settings icon
share icon
ප්‍රශ්නය

ලබ්ධියක හෝ ව්‍යාජ ආගමක සිටින කෙනෙකුට ශුභාරංචිය ප්‍රකාශ කරන්නේ කෙසේද?

පිළිතුර


මෙම ව්‍යාජ ආගම් හා ලබ්ධින් වලට යටත්ව සිටින අය උදෙසා අප කළ යුතු ප්‍රධානම දෙය නම් ඔවුන් වෙනුවෙන් යාච්ඤා කිරීමය. අපි යාච්ඤා කළ යුතුය දෙවියන් වහන්සේ ඔවුන්ගේ ඇස් ඇර සත්‍ය කරා ඔවුන්ගේ හදවත් විවෘත කළ යුතු ලෙසට (2 කොරින්ති 4:4). ඒ වගේම ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමෙන් ඇති ගැලවීම ඔවුනට අවශ්‍යව ඇති බවට දෙවියන් වහන්සේ ගැන ඔවුනට හඟවාදිය යුතුය (යොහන් 3:16). දෙවියන් වහන්සේගේ බලය හා ශුද්ධාත්මයාණන්ගේ මග පෙන්වීම නොමැතිව අප කිසිවෙකුට සත්‍යතාව ප්‍රකාශ කිරීමෙන් සාර්ථක විය නොහැක (යොහන් 16:7-11).

එසේම අප දේවභක්තික කිතුනු ජීවිතයක් ගත කළ යුතුය. එවිට ලබ්ධින් හා ව්‍යාජ ආගම් වලට හසුවී සිටින අයට දෙවියන් වහන්සේ අප‍ෙග් ජීවිතයේ කර ඇති වෙනස තේරුම් ගනී (1 පේත්‍රැස් 3:1-2). අපි යාච්ඤා කළ යුතුය ප්‍රඥාව ඉල්ලා ඔවුනට කථා කරන විට බලවත් ලෙසට කිරීමට (යාකොබ් 1:5). මේ සියල්ලට පසුව අප ශුභාරංචිය ප්‍රකාශ කිරීමේදී දිරි ගැන්වීමන් කළ යුතුය. ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන ගැලවීම ගැන ප්‍රකාශ කළ යුතුය (රෝම 10:9-10). නිතරම අප‍ෙග් ඇදහිල්ල ආරක්‍ෂා කර ගත යුතුය (1 පේත්‍රැස් 3:15), නමුත් ඒ සියල්ල මෘදුව හා ගෞරවයෙන් යුක්තව කළ යුතුය. අපට මූලධර්මය නිවැරදිව ප්‍රකාශ කළ හැක. වචනයේ යුද්ධය දිනන්න, හා තවමත් නපුරු නායකත්වය වලකයි.

අවසානයේදී, අප ශුභාරංචිය පැවසූ අයගේ ගැලවීම දෙවියන් වහන්සේට භාර දිය යුතුය. දෙවියන් වහන්සේගේ බලයෙන් තමයි මිනිසුන් ගැලවෙන්නේ, අපගේ මහන්සිය නිසා නොව. විශේෂිත ආවරණයක් තිබීම යහපත් හා බුද්ධිමත් හා ව්‍යාජ ඇදහිල්ලන් ගැන දැනුමක් තිබීම අවශ්‍යයි. මේ කිසිවකින් ව්‍යාජ ධර්ම වලට හසුවී සිටින අයව ගැලවීමට නොහැක. අප ඔවුන් වෙනුවෙන් කළ හැකි දෙය නම් යාච්ඤා කිරීමයි. ඔවුනට ශුභාරංචිය දේශනා කිරීම, හා කිතුනු ජීවිතය ඔවුන් ඉදිරියේ ජීවත්වීම. ඇද ගැනීමේ වැඩය, හරවා ගැනීම, ඒත්තු ගැන්වීම ශුද්ධාත්මයාණන් කරයි යන්න විශ්වාස කිරීම.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ලබ්ධියක හෝ ව්‍යාජ ආගමක සිටින කෙනෙකුට ශුභාරංචිය ප්‍රකාශ කරන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries