settings icon
share icon
ප්‍රශ්නය

ප්ලාස්ටික් හා බාහිර පෙනුම වෙනස් කරගැනීමේ සැත්කම් පිළිබඳව බයිබලය කිතුනුවෙකුට ලබා දෙන්නේ කුමක්ද ?

පිළිතුර


බයිබලය විශේෂාකාරයෙන් ප්ලාස්ටික් හා අනෙකුත් සැත්කම් සිදුකිරීම සම්බන්ධයෙන් කිතුනුවෙකුට අවවාද ලබා දී නොමැත. බයිබලයෙහි කිසිම තැනක ප්ලාස්ටික් සැත්කම් වල පිට සහ අභ්‍යන්තරය පිළිබඳව වැරදි ලෙස සඳහන් කර නොමැත. නුමුත් මේ ආකාරයේ සැලසුමක් කිරීමට පෙර හෙවත් උත්සහයක දැරීමට පෙර සැලකිය යුතු කරුණු රැසක් ඇත. අස්වාභාවිකව එනම් කෘතිමව කෙනෙක්ව වෙනස් කිරීම බොහෝ මානසික හා ශාරිරික අවදානම් හා අතුරු ප්‍රතිඵල සහිතය. ඕනෑම මිනිසෙකු සැමවිටම මෙවැනි සැත්කම් කිරීමට පෙර එයට ඇති විකල්ප ක්‍රම, අවදානම, අතුරු ප්‍රතිඵල පිළිබඳ මනා දැනුමකින් හෙබි විය යුතුය. එසේත් නැතහොත් එය සැබවින්ම අප විසින්ම අපව ගොදුරු කර ගත්තා හා සමානය. මිනිසෙකු සැමවිටම සැත්කම කෙරෙහි තමා තුළ ඇති පෙළඹවීම හා කැමැත්ත පිළිබඳව හොඳින් දැනගත යුතුයි. ජන්මයෙන් හා ඔවුන් විසින්ම ලබා ගත් ශාරිරික ආබාධිත තත්ත්වයන් වලින් පෙලෙන මිනිසුන් සැමවිටම සමාජ සාමාන්‍ය පරිදි ජිවත් වීමට කැමතිය. සුලු වශයෙන් අසාමාන්‍ය වු එනම් විශාල වු නාසයක්, අස්ථානගත වු නාසයක් පිහිටීම දකින කෙනෙකු සැබවින්ම අපහසුතාවයට පත් වේ. නුමුත් බොහෝ මිනිසුන් උත්සහ කරන්නේ ප්ලාස්ටික් සැත්කම් මඟින් තම පිටස්තර ශර්රය වෙනස් කර අන් අයගේ ආකර්ශනය තමා සතු කර ගැනීමයි.

බොහෝ සුලබ පෙනුම වෙනස් කරගැනීමේ ක්‍රම නම් පියයුරු වර්ධනය , ලිපෝසක්ශන් හෙවත් ශරීරයේ අනවශ්‍ය මේද ඉවත් කිරීම, මුහුණේ ඉවත් කිරීම්, ඇස් පිහාටු ඉවත් කිරීම්, ශරීරයේ පසු පෙදෙස් ඉවත් කිරීම් හා ශරීරයේ අනෙකුත් කොටස් ඉවත් කිරීම්, කකුලේ සිදුකරන නහර ප්‍රතිකාර, විශේෂිත එන්නත් ක්‍රම සහ මුහුණේ අවයව වෙනස් කිරීම්ය. සාපේක්ෂව ගත් කළ ලොව පුරා වෙසෙන මිලියන 2 කට අධික මිනිසුන් පිරිසක් සිය මුදල් ද කාලය හා ශ්‍රමය මෙය සඳහා වැයකරයි. පුහු ආටෝපයට ඇති පෙළඹවීම නිසාත් මිනිසුන් තුළ ඔවුන්ට තිබෙන ආලය නිසාත් ඔවුන් මෙම සැත්කම් කිරීමට පෙළඹේ. බයිබලය අපට අවවාද කරන්නේ අහංකාරවත් , උද්දච්වත් නොවී සිටිමටත්, ( පිලිප්පි 2:3-4 ) සහ අප සිටින ආකාරයෙන් තවත් කෙනෙක් ආකර්ශනය කරගැනීම නුසුදුසු වේ යන්නත් ය. (1 තිමෝති 2:9 ) තවත් කාරණයක් වන්නේ වියදමය. මෙය ප්‍රධාන කාරණයක් වන්නේ, පවුලේ අවශ්‍යතා සපුරා ගැනීමට පෙර ප්ලාස්ටික් සැත්කමෙහි වියදම පියවීම නොකළ යුතුය. බයිබලය අපට පවසන්නේ දෙවියන්වහන්සේ විසින් ලබා දෙන මුදල් හරි ලෙස පරිහරණය කළ යුතුයි.( හිතෝපදේශ 11:24-25; ලූක් 16:10-12 )

ප්ලාස්ටික් සැත්කමක් කිරීමට පෙර දෙවියන් වහන්සේ සමඟ සාකච්ඡා කර තීරණය කිරීම අත්‍යවශ්‍ය වේ. බයිබලයෙහි පවසන ආකාරයට, දෙවියන් වහන්සේ අපගේ දුක්, වේදනා පිළිබඳව බොහෝ සේ කනස්සලු වන බැවින් අප අපගේ ප්‍රශ්න දෙවියන් වහන්සේට භාරදිය යුතුයි. (1 පේත්‍රැස් 5:7) දේව වචනයෙන් හා ශුද්ධාත්මයාණන්ගේ ප්‍රඥාව හා රැකවරණය තුලින් උන්වහන්සේට ප්‍රිය , ගෞරවය ගෙනදෙන තීරණ අප ගත යුතුයි. ප්‍රශංසාව ලැබෙන්නේ ස්වාමින්වහන්සේ කෙරෙහි භය ඇති ස්ත්‍රියටය.( හිතෝපදේශ 31:30) සැත්කම් කිරීමෙන් පසු නැවත යථා තත්ත්වයට ශරීරය පත් කළ නොහැක. ඉවත් කරන ලද හා බද්ධ කරන ලද අවයව පසු කලෙක ඵල්ලා වැටේ. යහපත් දෙය නම් අභ්‍යන්තරය අලංකාර කරගැනීමයි. දෙවියන් වහන්සේ ඉදිරියෙහි ඉතා අනර්ඝව තිබෙන මෘදවූ නිශ්චලවු ගතියක් නැමැති දිරා නොයන සැරසීමෙන් යුක්තවු සිතේ ඇතුල් මනුෂ්‍යා වේවා.( 1 පේත්‍රැස් 3: 4).

English



නැවතත් සිංහල මුල් පිටුවට

ප්ලාස්ටික් හා බාහිර පෙනුම වෙනස් කරගැනීමේ සැත්කම් පිළිබඳව බයිබලය කිතුනුවෙකුට ලබා දෙන්නේ කුමක්ද ?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries