settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන් වහන්සේගේ දවස නම් කුමක්ද?

පිළිතුර


“දෙවියන් වහන්සේගේ දවස” යන වැකිය බොහෝවිට හඳුනාගනු ලබන්නේ ඉතිහාසය අවසානයේ සිදුවන සිදුවීම් සමගය (යෙසායා 7:18-25) එය බොහෝවිට “ඒ දවස” යන වදනට සමානයි. මේ වැකි වල ප්‍රධාන වදනක් නම් දෙවියන් වහන්සේ ඉතිහාසයේ පුද්ගලිකව මැදිහත් වන සිදුවීම්, කෙලින්ම හෝ වක්‍රව උන් වහන්සේගේ සැලැස්මේ යම් යම් විශේෂිත දේ සම්පූර්ණ කිරීම.

බොහෝ මිනිසුන් දෙවියන් වහන්සේගේ දවස විශේෂිත කාල වකවානුවක් හෝ විශේෂිත දවසක් දෙවියන් වහන්සේගේ සැලැස්ම උන් වහන්සේගේ ලෝකය හා මනුෂ්‍යයා කෙරෙහි සම්පූර්ණ වන දවසකි. සමහර විශාරදයෝ සිතනවා දෙවියන් වහන්සේගේ දවස දීර්ඝ කාලපරිච්ඡේදයක් වනවා එක දවසකට වඩා-කාලපරිච්ඡේදයක් දෙවියන් වහන්සේ ලෝකය පුරාවට රජකම් කරන උන් වහන්සේ අහස හා පොළොව පිරිසිඳු කිරීමට පෙර. සියලු මිනිස් සංහතියට සදාකාල තත්වයක් සූදානම් කිරීම සඳහා. අනෙක් විශාරදයින් විශ්වාස කරනවා දෙවියන් වහන්සේගේ දවස ක්‍ෂණික සිදුවීමක් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණ තම විශ්වාසවූ ඇදහිලිවන්තයන් මුදවා ගැනීමට හා නොඇදහිලිවන්තයන් සදාකාල නිරයට හෙලීම.

“දෙවියන් වහන්සේගේ දවස” යන වැකි පරණ ගිවිසුමේ දහනව වතාවක් සඳහන් කර ඇත (යෙසායා 2:12; 13:6; 9; එසකියෙල් 13:5; 30:3; යෝවෙල් 1:15; 2:1; 11; 31; 3:14; ආමෝස් 5:18; 20, ඔබදියා 15, ශෙපනියා 1:7; 14; සෙකරියා 14:1; මලාකි 4:5) සහ අළුත් ගිවිසුමේ හතර වතාවක් (ක්‍රියා 2:20; 2 තෙසලෝනික 2:2; 2 පේත්‍රැස් 3:10). අනෙක් කොටස් (වැකි) වලද සොයා ගත හැකිය (එළිදරව් 6:17; 16:14).

පරණ ගිවිසුමේ පරිච්ඡේද කොටස් දෙවියන් වහන්සේගේ දවස ගැන කටයුතු කරන පිළිබ්ඹු කරන්නේ, වහා සිදුවන, ළඟම හා බලාපොරොත්තුවීම, “ස්වාමින් වහන්සේගේ දවස ලංව තිබේ” (යෙසායා 13:6), “මක්නිසාද දවස ළඟය, ස්වාමින් වහන්සේගේ දවස ළඟය” (එසකියෙල් 30:3), “දේශයේ සියලු වැසියෝ වෙව්ලත්වා, මක්නිසාද ස්වාමින් වහන්සේගේ දවස පැමිණෙයි ඒක ලංව තිබේ” (යෝවෙල් 2:1) “රාශි ගණන් සමූහයෝ තීන්දු කිරීමේ මිටියාවතෙහි සිටන්නෝය, මක්නිසාද තීන්දු කිරීමේ මිටියාවතෙහි ස්වාමින් වහන්සේගේ දවස ලංව තිබේ” (යෝවෙල් 3:14), “ස්වාමිවූ දෙවියන් වහන්සේ ඉදිරියෙහි නිශ්ශබ්දව සිටපන්න මක්නිසාද ස්වාමින් වහන්සේගේ දවස ලංව තිබේ” (ශෙපනියා 1:7). මෙය පරණ ගිවිසුමේ කොටස් දෙවියන් වහන්සේගේ දවස ලඟ හා දුරවූ සම්පූර්ණවීම පිළිබඳව කථා කරන නිසා. පරණ ගිවිසුම් බොහෝ අනාවැකිද එසේය. සමහර පරණ ගිවිසුමේ කොටස් දෙවියන් වහන්සේගේ දවස ගැන විස්තර කරන සමහර ඓතිහාසික විනිශ්චයන් පිළිබඳව ඉන් සමහරක් මේ වනවිට සිදුවීද හමාරවේ (යෙසායා 13:6-22; එසකියෙල් 30:2-19; යෝවෙල් 1:15; 3:14; ආමෝස් 5:18-20; ශෙපනියා 1:14-18), තවත් සමහරක් දිව්‍ය විනිශ්චය පිළිබඳව කථා කරයි එය කාලය අවසානයේදී සිදුවේවි (යෝවෙල් 2:30-32; සෙකරියා 14:1; මලාකි 4:1,5).

අළුත් ගිවිසුමේ එය “උදහසේ දවස” “දේවශාපය” හා “සර්ව පරාක්‍රමවූ දෙවියන් වහන්සේගේ මහත් දවස” (එළිදරව් 16:14) හා නොඇදහිලිවන්ත ඊශ්‍රායෙලය වෙතට පැමිණෙන්ට යන අනාගත සම්පූර්ණවීමට ඇති දේව උදහස (යෙසායා 22; යෙරමියා 30:1-17; යොවෙල් 1:2; ආමෝස් 5; ශෙපනියා 1) හා නොඇදහිලිකාර ලෝකයට (එසකියෙල් 38-39; සෙකරියා 14). ළියවිල්ලෙහි සඳහන් කරන්නේ “ස්වාමින් වහන්සේගේ දවස” කුමන මොහොතක පැමිණෙන බවයි, රාත්‍රියේ පැමිණෙන සොරකු මෙන් (ශෙපනියා 1:14-15; 2 තෙසලෝනික 2:2), ඉතින් එමනිසා කිතුනුවන් ක්‍රිස්තුස් වහන්සේ මොනයම් හෝ මොහොතක පැමිණිය හැකි බැවින් සූදානම්ව සිටිය යුතුය.

විනිශ්චයේ කාලපරිච්ඡේදයක් යන්නට අමතරව, එය ගැලවීමේ කාලයක් ඉතිරිවූ ඊශ්‍රායෙල්වරුන්ට, උන් වහන්සේගේ පොරොන්දුව සම්පූර්ණ කිරීම “මුළු ඊශ්‍රායෙලය ගලවනු ලබන්නේය” (රෝම 11:26), ඔවුන්ගේ පාපවලට සමාව දෙමින් උන් වහන්සේ තෝරාගත්තවූවන්ව ආබ්‍රහම්ට පොරොන්දුවූ දේශයට ගෙන යයි (යෙසායා 10:27; යෙරමියා 3:19-31; 40; මීකා 4; සෙකරියා 13). ස්වාමින් වහන්සේගේ දවසේ අවසාන දෙය නම් “මෙසේ මනුෂ්‍යයන්ගේ උඩඟුකම යටත් කරනු ලබන්නේය, මිනිසුන්ගේ ආඩම්බරයද පහත් කරනු ලබන්නේය. ස්වාමින් වහන්සේ පමණක් උසස් කරනු ලබන්නේය” (යෙසායා 2:17). මේ දවස පිළිබඳව කියූ අනාවැකි සම්පූර්ණවීම අවසානය දෙවියන් වහන්සේගේ දවස ඉතිහාසය අවසානවූවිට දෙවියන් වහන්සේ මහත් බලයෙන් යුක්තව නපුරට දඬුවම්කර හා තම පොරොන්දු සම්පූර්ණ කරයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන් වහන්සේගේ දවස නම් කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries