතුය ඒ මනුෂ්‍යයාගේ පසුතැවීමට අකමැත්ත හා තත්වය කුමක්ද යන්න සනාථ කිරීමට. තවමත් පසුතැවීමට අකමැති නම් එය සභාව ඉදිරියට ගෙන යායුතුය. මේ ක්‍රියාවලිය කිසිම විටක “ප්‍රිය උපදවන්නක්” නොවේ. කිසිම විටක පියෙකු තම දරුවාට විනයානුගත කිරීමට සිදුවිට එය ඉතා ප්‍රීතියෙන් නොකරන සේ. නමුත්, බොහෝවිට, එය සිදුවිය යුතුව ඇත. මෙහි අරමුණ ආත්මිකයි කියා පෙන්වීමවත් “නුඹට වඩා ශුද්ධයි” කියා පැවසීමටවත් නොවේ. එහි ප්‍රධාන අරමුණ ඒ පුද්ගලයාව දෙවියන් වහන්සේ හා අනෙක් ඇදහිලිවන්තයන් අතර හොඳ සම්බන්ධතාවයක් ඇති කිරීමයි. එය සිදුවිය යුත්තේ ඒ පුද්ගලයා පිළිබඳව ප්‍රේමය හදෙහි දරාගෙනය. දෙවියන් වහන්සේට කීකරුවී හා ගෞරවාන්විතව හා සභාවේ අන් ඇදහිලිවන්තයන් වෙනුවෙන් දේවභයින් යුක්තව කළ යුතුය.

සභාව තුළ නෙරපීමේ අවශ්‍යතාව පිළිබඳව බයිබලයේ අපට උදාහරණයක් දෙයි කොරින්තියේ සභාව තුළ (1 කොරින්ති 5:1-13). මේ කොටසෙහි පාවුල්තුමාද අපට පවසනවා මෙවැනි නෙරපා දැමීම්වල බයිබලානුකුල අවශ්‍යතාව පිළිබඳව. එක් හේතුවක් නම් (බයිබල් කොටසෙහි කෙලින්ම සොයාගත නොහැකිය) යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සාක්‍ෂිය වෙනුවෙන් (හා උන් වහන්සේගේ සභාවද වෙනුවෙන්) නොඇදහිලිවන්තයන් ඉදිරියේ. දාවිත් බෙත්ෂෙබා සමග පව්කලවිට සිදුවූ එක් දෙයක් නම් දෙවියන් වහන්සේගේ සතුරන් ඉදිරියේ දෙවියන් වහන්සේගේ නාමය අපකීර්තියට පත්වීමයි (2 සාමු‍ෙවල් 12:14). දෙවන හේතුව නම් පාපය පිළිකාවක් වැනිය. ඉදිරියට යාමට ඉඩ දුන්නොත් එය අවට ඇති අය කරාද පැතිරේ, “මුහුන් ටිකකින් මුළු පිඩ පිපෙන” (1 කොරින්ති 5:6-7). එසේම පාවුල්තුමා පවසනවා යේසුස් වහන්සේ අපව ගැලෙව්වේ අප පාපයෙන් වෙන්ව සිටිය යුතු නිසාය කියා. එමගින් අප “මුහුන් නොදැමූ” හෝ ආත්මික විනාශය ඇතිවන දේවලින් ඉවත්ව සිටීමයි (1 කොරින්ති 5:7-8). ක්‍රිස්තුස් වහන්සේ තම මනාලිය ගැන දරණ ආශාව නම් සභාව, ඇය පිරිසිදු හා නොකැලැල්ව සිටීමයි (එපීස 5:25:27).

නෙරපීම සභාව විසින් විනයානුගත පියවර ගනු ලැබූ පුද්ගලයාගේ දීර්ගකාලින යහපත සඳහාද වේ. පාවුල්තුමා 1 කොරින්ති 5:5 හි පවසනවා පසුනොතැවෙන කෙනාගේ ගැලවීමට එක්තරා උපායක් කියා නෙරපීම. “ආත්මය ස්වාමිවූ යේසුස් වහන්සේගේ දවසේදී ගැලවෙන පිණිස මාංසය නාස්තිවීම පිණිස මෙබඳු තැනැත්තන් සාතන්ට භාරදීම” කෙසේවෙතත්, මේ නෙරපීම තුළ දෙවියන් වහන්සේ සාතන්වද පාවිච්චි කරයි (හෝ ඔහුගේ / සාතන්ගේ සගයෙකුව) විනයානුගත කිරීමට පාවිච්චි කරන උපකරණයක් ලෙසට. ඒ පුද්ගලයාට ශාරීරිකව බලපෑමක් ඇති කිරීමට, නැවත ඔහු / ඇයගේ හදවත තුළ සැබෑ පසුතැවීමකට යොමුවන පිණිස.

මේ විනයානුගත ක්‍රියාවලිය හේතුවෙන් සභාව තුළ ඉතා සාර්ථක දේවභයින් පිරුණු කණගාටුවක් හා සැබෑ පසුතැවීමක් බලාපොරොත්තු විය හැක. මෙය සිදුවන විට ඒ ඒ පුද්ගලයාව නැවත සහභාගිකමට එකතු කර ගත හැකිවේ. 1 කොරින්ති 5 වන පරිච්ඡේදයේ සඳහන් මිනිසා පසුතැවුනු විට, පාවුල්තුමා සභාව ධෛර්ය්‍යමත් කරනවා ඔහුව සගභාගිකමට නැවත ඇතුල් කර ගැනීමට (2 කොරින්ති 2:5-8). අවාසනාවන්ත ලෙස, විනයානුගත ක්‍රියාවන් ප්‍රේමයෙන් හා නිවැරදි ලෙසට සිදුකලා වූවත්, සමහර අවස්ථාවල එවැනි අපහසු හැරීමකට ගෙන ආ නො හැකිය. නමුත් සභාවට ඒ පසුතැවීමකට ගෙනා මේ ක්‍රියාවලිය අපහසුවූවත්, ඉහද සඳහන් අනෙක් යහපත් හේතුකාරනා සම්පූර්ණ වේ.

අප සියල්ලෝ සාක්‍ෂිදරයි තරුණ කොලුවකුගේ ක්‍රියාවලිය, කෙසේද කියා ඔහු කැමති විදිහකට ඔහුගේ හැසරීම් රටාව කිසිම විනයානුගත පාලනයක් නොමැති වුවහොත් එය අලංකාර දසුනක් නොවනු ඇත. එය දෙමව්පියන්ගේ ප්‍රේමයද නොවනු ඇත. මන්ද එයින් දරුවාගේ අනාගතය අඳුරු විය හැක. එවැනි ක්‍රියා කලාප දරුවා යහපත් සබඳතා හා හොඳ ඉදිරිපත් කිරීම්වලින් වලකයි. එසේම, සභාවේ විනයානුගත කිරීම, කිසිම විටක ප්‍රීති ජනක හා පහසු නොවනු ඇත, එය අවශ්‍යය පමණක්ද නොවේ, ප්‍රේමයද වේ, ඊටත් වඩා එය දෙවියන් වහන්සේ විසින් ආඥා කර ඇති නිසාය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

සභාව විනයානුගත කිරීම / නෙරපීම පිළිබඳව බයිබලය කුමක් පවසයිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries