settings icon
share icon
ප්‍රශ්නය

පාපයට වන්දි ගෙවීමේ දිනය යනු කුමක්ද ?

පිළිතුර


පාපයට වන්දි ගෙවීමේ දිනය (ලෙවී කථාව 23:27-28), එය යොම් කිප්පූර් ලෙසද හැඳින්වේ, ඉටු කිරීමේ පිලිවෙත ඉටු කිරීමේ දිනය වනාහී ඊශ්‍රෘයෙල් වරුන්ගේ අන් සියලූ මංගල්‍යයන් වලට වඩා ගෞරවනීය හා ශුද්ධ වූ දිනයක් වන අතර එය පවත්වනු ලබන්නේ වසරකට වරක් හෙබ්‍රෙව් දින දර්ශනයේ සත් වන මාසයේ දස වන දිනයේදී ය.එම දිනයේ දී උත්තම පූජකයා විසින් එම සූක්ෂම පිලිවෙත් ක්‍රමය මනුෂ්‍යයන්ගේ පාපයන් සඳහා වන්දි ගෙවිමට පවත්වනු ලබයි. ලෙවී කථාව 16:1-34, විස්තර කර ඇති පරිදි මෙම පාපයට වන්දි ගෙවීමේ පිලිවත ආරම්භ වූයේ ආරොන් හෝ ඔහුට පසුව සිටි ඊශ්‍රායෙල් උත්තම පූජකයන් අති ශුද්ධ ස්ථානයට පැමිනීමෙන්ය. ආරොන් හට මෙම අති ශුද්ධ ස්ථානයට ඔහුට ඕනෑ අන්දමට නොපැම්නෙන ලෙසටත් ,මෙම විශේෂ දිනයේදී පමනක් එහි පැමිනෙන ලෙසටත්, නොඑසේ නම් ඔහු මරණයට පත්වන බවත් ඔහුට අවවාද කරන ලෙස දෙවියන්වහන්සේ මෝසෙස් හට දැන්වීමෙන් පෙනී යන්නේ උන්වහන්සේ මෙම දිනයේ ඇති ගාම්භීරත්වය අඩු තක්සේරු කළ බවය. ( 2 පදය ) නමුත් මෙම මංගල්‍ය සුළු කොට සැලකිය යුතු නොවන අතර, පාපයට වන්දි ගෙවීම ලැබීම සඳහා එම පිලිවෙත ඉටු කිරීම දෙවියන්වහන්සේගේ කැමැත්ත ප්‍රකාර සිදුවිය යුතු බව ජනතාව තේරුම් ගත යුතුය.

ශූද්ධ සථානයට ඇතුළුවීමට පෙර ආරොන් ස්නානය කොට විශේෂ ඇඳුමක් ඇඳගත යුතුය. (4 පදය) ඊට පසුව තමා සහ තම පවුලේ සාමාජිකයන්ගේ පව් වෙනුවෙන් ගොන් වස්සෙකු පූජා කළ යුතුය (6, 11 පද) එම ගොන් වස්සාගේ ලේ ශුද්ධ ස්ථානයේ ඉසිය යුතුය. ඉන් පසුව ආරොන් එළුවන් දෙදෙනෙක් ගෙන ආ යුතුය, එයින් එක් එළුවෙක් ගේ ලේ ඊශ්‍රායෙල් වරුන්ගේ පාපිෂ්ඨ හා කැරලිකාර ක්‍රීයා හා ඔවුන්ගේ වෙනත් පාපයන් උදෙසා ද (16 පදය) එම ශුද්ධ ස්ථානය මත ඉසින ලදි. අනිත් එළුවා අන් අයගේ වැරදි තමා මත පටවා ගන්නා කෙනෙක් ලෙස සලකා, එම එළුවාගේ හිස මත ආරොන් තම අත් තබා ඊශ්‍රායෙල් ජනතාවගේ පාපිෂ්ඨකම් හා කැරලිකාර ක්‍රියා ගැන පාපොච්චාරනය කොට, තමා විසින් පත් කරන ලද කෙනෙකු මගින් එම එළුවා පාළුකරයට මුදා හරිනු ලැබේ (21 පදය). එමගින් ඔවුන්ගේ සියලූම පව් එම එළුවා මත පටවා ජනතාව හට එක් වසරක් සඳහා පාප කමාව ලබා ගනිති (30 පදය).

විශේෂයෙන්ම කිතුනුවෙකු හට මෙම පිළිවෙතේ සංකේතාත්මක විශේෂත්වය ලෙස පළමුවෙන්ම පෙනී යන්නේ, උත්තම පූජකයා සෝදා පවිත්‍ර වීමල එළුවා නිදහස් කර යැවූ මනුෂ්‍යයා, සහ පූජා කරන ලද සත්වයාගේ සිරුරේ කොටස් පුළුස්සා දැමීමට කුඩාරමින් පිටතට ගෙන ගිය තැනැත්තා යන අය කෙරෙහිය (4, 24, 26, 28 පද). පැරණි ගිවිසුම පුරාවටම ඊශ්‍රායෙල් වරුන්ගේ පවිත්‍ර වීමේ මංගල්‍යයන් වල අවශ්‍යතාවය පෙන්වා දී ඇති අතර, එමගින් සංකේතවත් වනුයේ මනුෂ්‍ය වර්ගයා පාපයෙන් තොර විය යුතු බවය. මෙම පාපයෙන් සේදීමට මංගල්‍යයන් පැවැත්වීම, යේසුස්වහන්සේ පැමිණ "සියල්ලටම වරක්"

වෙනුවෙන් සිදු කළාවූ පූජාව සිදු වන තෙක් නොනැවතින (හෙබ්‍රෙව් 7:27). එළුවන්ගේ සහ ගොන් වස්සන්ගේ ලේ මගින් පව් කමාව ලබා ගැනීමට නොකඩවා අවුරුද්දක් පාසා එම යාගය සිදු කළ යුතු වුවද, ක්‍රිස්තුස්වහන්සේගේ පූජා යාගය උන්වහන්සේ කෙරෙහි අදහන සියළු දෙනාගේ පව් කමාව සඳහා සෑහේ. උන්වහන්සේ එම පූජාව සිදු කළ විට උන්වහන්සේ පැවසුවේ "එය නිම විය" යනුවෙනි (යොහන් 19:30). ඉන්පසු උන්වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණු පස වැඩ සිටින සේක, එසේ හෙයින් තව දුරටත් එවැනි පූජාවක් අවශ්‍ය නොවේ (හෙබ්‍රෙව් 10:1-12).

ක්‍රිස්තුස්වහන්සේගේ පූජාවේ සෑහිම සහ සම්පූර්ණත්වය එම එළුවන් දෙදෙනා තුළින් පෙනී යයි. පළමු එළුවාගේ ලේ පූජාසනයේ ඉසින ලද්දේ දෙවියන් වහන්සේගේ දැඩි උදහස තවත් එක් අවුරුද්දකට කමා කරවා ගන්නා අදහසිනි. දෙවන එළුවා, මනුෂ්‍යයන්ගේ පාප පාළුකරයට මුදා හැර ඒවා අමතක කර දමා මනුෂ්‍යයන් එම පාපයෙන් නිදහස් කිරීමේ අදහසිනි. පාපයට සමාව දීම හෝ ඳඩුවම් දීම දෙවියන්වහන්සේගේ ක්‍රියාවකි. තවද එය සිදු වන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසිය මත පූජාව තුළින් පමණය. සමාව දීම යනු දෙවියන් වහන්සේගේ උදහස සංසිද වීමේ ක්‍රියාවලියක් වන අතර ඳඩුවම් දීම යනු පාපය වෙනුවෙන් පව් කමාවක් ලබාදී එම පාපය සිදු කළ තැනැත්තා එයින් නිදහස් කිරීමය. මෙම ක්‍රියාවලි දෙකම සිදු වන්නේ සැමවිටම ක්‍රිස්තුස්වහන්සේ මගින්ය. උන්වහන්සේ කුරුසිය මත එම පූජාව සිදු කළ විට දෙවියන් වහන්සේගේ උදහස තමන් වහන්සේ මතට ගත් සේක. "ක්‍රිස්තුස් වහන්සේගේ මරණය නිසා දේව සබඳතාවට පමුණුවනු ලැබූ හෙයින් උන්වහන්සේ කරණකොට ගෙන දේව උදහසින් මිදීම ගැන අපට වඩාත් සහතිකය" (රෝම 5:9). දෙවන එළුවා විසින් පව් සියල්ලක් නැගෙනහිර සිට බටහිර දක්වා අපගෙන් නිදහස් කරන බවට දී ඇති පොරොන්දුවට කදිම නිදසුනකි (ගීතාවලිය 103:12) එසේම උන්වහන්සේ එම පව් තවදුරටත් මතකයේ රඳවා ගන්නේ නැත. (හෙබ්‍රෙව් 8:12; 10:17). යුදෙව්වරුන් තවමත් මෙම පාපයට වන්දි ගෙවීමේ දිනය වාර්ෂිකව සැප්තැම්බර් ඔක්තොබර් මාසයන්හි දිනයකදී චාරිත්‍රානුකූලව පවත්වති, ඔවුන් මෙම ශුද්ධවූ දිනයේදී පැය 25 ක් නිරාහාරව බලවත් ලෙස යාච්ඤා කරමින් බොහෝ විට දවසේ වැඩි කාලයක් සිනගෝග වල පැවැත්වෙන දේව මෙහෙයන් වලට සහභාගී වෙති.

English



නැවතත් සිංහල මුල් පිටුවට

පාපයට වන්දි ගෙවීමේ දිනය යනු කුමක්ද ?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries