settings icon
share icon
ප්‍රශ්නය

ක්‍රිස්තුස් වහන්සේගේ දේවත්වය ශුද්ධ බයිබලයට අනුකුලද?

පිළිතුර


යේසුස් වහන්සේ තමන් ගැන කරන විශේෂ ප්‍රකාශයන් ඇතුළුව උන් වහන්සේගේ ගෝලයින්ද ක්‍රිස්තුස් වහන්සේගේ දේවත්වය පිළිගත්තෝය. යේසුස් වහන්සේට දෙවියන් වහන්සේට පමණක් කළ හැකි සමාව දීමේ අයිතිය ඇති බව ඔවුන් ප්‍රකාශ කළෝය. දෙවියන් වහන්සේ ඒ විසින් පාපය පීළිකුල් කරන බැවින්ය (ක්‍රියා 5 : 31; කොලොස්සි 3 : 13; සසඳන්න ගීතාවලිය 130 : 4; යෙරමියා 31 : 34). මෙම ප්‍රකාශය සම්බන්ධ කරමින් යේසුස් වහන්සේ “ජීවත්ව සිටින්නන් සහ මළවුන්ද විනිශ්චය කරන” තැනන් වහන්සේ බව කියවේ (2 තිමෝති 4 : 1). තෝමස් “මාගේ ස්වාමිනි මාගේ දෙවියනි” යයි හඬ නැඟුවේය (යොහන් 20 : 28). “මහෝත්තම දෙවියන් වහන්සේ හා ගැළවුම්කාර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ” යයි පාවුල්තුමා කියන (තීතස් 2 : 13) අතර, යේසුස් වහන්සේ ලොව පහළවීමට පෙර, උන් වහන්සේ “දෙවියන් වහන්සේගේ රූපාකාරය” දැරූ බව පෙන්වා දෙන්නේය (පිලිප්පි 2 : 5-8). හෙබ්‍රෙව් රචකයා යේසුස් වහන්සේ පිළිබඳව මෙසේ පවසයි “දෙවියන් වහන්ස, ඔබගේ සිංහාසනය සදාකාලේටම පවත්නේය” (හෙබ්‍රෙව් 1 : 8). “පටන්ගැන්මෙහිදී වාක්‍යයාණෝ සිටි සේක, වාක්‍යයාණෝ දෙවියන් වහන්සේ හා සමග සිටි සේක, වාක්‍යයාණෝ දෙවියන් වහන්සේව සිටි සේක” යැයි යොහන් තුමා පවසයි (යොහන් 1 : 1). ක්‍රිස්තුස් වහන්සේගේ දේවත්වය පිළිබඳ උගන්වන දේව වචනයේ උදාහරණ බොහෝ දැක්විය හැක (එළිදරව් 1 : 17; 2 : 8; 22 : 13; 1 කොරින්ති 10 : 4; 1 පේත්‍රැස් 2 : 6-8; සසඳන්න ගීතාවලිය 18 : 2; 95 : 1; 1 පේත්‍රැස් 5 : 4; හෙබ්‍රෙව් 13 : 20). එහෙත් උන් වහන්සේගේ අනුගාමිකයන් හට ක්‍රිස්තුස් වහන්සේගේ දේවත්වය ගැන සලකා බැලීමට මෙයින් එක කාරණයක් වුවද සෑහෙන්නේය.

යේසුස් වහන්සේට යාවේ (දෙවියන් වහන්සේගේ නියම නම) යන්නට අද්වීථීය පදවි නාම (පටබැඳි නාම) ද පරණ ගිවිසුමේ දී ඇත. පරණ ගිවිසුමේ සදහන් “මිදුම්කරුවාණන්” යන පදවි නාමය (ගීතාවලිය 130 : 7; හොෂෙයා 13 : 14) යේසුස් වහන්සේට අලුත් ගිවිසුමේ (තීතස් 2 : 13; එළිදරව් 5 : 9) භාවිතා කොට ඇත. යේසුස් වහන්සේට “එම්මානුවෙල්” (දෙවියන් වහන්සේ අප සමගය මතෙව් 1 : 22) යයිද කියනු ලැබීය. සෙකරියා 12 : 10 හි, “ඔවුන් තමුන් විසින් ඇන්නාවූ තැනැත්තා වන මා දෙස බලා සිට” යයි පවසන්නේ යාවේ දෙවිඳුන්ය. එහෙත් අලුත් ගිවිසුම මෙය අදාළ කරන්නේ යේසුස් වහන්සේගේ කුරුසපත් කිරීමටය (යොහන් 19 : 37; එළිදරව් 1 : 7). සිදුරු කරනු ලැබුවේ හා බලා සිටිනු ලැබුවේ යාවේ නම් සිදුරු කරනු ලැබුවේ හා බලා සිටියේ යේසුස් වහන්සේ දෙසය. එසේ නම් යේසුස් වහන්සේ යාවේ වන්නේය. පාවුල්තුමා පිලිප්පි 2 : 10-11 හි පරිවර්තනය කරන්නේ යෙසායා 45 : 22-23 යේසුස් වහන්සේට අදාළ කරන්නා සේය. තව දුරටත් යේසුස් වහන්සේගේ නම යාවේ සමග යාච්ඤාවේදී භාවිතා කර ඇත. “පියවූ දෙවියන් වහන්සේගෙන්ද අපගේ ස්වමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන්ද නුඹලාට කරුණාවත් සමාදානයත් වේවා” (ගලාති 1 : 3; එපීස 1 : 2). ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ නොවේ නම් එය දේවාපහාස කිරීම වන්නේය. බව්තිස්ම කිරීමට යේසුස් වහන්සේ කර ඇති නියෝගය අනුව යේසුස් වහන්සේගේ නම යාවේ සමග ප්‍රකාශ වන්නේය. පියාණගෙත් පුත්‍රයාණන්ගෙත් ශුද්ධාත්මයාණන්ගෙත් නාමයට (ඒක වචන) (මතෙව් 28 : 19; 2 කොරින්ති 13 : 14 ද බලන්න).

දෙවියන් වහන්සේ විසින් පමණක් සම්පූර්ණ කළ හැකි ක්‍රියා වන්ද යේසුස් වහන්සේට බැර කර ඇත. යේසුස් වහන්සේ මළවුන් නැඟටුවා පමණක් නොව (යොහන් 5 : 21; 11 : 38-44) පාපද කමා කළා (ක්‍රියා 5 : 31; 13 : 38) එපමණක් නොව උන් වහන්සේ විශ්වය මවා උසුලා සිටින සේක (යොහන් 1 : 2; කොලොස්සි 1 : 16-17)! මැවිල්ලේදී තමන් තනියම සිටි බව යාවේ පවසන බැවින් මෙම කාරණය වඩාත් ප්‍රබල වන්නේය (යෙසායා 44 : 24). තවද දෙවියන් වහන්සෙට පමණක් තිබිය හැකි උප ලක්ෂණ ක්‍රිස්තුස් වහන්සේට අයිති වන්නේය ඒ සදාකාලිකත්වය (යොහන් 8 : 58), සර්වව්‍යාපී බව (එක විට සෑම තෑනම සිටීම) (මතෙව් 18 : 20, 28 : 20), සර්වඥ බව (මතෙව් 16 : 21), සර්ව බලධාරි බව (යොහන් 11 : 38-44) යන කරුණුය.

දෙවියන් වහන්සේ බව කියා සිටීම හෝ එය සත්‍යයක් බව විශ්වාස කිරීමට කිසිවකු රුවටීම හා එය එසේ බව ඔප්පු කිරීම සම්පූර්ණයෙන් වෙනස් එකකි. තමා දෙවියන් වහන්සේ යයි ප්‍රකාශ කිරීමට ක්‍රිස්තුස් වහන්සේ බොහෝ ආශ්චර්ය ක්‍රියාවන් කළ සේක. මරණින් පවා නැගිටුණු සේක. යේසුස් වහන්සේ කළ ආශ්චර්යයන් කිහිපයකට වතුර මුද්‍රික පානයට හැරවීම (යොහන් 2 : 7), වතුර මත ඇවිදීම (මතෙව් 14 : 25), ද්‍රව්‍යමය දේ වැඩි කිරීම (යොහන් 6 : 11), අන්ධයකු (යොහන් 9 : 7), අංශභාග රෝගියෙකු (මාර්ක් 2 : 3) රෝගීන් (මතෙව් 9 : 35; මාර්ක් 1 : 40-42), සුව කිරීම හා මළවුන්ගෙන් නැගිටුවීමද (යොහන් 11 : 43-44; ලූක් 7 : 11-15; මාර්ක් 5 : 35) ඇතුළත්ය. ක්‍රිස්තුස් වහන්සේද මළවුන්ගෙන් නැගිටුනු සේක. මිථ්‍යාදෘෂ්ටික පුරාණ ප්‍රවාදයන්හි මිය යන හා නැඟිටින ඊනියා දෙවිවරුන් ගැන ප්‍රකාශ කරනවාට වඩා නැවත නැගිටීම බරපතල ලෙස වෙනත් ආගම්වල ප්‍රකාශ කරන්නේ නැත. මෙතරම් වැඩි-ආගම්ක ග්‍රන්ථ සහතික කිරීමක් වෙනත් කිසි ධර්මයක නැත. ආචාර්ය ග්‍රේ හෙබර්මාස් පවසන අන්දමට කිතුනු නොවන විවේචනාත්මක විශාරදයින් පවා පිළිගන්නා ථෙතිහාසික කරුණු දොලහක් පමණවත් අවම වශයෙන් ඇත:

1. යේසුස් වහන්සේ මිය ගියේ කුරුසපත් වීමෙනි.
2. උන් වහන්සේ වළලනු ලැබීය.
3. උන් වහන්සේගේ මරණය ගෝලයින්ට බලාපොරොත්තු නැතිකර ගැනීමට හේතු විය.
4. යේසුස් වහන්සේගේ සොහොන සම්බවිය (නැතිනම් සම්බවූ බව ප්‍රකාශ විය) එහෙත් දින කිහිපයකට පසු එය හිස් බව දැනගන්නට ලැබුණි.
5. නැවත නැඟිටිටාචූ යේසුස් වහන්සේගේ දර්ශන අත් දුටු බව ගෝලයින් විශ්වාස කළෝය.
6. එම සිද්ධියෙන් පසු සැක කළාවූ ගෝලයින් නිර්භීත අය බවට හැරූණෝය.
7. මෙම පණිවිඩය මුල් සභාවේ දේශනාවල කේන්ද්‍රය විය.
8. මෙම පණිවිඩය යෙරුසලමේ දේශනා කරනු ලැබීය.
9. මෙම දේශනා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සභාව බිහිවිය. එය වර්ධනය විය.
10. නමස්කාර කිරීමේ ප්‍රධාන දවස ලෙස සබත් දින (සෙනසුරාදා) වෙනුවට නැවත නැගිටිටාවූ දිනය වන ඉරිදා දිනය ප්‍රතිස්ථාපනය කරන ලදි.
11. නැවත නැගිටිටාවූ යේසුස් වහන්සේ දුටු බව විශ්වාස කළ අවස්ථාවේ යථාර්ථවාදියෙකුවූ යාකොබ් හැරුණේය.
12. කිතු දහමේ සතුරෙකුවු පාවුල්තුමා, නැවත නැඟිටුණාවු යේසුස් වහන්සේ දර්ශනයවී යයි ඔහු විශ්වාස කළ අත්දැකීමකින් පසුව හැරුණාවූ පුද්ගලයෙකු විය.

මෙම විශේෂිත ලැයිස්තුවට කිසිවකු විරුද්ධ වේ නම්, නැවත නැගිටීම ඔප්පු කර ශුභාරංචිය ස්ථාපිත කිරීමට අවශ්‍ය තව ස්වල්ප දෙයකි: ඒ යේසුස් වහන්සේගේ මරණය, භුමදානය, නැවත නැගිටීම හා ප්‍රකාශවීම ය (1 කොරුන්ති 15 : 1-5). ඉහත සඳහන් කාරණා එකක් හෝ දෙකක් විස්තර කිරීමට ඇතැම් ප්‍රායෝගික දේවල් තිබෙතත් නැවත නැඟිටීම පමණක් ඒ සියල්ල විස්තර කරමින් සියල්ලම ආවරණය කරන්නේය. තමන් නැවත නැගිටුණාවූ යේසුස් වහන්සේ දුටු බව ගෝලයින් ප්‍රකාශ කරන බව විචාරකයින් පිළිගනිති. නැවත නැඟිටීම සෙනඟ වෙනස් කළ ආකාරයට බොරු වලට හෝ ව්‍යාජ දර්ශන වලට සෙනඟ වෙනස් කරන්නට නොහැකිය. පළමුව, ඔවුන්ට එයින් ලැබෙන්නේ මොනවාද? කිතු දහම ජනප්‍රිය වී නොතිබුණු අතර එයින් ඔවුන්ට මුදල් උපයාගත හැකි නොවීය. දෙවනුව, බොරු කාරයින් හොඳ වේදශාක්ෂිකයින් නොවන්නෝය. තමන්ගේ ඇදහිල්ල නිසා දරුණු ලෙස මරණයට පත්වීමට කැමති වීමට නැවත නැගිටීම තරම් වෙනත් යහපත් විස්තර කිරීමක් ගෝලයින්ට නැත. එසේය, සැබෑ යයි සිතන බොරු වෙනුවෙන් බොහෝ දෙනා මිය යති. එහෙත් බොරුවක් බව දන්නා යමක් නිසා කිසිවකු මිය යන්නේ නැත.

අවසන් කිරීමට: තමන් යාවේ බව ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ කළ සේක. උන් වහන්සේ දෙවියන් වහන්සේය (නිකම් දෙවි කෙනෙකු නොවේ-සැබෑ දෙවියන් වහන්සේය), උන් වහන්සේගේ අනුගාමිකයින් (රූප වන්දනාව නිසා බියට පත්ව සිටින්නට අති යුදෙව්වන්) උන් වහන්සේ විශ්වාස කොට උන් වහන්සේ එබඳු යයි උන් වහන්සේට අදාළ කළෝය. ලෝකයම වෙනස් කළ නැවත නැගිටීම ඇතුළු හාස්කම් තුලින් ක්‍රිස්තුස් වහන්සේ තම දේවත්වය පිළිබඳ ප්‍රකාශය සනාථ කළ සේක. වෙනත් කිසිම උපකල්පනයකට මෙම කරුණු විස්තර කළ නොහැක.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ක්‍රිස්තුස් වහන්සේගේ දේවත්වය ශුද්ධ බයිබලයට අනුකුලද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries